Sunday, May 1, 2016

නිර්සත්වයෝ තෙවන කොටස - සරසවියෙදි අද විතරයි හමුවන්නේ

පලමු කොටසට
දෙවන කොටසට

මා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි.
මේ සියලුම අකරතැබ්බයන් හා අලකලංචි සිදුවීමට මූලික වූයේ හන්තාන අඩවියේ පේරාදෙණිය සොදුරු සරසවි භූමියයි. දෙවන වරටත් උසස් පෙලට පෙනීසිට සරසවි වරම් ලද මම ඒවන විට කළමණාකරණ හා තොරතුරු තාක්ෂණ පාඪමාලාවේ තෙවන වසරේ සිසුවෙකුව සිටියෙමි. 


අලුත් අධ්‍යනවර්ෂයක් සදහා පැමිණීමට නියමිත කණ්ඩායම නොහොත් අලුත් නැව පිලිගන්නට පලවෙනි පන්තියේ ජේෂ්ඪ උතුමන් වන අප සැදී පැහැදී සිටියෙමු. දිවා රෑ නොබලා ගලහ හන්දියේ සිට සරසවිය දක්වා සැරසිලි කටයුතු මැනැවින් සකස්කලෙමු. අලුත් නැව පිලිගෙන නවකවදය හා හැඩගැස්වීමේ කටයුතු අපවිසින් ඉතා උනන්දුවෙන් කරගෙන යන ලදී. අලුත් නැවක් පැමිණෙන තුරු වැඩිහිටි සිසුන් බලා සිටින්නේ කෙසේ හෝ ගොඩයාමටය. ඒ අතර තුර සිටි එක් අලුත් මානවිකාවක් කෙරෙහි මගේ සිතේ යම් අදහසක් ඇති වූ අතර ඇය කලුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වුවාය. මගේ යහලුවන් විසින් කල කපුකමක් නිසා කෙසේ හෝ පසුකාලීනව ඇය මා කැමැත්ත විමසූවිට ඇගේ කැමැත්ත පලකලාය.
පසුවදා මටත් ඇයටත් මල්බකට් නාන්නට වුයේ මගේ පංති සගයන්ගේ මෙහෙයවීම හේතුවෙනි. එකල්හි මා නැවතී සිටියේ හිඳගල නේවාසිකාගාරයේය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙනා විට අපගේ සම්බන්දය ඇගේ නිවසට දැනගන්නට ලැබී ඇගේ මව එකහෙලාම විරුද්ධ වුවාය. නමුත් සරසවිය තුලදී අපට බාධාකරන්නට කිසිවෙකුත් නොවන නිසා අපගේ ආදර සම්බන්ධය බාධාවකින් තොරව ගලාගෙන ගියේය.
  
කාලය කෙමෙන් කෙමෙන් දින සති මාස ගතවන අතර තුර මාහට සරසවියෙන් සමුගැනීමට කාලය උදාවිය දෙවන පන්තියේ ඉහල සාමාර්ථයක් සහිතව සමත්වු මාහට ඒ ආසන්න කාලයේදීම ප්‍ර‍සිද්ධ ආයතනයක සේවයට එක්වීමට හැකියාව ලැබුණි. උපාධි ප්‍ර‍ධානොත්සවයෙන් පසුව මම මගේ නේවාසිකාගාර සගයන්ගෙනුත් සිව්වසරක් පුරාවට දැන හදුනාගෙන සිටි පිරිසගෙනුත්  සමුගෙන ඇයත් සමග පියමැන්නේ විශ්වවිද්‍යාලයක් මැදින් වැටී ඇති ලංකාවේ එකම දුම්රිය ස්ථානය වන සරසවි උයන දුම්රිය පලටයි. වෙනදා නිවාඩුවට ගමට යද්දීත් යලි පැමිණෙන විටත් එකට එකම දුම්රියේ පැමිණෙන අපි දෙදෙනාගෙන් අදින් පසුව සරසවියට ආයුබෝවන් කියා පැමිණි මම මෙම දුම්රිය ස්ථානය හරහා යලි කිසිදා නිවාඩුවට නිවසට යන්නටවත් නිවාඩුව අවසානයේ යලි සරසවියට පැමිනෙන්නේවත් නැත 

"සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ 
කිමද කුමරි නෙතු කදුලැලි පුරවන්නේ
දොඹ සූරන මහ වැස්සේ තනිකුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුලු සිනා පෑ දෙතොලේ
මතකද මහවැලිදෑලේ සපු සෙවනේ 
අපේ මියුරු සීන පිරුනු රජදහනේ
මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ" 


