Sunday, August 2, 2015

ඉස්කෝලෙන් සමුගැනීම

2002 වසරේ දිනක හිමිදිරි උදෑසනක ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ගම්පහ බණ්ඩාරණායක ඉස්කෝලෙ කන්ද නැගලා අපි ගියේ ලොකු සතුටකින් වගේම බලාපොරොත්තු ගොඩක් එක්ක. කාලයත් එක්ක වසර 8 ක් ගතකල මෙතැන ගැන කියන්න ගොඩක් දේවල් තිබ්බත් ඒවා පස්සට දාලා අද මත්ක් කරන්නේ උසස් පෙල පන්තියේ ගත කරපු සුන්දර අව්රුදු දෙකේ මතක සටහන් කිහිපයක්.

2008/07/13 වෙනිදා තමා අපි ඉස්සෙල්ලාම වානිජ අංශෙට ගොඩබැස්සේ. අපේ පන්ති 4ක් තිබ්බා ඒ කාලේ 12J / 13J කියන්නේ ජොලියට වලියට වගේම ඉගෙන ගන්නත් දක්ශම කට්ටිය හිටපු පන්තිය.
එකා වගේ හිටපු 41 දෙනෙක් හිටියා මේ කියන සුන්දර පන්තියේ.

පන්තිය භාරව හිටියේ කුසුම් මිස්. ඒ වගේම අපිට අනෙක් විශයන්ටත් ලැබුනේ හොදම ගුරැවරු.


                                             
                                           ආර්ථික විද්‍යාව  ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යනය


                                         මහේෂ් යුලන්ග කසුන් සුපුන් ඉසුරු කුමාර ගිහාන් තුසිත
                                         හෂාන් සමග කමල්සිරි පියරත්න මයා (ඤාව්වා)


                                           මහේෂ් යුලන්ග කසුන් සුපුන් ඉසුරු කුමාර ගිහාන් තුසිත
                                         හෂාන් සමග මහේන්ද්‍රා මිය (ට්‍රැක්ටරේ)                                        


                                         මහේෂ් යුලන්ග කසුන් සුපුන් ඉසුරු කුමාර ගිහාන් තුසිත
                                         හෂාන් සමග කුසුම් මිය


ජායාරූප වල ඉන්නේ උසස් පෙලට ලංවෙනකම් ම අාව අයගේ විතරයි.
සෑමවිටම ජායාරූප ශිල්පියා පූසා හින්දා පුසා නම් එක 
ජායාරූපෙකවත් නෑ.....
අද මේ ඉන්න අයගෙන් බහුතරයක් විවිධ විශ්ව විද්‍යාල වල අධයාපනය හදාරනවා. අවුරුදු දෙකක උසස් පෙල පන්තියේ දී හිටපු අපිට සැමටම පොදු ධර්මතාවයට මුහුණ දෙන්නට සිදු උනා.
හමුවන හැමවිටම වෙන්වීමක් තියෙනවා කීවාක් මෙන් අපිට සමුගැනීමට කාලය උදා උනා. සතුරන් මිතුරන් උනුන් බදාගනිමින් එදා වෙන් උනේ යලිත් හමුවීමේ බලාපොරොත්තුවෙන්.

ඒ වෙන් වීමට අදට හරියටම වසර පහක් ගතවුනා. ඒ සොදුරු කාලය මතක් වෙන්නයි අද සටහන ලියවුනේ.


මතකය අවදි කර ආපසු හැරී බැලුවෙමි පස් වසරකට පසුව
සක්මන් කලෙමි පැමිණි මතක මංපෙතෙහි යලිත් පසුපසට
සුපුරුදු මිතුරන් ගුරුවරුන් කිසිවෙකුත් නොවීය ඒ පුරාණ පන්ති කාමරය තුල

සොදුරු මතක සටහන් පමණක් විසිරි තිබුණි එදා මෙන් නොවෙනස්ව

*
*
*
*
*

ප/ලි

මේ අපේ අයත් එක්ක ගතවුන් සුන්දර මතක සටහන් ගොඩක් පූස් මතකේ තියෙනවා රසවත්ව. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ කොහොමටවත්ම. ඒවා කිසිදා එලි නොදක්වන පයිල් එකට දාල තියෙන්නේ.

X- Ban 2008 ප්‍රදර්ශනයේ ඉදිකිරීම් කරද්දී තැබිලි හොරෙන් බාපුවා / ගොට්ටා සල්ලිත් අරන් මාරු වුන විදිහ / කක්කුට්ටගේ රසකතා / රණසිංහ සර්ගේ මනරංජන English පංතිය වගේම කාලි මැණියන්ගේ පුස්ථකාලේ මතක සටහන් මින් ඉදිරියට
 




ඒ වගත් මෙසේමැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........


6 comments:

  1. කලින් අවුරුදු 11 ත් හරි මේ දෙකත් හරි නේද පුසා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපූර්වි, අවුරුදු 11 ටම වඩා මතක සටහන් තියෙන්නේ මේ ටික කාලේ තමා

      Delete
  2. ඔය වෙන්වීම නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අමතක කරන්නම බෑ තමා. ඉස්සෙල්ලම අපි ඉස්කෝලේ යන්න බෑ කියලා අඩනවා
      අන්තිම දවසේ යාලුවෝ දාලා එන්න බෑ කියලා අඩනවා.......

      Delete
  3. ඉස්කෝලේ මතක් වෙද්දි නම් ටිකක් බය හිතෙනවා... අැයි හත්තිලව්වේ උදේම නැගිටින්න ඒපැයි...

    ReplyDelete
    Replies
    1. දැනුත් ඉතින් වෙනසක් නෑනේ....

      Delete