Monday, June 13, 2016

නිර්සත්වයෝ අවසන් කොටස - යලි අපි හමුවෙමු මතු සසරේ

පලමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
හතරවන කොටස
පස්වන කොටස
හයවන කොටස
එත් සමගම අධිකරණයේ මද නිහැඩියාවක් රජයන්නට විය. එක්වරම අධිකරණ ශාලාවේ සියලුම විදුලි බුබුලු නිවී ගිය අතර සියලුම විදුලි පංකා අක්‍රීය විය. යමරජු ජූරිය සහ අනෙත් අය සිටින ප්‍රදේශය පමණක් ආලෝකමත් වන ලෙස විදුලි බුබුලු දැල්වී තිබුණි. අමිහිරි භයානක හඩක් පසුබිමෙන් ඇසෙන්නට වූ අතර එ් සමගම යමුරජු ඇතුලු අධිකරණ ශාලාවේ නිලධාරීන් සියල්ලන්ම තම අසුන් වලින් නැගීසිටියෝය. යමරජු තම දේශණය අරබන කරන ලදී.
අපගේ අවසන් තීන්දුවට අනුව හසරංග නැමැති මේ නිර්සත්වයා මනුෂ්‍ය ලෝකයේ සිටිනවිටදී බොහෝ පින්දහම් කර තිබෙනවා.අනුන්ට තමන්ගේ වැඩ ගැනවත් නොසිතා සමහරුන්ට මිල මුදලටවත් කරගත නොහැකි උදව් පවා කර තිබෙන බව අපගේ රහස් වාර්ථා අනුව තහවුරුවනවා. ඔහුට එල්ලවූ සියදිවි නසාගැනීමේ චෝදනාවට වරදකරු බවට ජූරි සබාව තීන්දු කලත් මම ඔහුව ඒ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර හරිනවා.හසරංග නැමැති මේ නිර්සත්වයා කරගෙන ඇති පින් බලය හේතුකොට ගෙන මනුෂ්‍ය ලෝකයේ ශ්‍රී ලංකාද්වීපයේ බටහිර පලාතට මායිම්ව දකුණු අලුත්කූරු කෝරලයේ සියලු සැප සම්පත් සහිතව උසස් මිනිස් ආත්මයක උප්පත්තිය ලබන්නට ඔබට අවස්ථාව ලබා දෙනවා.

සුභා නැමැති නිර්සත්විය අවසන් වරට හසරංග නිර්සත්වයාට පැවසූ වදන් නිසා කලබලයට පත්ව හසරංග නැමැති නිර්සත්වයා හදිසි අනතුරකට පත්ව මියගිය බව හොදින් පැහැදිලි වන කාරණයක්. නුඹට ඔහු ආදරය කල තරමටම ඔබත් පෙරලා ආදරය කලානම් මෙවැනි සිදුවීමක් නොවන බව අපගේ ඒකමතික පිලිගැනීමයි. මම පෙරද පැවසූ පරිදි ඔබ මවගේ තීරණයට අකමැතිනම් මවගේ තීරණයට විරුද්ධ වීමට ඔබට හැකිවිය යුතුයි එ්ම නිසා බැලු බැල්මට පෙනෙන්නේ නුඹ හසරංග නැමැති නිර්සත්වයාට බොරුවක් සිදුකල බවයි එය එසේනම් මේ අපායේ බොහෝ කලක් දඩුවම් විදීමට සිදුවන වැරැද්දක්. නමුත් ඔබගේ අසරණකමත් අනුන්ගේ කේලාම් කීමත් නිසා ඇතිවූ තත්වයත් සලකා බලා හසරංග නැමැති මේ නිර්සත්වයාගේ ඉල්ලීම නිසාත් මම ඒ දඩුවම වෙනස් කරනවා. ඔබටත් ශ්‍රී ලංකාද්වීපයේ පෙර උත්පත්තිය ලද පෙදෙසට හාත්පසින් වෙනස් දේශගුණික තත්වයක් සහිත වියලි කලාපයට අයත් අනුරාධ ග්‍රාම නමින් ප්‍ර‍චල ශ්‍රී මහා බෝධිය වැඩවසන උතුම් වු ශුද්ධ නගරයේ හසරංග නිර්සත්වයා අනතුරට ලක්වු පරිපාලන කොට්ටාශයට ආසන්න ප්‍රදේශයක සියලු සැප සම්පත් සහිතව කාන්තා මිනිස් ආත්මයක යලිත් උප්පත්තිය ලබන්නට අවස්ථාව මම ඔබට ලබා දෙනවා.
නුඹලා දෙදෙනා අවංකවම ප්‍රේමකලත් එය සාර්ථක නොවුනේ වැඩිහිටියන්ගේ අමණා තීරනයක් නිසාවෙන් බව පැහැදිලිව පෙනෙන්නක් එම නිසාවෙන් ඔබ දෙපලට වසර තුනහමාරක වයස් පරතරයක් සහිතව මතු ඉපදීමටත් ඉන්පසු යථාකාලයේදී කොළඹට ආසන්න සරසවියකදී මුණගැසීමටත් ඉක්බිති බාධාවකින් තොරව ඉදිරි ජීවිත කාලය ගෙවීමටත් අවස්ථාව ලබාදෙනවා. මෙතැන් පටන් ඔබ අපායේ ගතකරන සෑම පැයක්ම මනුලොව වසරකට සමාන වෙනු ඇත. හසරංග නැමැති මේ නිර්සත්වයාට අපායේ සම්මත වේලාවෙන් අද අලුයම දෙකයි තිහටත් සුභා නැමැති නිර්සත්වියට අලුයම පහටත් මේ අපායෙන් නික්ම මනුලොවට යාමට හැකියි. එසේනම් ඔබ දෙදෙනාට මේ අපායෙන් පිටවී යාමට අවසරයි. 

