Wednesday, August 19, 2015

දියමන්ති ජුබිලිය සහ දෙමටගොඩින් සමු ගැනීම

පූසා වෙච්ච මම ලංකා බැංකුවේ වැඩ කරන්නේ කියලා කලින් පෝස්ට් එකකදිත් කිව්වනේ. මාස තුනෙන් කුනට ස්ථාන මාරු කරනවා කියලා කිව්වට මාස හයක් යනකම් ඒක උනේ නැති හින්දා ඒ කතාව හිතෙන් අමතක කරලා දාලා අපේ වැඩ කිඩ පෙන්නන්න පටන් අරගෙන තිබුනේ මේ කාලෙ වෙනකොට.

කොටින්ම කියනවනම් දෙමටගොඩ ලොකු ලොකු ගණන්කාරයෝ චණ්ඩි බජාර් එකේ කකුල් ඔක්කොමල වගේ දැන අදුරගෙන හිටියේ. ලක්ෂ දහයක් ඔලුව උඩ තියාගෙන දෙමටගොඩ ස්ටේෂමේ ඉදලා බැංකුවට මහ දවාලේ අරන් යන්න පුලුවන් කමක් තිබ්බා ඒ කාලේ. මොකද ඒ තරමටම බැංකුවේ කාර්ය මණ්ඩලයට පුදුම පිලිගැනීමක් වගේම ආරක්ෂාවක් තිබ්බා දෙමටගොඩ ජනතාවගෙන්.







මෙහෙම කාලය ගෙවීගෙන යනකොට ජාතියේ මහා පහන් ටැබේ 75 වන සංවත්සරය ලංවේගන ඇවිත් තිබ්බේ 2014 අගොස්තු 01 දාට. අපේ කලමණාකරුගේ තීරණය මත ඉහලින් සමරන්න ලක ලෑස්ති වෙලා හිටියේ කට්ටියම.

ජූලිමාසේ මැද දවසක උදේ මම යද්දි අපේ ලොක්කා ජයකොඩි සර් මට කතාකරලා පුතාගේ නමට ලිපියක් තියෙනවා කියලා මගේ අතට දුන්නා ලිපියක්.

මම පුදුම උනේ මට ලිවුම් එවන්න කෙල්ලෙක්වත් නැති එකේ නොසිතන වෙලාවක ආව ලිවුම මොකක්ද කියලා කඩලා බලපුවම ඒක බැංකුවේ මුලස්ථානෙන් එවපු කෑ ගහන වර්ගයේ එකක්.
දෙමටගොඩ ශාඛාවේ සේවය කරණ ඔබ 2014 අගෝස්තු 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූලස්ථාන ශාඛාවේ අන්තර්ජාතික අංශයට ස්ථාන මාරු කර ඇත  කියලා තමා තිබුනේ. කොහොම උනත් අපේ ජයකොඩි සර් උපරිම උත්සහ කලා ස්ථාන මාරුව අවලංගු කර ගන්න නමුත් සේවයේ අවශ්‍යතාවය මත කියන හේතුව හින්දා වෙනස් කර ගන්න බැරි උනා. නමුත් සර්ට කියලා තබ්බා සංවත්සරයට තියාගෙන දෙමටගොඩින් නිදහස් කරන්න කියලා.

                                 චෙක්පත් නික්ඛාෂණ අංශය කාර්යය මණ්ඩලය

                                             ණය අංශය / පුද්ගලික සේවා අංශයන් හි කාර්ය
                                             මණ්ඩලය සහ එවකට කලමණාකරු


කොහොම හරි කරලා සංවත්සරයත් හොදින් ඉවර කරලා අපේ කට්ටියම එදා රෑ වෙනකම්ම කථාකර කර හිටියා පරණ දේවල් මතකයන් ඔක්කොම. කොටින්ම මම යටතේ කාල පරාස තුනකදි වැඩකරපු විකී/යසිත්/ලකිත/බුද්ධිනී/නිලුෂා කියන පස් දෙනාම මට වැන්ද වෙලාවේ නම්ඇත්තටම දෙමටගොඩ දාල යන්න දුක නොසිතුනාමත් නෙවේ.
මගේ බැනුම් අහගෙන ගුටි කාගෙන හිටපු එකත් ලේසි කෙලියක් නොවන හින්දා.


                         

                                                            විකී මල්ලී සහ බුද්ධිකා නංගී

                                                           ලකිත මල්ලී හා යසිත් මල්ලී

කට්ටියටම සමුදීලා ඉවරවෙලා මම එදා එලියට බහිනකොට වෙලාව 10.00 විතර ඇති. හිරන්ත අයියා මාව ගෙදරටම ගෙනත් දැම්ම හින්දා ට්‍රාන්ස්පොට් ගැන බය වෙන්න උනෙත් නෑ.

කොහොම උනත් පොඩි පොඩි අමනාපකම් තිබුනට මම මගේ ජීවිත කාලේ ගත කරපු සුන්දරතම කාලයක් තමා දෙමටගොඩ ගෙව්වේ. සල්ලි වියදම් කරලාවත් ගන්න බැරි අත්දැකීම් ගොඩක් ලැබුනා නොමිලේම.
මිනිස්සු කව්ද කියන එක හොයාගන්න හැකියාව ලැබුනේ මේ ගත කරපු වසරක කාලේ ඇතුලත
ඒ ලබාගත්තු අත්දැකීමට පින්සිද්ධ වෙන්න මිනිස්වෙසින් හිටපු යක්කු වගේම නෑදෑයෝ වගේ උන්න වේයෝ ටිකදෙනෙකුත් අදුරගෙන පරිස්සම් වෙන්න මට පුලුවන් උනා
........

ප/ලි



  • මේවන විට විවිධ ස්ථාන වෙත ස්ථාන මාරු ලබා කණ්ඩායම විසිරගියද අදටත් ඒ මිතුරුදම් රැදී පවතී.
  • දැනුදු මටත් සොරා මතකය දිව යන්නේ විනෝදයෙන් ගත කල ඒ සොදුරු කාලපරාසය සොයාය.
මෙහි අප හවුලේ කල නසරානි හා කුප්ප වැඩ එමට ඇත. මතකයන් රසවිදිනවා හැර අකුරු කිරීමට කම්මැලිය. නමුත් නුදුරේදීම ඒවාද අකුරු කරමි.........



ඒ වගත් මෙසේම පහුරු ගෑ මම  සුදු පූසා වම්හ....................

5 comments:

  1. කට්ටියට ම මතක් කරා කියන්න...... ජයවේවා

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක්ව නම් පරලෝකෙදි තමා මතක් කරන්න වෙන්නේ. අනිත් සෙට් එක මතක් කලා කියන්නම්. ඔබටත් ජය.....

      Delete
  2. //නෑදෑයෝ වගේ උන්න වේයෝ //
    අදුරාගත්තා යැයි කීම මට මහත් චීත්තක් පිරිතිය ගෙන දෙන කතාවක් මැයි

    ReplyDelete
    Replies
    1. ඔය කිව්ව එක වේයෙක් හින්දා මට ලොකු පාඩුවක් උනා අටං.
      මට පහුරුගාන්න තරම් කේන්ති මතක් වෙනකොට
      ඥාව්ව්ව්ව්..

      Delete
    2. කොහොම උනත් දැන් සතා කව්ද කියලා දන්න හින්දා සුදානම් සරීරෙන් තමා හැමවෙලාවෙම ඉන්නේ.
      මේ පැත්තට ආවට ස්තුකියි. ඔබට ජය.......

      Delete