Tuesday, March 1, 2016

බැංකුවේ ජීවිතේ අවසානය

දෙමටගොඩින් ස්ථාන මාරු ලැබ ලංකා බැංකුවේ පිට්ටු බම්බුවේ අටවන හා නවවන මහල් වල පවත්වාගෙන යනු ලබන අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේශණ දෙපාර්ථමේන්තුවේ දැහැමෙන් සෙමින් කාලය ගතකරන අතරතුර පසුගිය දෙසැම්බර් මස මැදදී පුහුණු හා සංවර්ධන අංශය මාහට සිහිකැදවුයේ ඔබගේ පුහුණුකාලය අවසානවීමට ආසන්න වන බවයි. වර්ෂ 2013 සැප්තැම්බර් සිට මේ දක්වා ගත කාලය සුන්දරය. අවශ්‍යයනම් තවත් මාස තුනකට කාලය දිගු කරවාගත හැකි අතර නැතිනම් සේවය අවසන් කිරීමටද හැකිවිය. පුහුණු අංශයේ සහකාර මහා කළමණාකරු අපට පැවසුයේ අනෙක් අයත් එක්ක කතා කරලා තීරණයක් අරං මට කියන්න යනුවෙනි.
සහෝදර කාර්ය මණ්ඩලය හා මගෙන් පුහුණුව ලබමින් සිටි නවක සොයුරු සොයුරියන්ද ඉතිරි තෙමසද රැදෙන ලෙස ඉල්ලා සිටියද බැංකුව පිලිබදව අන්තිම අඩියටම කලකිරී සිටි අප සේවා දිර්ඝය බාර නොගෙන සමුගැනීමට තීරණය කලෙමු. මා සමග කොළඔ විශ්වවිද්‍යාලයේ සොයුරියන් දෙදෙනෙකු සහ පන්නිපිටිය ධර්මපාලයේ සොයුරෙකු වු අතර ඔහුන් තිදෙනා මාස හයක කාලයක් රැදී සිටි අතර මම වසර දෙකකට ආසන්න කාලයක සේවයක් සම්පූර්ණ කර ඇත්තෙමි. සාම්ප්‍ර‍දායට අනුව අපි සේවයෙන් ඉවත් වන බව  මුලින්ම පැවසුවේ මාගේ ගුරුවරයා බදුවු කලමණාකරු කැල්වින් විජේසුරිය මහතාටය.
ඇත්තෙන්ම පැවසුවහෝත් Inward Remittances නැත්නම් එන විදේශ ප්‍රේශණ අංශය යනු බැංකුවේ වටිනාම ස්ථානයක් මෙන්ම කාර්ය බහුලත්වය තරමක් වැඩි වුවද අවශ්‍ය වන්නා වු විවේකය විනෝදය සහ නිදහස නොඅඩුවම පැවතුන ස්ථානයක්ම විය. දේශණ සදහා සහබාගී වීමට කලින් පැන යන්නට කිසිදු බාධාවක් කරන්නෙකු එහි සිටියේ නැත. ඒ තරමටම එය ඉතාමත් සුන්දරම නවාතැන්පලක්ම විය. අපගේ සියලුම ඉහල නිළධාරීන් පොළවේ පයගසා ජීවත්වූවන් බැවින් රාජකාරීකටයුතු ඉතාම පහසු විය.
කැල්වින් මහතා හා Money Gram අංශය
දුකට සැපට එකට හිටපු අනිත් තුන්කට්ටුව


