Friday, May 1, 2015

බැංකුවේ ජීවිතේ ඇරඔුම - දෙමටගොඩ

සුදු පූසා වන මම උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යාතනයේය. අප හදාරන උපාධි පාඨමාලාවේ දෙවන වසරේ අවශ්‍යතාවයක් මත ආයතන පුහුණුව සදහා ආයතන වල සේවයට යාමට අපට සිදුවිය. අප කණ්ඩායම භාරව සිටි ඇදුරුඅතුමිය විවිධ ආයතන සදහා සිසුන් යොමු කල අතර මා ඇතුලු 50 දෙනෙකු අයිති වුයේ ලංකා බැංකුවේ අභ්‍යාසලාභී කළමණාකරණ පුහුණුකරුවන්(Management Trainees) ලෙස කටයුතු කරන්නටය.



2013 වසරේ සැප්තැමිබර් 23 දා මම ඇතුලු 50ක නඩය කොල්ලුපිටියේ මර්චන්ට් ටවර් හි පිහිටි බස්නාහිර පළාත් උතුරු කාර්යයාලයට වාර්ථා කල අතර අප කණ්ඩායම විවිධ විවිධ ශාඛාවන් සදහා අනුයුක්ත කරීම ආරම්බ කරණ ලදී. මගේ නමට අකුරු කරන ලද ලිපිය ලද විගස මා බැලුවේ මොන තූත්තුකුඩියක මට සෙට් උනේදැයි කියාය එහි සටහන්වී තිබුනේ දෙමටගොඩ ශාඛාව කියාය. මම යන්නට දන්න දෙමටගොඩක් නැත කිරුලපණ ශාඛාව ලද සොයුරිය සමග ස්ථාන මාරු කර ගැනීමට මා සූදානම් උවද කුමක් හෝ කරුනක් නිසා එය සිදුකර ගැනීමට නොහැකි විය. නමුත් එය එසේ සිදුවීම ගැන මම අදටත් සතුටුවෙමි මන්දයත් කිරුලපණ ශාඛාවට ගිය සොහොයුරියට බැංකු ජීවිතයම එපා වන තැනට එම කාර්යය මණ්ඩලය කටයුතු කර තිබුනි.



කෙසේ හෝ උදෑසන 10.15 පමණ මම ඉහත ජායාරූපයේ ඇති දෙමටගොඩ ශාඛාවට ඇතුල් උනෙමි. එවකට කළමණාකාරිණීව සිටි නාලනී කුරුප්පු මහත්මිය සුහදව මා පිලිගත් අතර මුලික කරුණු මා හටපවසන ලදී. පසු කලක කිසිදු දෙයක් නොසගවා ඔවුන් දන්නා සියලු කරුනු හිරන්ත හේෂාණි පසන් රවී සහ සෙව්වන්දි යන පිරිස මා හට කියා දෙන ලදී.

මාස හයෙන් හයට ස්ථාන මාරු කරන ලෙස බදවා ගත්තද එතැන් සිට වසරකුත් මාස දෙකක කාලයක් මම දෙමටගොඩ රැදී සිටියෙමි. මාගේපළමු කළමණාකාරිණීව සිටි නාලනී කුරුප්පු මහත්මිය අද සහකාර මහා කළමණාකාරිණී ලෙස මුලස්ථාන යේ සේවය කරන අතර ජයසේන මහතා යලිත් දෙවන වරටත්  වර්ථමාණයේ කළමණාකරු ලෙස කටයුතු කරමින් සිටියි.
ජයකොඩි මහතා විශ්‍රාම සුව විදින අතර සෙව්වන්දි අක්කා සමග හිරන්ත අයියා විධායක නිළධාරීන් ‍ලෙස උසස් වීම් ලැබ එම ශාඛාවේම සේවය කරයි.

ගණුදෙණු කරණ වේලාවෙන් පසු බැංකුව එකම රස ගුලාවක් බවට පත්වේ. ජොතිපාල බෙග් මාස්ටර් සහ නිහාල් නෙල්සන් ඇතුලු ගායක ගායිකාවන් යලි ඉපැදී ගායන හැකියාවන් මනාවට පෙන්නුම් කරයි.  බෙග් මාස්ටර් නොමරා මරන්නේ ජයසේන මාස්ටර්ය. බෝර 12 ගිණි අවියෙන් සුමියුරු ලෙස සංගීතය සපයන්නේ හේමේ සමග ගුණේය. ප්‍රේම කථා වීර කථා ආදිය මෙන්ම නැපෝලියන් බොනපාට් ලා ද එලි බසින්නේ මෙම කාල වකවානුවේ දීය. ඇතැම් විටක විනෝද සමය රගදක්වන අවස්ථාද අතරින් පතර උදාවේ.

