Saturday, April 18, 2015

දඩයමේ යාම - මධ්‍ය විද්‍යාලය අනුරාධපුරය

මම මේ ලංකාව තුල ඉතාමත් කැමති පාසල් දෙකක් වෙයි. පලමුවැන්න තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහලයි. අනෙක නම් රජරට වැව් බැදි රාජධාණියේ හදවත බදුව පිහිටා ඇති අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයි.


වසර දෙකකට පෙර දිනක යෙදුණු යම් සංක්‍රාන්ති සමයක මම  මහා පහන්ටැබේ රාජකාරී කරන සමයේ රාජකාරී ගමනක් අතරතුරදී ගම්පහ නගරයේ බස්නැවතුම්පලෙහිදී ලස්සන ගෑණු ලමයෙකු දුටු අතර ඇගේ එම රුව මාගේ සිතෙහි තදින් සටහන් විය. ඒ රූපය ගැන හිත හිතම මම ගෙදර පැමිණි නමුත් මට නිරන්තරයෙන් මතක් වෙන්නේම ඒ මගදී දුටු සහෝදරියගේ මුහුණමය. මටත් හොරෙන්ම ඊතල පහරක් වැදී ලව් අමාරුව නැමැති දරුණු රෝගය වැලදීගෙන එන බව මගේ අක්මාවට දැනුනි. එම සිදුවීමෙන් මාසයකට පමණ පසු දිනක මම බැංකුවට හොර ලෙඩ නිවාඩු දමා ගෙදර නැවතී අතපසු වු නිබන්ධනයක් සකස්කරමින් සිටි අතර කිසියම් අවශ්‍යතාවයක් සදහා ගම්පහ නගරයට යාමට එලියට බැස්සෙමි. ප්‍රධාන මාර්ගයට හැරුණාත් සමගම හෙණයක් ගැහුවා සේ මාගේ ඉදිරියට ආවේ මම මසකට පෙර දිනයක බස්නැවතුමේදී දුටු ඒ සහෝදරියයි. ඇය එම අසල නිවසක නවාතැන් ගෙන සිටියේ තවත් මානවිකාවන් රැසක් සමගින්ය.

ඇය ගැන මට ඇතිවු කැමැත්ත නිසාම මම 
ඇය සමග සිටි අනෙක් සොහොයුරියගෙන් ඇය ගැන විස්තර වටින් ගොඩින් සොයා බැලු විට දැන ගත්තේ ඇගේ පාසල අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධතම මිශ්‍ර පාසලක් බවයි. 

මම එවකට ඇතුගල්පුරයට සමුදී යලිත් රාජකාරී කරමින් සිටියේ ජාතියේ මහා පහන් ටැබේ මුලස්ථානයේ ලැබෙන විදේශ ප්‍රේෂණ දෙපාර්ථමේන්තුවෙහිය(Inward Remittances Department) ඉහත සිදුවීමෙන් තෙමසකට පමණ පසු 2014 ඔක්තොබර් මස මුල අප දෙපාර්ථමේන්තුවට පාසල් හැරගිය පුහුණුකරුවන් ලෙස මා යටතේ පුහුණුවට පැමිණි මල්ලිලා අතරින් එක් අයෙකු අනුරාධපුර මැදි විදුහලේ ආදිශිෂ්‍ය කණ්ඩායමෙහි සිසුවෙක් විය. මම ඒ මල්ලී ගෙන් විස්තර අහනකොට ඔහු කිව්වේ අයියා අනුරාධපුර යමු මම ඔයාට එයාගෙම පන්තියේ යාලුවෙක්ව මුණගස්සන්නම් කියාය.

ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ කිව්වා සේ ඒ මොහොතේම කොටුව දුම්රිය ස්ථානයට අපගේ බළපත්‍ර ඉදිරිපත් කර අනුරාධපුරයට දිවෙන යාල්දේවි දුම්රියේ ආසන වෙන් කරගත් අප පස්දෙනෙකුගෙන් යුතු නඩය පසු දින ගමන් ඇරඹුවේ රහස් පරීක්ෂණයකට යන ෂර්ලොක් හොම්ස් හා පිරිස සිහිගන්වමිනි. ගමනට අප දෙපාර්ථමේන්තුවේම සහාය කළමණාකරුවන් දෙදෙනකු හා මාගේ තවත් මිතුරකු හා නවක සොහොයුරාද ඇතුලත් විය. අනුරාධපුරයේදී අපේ නඩයට එකතු වූයේ අනුරපුර ශාඛාවේ අප සැමගේ පොදු මිත්‍රයෙකු වු දමිතය.අනුරපුර ශාඛාවේ සේවය කරන දමිත නිසාත් අපගේ රාජකාරී හැදුනුම්පත් නිසාත් ඉතාමත් පහසුවෙන් පාසලට ඇතුල් වීමට අපට හැකිවිය. 


