රැදීසිටීමේ කවුලුවේ අසුනක ඉදගත් මම පලමුවෙන්ම ඇස්දෙක පිහදාගෙන බැලුවේ මේ මම දකින්නේ දවල් සිහිනයක්ද කියාය සැබැවින්ම එය සිහිනයක් නොවේ. මම සිදුවුයේ කුමක්දැයි කල්පනා කරන්නට වීමි. අපේක්ෂා භංගත්වයට පත්වීම හා සිතට නැගුණු ක්ෂණික කෝපය නිසා මාගේ හොස්ටල් රූමා වු සුමිත්තගේ යාපනය හංදියේ නිවසින් පිටත්ව යතුරුපැදිය අධික වේගයෙන් අනුරාධපුර පුත්තලම මාර්ගයේ අපරික්ෂාකාරීව ධාවනය කරගෙන එන අතරතුර අධීක වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනුරපුර - පුත්තලම මාර්ගයේ පිහිටා ඇති සාලිය ආදර්ශ විදුහල අසල ලයිට් කණුවක ගැටුණු ආකාරය චිත්‍රපටියක දර්ශණ මෙන් මතකයට නැගෙන්නට විය. හදිසි කෝපයෙන් මඩිනා ලදුව ක්‍රියාත්මක වීම නිසා කෙසේ හෝ මා දැන් මලවුන් ගොස් ඇත. මනුලොව තව මා විසින් කල යුතු කටයුතු රැසක් ඉතිරිවී තිබුනද දැන් මා ප්‍රමාද වැඩිය.
එක්වරම යමපල්ලකු පැමිණ මට කිව්වේ නඩුවට අදාල පිරිස පැමිනෙන තුරු කැමතිනම් අපාය ඇතුලත විසිට් එකක් දමා බැලීමට අවසර දිය හැකිබවයි. වෙන කරන්නටද දෙයක් නොමැති නිසා මා එයට කැමැත්ත පල කරනවාත් සමගම යමපල්ලා කිව්වේ මම තමුසෙට ගයිඩ් වැඩේ කරන්න තමුසෙගෙම ගමේ එකෙක්ව දෙන්නම් කියාය. ටිකකින් පැමිණි අමුත්තා නෙහොත් මගේ ගයිඩ්ව මම එක්වරම හදුනාගතිමි. ඒ වෙන කිසිවෙකුත් නොව අපේ ගමේ සහ අසල ගම්මාන හය හතකම හොර මත්පැන් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ඇප කැපවී කටයුතු කල කසිප්පු චන්දරේය. මා දුටු විගසම චන්දරයා දුවගෙන විත් මා පිලිගෙන අපාය අභ්‍යන්තරයට කැදවාගෙන ගියේය.
නිවරදි පදමට ලෝදිය රත් කිරීමට හා ඇගටපතට නොදැනෙන ඒවා මිනිසුන්ට පෙවීමටත් චන්දරේ සතුවූ අසමසම හැකියාව හා පලපුරුද්ද මත පදනම්ව ලෝදිය හැලියේ සියලුම නඩත්තු කටයුතු යමරජු විසින් චන්දරේට පවරා තිබුනේ අසල ගම් හතකම හුදී ජහමනයාගේ කසිප්පු අවශ්‍යතාවය සපුරා දුන් පිනෙන් තවත් ආත්ම ගණනාවක්ම අපායේ සිටීමට තරම් වීසා චන්දරේ සතුවූ නිසාය.
"එතකොට මේ ඉන්නේ පොලීසියේ ඉහල තනතුරක් දරපු ප්‍රසිද්ධ නිලධාරියෙක්. දැන් ඔය සිංදුවක් කියාගෙන හිටියට සර්විස් එකේ ඉන්නකොට පගාව අරගෙන කැම්පස් වල කොල්ලන්ගේ ඔලු පලලා කරගත්තු පිං හින්දා තමා මේ අපායේ දුක් විදින්නේ" යැයි චන්දරයා කියව ගෙන යයි.
එක් වරම එතැනට ප්‍රාතූර්භුත වුවේ සිවුරක් දරාගත් ශාන්ත ගතියෙන් ඇවිදින තැනැත්තෙකි. පෙනුමෙන් මනුලොව සිටි ප්‍රසිද්ධම හිමිනමකි. චන්දරේ පැනපුගමන් හිමිගේ බෙල්ලෙන් අල්ලන් පැවසුවේ හාමුදුරුවරු යන්නේ දිව්‍යලෝකේ තෝ මෙහෙට ආවේ මොනවා කරලද? මෙතන ඉන්න උන් ඔක්කොම ජරා වැඩ කරපු උන් කියපන් තෝ මොනවද කලේ කියලා
එවිට හිමිනම "මම වශී ගුරුකම් කලා, වාහන බිස්නස් කලා,තුන්වෙනි සිල්පදෙත් කැඩුවා, මත්පැනුත් පානය කලා" යැයි පැවසීය.
