Thursday, October 1, 2015

සිව් වසරක සහෝදරත්වය

මම තුමා උසස් අධ්‍යාපන කටයුතු හැදෑරුවේ ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව ආයතනයේය. තවත් විදිහකට කිව්වොත් ලංකාවේ පලමු හරිත සරසවිය වන NSBM හීය. මේ වන විට සියලු අධ්‍යන කටයුතු අවසන් නිසා අපි ගතකල වසර හතරක කාලයට ආපහු පොඩ්ඩක් එබිලා බලන්නයි අද සුදානම.
වර්ෂ දෙදහස් දොලහේ පෙබරවාරි මාසේ අපි ඉස්සෙල්ලාම මුනගැහුනේ එතකොට ඔක්කොම කට්ටිය180 හිටියා. කොහොම කොහොම හරි කාලය ගතවෙන කොට අපි ඔක්කොම එක පවුලක් වගේ උනා. කණ්ඩායම් පැවරුම් එහෙම ජීවිතේ පලවෙනි වතාවට කරන්න ඉගෙන ගත්තේ ප්‍රසන්ටේෂන් කලේ අපි හරිම විනෝදෙන්. මගේ කණ්ඩායමේ හිටිය නමුත් අද අපි අතර නැති කට්ටිය මතක් කරන එක මගේ යුතුකමක්. විරාජ් රණසිංහ මගේ ජාතියේ ගමන් සගයා වෙලා හිටපු මෙයා වසර සතර සම්පුර්ණ වෙන මේ වෙලාව වෙනකොට අපි අතර නොහිටියත් අද වෙනකොට දක්ෂ ගායකයෙක් වගේම සංගීත කණ්ඩායමක හිමිකරුවෙක්. නිමන්තට සහ ලොකු සාදුට උන දෙයක් නෑ
කුෂානි මේ වෙනකොට මොරටුව සරසවියේ දෙවන වසරේ සිසුවියක්. හර්ෂ මදුරසිංහ අද කහටගස්දිගිලිය ලංකා බැංකුවේ ප්‍රධාන ටෙලර් වරයා. 

මගේ කණ්ඩායම නුවර දුම්රිය පලේදී


                                   දෙවන වසර නිමාවු දින සියලුම සොයුරු සොයුරියන්
                                                                                             2013 අගොස්තු 21

දෙවන වසර අවසානයේදී කිහිපදෙනෙක් සමුගෙන ගියා වගේම දිවයින පුරා තිබ්බ ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව ආයතනයේ ශාඛාවලින් ආව පිරිසකුත් තෙවන වසරේ සිට අපිට එකතු උනා. රාත්‍රී කාලයේ දේශණ පැවැත්වුන අවසන් වසර දෙකේ විනෝදය වැඩියෙන් පැවතුනා. කොටින්ම කිව්වොත් දේශණ වලට ආව විදේශික දේශකයන්ව ලංකාවේ ක්‍රමයට හැඩගස්සලා අන්දලා ආතල් ගත්තු සෙට් එකක් අපි.

                                                             සරම ඇන්ද දේශක තුමා


                                       ලංකාවේ ක්‍රමයට හැඩ ගැසීම

මේ විදිහට ටිකෙන් ටික කාලය ගෙවීගෙන යනකොට අධ්‍යන කටයුතු වල අවසානයත් පෙනෙන මායිමට ඇවිත් සියලුම විභාග දේශන වගේම ඇගයීම් අවසන් උනා පසුගිය ජුලි මාසේ


      විද්‍යාව්දී ව්‍යාපාර කළමණාකරණ 2012/2015 කණ්ඩායම


වසර සතරක අපි පැමිණි මාර්ගය රෝසමල් ඇසිරූ මාර්ගයක් නොවීය කටුපදුරු වලගොඩැලි ගිරි දුර්ග වැනි නොයෙකුත් බාදක මැදින් ගත කල සමයක්ම විය. කෙසේ දුෂකර උවත් අප එහි ප්‍රතිපල සැප්තැම්බර් 29 දින බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 17 වන උපාධි ප්‍රධානෝත්සවයේදී නෙලා ගතිමු.


අවසාන වශයෙන් මහාචාර්ය ධම්මික ගංගානාත් මහතා පෙර දිනක කල කතාවකින් මතකයේ රැදුන කොටසක් ඉදිරිපත් කිරිමට සිත්වුනි


"මේ ලෝකේ ගියොත් එන්න පුලුවන්
නොගිහින් හිටියොත් ආපහු එන්න බෑ
ටික කාලයයි තියෙන්නේ අපි හිමින් යන්න ඕනේ
අපි හිමින් ගියොත් පරක්කු වෙන බව ඇත්ත
හෙමින් ගියොත් අඩුපාඩු හදාගෙන හරියට යන්න පුලුවන්
හයියෙන් ගිහින් වැරදුනොත් ආයේ මුල ඉදලම යන්න වෙනවා
ඒක හින්දා හිමින් හරියට යන්න ඕනේ
ලොව තියෙන්නේ යාම සහ ඒම විතරමයි"

අපි ආයේ කිසිම දවසක එකට එක තැනකදී හමුවෙන්නේ නැති වෙයි. නමුත් වසර හතරක කාලයේදී ඔබ සැම ඉතිරිකල මතකය සැමදාමත් අප හදවත් තුල නොවෙනස්ව සදහටම රැදී පවතීවි..

ප/ලි


  • වසර හතරක කාලය තුල සිදුවුනු ප්‍රේම කථා වීර කතා මෙන්ම ආතල් සිද්ධි එමට ඇත. අදාල පාර්ශවයන්ගේ අවසර ඇතිව ඉදිරියේදී අකුරු කරමි.

ඒ වගත් මෙසේමපහුරු ගෑ මම සුදු පුසා වෙමි...........