Thursday, February 18, 2016

ගල්ලෙන බිදීම හා ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව

කවුරුහරි කෙනෙක්ගෙන් තමා ගතකරපු ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 90% වඩා කියන්නේ පාසල් ගිය කාලේ කියලා තමා. කිසිම බරක්පතලක් නැතුව විනෝදෙන් ගත කරපු වලි වලට පන්ති පිටින්ම බැහැලා දුවන්නම නෙලපු ඒ සුන්දර කාලෙට ආයෙත් හිතෙන් හරි යන්න අපි කොච්චර ආසයිද? ඒ අතීතය ගැන මේ ලගකදී පන්ති සගයෝ මතක් කරපු නිසාම අද මේක ලියලා දාන්න ඕනේ කියලා හිතුවේ. මෙතනින් එහාට හම්බවෙන චරිතනාමයන් සියල්ලම මනක්කල්පිතයි ඒ වුනාට මේ සිද්ධි මාලාවන් අතීතයේ දවසක ඒ සුන්දර සංගීත කාබරේ ඇතුලේ  ඇත්තටම සිදුවෙච්ච දේවල් ඕංං.

අපේ ඉස්කෝලේ පෙරදිග සංගීත ගුරුවරු හතර දෙනෙක් හිටියා මේ අය අතරින් අපේ නසරාණි පන්තිය බාරව හිටියේ ජයසිරි සර් (ආදරේට අපේ කොල්ලෝ කිව්වේ සරිගම කන්නා කියලා) අපිත් ඉතින් හත වසරේ ඉදලා ලෙඩ කපුටෝ වැල කනවා වගේ සංගීනේ කලාට මෙලෝ සංසාරයක් තේරුනේ නම් නෑ. අර රාගය මේ රාගය මධ්‍යලය ගීතය කියාගෙන උගුරෙන් කෑගහන එකත් එක්තරා විදිහක විකාරයක් කියලා තමා ඒ කාලේ හිතුනේ. පුබුදු ගයාන් ලක්ෂිත ඉසුරු රිසිත තරංග නදීමාල් ජයනාත් අසංක සුපුන් සිතුම් වගේ මගේ අතිජාත මිත්‍රයෝ හතේ ඉදලා පෙරදිග සංගීතේ කලාට මම මුන්ට එකතු උනේ වෙස්ටර්න් මියුසික් කරපු යක්ෂණී මාත් එක්ක යුද්ධ ප්‍ර‍ාකාශ කලාට පස්සේ දහයේ පන්තියේ මැද විතර වගේ. කරපු අය දන්නවා ඇතිනේ සා/පෙ ලංවෙලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා කියලා ගොඩයන්න(පැරණි නිර්දේශේ හැටියට ඒකාලේ ඕක තිබ්බේ සා/පෙලට කලින්) දැන් ඕකට කණ්ඩායම් හැදිලා නාට්‍ය ජවනිකාවකුත් කරන්න ඕනේ. අපි තෝරගත්තේ සිංහබාහු නාට්‍යයේ ජවනිකාවක් මේකට අවශ්‍ය කාන්තා චරිත සියල්ල රඟපෑවේ වතුර ටැංකිය අසල ඉස්කෝලේ මානවිකාවෝ විසින් මොකද ඒ කාලේදී පාසල් දෙකටම එකටයි ටෙස්ට් එක තිබ්බේ.
සිංහයාට ඇන්දේ මලිත් ගොයියා ඒ සිංහයාව මහාචාර්ය සරත්චන්ද්‍ර‍යන් දැක්කනම් නාට්ටි කෙරුවාවත් නවත්තන එකනම් ඉරහද වගේ විශ්වාසයි. ඒ කාලේ සිංහයා වෙච්ච මාර්ක් ඇන්තනී මහත්මයා හරි වර්ථමාන සිංහයා වන ජයනාත් බණ්ඩාර අපේ ඉංග්‍රීසි ඇදුරුතුමා මලිත් සිංහයාගේ ඇක්ටිං දැක්කනම් මඩුවලිගෙන් මූට තලන්නේ. අම්මපල්ලා මේ වගේ ලෙඩ සිංහයෙක් මම දැක්කමයි මුට පුරුදුකරන්න අපේ ජයසිරි සර්ට සෑහෙන්න ගේමක් දෙන්න උනා දැන් සිංදුව පුරුදුවෙන අතරතුරේ ගීතයේ පදයෙන් පදයට මූ අතින් වන්නේ විනාශයකි