දිගින් දිගටම ඇගේ මවගේ විරුද්ධ වීම් දැඩි වන්නට වු අතර මම මගේ ආයතනයේ සිටි වැඩිහිටි කළමණාකාරතමෙකු සමග ඇගේ මව මුණගැසීමට ගියෙමි ඇය මට අකමැති හේතුව පැහැදිලිව සදහන් නොකරන අතර මගේ කළමණාකරතුමාගේ පැහැදිලි කිරීම් හමුවේ කේන්ද්‍ර‍බැලීමට අවශ්‍ය යැයි පැවසු නිසා මම ඇයට විස්තර දී ආපසු පැමිණියෙමි. මම කිසිලෙසටවත් කේන්දර සත පහකටවත් විශ්වාස නොකරන්නෙක්මි. 
ආයතනයේ නිවාඩු දිනයක මම මාත් සමග නේවාසිකාගාරයේ සිටි මිතුරා වු සුමිත්ත ගේ නිවසට යතුරු පැදියෙන් ගියෙමි. නිවාඩුවක් ලදවිට ලංකාවේ කුමන හෝ ස්ථානයකට සංචාරයේ යාම එකල මාගේ විනෝදාංශය විය. අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගත් මම එතැනින් ගල්කුලමේ තවත් මිතුරකුද මුනගැසී රාත්‍රී හතට පමණ යාපනය හන්දියේ වු සුමිත්තගේ නිවසට ලගා වුනෙමි. එදිනම රාත්‍රීකාලයේ මට ලැබුණු දුරකතන ඇමතුමකින් කියවුනේ අයියේ අම්මා කියනවා කීයටවත් මේ සම්බන්දෙට කැමැති නෑ කියලා තව ඔයාලගෙ ගෙවල් ලග ඉන්න අම්මගේ යාලු ටීචර් කෙනෙකුත් ඔයාගැන වැරදි කතාවකුත් කියලා තියෙනවා අපි මේක නවත්තමු අයියේ කියලාය.
                                                                       යාපනේ හන්දිය

 එයින් කෝපයට පත්වු ඒ මහ රෑ යලිත් නිවස බලා පිටත්වීමට සැරසුනද සුමිත්ත ඇතුලු පිරිසගේ බලකිරීම මත උදෑසන වනතුරු ඉවසා සිට මම සැලෙන හදෙන් යුතුව සුමිත්තගේ නිවසින් පිටත්වුයේ අද දෙකෙන් එකක් හොදින් බැරිනම් නරකින් විසදගන්නවායැයි සිතමිනි. පහ පාරෙන් නොගොස් පුත්තලම් පාරට දැමුවේ ඉක්මනින් යාමේ අදහසින් වුවද සාලියවැව හංදිය ආසන්නයේදී වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන ලයිට් කණුවේ ගැටීම නිසා මගේ ජීවිතයට නැවතීමේ තිත තැබිණි.
********
එක්වරම මා  අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට අමතක ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය අපායේ විධායක මට්ටමේ වගකියයුතු  නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය.ඒ කාමරය පුරාවට LED තිර මත මනුලොව සියලුම රූපවාහිනි නාලිකාද විශේෂයෙන් ශ්‍රීලංකාවේ සෑම ප්‍ර‍ධාන නගරයකම CCTV දර්ශණද දිස්වෙමින් පැවතිනි.
*****මතු සැබැදි*****

පසු සටහන
  • කිසිවක් සිදුවී අවසාන වන්නේ නැත. සියල්ල සැමවිටම සිදුවෙමින්ම පවතින්නේය.

ඒවගත් මෙසේම අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........

6 comments:

  1. අනික් ටිකත් කියෝගෙන එන්න වෙනව.

    අපායත් දැං ඩිජිටල් වෙලා නේද බලාගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට පැමිණියාට ස්තූතියි.
      ඔක්කොම ඩිජිටල් වෙන අදකාලේ අපාය වෙනස් නොවී කොහොමද
      මොඩ් වෙලා තියෙන තරම ඉස්සරහට බලන්න පුලුවන් වෙයි

      Delete
  2. අම්මට සිරි....
    ඉතුරු ටිකත් දානවද
    අඩේ..... දාකෝ

    ReplyDelete
    Replies
    1. ඉතුරුටික මේ වෙද්දී ලියාගෙන යනවා.ඉක්මනටම දාන්නම්

      Delete
  3. නියමයිනෙ. මේ ජාතියෙ මං කියවපු හොඳම එකක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Pra Jay මේ පැත්තට පැමිණියාට සහ අගයකිරීමට
      දිගටම මේ පැත්තට එන්න.

      Delete