Saturday, January 23, 2016

හොර දොස්තර සහ රෝයල් සර්ජරි සුද්ධය

මේ සිදුවීම වන විට මමතුමා ලංකා බැංකුවේ දෙමටගොඩ සිට අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේෂණ දෙපාර්ථමේන්තුවට ස්ථාන මාරුවීම් ලබා පැමිණි අලුතම වාගේය. Money Gram, Ria, Sigue වැනි විදේශ මුදල්  ලංකාවට ලැබෙන්නා වු බැංකුවක් සතු විශාලතම හා ප්‍රධානතම ජාලය ලංකා බැංකුව වෙනුවෙන් එහි සියලුම පාලන කටයුතු සිදුවුයේ පිට්ටු බම්බුවේ නවවන මහලේ පිහිටුවා තිබු අප අන්තර්ජාතික දෙපාර්ථමේන්තුව මඟිනි. වරක හිරු නොබසින රාජධානියේ Money Gram මුලස්ථානයෙන් ලංකාවේ සේවය ලබාගන්නන් දිරිමත් කිරීමට ගණුදෙණුකරුවන් හට තිළිණයක් පිරිනෑමීමට කටයුතු කර ට්‍රැවලින් බෑග් තොගපිටින් දෙපාර්ථමේන්තුව වෙත එවන ලදී. සෑම බෑගයක්ම වර්ණ කරදාසිවල දවටා අදාල ශාඛා වෙත යැවීම අපට බාර විය.
මේවා කපන්නට කොටන්නට කතුරු නැතිව ලත වන විට මාහට සිහිවුයේ මාගේ සොයුරියක පැවසු සැත්කම් තල නොහොත් Surgical Blades පිලිබද මතකයයි. මිල අඩුකම හා පාවිච්චියේ පහසුව මත එය භාවිතා කිරීමට සියල්ලන්ම කැමැත්ත පල කල නිසා අවැසි මුදල් කැල්වින් මහතාගෙන් ලබාගත් මමත් පොඩි අමිල අයියාත් පලමු හරස්වීදියේ රෝයල් සර්ජරියට ගියේ අවශ්‍ය අඩුමකුඩුම මිලට ගැනීම සදහාය. පහත ජායාරූපයේ ඇත්තේ තල වල මට්ටම් දැක්වෙන සටහනයි.
අප මිල ගනන් විමසා අංක 11/15/23/24 යන ප්‍රමාණයන්ගෙන් තොග මිල ගණන් විමසූ අතර එක තලයක් රුපියල් 30/- වන බව බඩතඩි මුදලාලියා පැවසුවත් මා සමග ගිය පොඩි අමිල අයියා වෙනත් ගණුදෙණු කරුවකු හා කල කථාවකට කනදමාගෙන සිට කිව්වේ මල්ලී මු අපිට තිහයි කියලා අර අව දෙමල එකාට දහයයි කියලා දෙමලෙන් කිව්වා මුට මතක හිටින්න දෙයක් හෙට කරමු දැන් එකක් විතරක් අරගෙන වර යන්න කියලාය. අපේ වාසනාවට හා බඩතඩි මුදලාලියාගේ අවාසනාවට අමිලයාට දෙමලබස හැසිරවීමට හැකියාව ඇත. පසුදා අපේ අංශයේ තරුණ තරුණියන් දහයක් පමණ රෝයල් සර්ජරි සුද්ධය දෙන්නට යන්න ලක ලැහැස්ති වී රෙඩිපිට සිටියහ. රෝයල් සර්ජරියේ බඩතඩි මුදලාලි සහ ගෝලයන් පිස්සු වැට්ටවීම අපගේ පැතුම නිසා අප සියලු දෙනාම අවසන් වසර වෛද්‍ය සිසුන් ලෙස හා ජීවකයින් ලෙස වෙස්ගෙන රෝයල් සර්ජරිය වෙත ගියෙමු....
 
මමත් මිනෝලි අක්කාත් අමිල අයියාත් පලමුව ඇතුලට ගොස් අවශ්‍ය දෑ තොරන විටම පෙර සැලසුම් කල පරිදි"ඩොක්ටර් වෝඩ් එකෙන් කෝල් එකක් ප්‍රේශන්ට් ට අමාරුයිලු" කියමින් එතනට කඩාගෙන පැන්නේ චන්දන මලයාය. මහාචාර්ය හෙඩ් (හොර) ඩොකාගේ චරිතය රගපෑ අමිල වෙදදුරු තුමා දුරබණුව ගෙන හර්ණියා තද වෙලානම් යකුනේ ඉක්මනට තියටර් එකට ගනිල්ලා. සිහිනැති කරන්න වෙලා යනවානම් එ්ක පස්සේ කරගන්න පුලුවන් ඉස්සෙල්ලා කපලා ඉදහන් යැයි පවසා මාගේ අතට දුරබණුව දෙන විට බඩතඩි මුදලාලියාගේ ඇස්දෙක නලලෙනුත් උඩය. මහත්තයෝ එහෙමත් කරන්න පුලුවන්දැයි ඇසූවිට අමිල වෙදදුරු තුමා කිව්වේ බඩ විතරක් නෙවේ මුදලාලි වෙන වෙන තැනුත් සිහිනැති නොකරම කපනවා කියාය.
ටිකකින් බලද්දී අපේ මහාචාර්ය තුමා දුරකතනයෙන් බයිපාස් එකක් කරනවාය. විශේෂත්වයනම් සැත්කමට අවශ්‍ය ශල්‍ය උපකරණ ගැන උපදෙස් දෙන්නේ අලෙවියට ඇති දෑ අතට ගෙන පරීක්ෂා කරමින්මය.

