දෙවන කොටස
තෙවන කොටස
එක්වරම මා අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට කතාකරනා ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය. ප්‍රජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජයේ විධායක මට්ටමේ වගකියයුතු නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය. ඒ කාබරය පුරාවට LED තිර මත මනුලොව සියලුම රූපවාහිනි නාලිකාද විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම CCTV දර්ශණද දිස්වෙමින් පැවතිනි.
මගේ සමකාලීන විශ්වවිද්‍යාල මිතුරන් මගදිගට සැරසිලි කටයුතු සිදුකරමින් පසුවෙයි. මම එහි සිටි නෑදෑයන් මිතුරන් අතරින් අමතක කල නොහැකි ඇයව සෙව්වෙමි. සුභා කොතනක හෝ සිටිය යුතු නමුත් මම ඇයව ඒ සෙනග අතරින් සොයා ගැනීමට අපොහොසත් වූවෙමි. අවසානයේ කනත්තේ කොනක ඇය තවත් මිතුරියකට වාරුවී සිටිනවා මම යාන්තමින් දැක්කෙමි. සුභා අනුන්ට පෙනෙන්නට දුක්වෙනවාද නැත්නම් සැබෑලෙසටම දුක්වෙනවාද යන්න මට සිතාගත නොහැකි විය.අවසානයේ සියලුදෙනාගේම සෝ සුසුම් මැද සුදෝ සුදු දුම්රොටු ආදාහනාගාරයේ දුම් කවුලුවෙන් ඉහල නගින අකාරය දෙස මම උපේක්ෂාවෙන් බලාසිටියෙමි.
මතක බණ සහ හත්දොහේ දානයත් පසු පලමු වසර දානයේ දර්ශණ අවසන් වනවාත් සමගම නැවත පැමිණි චන්දරේ අයියා රූපවාහිනිය වසා දැම්මේ ඔතනින් එහාට බලන්න එපා උබට අප්සට් යයි යනුවෙන් පවසමින්ය.
ඒක නෙවේ චන්දරේ ඔය පවු පිං ලියවිලා තියෙනවයි කියන පොත ඇත්තටම තියෙනවාදැයි මම ඇසුවේ මේ ලෝකයේ හැමකෙනෙකුගේම පවු පිං සදහන් කරන්නට නම් ඒ පොතේ සයිස් එක ගැන සිතින් සිතමිනි. මෙහෙමනේ මල්ලී අලුත් තාක්ෂනෙත් එක්ක අපි අපාය තිබුණ විදිහ වෙනස් කරද්දී දිව්‍යලෝකෙත් එක්කත් සාකච්චා කරලා ඒ පොත දැනට අවුරුදු දෙකකට කලින් අයින් කරලා දැම්මා.දැන් ඒ වෙනුවට තියෙන්නේ බැංකුවක් එකේ තියෙනවා මේ ලෝකේ හැමෝගෙම නමට ගිණුමක් කරන පවු පිං ඔක්කොම ඒ ගිණුම්වල සටහන් වෙනවා. කවුරුහරි පිනක් කරලා ඒක අනුමෝදම් කලොත් එකත් ගිනුමේ සටහන් වෙනවා යැයි චන්දරයා කීවෙන් ඒ බැංකුව වෙත යාමට මට ආසවක් ඇතිවිය. ඒ වෙන කුමකටවත් නොව මගේ ගිණූම පරීක්ෂා කර ගැනීමටය. මගේ සිතැගි තේරුම් ගත් චන්දරේ තම අත්ඔරලෝසුවේ වෙලාව බලා කිව්වේ තව පැයක් විතර තියෙන හින්දා ඉක්මනට ගිහින් එමුයැයි පවසා මා කැටුව බැංකුවට යාමට පය එසෙව්වේය.
ටික දුරක් යන විටම "මධ්‍යම පව් සහ පිං බැංකුව - ප්‍රජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජය" ලෙස නාමපුවරුවක් දිස් වන්නට විය. කතාබහකින් තොරවම ගමන්කල චන්දරයා මාවත් ඇදගෙන බැංකුවට ඇතුල් විය. ඉතා අධික ජනකායක් ඒ ගොඩනැගිල්ල තුල වු අතර සියල්ලන්ම තමන්ට කවුරුන් හෝ පින් පමුණුවා ඇත්දැයි බලන්නට විවේක කාලයේදී පැමිණි අපායේ අච්චු විදින්නන් විය. චන්දරේ සමග ගිය නිසා අපට කෙලින්ම පාරිභොගික කටයුතු පිලිබද යමයා හමුවීමට ලැබුණි.