ඔහුන් සමග ගත කල වසරකට අදික කාලය මාගේ ජීවිතයේ ගත කල හොදම කාලයක් යැයි බියෙන් තොරව කිව හැකිය. සෑම කළමණාකරුවෙක්ම අධ්‍යාපන අවශ්‍යතා සදහා හැම විටම නිවාඩු ලබා දුන් අතර ජයසේන මහතා නිතර කීවේ ඕන දිහෑවක ගිහින් 12 ට හරි කමක් නෑ එන්න පුලුවන්නම් එන්න යනුවෙනි. 

මෙම කාලයේ මුහුණ දුන් දුක්බරම අවස්ථාවක් වුයේ ණයමුදලක් නොගෙවු අයකුගේ ඇප සුරැකුම් කල නිවාසය ඇතුලු දේපල උසාවි නියෝග මත තහනමට ගෙන කර පිස්කල් බාරයට ගත් අවස්ථාවේ බැංකුව නියෝජනය කරමින් ගිය හිරන්ත අයියාගේ සහ මගේ දෙපා වදිමින් එම නිවයේ සිටි කාන්තාවන් සහ පොඩි දරුවන් පිරිස මහ මග වැද වැටුණු අවස්ථාවයි. හිරන්ත අයියාගේත් මගේත් ඇස් වලට කදුලු ආවද ඒ වන විට ප්‍රමාද වැඩිය මන්ද අපට කල කිසිවක් නොවීය.

මෙම කාල සීමාව ගැන කියනවානම් පොත් 4ක් 5ක් පමණ ලියන්නට හැකිය. සමහරක් ප්‍රසිද්ධ කල නොහැක්කේ අදාල පාර්ශවයන් තවමත් යහතින් සිටින නිසාය. 

අලුතින් පැමිණි මැදි වයසේ අහංකාර විධායක නිළදාරිණිය ආණ්ඩු මට්ටු කිරීමට මුලිකත්වය ගෙන ඇයගේ ගෑස් බැස්සවූ ආකාරයත් එම කාලය තුල යසිත් ලකිත විකී බුද්ධිකා සහ නිලූශා යන පාසල් පුහුණුවට පැමිණි නංගිලා සහ මල්ලිලා කල කී දෑ මගේ හදවතේ කොනක ඉතා රසවත් මතක ලෙස අදටත් රැදී පවතී.

ප/ලි

  • සෑම විටම පුද්ගල නාමයන් පමනක් මනක්කල්පිත වන අතර සිදුවු සිදුවීම් සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු වු ඒවාය.
  • මෙම කාලය තුල විවිධ විවිධ චරිත මට හමුවී ඇති අතර ගායකයින් ලේඛකයින් මෙන්ම දෙමටගොඩ ලොකු අයියලාද මේ අතර විය.
  • තවත් අමුතු චරිත රැසක් පිලිබදව අපූරු සටහන් ඉදිරියේදී  තබමි.




ඒ වගත් මෙසේම පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........

9 comments:

  1. සුන්දර අත්දැකීම්

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න බැරි මතකයන්.

      Delete
  2. ලියපං ලියපං ඉතුරු කතා ටිකත් එහෙනම්.. මේවා සිරා අත්දැකීම්..

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් නම් වෙනස් කරලා ලිව්වත් මාට්ටු වෙන්න පුලුවන්.
      එලියට දාන්න පුලුවන් හැම කතාවක්ම ලියන්නම්.
      ස්තූතියි මේ පැත්තට ආවට........

      Delete
  3. නියමයි නියමයි....ට්‍රේනින් යන කොට නම් ආතල් තමා....
    ලියපන් ඉතුරු ටිකත්...

    ReplyDelete
    Replies
    1. අදටත් හිනා යනවා කරපුවා මතක් වෙනකොට

      Delete
  4. කාර්යාලයක් විවිධාකාර මිනිස්සුන්ගෙන් පිරුණම ඒක අත්දැකීම් ගුලාවක් වෙනවා

    ReplyDelete
    Replies
    1. කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන..මේක තමයි අපගේ විනෝද උයන කියන තියරියෙන් වැඩකරපු තැනක සොදුරු මතකය තමා ඔය.......

      Delete
    2. මෙතැන අපි ඔක්කොම හිටියේ දා හත් දෙනයි.කට්ටිය ගැන මතක සහ රසකතා බොහොමයි. ඉදිරියෙදි ලියන්නම්...

      Delete