Friday, November 20, 2015

විසකුරු රළු මිනිසුන් මග හිඳිවී බිළින්දෝ

මේක මම කොටන්න අදහස් කලේ මගේ වූටි නංගියා වෙනුවෙන්.  මෙවර අධ්‍යන වර්ෂය සදහා විශ්වවිද්‍යාල වරම් ලබලා ජීවිතේ පලවෙනි වතාවට අපේ ගෙදරින් දුරස් වෙලා යන්න සූදානම් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න වෙලාවේ තමා ලියන්න හිතුනේ. කැම්පස් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් වත් එහි පවතින උප සංස්කෘතිය ගැනවත් මම ඔබව දැනුවත් කරන්න වුවමනා නැහැ ඒ සියල්ලම අත්දැකලා  අත්දැකීමෙන්ම ඔබ ලබාගත යුතුමයි.
නමුත් සුන්දර ගම් පියසක ඉපදී හැදී වැඩුනු නුඔට ඉදිරි වසර සතරක පමණ කාලයක් ගත කරන්නට වන්නේ හිතක් පපුවක් නොමැති තිරිසන් ගති ඇති මිනිසුන් වැඩි ප්‍රමාණයක් වෙසෙන කොළඹ නාගරික බල ප්‍රදේශය තුල නිසාවෙන් කල්පනාකාරීව නිරතුරු අවධානයෙන් සිටිය යුතුමයි. සමහරුන්ට හැදෙන ලෙඩක් තමයි කැම්පස් ගිය ගමන් ගම අමතක වෙන එක. ගමේදි අග වැහෙන්න ඇදුම් ඇන්ද උන් වේගයෙන් ඇදුම කොට කරගෙන ගිහින් විහින් අමාරුවේ වැටෙනවා. හැම වෙලාවෙම හැදුනු වැඩුණු ගම අමතක කරන්න එපා ඒක තමා වරදින්න පුලුවන් මුල්ම තැන. මට මතක්වෙන්නේ සිබිල් වෙත්තසිංහ ගේ වැනියන් කලු පොතේ එන මේ කවිය

"සිදාදියට එන දවසේ

හදවත මගෙ නැති වුණා
සෙව්වට මට සොයාගන්න
කොහොමටවත් බැරිවුණා
අපේ වත්තේ පොල් මුලේ ද
ලොකු අම්මාගෙ පන් වෙලේ ද 
අත්තම්මගෙ කුස්සියේ ද 
ජෑම් ගහේ අතු අතරෙ ද 
කොහොම වුණත් ගමේ ගොඩේ 
මගේ හදවත හැංගිලා 
මා නම් නෑ මෙහෙ ගෙනාවෙ ඒක හොඳීන් දන්නවා"

අනිත් දේ තමා කෙල්ලන්ව රවට්ටලා අයතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න මානසික අසහන කාරයෝත් පිරිලා ඉන්නවා බස්සි අක්කා කලින් මෙන්න මේ කතාවෙන් කිව්වා වගේ ප්‍රීතියේ පරම කෝටිය සොයන් එන උන්ගෙනුත් පරිස්සම් වෙලා ඉන්න වෙනවාපෙනෙන තරම් ලස්සන නැහැ කිසිම දෙයක්. එකට ඉදලා එකට කාලා බීලා අපිටම කෙලලා යන ජාතියේ සමහරකුත් ඉන්නවා. මම මගේ අත්දැකීමෙන් කියන්නේ විභාග ලංවෙද්දී තමන්ගේ යාලුවන්ගේ / රෑමගේ නොට් අතුරුදහන් කරන්න තරම් බලවත් හොරුත් නැතුවම නෙවෙයි.