ගල්ලෙන බිදලා...(ස්ටේජ් එකට පැන්න පාර සර්පිනාව ඩවුන්ද පල්ලං)
ලෙන්දොර ඇරලා...(ලෙන්දොර වෙනුවට මු ඇරපු දොර පලුව ගැලවිලා බිම)
නැතේ කිසිවෙක්.. ගොසින් සැමදෙන.. සිංහබා..... සිංහබා..... කියාගෙන සුප්පාදේවිට අත තියනවාත් එක්කම වේදිකාව දෙසින් ඇසුනේ ජර බරාස්ස් ශබ්දයෙන් යමක් ඉරීයන හඩකි ඒ සමගම විදුලි ආලෝකය විසන්දි කර තිරයද හනික පහත දමන ලදී අහෝ ඛේදයකි සුප්පා දේවියගේ උඩුකය වස්ත්‍රයේ කොටසක් සිංහයාගේ දෑතේය...... ක්ෂණිකවම ඇයවෙත පැමිණි ඇගේ මිතුරියන් නිසා ඇගේ ජාමේ බේරුනේය.අපි වාදනය නවතා පහල බලන විට දත්මිටි කමින් පැමිණි ජයසිරි සර් මලිතාගේ දුර්වල තැන් කිහිපයකටම තම ශක්තිය මුදාහලේ කිසිදු ලොබයකින් තොරවය.....
බඩා මලිතා සුප්පාදේවියට පණ පුදන්නට සූදානමින් සිටි අතර මුගේ සිහින කුමාරිය උනේ ඇයයි. ගම්පහ කොල ටයි පාසලේ සාඩම්බර නිපැයුමක් වු ඇය පසුව සමස්ථ ලංකා නාට්‍ය තරඟවලින් එම විදුහලට කීර්තියක් ගෙන එන්නට සමත් වුවාය. ඇය එදිනෙන් පසුව අපේ මලිතා දෙස ඇහැක් ඇර බැලුවේ නැත.
************* 
අපිට අවුරුදු ගාණක්ම සංගීතේ තිබ්බේ විවේක කාලයට පස්සේ පීරියඩ් වල. මේ කියන සංගීත කාමරේ පිහිටලා තිබ්බේ කාර්යාලයත් ගුරු විවේකාගාරයටත් අතර මැද්දෑවේ. මේකේ සියලුම සංගීත භාණ්ඩ තිබ්බා වගේම අරගෙන වාදනය කරන්නත් කිසිම තහනමක් තිබුනේ නම් නෑ ඒ කාලේ. අපි ඉන්ටවල් එකට පනිනවා සංගීත කාමරේට ඊට පස්සේ සර් එනකම්ම නන්ස්ටොප් ප්ලේ කරනවා අහගෙන ඉන්න අයට පිස්සු හැදෙන්නම. රිදම් ගිටාරය ජයනාත් බේස් ගිටාරය මමතුමා බොක්ස් ගිටාරය නදීමාල් වයලීන් සුපුන් පුබුදු අසංක  වගේම සරපිනාව වාදනය කල දමිත් කියන අපේ කට්ටිය. හැමදාම ගී සරණිය ඇරබුනේ එකම ගීතයකින් ඒ සිංදුව ඇහෙද්දී අපේ ජයසිරි සර් කොහේ හිටියත් සංගීත කාබරේට ඔටෝ ඇදිලා එනවා.
"ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව බල්ලෝ කාලා
මිනිහට මල පැනලලු දැන්
තබ්ලාවට අණ්ඩ දාලා හුලන් යනවා හෝස් ගාලා
ලොක්කගේ සරිගම අවුල් වෙලා දැන්"




කවදාවත් අපි පිස්සු නැටුවට සර් අපේ හිතරිදෙන්න වචනයක්වත් කිව්වේ නෑ. අපි සාමාන්‍යපෙල විභාගයේ ඇඩ්මිශන් ගත්තු දවසේ සර්ත් අපිත් එක්කම එකතුවෙලා සිංදු කිව්වා අදින් පස්සේ තොපි ඉතින් මේවා අල්ලන්න එන එකක් නෑනේ බං කියලා තමා සර් කිව්වේ. උසස්පෙලට අපේ පංතියේ කවුරුත් කලා විශයන් නොකල නිසාවෙන් ඒ සුන්දර සංගීත කාබරේ කරපු කියපුවා මතකයන්ට පමණක් සීමාවෙලා අතීතයට එක්කාසු උනා. අපෙන් පස්සේ නම් ඒ වගේ ආතල් ගත්තු කට්ටියක් නොසිටි බවයි මගේ හැගීම. 