උදව් උපකාර කල සියලුදෙනා පිලිබදවම මෙහි සදහන් කිරීමට නොහැකි වුවද අනිවාර්යෙන්ම සදහන් කල යුතු කිහිපදෙනෙකු වෙයි. පලමුව ආදරණීය නැසීගිය සහාය කළමණාකරු ජනක් රණසිංහ මහතාව ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන්නට යෙදෙන්නේ තරුණ සිත් හදුනාගෙන ඔහුන් සමග කටයුතු කරන්නට මෙතුමා සතු වු අපූරුතම හැකියාව නිසාය. තනතුර නිසා සතුවු අසීමිත බලතල මගින් හිස උදුම්මාගත්තකු නොවුන මෙතුමා වරක් අප සමග කොලුකමට ගිය දඩයම් සවාරියටද එක්වුයේය. එතුමාගේ හදිසි අභාවය අප සැමට කණගාටුවක්ම විය. ඊට අමතරව අමිල නිරෝෂන් හා හිමාල් චාමිකර යන සොයුරන් ලබා දුන් උපදෙස් හා මිල කල නොහැකිය. අද දෙදෙනාම සහාය කළමණාකරුවන්ය
මම අවසාන වශයෙන් සදහන් කරන්නේ අපේ හොදම රසවතුන් ගැනය. කැල්වින් විජේසූරිය යනු Money Gram ආයතනයටත් ගණුදෙණු කරණා ආකාරය ඉගැන්වීමට සමත් තරම් අයෙකි. බැංකු සේවකයන් හට ලැබෙන්නා වු ලබ්බත් තට්ටෙත් ලැබෙමින් පැවතියා වුද සෑම උදෑසනකම " I am Wijesoriya from Bank of ceylon, my unit has been deactivated, kindly reset" ලෙස අමතා Money Gram ආයතනයේ සුද්දන්ට වද දෙන්නා වුත් අති සුන්දර නිහතමානි මිනිසෙකු විය. සෑම කෙනෙකු පිලිබදවම පියකු මෙන් සොයා බැලූ මේ මිනිසාද පසුගිය දිනක ඉසුඔු ලබා කැන්ගරු දේශයේ ස්ථීර පදිංචියට ගියේය.

කෙසේ හෝ අප සිව්දෙනාගේ සමුගැනීම වෙනුවෙන් අන්තර්ජාතික අංශයේ කුඩා සාදයක් සංවිධානය කර තිබුනේ අප කාටවත් නොදන්වාය. නැටුම් ගැයුම් වැයුම් මැද සියලුම දෙනා අප සිවුදෙනාට සුබ පැතූ අතර සාදයේ කෙලවර යලිත් මතු දිනෙක පුංචි ලංකාවේ කුමන ස්ථානයකදී හෝ මතු කවදා හෝ හමුවන බලාපොරොත්තු පෙරදැරිව ජීවිතයේ අමතක කල නොහැකි අත්දෑකීම් රැසක් සමග මමත් රුචිරත් දිනුලි අක්කාත් අසංගී අක්කාත් මුලස්ථාන ශාඛාවේ පියගැට පෙල බැස නික්ම ආවෙමු.....

පසු සටහන

  • මාගේ අතින් කියවුන කතා වලට වඩා නොකී කතා ප්‍ර‍මාණය ඉහලය. සමහරක් අයගේ ඉල්ලීම් හා ආයාචනා නිසා සටහන් නොකල ඇතැම් කතාවන් ඉදිරියේදී අකුරු කරමි. 

අදත් වෙනදා මෙන්මැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........



12 comments:

  1. සමුගැනීමක් කියන්නෙම අලුත් ආරම්භයක්...............

    ReplyDelete
  2. අන්තර්ජාතික වර්ගයේ එකක් කියලමයි හිතුවේ.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාතික මට්ටමේ ලෝකල් එකක්.. ස්තූතියි..

      Delete
  3. උඹට ජයවේවා පූසො... ඉදිරි වෘත්තීය ජීවිතේ හැම අතිම්ම සාර්ථක වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභ පැතුමට.......

      Delete
  4. හිතේ සන්තෝසෙන් ආයතනයකින් එලියට බැහැල එන්න හොඳ හදවත් තියෙන්න ඕන බන්.. හෙට දවසට සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අම්බලන්ගොඩ.හැබැයි හදවත හොද වැඩි හින්දමයි මට වැරදුනෙත්..

      Delete
  5. නියමයි පූසෝ

    ReplyDelete
  6. ඉදිරියට සුබ පතමි පූසෝ....

    ReplyDelete