Thursday, September 17, 2015

හපන්කම් පුරසාරම් සහ ගොන්කම්

අපිට එදිනෙදා ජීවිතයේදී විවධාකාරයේ පුද්ගලයින් සමාජයේදී නිරන්තරයෙන් මුනගැසේ. සමහරුන් තම දිවියෙන් ආදර්ශයන් අනුන්ට ලබාදෙමින් තමා පිලිබදව අන්සිත් තුල නොමැකෙන මතක සටහන් තබමින් සමුගන්නා අතරතුර තවත් සමහරුන් තම ගතිගුණ නිසාම මතක සටහන් නොමැතිවම කාලයේ වැලිතලාවට හසුව මග හැරීයයි. 
රාජකාරී මට්ටමේදී මට මේ දෙගොල්ලන්වම ඇසුරු කරන්න ලැබුණා. මගේ සුන්දර නවාතැන්පල වෙච්ච දෙමටගොඩත් අසුන්දර කරපු කෙනෙක් ගැනයි අද කියන්නේ. 
  විධායක නිලදාරිනියක් වෙලා උන්න මෙයාට මම සිරියලතා කියන්නම්. අපි කරපු පව් පලදීමක් විදිමක් විදිහට මෙයා දෙමටගොඩ ට ගොඩබැස්සේ අපි ඒ වෙනකම් කරගෙන් ආව වැඩ පිලිවෙල අනිත්පැත්ත කරකවමින්. මේ අපේ අලුත් නෝනට කැම්පස් වලින් ආව අලුත් කොල්ලෝ කෙල්ලෝ පේන්න බැරි ලෙඩක් තිබ්බා. ඒ අසනීපේ ප්‍රතිපල විදිහට සිරියලතා මගේ හැම වැඩක්ම එයාගෙන් අවසර අරගෙන කරන්නයි කියලා මට කිව්ව වෙලේ ඉදලා තමා මට වැඩ එපා උනේ. මට තිබ්බ වැඩ ඩබල් ට්‍රිපල් කරපු එක තමා මෙයා හැමදාම කලේ.
මට අවසර දීලා තබ්බා දේශන වලට යන හින්දා හවස හතර වෙනකොට off වෙලා යන්න අපේ සිරියලතා අක්කා මම කලින් යනවට කැමති නෑ දවසක් දෙකක් මට යන්න දුන්නේ නෑ මෙයා කලින්. බලලා බැරිතැන මම මම නොකියා ගිහින් දින දෙකක් නිවාඩු දාලා නොගිහින් හිටියා. 

දවස් දෙකකින් එද්දි මෙන්න සිරියලතා ඉන්නවා නිකන් ඉඩි අමීන් වගේ කන්න බලාගෙන. මගේ ඉවසීමේ සීමාවත් පැනලා යමින් තිබ්බ වෙලාවක මගේ කේන්තිය පිට උනේ මම යටතේ හිටපු ලකිත මල්ලිගෙන් හා නිලූෂා නංගිගෙන්. මෙයාව කාලයක් යද්දී බැංකුවටම එපා වෙලා මට්ටු කරන්න ඕනේ කියන අදහස ඇවිල්ලා තිබ්බා.



කවුරුවත් නොහිතපු වෙලාවක හිරකරගෙන හිටපු පීඩනය පිට වෙලා ගියා. දවසක් උසාවි නියෝගයකට අදාලව චෙක්පත් නික්කාෂණ වාර්ථාවක් මම හදලා දීලා ගියා අපේ සිරියාලතාට කොහොම හරි වාර්ථාව මෙයා යවලා නැතුව මම සතියකින් ඇවිත් බලනකොටත් මේසේ උඩ.
තමුන්ගේ වැරැද්ද පෙනි පෙනී මේ ගෑණි කියාපි මේ පූසා හින්දා තමා මේක යවන්න බැරි උනේ කියලා. මට උන්හිටි තැන අමතක උනා ඒ කතාව අහපු ගමන්. කළමණාකාරතුමා ඉස්සරහම හොද සුද්ධ සිංහලෙන් ජාතිය අමතලා 
වව්චර් මිටිය ගුවනේම පාකරලා යැව්වා. නිකන් දෙවෙනි ලෝක යුද්දේ කලා වගේ වව්චර් හැම තැනම පාවෙන්න ගත්තා. මේ ටිකත් උබම බලාගනින් එහෙනම් කියලා මම දබලා ගහලා පහලට ගිහින් හිටියා දවස් තුනක් යනකම් මම සිරියලතා ගේ අංශයට අදාලව කිසිම වැඩක් කලේ නෑ.

