Sunday, May 10, 2015

දඩයමේ යාම - සෙන්ට්‍රල් අනුරාධපුයේ ඉතිරි මතකය

කලින් දඩයමේ ගියපු කතාව මම නැවැත්තුවේ අපිට විස්තර සොයාදීමට ඉදිරිපත් වූ සොහොයුරා මට කනට කර ඇයත් මෙහි සිටිනවා යැයි පැවසූ තැනින්ය. මේ සදහන් කරන්නේ එහි ඉතිරි කොටසයි. එය ඇසුනු සැනින් මම භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු මෙන් අනෙක් තිදෙනාද ඇදගෙන හැකි ඉක්මනින් පැමිණ නැවතුනේ පාසල ඉදිරිපිට මාර්ගය වන හරිස්චන්ද්‍ර පාරේය. 

ටික වෙලාවකින් අප දුටුවේ අප සොයමින් එන අනුරපුර මැදි විදුහලේ ලසන්ත සොයුරාය.ඇසපිය හෙලන නිමේෂයෙන් එක්වරම සිටි තැනින් අතුරුදහන් වී ගස් ගල් පෙරලමින් විද්‍යාගාර පසුකරමින් සිග් සැග් ක්‍රමයට අප ගිය ගමන ගැන පුදුම වෙන්නද ඇත. පූසා කුකුල් කේන්තිකාරයකු මෙන්ම කලබලකාරයකු බව ඇසුරු කරන්නන් හොදින්ම දනී. මල්ලි අපෙන් ඇහුවේ අයියලා ඇයි පොලිසියෙන් එලවන් ආවා වගේ දිව්වේ කියාය. කෙසේ වෙතත් එ් මල්ලිගේ සහයෝගය නොමැති නම් අප ගිය ගමන සාර්ථක වෙන්නේ නැති බවද මම සදහන් කරන්නේ ඔහුට කරන ගෞරවයක් ලෙසිනි. 


තමන්ගේ කණ්ඩායම මෙහෙයවමින් සහ නායකත්වය දෙමින් තම ශිෂ්‍ය නායක මණ්ඩලයේ ජායාරූප ගැනීම මෙන්ම ශිෂ්‍ය නායක නායිකාවන්ගේ  සහතිකය ගැන සාකච්චා කල යුතු බව පවසා ඔහු අපෙන් උදෑසන10.30ට පමන සමුගත්තේ ගත්තේ යලි පැමිණි විටක නැවත හමුවීමේ බලාපොරොත්තු සහිතවය. තම නිවස තිබෙන්නේද අනුරපුර නගර මධ්‍යයේ බව ඔහු මට පැවසුවේය.

අපි නඩය පා ගමනින්ම පැමිණියේ නුවර වැව ආසන්නයටය.



උඩමලුව සහ අටමස්ථානයේ යාමේ අදහසින් අප නැගුනේ මා මිත්‍ර දමිත ගේ CT-100 යතුරු පැදියටයි. සතර දෙනෙකු පටවා ගත් දමිත් එය ධාවනය කලේ පූජනීය පූජා නගරය වෙතයි. එම යතුරු පැදිය පහත පරිදි දිස්වූයේ පොලිසියේ තනි තරුවකටයි.




 යතුරුපැදිය නැවතා අපට ගොරනාඩු කලේ 4 දෙනෙකුට ගමන් කල නොහැකි බව සහ රියදුරු බලපත ලබාදෙන ලෙස පවසමින්ය. මාගේ මිත්‍ර දමිත් තම රියැදුරු බලපත වෙනුවට දුන්නේ කොයි මොහොතේත් ගෙලවට ඇති ජාතියේ මහා පහන් ටැබේ හැදුනුම්පතයි. එහි ආනුබාවයෙන් අපහට එතනින් පැනගැනීමට හැකි විය.
අප කණ්ඩායම පලමුවෙන් ගියේ ජය ශ්‍රී මහා බොධිය වෙතයි.





 අප හට උඩමලුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින මලුවටම යාමට අවස්ථාව ලැබුනේ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ දමිත ව හොදින් හදුනන්නෙකු වීම හේතුවෙනි.මෙහිදී අප සමග පැමිනි සහාය කලමණාකරු චරිත් අයියා ඔහුගේ වියදමින් ගත් සුදු නෙලුම් මල් වට්ටිය මගේ අතට දෙමින් මට කිව්වේ මල්ලී ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව හරියන්න කියලා ප්‍රාර්ථනා කර ගෙනම මල් පූජා කරන ලෙසයි.සත්‍යවශයෙන්ම මම සිතූ දේ ඉටුවේදැයි කීමට තවමත් කල් වැඩිය.