අප අනුරාධපුර මැදි විදුහලට ලගා වන විටත් සොයුරුකු පැමින සිටි අතර අපි ඔහුට සචින්ත යැයි කියමු එදින තම ශීෂ්‍ය නායක නායිකාවන්ගේ සමූහ ජායාරූප ලබා ගන්නවා යැයි පවසා සිටියේය. ඔහුද ශීෂ්‍ය නායක මණ්ඩලයේ ඉහලම සාමාජිකයෙකුද විය. අප සියලු දෙනාම පාසලට රැගෙන ගිය ඔහු පාසලේ සෑම කොනක්ම පෙන්වා අන්තිමට යන්නට යෝජනා කලේ ජායාරූප ලබාගන්නා ඉසව්වටය.
හුටා සුනඛයා මලේ ඒ වෙලාවේදීය. මාගේ සිත් ගත්තා වු ඒ ලාලනී ගේ නම ඇසු පසු ඇය 
ශිෂ්‍ය නායිකාවක් බව හා ඇයද එම ස්ථානයේ සිටින බවද සොහොයුරා මට කනට කර කීවේ එවලෙහිය. ගම්පහ සිටින මා අනුරාධපුරයේ ඇගේ පාසලතුලදී ඇය දුටුවොත් කුමක් වේවිදැයි ක්ෂණිකවම සිතූ මම අනෙක් තිදෙනාවද ඇදගෙන හැකි ඉක්මනින් පැමිණ නැවතුනේ පාසල ඉදිරිපිට මහා මාර්ගයේය. 
ඉන් පසුව අප සොයා පැමිණි සචින්ත අප හට පොරොන්දු වු ආකාරයටම මට ඇය ගැන තොරතුරු  පැවසීය. සියලු විස්තර සමාලෝචනය කල විට මට තේරුනේ මගේ තේරීම ඉතා නිවරදි එකක් බවයි.


"දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමනයි..
මිදීයන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමනයි..

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්....
හදෙහි තනි නොතනියට වැඩහුන්
ළබැඳි සිත් මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ..
ජීවිතය යනු සිහිනයක්මය
සසර මග දකිනා....

බැඳුනු සෙනෙහස
නොවන නිම්හිම්
ඇතද පන නළ සමග ‍රැකෙමින්..
අපේ අත්වැල් ලිහී ගිලිහෙන මොහොත ඒ
කවදාක හෝ.....
යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳදා"

.



මෙතැනින් ඉදිරියට සිදු වු දෑ පැවසීම පසුවට කල්තබමි..........

ප/ලි

  • ඇය  එදින එසේ පාසලට පැමිණ ඇතැයි කලින් දැන සිටියා නම් කිසිවිටකත් මම එදින එම ගමන එන්නේ නැත. ඇය පිලිබදව මා විස්තර සෙවු බව කාටවත් නොකියන ලෙසට මා සචින්තව පොරොන්දු කරවා ගතිමි. මක් නිසාදයත් ඇගේ ආරක්ෂාව සහ ගෞරවය වැදගත් වන බැවිනි. අදටත් ඒ සොහොයුරා පොරොන්දුව අකුරටම සුරකී.
  • ඇය 2013 A/L ඉංග්‍රීසි මාධ්‍ය ජීව විද්‍යා අංශයේ මානවිකාවකි. අප විදුහල්පති අබේකෝන් මහතාට කිව්වේ රන්කැකුලු ලමා ශාඛාවක් පාසලේ ඉදිකරදෙන බවයි. එය ඉදිකරන තුරු එතුමා තවමත් බලාසිටිනවා විය හැකිය....
  • අනුරාධපුරයත් මැදි විදුහලත් හැර අන් සියල්ලම කල්පිත නාමයන් බව සලකනු මැනවි


ඒ වගත් මෙසේම පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........


Monday, April 6, 2015

දොරකඩ අස්න


මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න සෑහෙන කාලයක ඉදන් උවමනාවක් තිබුනත් අධයාපන කටයුතු වගේම රාජකාරි වැඩ කටයුතුත් හින්දා හැමදාම ඒ වැඩේ කල් දාන්න උනා. කෙසේ වෙතත් ටික දවසක ඉදන් බ්ලොග් අමාරුව ආයෙත් පටන් ගත්ත නිසා මම කල්පනා කලා මගේම බ්ලොග් එකක් පටන් ගන්න .

 ඒ තමයි මේ


                                                සුදු පූසාගේ අඩවිය


මේ බ්ලොග් අවකාශයේ සැරිසරන්නට මට උන්නදුවක් ඇතිකල බ්ලොග් කිහිපයක් මතක් කරන්නම ඕනේ 
ඔයාලගේ අදහස් යොජනා චෝදනා ගෞරවයෙන් බාරගන්නා අතරම අඩුපාඩුවක් වෙතොත් මාවෙත ඊයකින් දන්වන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමි.


ඒ වගත් මෙසේම සුදු පූසා වන මම සියනෑ කෝරළයේ දකුණු අළුත්කූරු පත්තුවේ සිට.........