Saturday, December 5, 2015

VIP මිනීකාර් ටැක්සිය

පහතින් දැක්වෙන කතා දැන්ම ලියන්නට මාගේ තුන් හිතකවත් අදහසක් තිබුනේ නැත. අම්බලන්ගොඩ ගේ කොණ්ඩයා කතාවේ ඉහලින්ම තිබු කොමන්ටුවක් කියවීමෙන් මෙ ලිවිය යුතුයැයි මට සිත්විනි. ඒ ඇරත් කිහිප දෙනෙකු බැංකුවේ කතා ලියන ලෙස ඉල්ලා සිටි නිසාවෙන් මෙසේ ලියා පරසිද්ද කරන්නෙමි. මෙහි අද කියන කතාවේ සියලු චරිත නාම පුද්ගල නාම සහ ස්ථාන මනක්කලිපිත වන අතර සිදුවීම් සියල්ලම සත්‍ය වශයෙන් සිදුවු ඒවා වේ.  
ලංකා බැංකුවේ දෙමටගොඩින් සමුගෙන මම පැමිණියේ මුලස්ථානයේ අන්තර්ජාතික එන ‍ප්‍රේෂණ දෙපාර්ථමේන්තව වෙතටය. එහි අප කණ්ඩායම යලිදු එකතු වු අතර අප අතර සිටියේ ලංකාවේ ප්‍රසිද්ධම මල් ශාලාවක හිමිකරුවකුගේ පුත්‍ර රත්නයයි. අප මෙන් නොව හෙන හැඩි දැඩි සිරුරක් තිබූ මොහුට අපි අරවින්ද යැයි කියමු.
තරමක් දඩබ්බර ගති තිබු මොහු සැමදා වැඩට පැමිණියේ නවීන පන්නයේ සුදු පැහැති වෑන් රථයක වන අතර පොඩි පරහකට තිබුනේ මෙය මල්ශාලාවේ ශ්‍රී නාමය සදහන් කර තිබීමයි. අපගේ නිල ට්‍රාන්ස්පෝට් සර්විස් එක උනේ ඒ ශ්‍රී රථයයි. කොටුවේ දුම්රියපලට මරදාන දුම්රියපලට මෙන්ම බොරැල්ල දක්වා අපේ උන්ට නොමිලේ ගමන් පහසුකම් ලබා දුන්නේ මෙම රථයට පින්සිදුවන්නටය. 
අරවින්දගේ දෙපාර්ථමේන්තුවේ උද්ධච්ච නිලධාරියකු සැමදා එම රථයෙන් එන නිසා ඔහුව පාච්චල් මෙන්ම සමච්චලයටද ලක්කරන්නේ ඉමහත් සිත් පීඩා ගෙන දෙන අයුරිනි කොටින්ම කිවහොත් අරවින්දගේ රථයේ යාම පවා ඔහු පිලිකෙව් කරයි. අපි හව්ලේ ගිය චාරිකා රැසකම මානවිකාවන්ද පිරිවරාගෙන ගියේ මේ රථයේමය. මෙයට අධික කෝපයෙන් පසුවු අපේ එකාට නොසිතූ නොවිරූ ආකරයට තම කේන්තිය පිරිමහගන්නට වාසනාව උදාවිය. මාණ්ඩලික නිලධාරීන් හට පුහුණු සැසියකට මහරගම යාමට නියමිතව තිබූ අතර එය අනිවාර්ය කර තිබුනු අතර පිරිසකට බැංකුවේ බස් රථයෙන් ප්‍රවාහන පහසුකම් සපයා තිබු නමුත් වාහන ඇති පිරිස වෙන වෙනම යාමට රැදී සිටියහ. දෙපාර්ථමේන්තුවේ සහකාර මහා කළමණාකරු(AGM) ගේ නිල රථය ලෙඩ දුන් බැවින් අර උඩගු නිලධාරියාටත් යාමට නොහැකිව සිටියදී එතනට පැමිනි අරවින්ද දුටු සහකාර මහා කළමණාකාරතුමා ඇසුවේ පුතා අපිව මහරගමට දාලා එන්න පුලුවන්ද යනුවෙනි. අපේ එකා කිව්වේ මම අද ආවේ කාර් එකේ කැමතිනම් යමු අන්න කාර් එක කියා අත දිගු කර රථගාලේ නවතා තිබු කලු පැහැ අලුත්ම කාර් එකකටය.
ඉහත ජායාරූපයේ ඇති වර්ගයේ අලංකාර අලුත්ම මිනීකාර් එකක් බැබලි බැබලි එහිවිය. කවදා හරි මේකේ යන්න වෙන එකේ පුරුදුවෙන්න යමු යැයි කියා සහකාර මහා කළමණාකරු රථයට ගොඩ වුවත් උද්ධච්ච පිස්සු පුසා මුහුණ පුලුටු කරගෙන අහකබලාගත් අතම බලාසිටියේ සහකාර මහා කළමණාකරුගේ ඉවසීමේ රතුකටුව පන්නමිනි. මලේ උපරිමයට පැමිණ උද්ධච්ච නිලධාරියාට කෑගැසුවේ පිස්සු කෙලින්නේ නැතුව නැගපන් කියාය. අකමැත්තෙන් හර්ස් එකට නැග යාමට අවසානයේ ඔහුට සිදුවිය. නමුත් ඒ වෙලාවේ ඔහුගේ විරූපී ලැජ්ජාබර මුහුණ මට අදටත් මෙය ලියනවිටද මැවී පෙනෙයි.