පස්සේ අපේ ජයකොඩි සර් ආයේ එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා පොරොන්දු උන හින්දා මම ආයෙත් Clearing Department එකේ වැඩකටයුතු පටන් ගත්තා. මට මගේ වැඩ ස්වාධීනව කරගෙන යන්න පුලුවන් තත්වයක් ඒ වෙද්දී ඇතිවෙලා තිබ්බා. මම දෙමටගොඩින් සමුගන්නා සමය වෙන කොට සිරියලතා අක්කට අඩුම ගානේ බැංකුවේ ආරක්ෂකයින් වත් ගරු නොකරන තත්වයක් ඇතිවෙලා තිබ්බේ.....

ඉතිරිය මතුවට.........


පසු වදන


  • නවක සේවකයන් හට ආදර්ෂයක් වන ලෙස පැරණි නිලධාරීන් හැසිරිය යුතු උනත් සමහරක් යල් පැණගිය හණමිටි අදහස් ඇත්තන් නිසා සමස්ථ පද්ධතියම බිද වැටීමට ඇති හැකියාට ඉහලය. ගණුදෙණු කරුවන්ට සැලකීමට නම් චක්‍ර ලේඛන අමතක කර සේවා සැපයීමට සුදානම් විය යුතු බව මගේ හැගීමයි.
  • තමාට ගරුත්වයක් ලබා ගැනීමට නම් තමුන් ප්‍රථමයෙන් අනිකාට ගරු කල යුතු වන්නේය.
  • දිනක් හදිසි විමර්ෂණයකදී වැඩ අතපසු කර තිබීම නිසා සිරියලතා තනතුරින් පහත හෙලා ඇති බව පසු කලෙක මට දැනුම් දුන්නේ ජයකොඩි මහතාය.


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම  සුදු පූසා වෙමි....................


10 comments:

  1. Clearing Department කිවුවාම මටත් තියෙනවා අත්දැකීම් ගොඩක්. ඉස්සරවෙලාම කියන්න තියෙන්නෙ අපිට හිටපු කළමනාකාර වරයා වගේම අනික් නිළධාරින් ටිකත් නියම මහත්වරු කියන එක. සර්, මිස්, මැඩම් කියන එක තහනම්. හැමෝම එකා වගේ අයියා, අක්කා, මල්ලි, නංගි කියාගෙන හිටපු හොඳ පරිසරයක් තිබුණා. ඒ වගේ තැනක තියෙන පීඩනයත් එක්ක එහෙම නැත්නම් වැඩ කරන්න අමාරුයි. ඒත් හැම ආයතනයක්ම එහෙම නැති එකයි අවුල.

    ReplyDelete
    Replies
    1. වයසින් වැඩිනිසා කළමනාකාරුට විතරයි සර් කිව්වේ.අනිත් හැමෝටම අක්කා අයියා කියලා තමා අපි කතා කලේ. මම මගේ යටතේ හිටපු මල්ලිලා නංගිලාට වත් මටසර් කියන්න දුන්නේ නෑ කවදාවත්ම. පරණ නීති පොත අකුරටම රකින අයත් එක්ක වැඩ කරන්න අමාරුයි.

      Delete
  2. පැරණී නිළධාරින්ට සීනියර් කම ඔළුවට ගැහුවට පස්සේ එතන කිසිම වැඩක් ආයි නොකෙරුනා හා සමානයි.. මොකද ඒ ගොල්ලා බලන්නේ අළුත් අයට වැඩ පවරලා නිකන් ඉදන් ළකුණු දා ගන්න..