සිඟිති මා බිළින්දෝමොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝමිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්ද
මලක නටු අතරෙද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ
කිරි පැණි හඳ හාමි ලාඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් ඒ ලෝකෙ නෑ බිළින්දෝ



සරසවිබිමෙන් ඔබ එකතුකරගන්නා ඒ අත්දැකීම් ජීවිතයේ සැදෑ සමයේ සිහිපත් කරන්න පුලුවන් සුන්දර මතක සටහන් වෙවි. හැමෝටම පොදුවේ සැමට කියන්නේ මෙවර අධ්‍යන වසරට කැම්පස් වරම් ලැබ ආදර කන්දට හිරිකටුඔයට මල්පාරට සයිබීරියාවට කජුකැලේට සිරීපාදෙට මෙන්ම වගේම පූජාභූමියටත් මෙකී නොකී සෑමතැනකටම යන්නට වීසා ලද සියලු සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභ පැතුම්.
ලබැදි මා සොයුරියේ හිනා ගෑස්,බැටන් කුරුදු පොලු සංග්‍රහ සහ තැලුම් තෙල් වලින් තොරව අධ්‍යන කටයුතු කරගෙන යාමට ඔබට ශක්තිය ධෛරය ලැබේවා. වාසනාව  නිබදවම ඔබ සමග රුදේවා යන්න මාගේ එකායනික පැතුමයි.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතු
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ


මේ වගත් එසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....




Monday, November 2, 2015

නොබැලිය යුතු කිසිත් නොමැති නොහොත් X-Ban 2008

X BAN යනු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය මගින් අවුරුදු පහකට වරක් පවත්වනු ලබන්නා වු අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශණයකි. සියනෑ කෝරලයේ හෝ වෙනත් පාසලකින් ඉදිරිපත් නොකරන හා අපටම ආවේණික වන විශේෂාංග වලින් ප්‍රදර්ශණය සමන්විත වේ. අවසාන වරට මෙය 2013 වසරේදි පැවැත්විණි. 6 වසරේ සිට උසස්පෙල දක්වා කාලයේදී ප්‍රදර්ශණ දෙකකට සහභාගී වීමට ලැබීම වාසනාවකි. ඒ අනුව පූසා ඇතුලු පිරිස හත වසරේ සිටියදී 2003 දීත් උසස්පෙල ඇරඹුණු 2008 දීත් පාසල් කාලය තුලදී ප්‍රදර්ශණය සදහා දායක වීමට අවස්ථාව ලබාගතිමු. අප ප්‍රදර්ශණයට ආසන්න මට්ටමක අධ්‍යාපනික ප්‍රදර්ශණයක් මා නැරඔුවේ 2011 ගම්පහ රත්නාවලී විදුහල් වල පැවති අධ්‍යාපනික ප්‍රදර්ශණයේදීය.

1993 දී මෙම ප්‍රදර්ශණය නැරබීමට පැමිණි එවකට අධ්‍යාපන ඇමතිව සිටි දිවංගත ලලිත් ඇතුලත් මුදලි මහතා BAN යන්නට අර්ථකතනයක් ලබා දී තිබේ.


X - යනු ජරාව
BAN- ඉවතට
එනම් නොබැලිය යුතු දේවල් කිසිවක් නැත යන්නයි.

2008 වසරේ දී වාණිජ අංශයේ සිසුන් වු අප පන්තියේ කට්ටියගේ කල්පනාව උනේ ඉතිහාසයේ වෙනදා වගේම හොදම නිර්මාණයට හිමි සම්මානය අපේ පන්තියට ගන්න. අවසානයේ දීර්ඝ සාකච්චා වලින් පස්සේ අපේ ගුරුතුමිය තීරණය කලේ ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය නිරූපනය වන පරිදි කුඩා ගම්මානයක් නිර්මාණය කරන්නටයි. සත්‍ය නාමය සදහන් කල නොහැකි නිසාවෙන් ගොට්ටා ලෙස අපි හදුනවපු පංති සගයෙක් තමා අපිටත් වඩා උනන්දුවෙන් වැඩේට බැස්සේ. අවසානයේ දී මගඩි නැටුම අපට සිහිගන්වමින් අපට සැමටම ණය කරුවන් කරමින් ලද අනුග්‍රාහක මුදල් ද සමග අතුරුදහන් වීමද වෙනමම අවසානයේ දී සිහිකරන්න අවශ්‍යයි.