මුදලාලිට කිසිවක් සිතාගැනීමට ඉඩ නොතබා චතුරිකා හා රුචිර ඇවිත් ඇහුවේ මුදලාලි අපි කොළඹ මෙඩිකල් එකෙන් නොම්බර 15 සයිස් එකේ වෑල් කපන්න පුලුවන් බ්ලේඩ් තියෙනවානම්  කියායි. අපේ දහ දෙනාම දැන් ඇතුලට ඇවිත් රටේ නැති ජාති මුදලාලියාගෙන් ඉල්ලයි. සමහර දෙබස් මෙසේවිය.
අමිල-: මුදලාලි හම ඉරන කතුරු නැද්ද? එක පාරම ගලවන්න පුලුවන් ජාතියේ එක
මුදලාලි-: මහත්තයෝ ඒවා එන්නේ නෑනේ දැන්(මුදලාලි හොල්මන් වී)
මමතුමා-: මල්ලී අර බයිපාස් කරනකොට ඉල ඇට කුඩු වෙන්න ගහන මිටිය තියෙනවාද (ගෝලයෝ රොත්ත කොර)
මිනෝලි-: මුදලාලි  වයර් කපන්න පුලුවන් 15 බ්ලේඩ් 20ක් දෙන්න...
ගෝලයා-: වයර්  කපන්න නම් මෙකෙන් බැරිවෙයි මොන වයර්ද කපන්න යන්නේ 
මිස්? ගෙයක් වයරින් කරන්නද?
මිනෝලි-: ඔව් මල්ලී මේ බඩවැල් වගයක් වෙල්ඩින් කරන්න කියලා බැලුවේ

දවසේ හොදම ක්‍රියාව කලේ නිම්සරා අක්කාය 23 තලයක් ගෙන සර් මේවා කැපෙනවා හොදද කියලා බලන්න ටෙස්ට් කරා නම් හොදයි යැයි පැවසුවේ දවසට ඩොකෙක් වු මටත් හෙඩ් ගේ භූමිකවට පන පෙවු අමිල අයියාටත්ය. අමිල මහාචාර්ය තුමා ගත්තු කටටම කිව්වේ අපි පැමිණි වාහනයේ ඇති මෘතදේහය කපා බලා පරීක්ෂාකරගෙන එන ලෙසය.නිම්සරා අක්කා අත්ආවරණයක් ද පැලැද යනවිට මුදලාලියා කටත් ඇරගෙන බලා සිටියේ අපායෙන් පැමිණි යකුන් රැලකට හසුවුවාක් මෙනි. කෙසේ හෝ පැයකට ආසන්න කාලයක් මුදලාලියා සහ ගෝල රොත්ත බයිට් කල අපි ආපසු එන්නට හැරුනේ පෙරදින 30/- කිව්ව තලය රු10/- මිලට ගනිමිනි. ගෙනගිය මුදලට විවිධ ප්‍රමාන වලින් තල 50ක් පමණ අපි රැගෙන ආවෙමු. අපේ රාජකාරියට වැය වුයේ තල 20කටත් අඩු ගනණකි. මම ජීව විද්‍යාව හැදෑරූ මාගේ සොයුරෙකුටද තල කිහිපයක් ගෙනවිත් දුනිමි. තවමත් අප දෙපාර්ථමේන්තුවේ අය සතුව මෙම ආයුධය පවතී. පහතින් ඇත්තේ මාගේ මේස ලාච්චුවේ ඉතිරිව තිබු එවැනි කිහිපයක ජායාරූපයි..
                                        

අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට අපට රුපියල් 5000/- මුදලක් ලැබී තිබුණද සියලු දෑ සදහා වියදම් වී තිබුනේ දහසකට ආසන්න මුදලකි. අප දෙපාර්ථමේන්තුවට ලැබෙන මුදල් වලට සිදුවිය යුතුවන්නේ කෙසේ හෝ වියදම් වීම පමණක් යුතු නිසා ඉතිරි මුදලින් සවස තේ පානයට ඇවැසි කේක් පෙරේරා මහතා සහ පුත්තුන්ගේ අලෙවි සැලෙන් මිලට ගෙන ආවෙමු....


