Friday, November 20, 2015

විසකුරු රළු මිනිසුන් මග හිඳිවී බිළින්දෝ

මේක මම කොටන්න අදහස් කලේ මගේ වූටි නංගියා වෙනුවෙන්.  මෙවර අධ්‍යන වර්ෂය සදහා විශ්වවිද්‍යාල වරම් ලබලා ජීවිතේ පලවෙනි වතාවට අපේ ගෙදරින් දුරස් වෙලා යන්න සූදානම් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න වෙලාවේ තමා ලියන්න හිතුනේ. කැම්පස් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් වත් එහි පවතින උප සංස්කෘතිය ගැනවත් මම ඔබව දැනුවත් කරන්න වුවමනා නැහැ ඒ සියල්ලම අත්දැකලා  අත්දැකීමෙන්ම ඔබ ලබාගත යුතුමයි.
නමුත් සුන්දර ගම් පියසක ඉපදී හැදී වැඩුනු නුඔට ඉදිරි වසර සතරක පමණ කාලයක් ගත කරන්නට වන්නේ හිතක් පපුවක් නොමැති තිරිසන් ගති ඇති මිනිසුන් වැඩි ප්‍රමාණයක් වෙසෙන කොළඹ නාගරික බල ප්‍රදේශය තුල නිසාවෙන් කල්පනාකාරීව නිරතුරු අවධානයෙන් සිටිය යුතුමයි. සමහරුන්ට හැදෙන ලෙඩක් තමයි කැම්පස් ගිය ගමන් ගම අමතක වෙන එක. ගමේදි අග වැහෙන්න ඇදුම් ඇන්ද උන් වේගයෙන් ඇදුම කොට කරගෙන ගිහින් විහින් අමාරුවේ වැටෙනවා. හැම වෙලාවෙම හැදුනු වැඩුණු ගම අමතක කරන්න එපා ඒක තමා වරදින්න පුලුවන් මුල්ම තැන. මට මතක්වෙන්නේ සිබිල් වෙත්තසිංහ ගේ වැනියන් කලු පොතේ එන මේ කවිය

"සිදාදියට එන දවසේ

හදවත මගෙ නැති වුණා
සෙව්වට මට සොයාගන්න
කොහොමටවත් බැරිවුණා
අපේ වත්තේ පොල් මුලේ ද
ලොකු අම්මාගෙ පන් වෙලේ ද 
අත්තම්මගෙ කුස්සියේ ද 
ජෑම් ගහේ අතු අතරෙ ද 
කොහොම වුණත් ගමේ ගොඩේ 
මගේ හදවත හැංගිලා 
මා නම් නෑ මෙහෙ ගෙනාවෙ ඒක හොඳීන් දන්නවා"

අනිත් දේ තමා කෙල්ලන්ව රවට්ටලා අයතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න මානසික අසහන කාරයෝත් පිරිලා ඉන්නවා බස්සි අක්කා කලින් මෙන්න මේ කතාවෙන් කිව්වා වගේ ප්‍රීතියේ පරම කෝටිය සොයන් එන උන්ගෙනුත් පරිස්සම් වෙලා ඉන්න වෙනවාපෙනෙන තරම් ලස්සන නැහැ කිසිම දෙයක්. එකට ඉදලා එකට කාලා බීලා අපිටම කෙලලා යන ජාතියේ සමහරකුත් ඉන්නවා. මම මගේ අත්දැකීමෙන් කියන්නේ විභාග ලංවෙද්දී තමන්ගේ යාලුවන්ගේ / රෑමගේ නොට් අතුරුදහන් කරන්න තරම් බලවත් හොරුත් නැතුවම නෙවෙයි.