පසු සටහන

  • අවසානයේදී ලොකු මහත්තයා VIP අවමංගල්‍ය සේවයේ නැගී මහරගම පුහුණු මධයස්ථානය වෙත ගියේ තවකෙක්ට කල අවමානයට දිස්ඪධර්මවේදනීය කර්මය පලදුන්නාක් මෙනි.
  • අදටත් එතුමාගෙන් සර් රයිඩ් එකක් යමු දැයි ඇසුවෝත් ලැබෙන්නේ හොදම සිංහලේ වචන පෙලකි.

මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....





6 comments:

  1. පාඩමක් එවෙලෙම ඉගන ගන්න ලැබෙන්නේ කලාතුරකින්නේ.. ලොක්කට එහෙම වෙලා..

    ReplyDelete
    Replies
    1. ලොක්කගෙත් ලොක්කා ගිහින් නැග්ගම අපේ ලොක්කට තරු පෙනුනා. අකමැත්තෙන් උනත් මිනී කාර් එකේ ගියානේ මැරෙන්න කලින්ම

      Delete
  2. මරෙනේ නැති එවුන් වෙන්න ඇති නේද බන්. මට හිටුයේ නැහැනේ ඔහොම ලොක්කෙක්. සුපිරි ෆන් එකක් ගන්න තිබ්බ ඔහොම එකෙක් හිටියනම්. මට හිටපු ලොක්කන්ට අමතක නොවෙන පාඩම් කියල දුන්න ලංකාවේ ඉද්දි. අදටත් මගේ නම කියනකොටත් උන්ගේ ඔලුව කැක්කුම හැදෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. අපේ සහකාර මහා කළමණාකරු(AGM)කවදාහරි යන්න වෙන එකේ අද ගිහින් බලමු කියලා තමා නැග්ගේ කාර් එකට. පාරට කාර් එක දාද්දි බැංකු මුලස්ථානෙන් මිනීකාර් එකක් එනවා දැක්ක උන්ගේ කටවල් ඇරිලා තිබ්බේ. මිනී කපුටා වගේ අපේ ලොක්කා විතරක් බුම්මගෙන හිටියා.

      Delete
  3. ලොක්කා කියන එක වෙනස් උනාම තමන්ගේ අදහස් පවා වෙනස් කරන්න වෙනවා.. හැක්.. ඔය රේමන්ඩ් එකේ පොරද බං.

    ReplyDelete
    Replies
    1. රේමන්ඩ් වගේම තියෙන අනික පොට් එකේ තමා අපේ බුවා ඉන්නේ.එදා වැඩි හොදට අපි ලොක්කව ඉස්සරහා සීට් එකේ දාගෙන ගියේ හැමොටම පේන්නත් එක්කම

      Delete