මධ්‍යම පව් සහ පිං බැංකුවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. මේ බැංකුවේ ශාඛා දෙකයි තියෙන්න එකක් දැන් ඔයා මේ ඉන්න අපායේ අනිත් එක තියෙන්නේ දිව්‍යලෝකේ මේ දෙකම එකම ජාලයකින් සම්බන්ද වෙලා තියෙන්නේ පව් පිං ගැන අපි කතාකරනවානම් මෙහෙමයි අපි කරණ පව් හා පින් ගිණුම්ගත වෙන ආකාර දෙකක් තියෙනවා. සමහර පව් වලට පින් ලැබුනම මේ නරකාදියෙන් නිදහස් වෙලා යන්න පුලුවන් ඒත් සමහර පව් තියෙනවා කොච්චර පින් දුන්නත් පාපය ගෙවෙනකම් ඒ පිං වලින් කිසිම වැඩක් වෙන්නේ නැති. කියන්නකෝ බලන්න ඔයාගේ නම අපි ඔයාගේ ගිණුමේ තත්වය බලන්න මේ අතර චන්දරයා පැන මගේ නාමය පැවසුවෙන් යමයා පද්ධතිය පරීක්ෂා කරන්නට විය. හසරංග නැමැති මේ නිර්සත්වයා මනුස්ස ලෝකෙදී පිං දහම් කරලා තියෙනවා වුනාට ගිණුම තාම යාවත්කාලින වෙලා නෑ යමරජ්ජුරුවෝ නඩු ඇහුවට පස්සේ හරියටම කියන්නම් යැයි මට පවසා චන්දරේට හොරෙන් කුමක් හෝ පවසනවා මම දැක්කෙමි.
අපි එතැනින් නික්මී යලිත් ආගමන විගමන කවුලුව වෙත පැමිනියෙමු. චන්දරයාගේ නිලබලය මත ආගමන කවුලුව ඇතුලට වී සිටින්නට හැකිවූ අතර එතැන සිටි ආගමන පාලක යමයා අන්න ණයකාරයෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා යැයි පවසා කාන්තාවන් දෙදෙනෙකු දෙසට අත දිගු කලේය. ඔවුන් දෙදෙනා අසුන්ගෙන බර සාකච්චාවකය. හුටා එක් අයෙකු මගේ වෙන්න හිටපු නැන්දම්මා එහෙමත් නැත්නම් යාලුවෙලා හිටිය කෙල්ලගේ මෑණියැන්දෑය අනෙක් කාන්තාවද ක්ෂණිකයෙන් මා හදුනාගතිමි ඒ අපේ නිවස ආසන්නයේ පදිංචිව සිටි ගමේ රොයිටර් වාර්ථාකාරිණියගේ තනතුර ස්වෙච්චාවෙන්ම හෙබවූ විශ්‍රාමලත් ගුරුමහත්මියකි.
හරියටම අපායේ සම්මත වේලාවෙන් යමපැය 09.45 ට මාහට එක්වරම අලුතින් පිවිසෙන තැනැත්තියක් දිස්වන්නට විය. එක්වරම මගේ ඇගට විදුලි සැරයක් වැදුනාක් මෙන් විය. මා වසර ගණනක් ආදරය කල ඇයද මියගොස් දැන් මා ඉදිරියේය.මට අතීතයේ රසවත් පැරණි සිදුවීම් සිහිපත්වන අතර නෙතට කදුලක් නැගුනේ නිරායාසයෙනි.
"කුඩාගමේ මද්දහනේ අව් රශ්මිය නිවා
හුරී කදුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පලදන්නයි සොභා"
"ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකී
ආලෙ බිදුන දා කුමටද කඳුලු හෙලනු සකී
ආලවඩන යන තේරුම බෝසත් කම සකී"
නඩුවට පෙනීසිටීමට අදාල වේලාව කෙමෙන් කෙමෙන් ලංවන්නට විය චන්දරේ අයියා මා වෙනුවෙන් පෙනී සිටින්නට කලුකෝට් කාරයෙකු සොයා දුන්නේ කලුකෝට් කාරයින් සියල්ලම වාගේ අපායේ අච්චු කරුවන් වන නිසාය. අපි කෙමෙන් කෙමෙන් අධිකරණ ශාලාව අසලට පැමිණියෙමු.
*******මතු සැබැදි*******
පසු සටහන
ගලාගෙන යන සිදුවීම් මාලාවෙහි ඇතැම් සිද්ධි සහ විස්තර වන චරිතයන්ද ස්ථාන නාමයන්ද සත්‍යදැයි කියවන බොහෝ දෙනා විමසති. ඒ පිලිබදව යම් පැහැදිලි කිරීමක් මෙම කතාමාලාව අවසාන වන දිනයේදී කිරීමට බලාපොරොත්තු වෙමි.