සිඟිති මා බිළින්දෝමොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝමිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්ද
මලක නටු අතරෙද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ
කිරි පැණි හඳ හාමි ලාඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් ඒ ලෝකෙ නෑ බිළින්දෝ



සරසවිබිමෙන් ඔබ එකතුකරගන්නා ඒ අත්දැකීම් ජීවිතයේ සැදෑ සමයේ සිහිපත් කරන්න පුලුවන් සුන්දර මතක සටහන් වෙවි. හැමෝටම පොදුවේ සැමට කියන්නේ මෙවර අධ්‍යන වසරට කැම්පස් වරම් ලැබ ආදර කන්දට හිරිකටුඔයට මල්පාරට සයිබීරියාවට කජුකැලේට සිරීපාදෙට මෙන්ම වගේම පූජාභූමියටත් මෙකී නොකී සෑමතැනකටම යන්නට වීසා ලද සියලු සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභ පැතුම්.
ලබැදි මා සොයුරියේ හිනා ගෑස්,බැටන් කුරුදු පොලු සංග්‍රහ සහ තැලුම් තෙල් වලින් තොරව අධ්‍යන කටයුතු කරගෙන යාමට ඔබට ශක්තිය ධෛරය ලැබේවා. වාසනාව  නිබදවම ඔබ සමග රුදේවා යන්න මාගේ එකායනික පැතුමයි.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතු
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ


මේ වගත් එසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....




16 comments:

  1. සුදු පූසගෙ සහෝදරියට සුබ පතනවා.......!

    ReplyDelete
    Replies
    1. ස්තූනියි ආර්යන් සුබ පැතුමට..........

      Delete
  2. අැත්තට ම අැය යන්නේ අනාගතය සාර්ථක කරගන්නා පාරකට.... අැයව සතුටින් පිටත් කරන්න..... අැයට අපිත් සුභ පැතුවා යැයි කියන්න......

    ReplyDelete
    Replies
    1. ඇය ගමන් කල යුත්තේ ඇයට ඇවැසි මාවතක් ඔස්සේය. අපට කල හැක්කේ නිසි මග පෙන්වීම පමණකි. නිසි මග යාම ඇයගේ වගකීමයි. ඇය නම් සතුටින් දින ගැන ගැන ඉන්නේ විශ්ව විද්‍යාල ඇරබෙන තුරු. ස්තූතියි කුරුට්ටෝ ඔක්කොටම...

      Delete
  3. අපිත් සුභ පතනවා ඇයට! මට නම් සරසවි වරම් හිමි වුනේ නෑ.. හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේ.. ඒ නිසා, හැම දෙයක්ම සම සිතින් භාර අරගෙන, වැරදි දෙයින් මග ඇරලා, මුල අමතක නොකර ජීවත් වෙන්න කියන්න. මේ පෝස්ට් එක වටිනවා..

    ReplyDelete
    Replies
    1. තවත් වරක් උත්සහ කරන්න අගහරුවෝ.හැමදේම හොඳට සිදු නොවන අවස්ථාද එමටය.ඒ සම්බන්දයෙන් නම් මා හට අත්දැකීම් රැසකි. ඇය වැරදි මගක ගමන් නොකරනු ඇති බව මගේ විශ්වාසයයි. සුබ පැතූබව ඇයට පවසන්නම්.
      ස්තූතියි සුබ පැතුමට........

      Delete
  4. සුදු පූසාගේ නැගණියට සුභපැතුම්....

    අහුමුලු වල , ගස් යට රෙදි ගලවන සත්‍ය ප්‍රේමවන්තයින්ගෙන් සහ පුද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් විප්ලව කරන හොර විප්ලවවාදීන්ගෙන් ප්‍රවේසම් වෙන්න බුද්ධිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... උගත්කම වගේම බුද්ධිමත්කමත් එක හා සමානව යෙදෙව්වොත් හදපු වඩපු දෙමාපියන්ට සතුටුවෙන්න පුළුවන වෙයි .

