Wednesday, January 20, 2016

ලේ දන්දීමේ පිංකම සහ මිතුරෙකුගේ නික්මයාම

ඔබ ජීවිතයේ එක් වරක් හෝ රුධිරය ප්‍ර‍දානය කරතිබේද?
ඔබ ප්‍ර‍දානය කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3 දක්වා බේරා ගත හැක.
අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට හිමෝග්ලොබින් ප්‍ර‍තිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.ප්‍රධාන රුධිර ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි O negative යනු සර්වදායකයෙකි.පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි.
පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000 කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ. ලංකාවේ ලේ බැංකු ප්‍ර‍ධාන වශයෙන් AB- සහ B- යන රුධිර කාන්ඩයන් අධික හිඟතාවයකින් පෙලේ

ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15 කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත. එසේ රෝග බෝ වෙනවායැයි කීම මිත්‍යාමතයක්ම වන්නේය.

****************

ඉහතින් රුධිර පාරවිලනය පිලිබදව කෙටි සටහනක් තැබුවේ අද කථාවට ප්‍රවේශයක් ලබාගැනීමේ පහසුව තකාය. 
ධනුෂ්ක සමරකෝන් නම් ඔහු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය පලමු වරට 2002 දී බිහිකල ඉංග්‍රීසි මාධ්‍ය පන්තියෙන් අරබා උසස්පෙල මා සමගම වාණිජ අංශයේ සමාන්තර පන්තියක ඉගෙනුම ලැබුවෙක් විය.
හදිසියේ ඇතිවු මොලයේ ගෙඩියක් හේතුවෙන් අප කිසිවෙකුත් නොසිතූ ොපැතූ මොහොතක අපෙන් සමුගෙන පුරා වසර තුනක් සම්පූර්ණ වන් මෙම වසරටය. ඔහුත් සමඟ ඉගෙනුම ලැබූ 11 F පංති සඟයන්ගේ සංවිධාන හා මූල්‍ය ශක්තියෙන් පුරා දෙවසරක් ලේ දන්දීමේ කදවුරක් පවත්වන ලදී. එහි තෙවන අදියර මෙම එලැබෙන පෙබරවාරි 13 දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට 
Merit Foundation එකමුතුව විසින් සංවිධානය කර ඇත.
  
දිනය    - 2016 පෙබරවාරි 13 සෙනසුරාදා

ස්ථානය
- ගම්පහ සාම මහා විහාරය (රත්නාවලී විදුහල අසල)

වේලාව  - පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා

ඉතින් ඔබටත් හැකියාවක් ඇත්නම් එදිනට සහබාගී වෙලා රුධිරය දන්දෙන්නට එය මහඟු පිංකමක්ම වේවි. විශේෂයෙන් ඔබ  B+ B- O-AB- රුධිර කාණ්ඩ වලට අයත්නම් මතක තබා ගන්න එම රුධිර කාණ්ඩයන් යනු ලේ බැංකුවට හිඟම හා අත්‍යාවශම වන රුධිර කාණ්ඩයන් බව. හැකියාවක් ඇතොත් ඔබත් ඇවිත් යන්න එන්න.......


ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.......

15 comments:

  1. පිං අතේ වැඩක් පූසෝ.............

    ReplyDelete
    Replies
    1. හැකිනම් දන්න දන්න අයට කියන්න එය අපේ කටයුත්ත සාර්ථක කර ගැනීමට උපකාරයක්ම වේවි....

      Delete
  2. එන්න නං වෙන්නෙ නෑ.. ඒත් හොඳ වැඩක්..
    සිංහලේ එහෙමත් ලැබෙයි නේද??

    ReplyDelete
    Replies
    1. සිංහලේ නම් කෙසේ වෙතත් අපගේ උත්සහාය O- AB- B- B+ යන රුධිර කාණ්ඩයන්ගෙන් වැඩිපුර සපයාදීමටයි. පැමිණීමට නොහැකිවුවාට කම් නැත.හැකිනම් මිතුරන් දැනුවත් කරන්න එය අපේ කටයුත්ත සාර්ථක කර ගැනීමට උපකාරයක්ම වේවි.

      Delete
  3. ලේ දැන් දීමේදී උපරිම වයස් සීමාවක් විදියට අවුරුදු 60 දාල තියෙන එක නම් අසාධාරනයි. ඒ අයගේ බෝ නොවෙන රෝග තියෙනවා නම් ඒවා ලේ වලින් බෝවෙන්නේ නැත්නම් එහෙම සීමාවක් දැක්වීම ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. උපරිම වයස 60 ලෙස සීමා කලාට අවසාන වරට පැවැත්වූ අවස්ථාවේදී වයස 60 වැඩි O- කාණ්ඩය හිමි කිහිපදෙනෙකුගෙන් ලේ ලබාගත්තා. එය තීරණය වෙන්නේ ඒ අවස්ථාවේ සහභාගීවන වෛද්‍යවරයා අනුවයි.

      Delete
  4. මාත් ෂෙයා කළා. පුළුවං උනොත් මාත් එනව. මං ඒ+ (සොරි)

    ReplyDelete
    Replies
    1. A+ උනත් කමක් නෑ සහභාගීත්වයයි වැදගත් ඩැකී. දන්න අය ඉන්නවානම් දැනුවත් කරන්න.පැමිනීමට හැකිනම් අගේකොට සලකමි

      Delete
  5. වටිනා වැඩක් සහ වටිනා පෝස්ටුවක්.. මම කාලෙකට ඉස්සර උඹ කිව්වත් වගේ අවුරුද්දට හතර පාරක් ලේ දුන්නා පුරුද්දක් හැටියට. අර කිව්වත් වගේ කාලය නැතිය කියල දැං ඒක අවුරුද්දට දෙක දක්වා අඩු වෙලා. සමස්ථයක් විදියට ලේ බැංකුව සදහා මීට වඩා හොද ක්‍රෙම් වේදියක් සකස් කළොත් වැඩි ලේ ප්‍රමාණයක් ලබා ගත හැකියි. තවම ලංකාවෙන් 1% ක් වත් ලේ දෙන්නේ නැහැ මං හිතන්නේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මේකේ හෙඩිම බල්ලෙකුටවත් බලන්න හිතෙන එකක් නෙමෙයි..

      Delete
    2. ඔන්න හෙඩිම මාරු කලා. යුධ සමයේ ලේ දන්දෙන්න තිබ්බ උනන්දුව දැන් නැහැ කියලා තමා අපිටත් දැනගන්න දැබුනේ. කෙසේ වෙතත් පසුගිය වර ලේ පයින්ට් 109 ලබා දෙන්න අපිට පුලුවන් උනා.

      Delete
  6. මම එන්නං ගොයියො...ඇරත් මගේ පාසලේ...අපේ වැඩක්නෙ...මම බී නෙගටිව්...

    ReplyDelete
    Replies
    1. එදාට හමුවෙමු සංජීව අයියේ. බී නෙගටිව් කියන්නෙත් දුර්ලබ ලේ කාණ්ඩයක් ලේ බැංකුව කියන විදිහට

      Delete