ගලාගෙන යන සිදුවීම් මාලාවෙහි ඇතැම් සිද්ධි සහ විස්තර වන චරිතයන්ද ස්ථාන නාමයන්ද සත්‍යදැයි කියවන බොහෝ දෙනා විමසති. ඒ පිලිබදව යම් පැහැදිලි කිරීමක් මෙම කතාමාලාව අවසාන වන දිනයේදී කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ වගත් මෙසේම වෙනදා මෙන් අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි ....
අප්පට සිරි
ReplyDeleteකතාව එන්න ඒනම ටොප් ක්ලාස් වෙන්න යන්නෙ
ඊලග කොටස තවත් රසවත්ලු
මටත් කිවෙ චන්දරේ අයිය
එල එළ මලේ
ජයවේවා
චන්දරේ අයියගේ කස්ටමර් කෙනෙක්ද? අගය කිරීමට ස්තූතියි.
Deleteඅනිවාර්යෙන් ඉතිරි කොටස් රසවත් වෙයි කොහොමත් තව උපරිමය කොටස් තුනයි.
හිටින් පොඩ්ඩක් හෙමීට අනිත් ඒවත් එක්ක කියවන් එනකන්.
ReplyDeleteහරි හරි හිමීට පරණ ටිකත් කියවගෙනම එන්න
Deleteඅර සින්දු කෑල්ල නං පට්ට පූසෝ............
ReplyDeleteකොයි සිංදුව ගැනද කියන්නේ කුරුටු.
Deleteකුඩා ගමේ මද්දහනේ එකද නැත්නම් සුභා කියා මා ඔබ අමතන්නද එකද
කුඩාගමේ ගීතය සුනිල් එදිරිසිංහ මහත්මයාගේ
සුභා කියා ගීතය පුන්සිරි සොයිසා මහතාගේ
මෙහෙම හරි ආවේග පිටකරන එක මාර සහනයක් බං. ඔය වගේ කාවැදිච්ච ප්‍රේමයක් හරි අමාරුයි හිතෙං ගළවල දාන්න.
ReplyDeleteඩ්‍රැකීගේ කතාව හරි කාවැදිච්ච ප්‍රේමයක් ගළවල දාන්න අමාරුයි තමා.
Deleteබලමු ඉස්සරහට අපාය ඇතුලේ මොකද වෙන්නේ කියලා උපරිමය තව කොටස් තුනයි.
ඇයි පූසෝ තව එකක් තියෙන්නේ පුන්සිරි සොයිසාගෙම
ReplyDelete"සුභාෂිණී ඔබ මගේ නමට එව් ඇරයුම් පත ලැබුණා
මනාලියක වි සුබනැකතින් යන බව එහි තිබුනා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුනා" කියලා
මම හිතනවා කතාවට ගැලපෙන සින්දුව ඒක වෙයි කියලා
බලමු ඉස්සරහට අපායේ මොකද වෙන්නේ කියලා
ඇනෝතුමා පැවසූ ගීතයත් මේකට අදාලයි ගොඩාක් දුරට.
Deleteමේකෙ අවසාන කොටසින් ඒ පිලිබද කීමට අදහස් කරගෙන සිටිමි.
අදහසට ස්තූතියි....
හැක් පුස්සගේ කතාව මග ඇරිලා, කියවගෙන එන්න වෙනෝ ඉතින්, අපිට කොයින්ද පුසෝ වෙලාවක්. :(
ReplyDeleteහිමීට නිවාඩුපාඩුවේ කියවන්න සොමියෝ.
Deleteකාර්යබහුලත්වය අපි හැමෝටම පොදු ධර්මතාවයක් නොවැ.
මේ පැත්තට ආවට ස්තූතියි. ආයෙත් අැවිත් යන්න එන්න
මුලින්ම සමාවෙන්න ඕනෙ මේ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න මෙච්චර පරක්කු වුණ එක ගැන. නිවාඩු පාඩුවෙ මේ කතාව කියවන්න ඕන් නිසයි මෙච්චර කල් ගියේ..
ReplyDeleteඅද තමයි ඉතින් වෙලාවක් හම්බ වුණේ හෙමීට කියවන්න.
කුතුහලේ දැනෙන විදියට ලියලා තියෙනවා.. ලියවිල්ල රහයි.. බලමුකෝ ඊළඟ කොටසත්...
කාර්ය බහුලත්වය අප සැමට පොදු ධර්මතාවයක් නොවැ..
Deleteපේරා සාමාජිකාවක් හින්දා පසුබිම හුරුපුරුදු ඇති කතාවේ විස්තර වෙන.
මේ පැත්තට ආවට ස්තූතියි දිගටම එන්න මේ පැත්තේ..