    ReplyDelete
  3. සමහර රාජ්‍ය ආයතන වල අය්ය අක්ක සීන් එක හංද සුහද පරිසරයක් ගොඩනැගිල තිබුණත් ඇත්තටම බැලුවාම වැඩක් කරගන්න එන මනුස්සයෙක්ට වැඩක් කරගන්න විදියක් නෑ... ඔය මගුල හිංද.. නෑ කං වලිං කතා කරන එක තහනම් කරන්න ඕන.. නමක් තියනව නෙ හැම එකාටම නමිං කතා කරා නං ඉවරයි.. අය්ය හුය්ය අක්කෙ හුප්පෙ ඒව වානා.. වැඩම තමා ඕනා කියල බෝඩ් එකක් ගහන්න හිතෙව ඒජීඕ ඔෆිස් එකට එහෙම ගියාම.. අර සංවර්ධන නිළධාරී සෙට් එකක් ඉන්නව මේ ලෝකෙ වැඩක් නැ මේ ලෝකෙ රහකුත් නැ.. ඇත්තටම උං නං ඩිග්‍රිය ටත් අවමානයක්...

    සිරියලතා ඇන්ටි ගැන කියන්න තියෙන්නෙ ඕ ජාතිය කොහෙත් ඇත ධර්මයෙන් පාලනය කළ නොහැක කියල තමා..
    වලං නං වලි ෂේප් නං ඒත් වලි න්‍යාය මිස වෙන තියරියක් හරියන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එදා ඉදලා මමත් වලියවමයි සිරියාලතා එක්ක වැඩ කලේ. දවසක් වලිය ඉවර උනේ වතුර විදුරුවක් උඩින් පියබලා සිරියලතා හිටපු තැනට ටිකක් මෙහා බිත්තියක වැදිලා කුඩු පට්ටම් වෙලා.

      Delete
  4. වසර දොළහක රාජ්‍ය සේවා කාලයක් ඇතුලත බොහෝ සිරියලතාලා සහ සිරිපාලලා නොහොත් සිරියලතා මේල් වර්ෂන් එක දැක ඇත්තෙමි.. අදටත් මගේ නම ඇහෙනකොටත් ඒ ජාතියේ සිරියලතාලාටත් , සිරිපාලලාටත් බීපු මවුකිරි මතක් වෙන තැනට කටයුතු සලස්වලයි රාජ්‍ය සේවයෙන් සමුගත්තේ.

    එක සිරිපාල කෙනෙක් මගේ රාජකාරී පරිඝනකයේ DC රොම් එක ගැලෙව්වා කියහන්කෝ මට software එකක්වත් දාගන්න බැරි වෙන්න. ඒ කාලේ flash drive තිබ්බේ නැහැ. සිරිපාල මගේ DC drive එක ගලවල උගේ ලාච්චුවේ දාගත්ත. මම DC drive එක උගේ ලාච්චුවෙන් උස්සල ගෙදර ගෙනාව පරිප්පුවටම.. අවුරුද්ද අන්තිමේ board of survay එකේදී නැතිවෙච්ච DC drive එකට අලුතෙන් එකක් ගෙනත් දෙන්න උනා සිරිපාලගේ පුද්ගලික මුදලින්.. හික්ස්... ඔයවගේ සිද්දි එමටයි ලියනවනම්..

    ReplyDelete
    Replies
    1. මමත් දෙමටගොඩින් ආවේ සිරියලතා අක්කට රිටන් එක දීල තමයි. වතුර වීදුරු කීයක් නම් පියබලා ඇතිද මගේ අතින්...

      Delete
    2. මම CD කියල ගහප්ය් හැම තැනම DC කියානේ බන් වැදිලා තියෙන්නේ. මේ සිංහල ටයිපින් හිටපුගමන් පිස්සු තමයි ටයිප් කරන්නේ. ඒ කාලේ අපිට ලොකු සීන් දාගෙන හිටපු සිරියලතා කෙනෙක් ලොකු පාර්ටි එකකට ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා රස්සාව නැතුව ගෙදරම ගියා. ස්භාවධර්මය උන්දලාට දඬුවම් දෙන්නේ උඩ පැන පැන .

      Delete
    3. අපේ සිරියලතාටත් උනේ ඕකම තමා. මාසේ වැටුප චෙක්පත් වලන් ගන්න උදවියට මෙයාගෙන් අත්සනක් ගන්න හරිම අමාරුයි. මෙයා ගෙවන්න බෑ කිව්ව බහුතරයක් මම ගෙවලා තියෙනවා. සිරියලතා කරපු දේවල් වලට පස්සේ කාලේ දඩුවම් ලැබිලා තිබ්බා. ඒක දකින්න මම හිටියේ නෑ එතකොට.....

      Delete