එවිට චන්දරයා කිවුවේ අපේ පන්සල් වලට ගෙනත් දාන්නේ බලු පැටව් පූස් පැටව්ග එත් මුගේ පන්සලට ගෙනත් දාන්නේ අලි පැටව් කියාය.
මා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. කෙසේ වුවත් මනුලොවින් පැමිනෙන්නන් දැකගන්නට තවත් හෝරාවක් පමණ මා බලා සිටිය යුතුය. මගේ පන්ති සගයින් දැන් කුමක් කරනවා ඇත්ද? මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි....
***** මතු සැබැදි *****
ප/ලි
- කෙටිකථා හෝ නවකථා යනු අනුන්ගේ මනැස් විග්රහ කෙරෙන්නක් බව බහුශ්‍රැතයෝ පවසති. මට අනුන්ගේ මනැස් විග්රහ කරන්නට අවශ්‍යතාවයක් නැත එබැවින් මම මගේ මනැස පමණක් විග්රහ කරගතිමි.
- අප්‍රේල් 30 වෙනිදා වැල්ලවත්ත කුරේ පිටියේ පැවැත්වෙන සයිබර් සිහින උලෙලට පැමිණීමට බලාපොරොත්තු වෙමිෙ
පසුව එකතු කරමි
මෙම පුණ්‍ය කර්මය සදහා තැබිලි ගෙඩි 2500ක් පමණ ප්‍රමාණයක් අපට අවශ්‍ය වනු ඇත. මේ සදහා ඔබටද දායක විය හැකිය. පිංකමට සහභාගී වීමට කැමැති අයෙකු වෙතොත් පහත සැබැදියෙන් Merit Foundation හා සම්බන්ද වන්න
මෙම පුණ්‍ය කර්මය සදහා තැබිලි ගෙඩි 2500ක් පමණ ප්‍රමාණයක් අපට අවශ්‍ය වනු ඇත. මේ සදහා ඔබටද දායක විය හැකිය. පිංකමට සහභාගී වීමට කැමැති අයෙකු වෙතොත් පහත සැබැදියෙන් Merit Foundation හා සම්බන්ද වන්න
අදත් වෙනදා මෙන්ම පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........
මම කොච්චර පින් කරලා තියනවද කියලද කියල සිහියට එනවා හැක හැක
ReplyDeleteපිංකරලා තියෙන්නේ චන්දරේගෙන් ලෝදිය සාත්තුවක් ගන්න පුලුවන් විදියටද?
Deleteතව ටික වෙලාවක් හිටියොත් අපේ පරණ ලොක්කෝ සෙට් එකයි දැන් එන්න ඉන්න සෙට් එකයිත් දැකගත හැකි වෙයි......... කට්ටියම ඔහේ යන්න තමා පොරේ............
ReplyDeleteකවුද දන්නේ් එච්චර වෙලාවක් ඉන්න පුලුවන් වෙයිද කියලා. මහ යමයා නඩුව අහන්නයි ලෑස්ති වෙන්නේ ඊලගට
Deleteනියමයි
ReplyDeleteඅපේ බ්ලොගේර්සලා ඉන්නවද බලපන්
තාමනම් කවුරුවත් දැක්කේ නෑ. අපි බලමු ඉස්සරහට යද්දී ඉදියිද කියලා
Deleteආර් අයි පී ඩී..
ReplyDeleteරෙස්ට් ඉන් පීස් ඩිපාට්මන්ට්... ඒක පට්ට පිචෑර් එකක්..
සුපර් නැචුරල් ටීවී සීරිස් එකක්..
තව තියෙයි කොන්ස්ටන්ටයින් කියල එකක් ඒකෙම පිච්චර් එකත් තියෙයි..
ලුසිෆර් කියන්නෙත් අපියෙ කතාවක්...
බලපං බලපං.. හිහි..
පට්ටයි කතාව හොදේ... තව ටිකක් දිගට ලියන්න පුලුවං නං සතුටුයි..
ජයවේවා
අනිවාර්යෙන්ම ඔය සීරීස් එක බලන්නම ඕනේ.ඊලග කොටහ දිඟට ලියන්නම්.තව කොටස් උපරිම 4 විතර වගේ තියෙන්නේ ඔක්කොම
Deleteමොකද්ද අර ස්ථාන නාම ටික අවධාරණයෙන් දාන්න හේතුව?
ReplyDeleteDRACKEY@GMAIL.COM
Delete