පසු සටහන
  • මම සර්ව අන්තිමට හමුවුනේ පාසලෙන් අස්වීම ගන්න ගිය 2011 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා.එදා දිනේ අවුරුද්ද හැර හරියටම මට මතක තියෙන්නේ පන්තියේ උන්ගෙන් අන්තිමටම අස්වීම ගත්තටත් වඩා ඒ දවස පස්සෙන් පහු කාලෙක මගේ ජීවිතයට ඉතාම සුවිශේෂී එකක් වුන හින්දා. සර්ට නම් මාව අමතක වෙන්න විදිහක් නෑ මොකද වයලින් එකේ තත් හතරම එක සැරේ කඩපු එකෙකුට කියලා සර්ට හම්බඋනේ මම ගෝලයා විතරමයි. 
  • අදත්  විවෙික වෙලාවන් වලදී මටත් හොරෙන් හිතින් මම ඒ සංගීත කාබරේට යනවා පොඩි එකෙක් විදිහට. තාමත් ඒ කාබරේ පොඩි උන් සප්තස්වර ඉගෙනගන්නවා ඇති වගේම මම හිතන්නේ අද වෙද්දී නම් ජයසිරි සර් ඉස්කෝලේ නැතුවත් ඇති.

ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි..........................
 

13 comments:

  1. කාබරේ...
    ඒ අහවල් රෙද්දක්ද බං ඒ
    මං හිතන්නෙ ඕක කාමරේ කියල

    වයලින් එක්ක තත් හතරම කැඩුව කීවෙ තෝ වයලින් එක ගැහුවෙ බෝ එකෙන්ද නැත්තං කොස් රීප්පෙකින්ද...
    හම්මේ ජයසිරි සර් හොද කෙනෙක් වුණ හිංද හොදයි
    මුං වගේ කාබාසිනියො ටිකක්..

    එතකොට සිංහය සුප්පා දේවියව ස්ටේජ් එක උඩම සහේට ගන්න හදලද බං
    මරු සිංහය.. හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් බෝ එකෙන්වත් කොස් රීප්පෙකින්වත් නෙවෙයි. සර් ඉතින් හොදමත් නෑ මොකද අර සිංදුව ඇහෙද්දී හොද පාලි සංස්කෘතික භාශාවෙන් ජාතිය අමතමින් තමා ලොක්කා එන්නේ.
      සිංහයාට පුලුවන් උනානම් සහේට ගන්නවා කොහෙද සුප්පාදේවී අකමැති උනානේ

      Delete
  2. ඇත්තටම වයලින් එකේ කම්බි හතරම කඩපු හැටි කියහන් එක පාරින්.. එව්වා සෙල්ලම් හැකියාවල් නෙවෙයි.. බොහොම දුර්ලභයි..

    ReplyDelete
    Replies
    1. ඒවා රාජ්‍ය රහස්.යකඩ පටියකින් ගහද්දී කම්බි ඉතුරුවෙයිද???

      Delete
  3. උඹ නං පට්ට පූසො. මට මතක් උනේ අපේ සෙන්ට්‍රල් එකේ ජීවිතේ...

    ReplyDelete
    Replies
    1. සෙන්ට්‍ර‍ල් ජීවිතේ කිව්වේ ගලහිටියාව සෙන්ට්‍ර‍ල් ද???

      Delete
    2. කොහොමද උඹ දන්නෙ?

      Delete
    3. නෑ නිකන් කනාවට වගේ කිව්වේ. හරිද මම කිව්වා

      Delete
    4. හරි හරි. පූස කොහෙද?

      Delete
    5. හරි හරි. පූස කොහෙද?

      Delete
    6. Bandaranayake Collage Gampaha

      Delete