පසු සටහන


  • සර්ජිකල් බ්ලේඩ් වලින් කපන්නට ගොස් සමහර බෑග් ප්‍රයෝජනයක් ගත නොහැකි ආකාරයටම කීතු කීතු වලට කැපී ගොස් තිබුණි. මෙම තලය ඉතාමත් තියුණු නිසා ගැවුණු විටම කැපී යයි. කැල්වින් බොස් සහ අකාලයේ දෙවියන්වහන්සේගේ තුරුලට ගිය ජනක බොස් වැඩිම බෑග් ගණනක් කැපීමේ වාර්ථාවට හිමිකම් කියන ලද අතර ආසන්නව එකසිය පණහක් පමණ ඉවත්කර දැමීමට සිදුවිය.
  • කට්ටියට අප මෙය දුන්නේ තලයේ තියුණුබව සැමට සිහිකැදවමිනි.
    නමුත් අක්කලා අයියලාගේ අතපය සියුම් ලෙසද කැපී ගොස් තිබුනි.
    සුදු අක්කලා අයියලා අතපය වලින් රතු ලේ හලනු ඒ දිනවල සුලබ දසුනක් විය. රුචිර මල්ලී අත කපාගෙන රිදෙන්නේ නෑ කියු සැනින්ම අඟල් දෙකක් පමණ කැපුනු තැන විවෘත වී ලේ ගලනා විට පිට්ටු බම්බුව දෙවනත් වෙන්නම නැගූ විලාපයට බියවී අප සහාකාර මහා කළමණාකාර තුමානෝද ඇගේ හලාගත් කෝපි කෝප්පයක් සහිතව අප ඉදිරියේ දර්ශණය විය. පසුව ආයතන වෛද්‍යවරයා ලවා රුචිරගේ අතට මැහුම් යෙදීමටද සිදුවිය.
     
  • බඩතඩි මුදලාලියාව තවත් බයිට් කලානම් ඒ අසරණයා පිස්සු තදවී මුල්ලේරියාවට ගොහින් දමන්නට වෙනවා ඒකාන්තය. සුදු කබායන් ඉල්ලාගෙන ගියේ අසල තිබු ඔසුසලේ අප හිතවත් මිතුරෙකුගෙනි. මේ ලඟකදීත් මම රෝයලයට ගොඩවූ විටත් මුදලාලි අප ඇමතුවේ Doctor කියාය.


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............

14 comments:

  1. Mata nam panne amuma amu gon kathawak wageyi!Ochchara karadara nowee podi kathuru oyitath aduwen ganna thibunane?Oya hati senawak yannawath ranga paannawath awashya naha!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් කතුරකින් ඒ වැඩේ කොරන්න බෑ. ඒකට ගැලපෙනම ආයුදේ තමා ගෙනාවේ. ඒවෙලාවේ ජොලියට කලාට පස්සේ නම් අපිටත් හිතුනා වැඩේ හරි නෑ කියලා

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. මම ආයිත් ගියා Sampath බැංකුවේ වැඩ කරපු ඒ සුන්දර කාලයට.
    හොඳටම හිනා වුනා මේක කියවලා. Thank you.

    ReplyDelete
    Replies
    1. අපි හිටපු දෙපාර්ථමේන්තුවේ වැඩ අඩුයි ඒක හින්දා නසරාණි වැඩ වලට වෙලාව තිබ්බා. මේක කියවලා ඔබේ පරණ මතකය අලුත් උනානම් එයම ඇති. අදහස් දැක්වීමට ස්තූතියි ඇනෝ තුමා

      Delete
  5. සුපිරියි.......... සුදු පූසෝ..........

    ReplyDelete
    Replies
    1. සුපිරියි අදත් වැරදිලා හරි රෝයල් එකට ගොඩඋනාම මුදලාලියා බයවෙනවා...

      Delete
  6. බොලාලත් මරු වැඩ නෙව කරන්නේ..

    ReplyDelete
    Replies
    1. තව කරපු නසරාණි වැඩ නම් බොහෝමයි. ප්‍ර‍සිද්ධ කරන්නයි බැරි එහෙම උනොත් පූසට ඇපත් නැතිවෙනවා.මොකද නසරාණි වැඩවලටම ඉපදුණු සෙට් එකක් තමා අපිත් එක්ක හිටියේ

      Delete
  7. ඔය තියරියම උපයෝගී කරගෙන අපිත් එක වතාවක් පලවෙනි හරස්වීදියේ කඩේකින් 650යි කියලු මල්ටිමීටර් 250 ට ගත්ත. හැබැයි ඔය තරම් බොරුවක් කරේ නැහැ.. ID එක පෙන්නලා පොඩ්ඩක් රඟපෑවා විතරයි.

    ReplyDelete
    Replies
    1. අපි මේකෙන් ගණුදෙණු කරල තියෙන විදිහට අපිට මෙහෙම බලුවැඩක් කරපු හින්දයි රඟපෑමක් දුන්නේ. අයිඩියා එක මගේ නෙවෙයි. එකේ අයිතිකාරයා දැන් බම්බුවේ ලොකු පුටුවක ඉන්න නිළදරුවෙක්

      Delete