    සුදු පූසා මා එක්ක තරහ වෙන එකක් නැහැ මම මේ ටික කෙලින්ම කිව්වට... කැම්පස් එක ඇතුලේ කෙල්ලෝ දෙතුන් දෙනාගේ රෙදි ගලවන ප්‍රේමවන්තයින් මම ඇතිවෙන්න දැකල තියෙන නිසයි ඒ ටිකත් ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. කිසිදු තරහක් නොමැත අම්බලන්ගොඩ සොයුර,අදහසට ස්තූතියි මක් නිසාදයත් ඔබ පැවසුවේ අමිහිරි වූ සත්‍යයයි. මා ඉගෙනුම ලැබූ ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව පාසලේ මගේ බැචීලා කිහිප දෙනෙකුත් ඔය විදිහට අමාරුවේ වැටෙනවා මම දැකලා තියෙනවා. සමහර කෙල්ලෝ ප්‍රේමවන්තයට විරුද්ධ වෙන්න බැරි කමට තම ජීවිතය නාස්ති කරගන්නවා.
      කැම්පස් එක තුල පලමු තැන ලැබිය යුත්තේ ඉගෙනුමටයි. අනෙක් සියලුම කරුණු දෙවනි කොට සැලකිය යුතු බව මගේ අදහසයි. ඇය වැරදි මගක ගමන් නොකරන බව මගේ විශ්වාසයයි.

      Delete
  5. මගෙත් දෙකක් ඉන්නව මේ පාර...
    දෙකම ජපුර එකක් ආර්ට් අනික වැලිවේසොං.. හෙහ් හෙහ්...
    උං දෙන්නට මං මේක පෙන්නන්නංකො සුදු පූස්...
    උඹේ සහෝදරියටත් සුභ පැතුම් අර අම්බලන්ගොඩය කීව වගේ තමන්නෙම පාරක යන්න සියළු ශක්තිය ධෛර්ය ලැබේවා...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අපේ නගා ජපුර නම් නෙවේ. පෝස්ට් එකේ ගන්නට යමක් ඇතැයි සිතේ නම් පෙන්නන්න මහේෂ්. සුභ පැතූ බව ඇයට කියන්නම්. ඇය කොහොමත් තෝරාගත්තේ ඇයට ඇවැසි මාර්ගයමයි. ඉදිරියට යාම ඇයට බාරයි.
      අදහසට සහ සුභපැතුමට ස්තූතියි.

      Delete
  6. සුබ පතන්න මා වෙනුවෙන් ඇයට. මගේ නංගිත් අද හිටියානම් මේ වයසෙම ලොතු ලමයෙක්. නෙතට කදුලක් නැගුනා ඇය සිහිවීමෙන්. ඇස්දෙක වගේ පරිස්සම් කර ගන්න සුදුපූසෝ අැයව.
    මේ පෝස්ටුව මාව හැඩෙව්වා පූසෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභ පැතුමට.
      කණගාටුයි ඇනෝ ඔබේ සොයුරියට සිදුවූ දෙයට

      Delete
  7. Congratulations.......

    ReplyDelete
  8. සුබ පතනවා ඔබේ නැගණියට පූසෝ. මමත් තුම්මුල්ල සෙන්ට්‍රල් මස්කඩේ තමා හිටියේ. අම්බලන්ගොඩයා කිව්ව කතාවම තමා මමත් කියන්නේ. නිබද සිහිනුවනින් යුතුව කටයුතු කිරීම ඇයගේ වගකීමයි///
    ................................
    "මලක් ලෙස නුඔ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඔ දැන උගත් පාඩම තමයි
    මිල මුදල නිල බල යා නොදෙයි
    කල හොදම පමණක් ඉතිරිවෙයි.."

    ------- පින්සර දොස්තර--------

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පින්සර දොස්තර ඇනෝ තුමා. ඉතුරු පද ටික මම කියන්නම්....
      "අපේ මුතුන් මිත්තන් එදා
      සිය කදුලු දහඩිය පුදා රුගෙන ආ ගව්රවට ඔබ තමා
      නුඹ යන්නේ හිස් දෑතින් නෙවෙයි //
      ගෙනයන්නේ ඒ අභිමානයයි"

      Delete