                                                              






වන්දනා මාන කටයුතු අවසන් කල අප දිවා ආහාරය වෙනුවෙන් දමිත ගේ ශාඛාව වන අනුරාධපුර ශාඛාවට ගියෙමු. අප එදින උදෑසන සිට කල කී දෑ ඇසූ එම ශාඛාවේ කලමණාකරු ඇතුලු වැඩිහිටි පිරිස කිව්වේ ගෑණු පරාණයක් වෙනුවෙන් නිවාඩුත් දාගෙන රස්සියාදුවේ ආවේ උබලා ඔක්කෝටම අහවල් ලෙඩේ අන්තිමටම තද වෙලා කියලාය.
දුම්රිය යලිත් 3.30 ට කොටුව බලා ධාවනය වන නිසා අපට කල සත්කාරයට දමිත් ඇතුලු පිරිසට ස්තූති කල අප දුම්රිය ස්ථානයට පාගමනින් යමට සැරසුනද කලමණාකරු ප්‍රේමලාල් මහතා තම මෝටර් රථයේ යතුර දමිත්ට දී අප දුම්රිය පලට හැරලවන ලෙස පවසා සිටියේය.
මෙය ඉතා විශාල එකිනෙකට බැදුණු සිදුවීම් ජාලයක ඇරඹුම පමණකි. පසුකාලීනව ඔහුන්  රැදී සිටි වසරක පමණ කාලය තුලදී මානවිකාවන් තිදෙනාම මා සමග හිතවත් වු අතර ඔහුන් පිලිබදව තවත් තොරතුරු රැසක් පසුකාලීනව මම රැස්කරගත්තෙමි.

ඔහුන් මා සමග හිතවත් වු ආකාරය මෙන්ම මෙම ජවනිකාවෙන් පසු කලක සිදුවු විසිල් බල්ටි සහ ඇග කිලිපොලා යන විහිලු සහිත සටන් ජවනිකා සහ ලංකාවේ ඇතුගල්පුර රාජපිහිල්ල පාරේ පුද්ගලික ටියුටරියක් ඉදිරිපිටට වී ඔත්තු බලමින් සිටියදී එය ක්ෂණික හෑන්ඩ් බිල් බෙදිල්ලක් බවට පරිවර්ථනය කර පවත්වාගෙන ගිය ආකාරය පිලිබදවද පසුවට ඔබට ඉදිරිපත් කරමි. හෑන්ඩ්බිල් බෙදීමට මිනිස් ශ්‍ර‍මය ලැබුණේ කුරුණැගල පුත්තලම් පාරේ "සුම්මා කොම්පැණි" අනුග්‍ර‍යෙනි :P 

ප/ලි


  • මගේ අසිහිය වැඩිවීම කොතෙක් දැයි කිවහොත් වරක් ජනවාරි පලමුවැනි දාවක භූමිතෙල් යොදා පොල්තෙල් පහන් පත්තු කර නව වසරේම අණ්ඩක් පුලුස්සා ගත්තෙමි.
  • තවත් වරක් රුපියල් 10000/- ක චෙක්පතකට රුපියල් 100000/- මුදල් ගෙවා ඇත්තෙමි.


ඒ වගත් මෙසේමැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........

7 comments:

  1. අන්න කාෙල්ලෝ..................

    ReplyDelete
    Replies
    1. බළල්ලු ඉතින් දඩයමේ යන්න හපන්නු නොවැ

      Delete
  2. පළවෙනි එක නං කමන්නෑ
    දෙවනි එක හංද ජොබට කෙලවුන්නැද්ද
    ඒත් පාරිබෝගික උන්දැ මංඤං වෙන්න ඇති නේහි හිහි

    ReplyDelete
    Replies
    1. ඒක තමා ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරික තුමෙකුටයි ගෙවීම උනේ. සවස ඔහුට වැරැද්ද දුරකතනයෙන් දැන්වු විගසම වැඩි මුදල බැංකුවටම ගෙනත් දෙන්න තරම් ඔහු කාරුණික උන බවත් කියන්නම ඕනේ......

      Delete
    2. අපේ මැනා දැනගෙන හිටියා කොහොමත් මම හොද සිහියෙන් නෙවේ ඉන්නේ කියලා. ලව් වලට බොක්කෙන්ම උදව් කරන සරල මනුස්සයෙක් අපේ මැනා...

      Delete
  3. මලේ අපි ඔය හදිසි ගමන ගිහින් දැන් අව්රුද්දක්ම ගිහින් නේද? මට අපිට අදටත් මතකයි උබේ හදිස්සියට ටිකට් අරං පහුවදා ටවර් එක ගිය විදිහ. ජනක් අයියා ගොඩාක් සතුටෙන් එදා ගමන ගියේ එයා වැඩ ගොඩාක් අතපසු කරගෙන ආවේ උඔ හින්දමයි. ඒ වගේ දේකට සහභාගී වුන සතුට ජනක් අයියා අවසාන මොහොතෙත් සමුගන්න කලින් සිහිකරලා ගියා. දමිත මල්ලිගේ බයික් එකේ පොල් පටවලා තව පොඩ්ඩෙන් දඩ කනවා කට්ටියම.
    නොලිව්ව දෙයක් ගැන කියනවානම් විදුහල්පති අබේකෝන් ට අපි දීලා ආව සුපිරි ලණුව පව් ඒ මනුස්සයා බැංකුවක් හදනකම් බලන් ඉන්නවා ඇති තාම.......
    චරිත් - කුවේට්

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට ටිකක් වැඩියි චරිත් සහෝදරයා. මට මතකයි ජනක් අයියා හැමෝටම ඕක කියලා විනෝද උනා ඉරණම් ගමන යන්න කලින්. පව් තාම බැංකුව හදනකම් ලොක්කා බලන් ඉන්නවා නම් ඇති තමා.
      පැමිණියාට සහ අදහස් දැක්වීමට ස්තූතියි. ඔබලාත් සමග ගත කල මතකය සැමදා මා සතුයි

      Delete