වර්ෂ 2008 අගෝස්තු 29 වෙනි බදාදා උදේ 10.15 ට අපේ නිර්මානය ඉදිකිරීම සදහා පලමු පස් පිඩැල්ල කපලා වැඩ ඇල්ලුවේ වාණිජ අංශයේ ප්‍රේමරත්න සර් සහ එවකට අංශ ප්‍රධානී නිමල්සිරි යන මහත්වරුන්. නිර්මානයට අදාල කොටස් සිසුන් අතරේ බෙදලා දීලා කණ්ඩායම් නායකයොත් පත්කරලා සිටියේ. සජිත් සහ පුසා වන මමතුමා තමා ඇඩ්මින් වැඩේ පැවරිලා තිබ්බ‍ෙ. පාසලින් බැහැර යන්නන් ට අවශ්‍ය අවසර පත්‍ර වගේම පාසලෙන් ලබා දුන්න මුදල් වලින් අවශය මුදල් නිකුත් කිරීම හා ප්‍රදර්ශණ කාර්යමණ්ඩල සදහා රාත්‍රී ආහාර පහසුකම් සැපයීම අයත්ම තිබුනා. 
                                               සජිත් රෂ්මික සහ මහේෂ්


ඒ කාලයේ විදුහල්පතිව වැඩසිටියේ පූජ්‍ය ලබුතලේ සුදස්සන හාමුදුරුවෝ. අයාලේ යමින් තිබ්බ බණ්ඩාරණායකේ අලු පිහදාලා පණ ගහලා ආවේ අපේ ස්වාමීන් වහන්සේගේ නොබසුබට උත්සහාය නිසාමයි. යකාට වත් බය නැති උන්වහන්සේ සැමට පැනවූ පොදු කොන්දේසිය උනේ කචල් දාලා වලි දා ගත්තොත් කොච්චර දුරට වියදම් කරලා හැදුවත් නිර්මාණය ඉවත් කරනවා යන්නයි. පන්තිභාර කුසුම් මිස්ට අ.පො.ස උ/පෙල ඇගයීම් කටයුතු නිසාවෙන් අප පන්තියේ කටයුතු අධීක්ෂණය කලේ ග්ලැසියර් නමින් පාසල පුරා ප්‍රසිද්ධ රණසිංහ මහතාය. අර්ථයේ පරිසමාපත්තියෙන්ම හොද මහත්මයෙකු වු එතුමා අපිත් සමග හරි හරියට වැඩ කලේ දිවා රෑ නොබලාය. දිනක් සිසුන් නැතිව සිටි මොහොතක ගම්පහ ඉහලගම ලමා නිවාස පරිශ්‍රෙය් සිට උණ ගසක් කරතබාගෙන යක්කු ගස් යාමට ඔන්න මෙන්න වේලාවක රණසිංහ මහතාත් මමත් පාසල වෙත පැමිණි අයුරු අදටත් සිහිවන විට මුවට නැගෙන්නේ සිනහවකි.

දිනක් උදෑසන මම පාසලට යනවිට විදුහල්පති ස්වාමීන් වහන්සේ අප නිර්මාණය ඉදිකරණ භූමි භාගයේ රැදී සිටි අතර කනට මිහිරි කිසිදා අසා නැති මනෝහර පාලි හා සංස්කෘත භාෂාවෙන් අපේ පිරිසට දහම් දෙසමින් සිටින ආකාරය දුටුවෙමි. විනය මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම පෙරදා රාත්‍රියේ ඉදිකිරීම් වල යෙදුනු පිරිස හිස පහත් කරගෙන සිටිනු දුටු විට මුන් ඊයේ කුමක් හෝ මගඩි නැටුමක් නටා ඇති බව මට පැහැදිලි විය.. 

මෙතැන් සිට ඉතිරිය මතුවට..........

පසු සටහන

  • රණසිංහ මහතා 2009 වසරේ ඉසිඹු ලැබුවේය. කුසුම් මිස් සහ ප්‍රේමරත්න සර් අද වන විට ස්ථාන මාරු ලැබ පාසලින් නික්ම ගොසිනි.
  • අදත් සුදු ඇදුමින් සැරසුන දහසක් දෙනා අප ගම්මාණය ඉදිකල භූමියේ සැරිසරති එහි මතකයන් කාලයේ වැලි තලාවන්ට හසුවී වැසී ගොසින්ය. මතකය පමණක් හදවතෙහි ගැබුරුතම ස්ථානයක රැදී පවතී.

මේ වගත් එසේම වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....