අමරාවතී නැත්නම් සුභා නිර්සත්වියගේ මව වන නුඹට හිමිවිය යුතු අපාගතවීමේ දඩුවම සොබාධර්මයා විසින් ඉවත්කරගෙන තිබෙනවා. නුඹ මේ දියණිය කුඩාකල සිට හදාවඩාගත් පිනෙන් යලිත් මිනිස් ආත්මයක ඉපදීමට හැකියාව තිබෙනවා.නමුත් ඔබකල පව ගෙවෙනාතුරු අපාය අච්චුකරුවන්ගේ ආදර්ශ විදුහලේ නිලධාරිනියක ලෙස ඔබ සේවය කල යුතුයි. ඉන්පසුව ඔබටත් මනුශ්‍ය ආත්මයක උප්පත්තිය ලැබීමට හැකියි.විශේෂයෙන් සදහන් කල යුතු කාරණාවක් වන්නේ නුඹට මේ පව නිසාවෙන් යලිත් කිසිදු ආත්මබවයක පව ගෙවෙනාතුරාවට ගැහැණු දරුවෙකුට මවක් වීමට නොහැකියි. 
එකදිගටම කියවා මහන්සි නිසා යමරජු වතුර ටිකක් බොන්නට මදකට තම දේශනය අත්හිටෙව්වේය.මීලගට ඉතිරිවී සිටියේ ගුරුවරියත් ඇගේ ලොකු පුත්‍ර‍යාත් පමණි. මම අමරදාස කලුකෝට් දිහා බැලුවෙමි ඔහු මා දෙස බලා හිස දෙපසට සැලු අතර මම අඩමාණයට මෙන් යමක් තේරුම් ගතිමි. 
යලි දේශණය ඇරබූ යමරජු සුමනාවතී නැමැති මේ නිර්සත්විය අසත්‍ය කේලාම් අසත්‍ය චරිත සහතික නිරන්තරයෙන්ම ලබාදීලා තියෙනවා එම ඉතා බරපතල චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී තිබෙනවා නුඹ හතරපෝයටම සිල්ගත්තත් ඔබ කර ඇත්තේ පව් පමණයි. අනුන්ගේ හැම කුණක්ම හොයලා කේලාම් කියලා එක එකා කොටවලා ඔබ කරගෙන ඇති පවු අනන්තයි අප්‍ර‍මාණයි. ප්‍ර‍ධාන වශයෙන් නුඹ මෙහි සිටින පෙම්වතුන් වෙන් කරන්නටත් විශාල දායකත්වයක් සපයා තිබෙන බවත් ඔප්පුවී හමාරයි. නුඹ මනුලොව ගුරුවරියක් කියන්නටත් පිලිකුල් මෙන්ම තමා දුයිෂෙන් පරපුරේ සමස්ථ ගුරුවරුන්ටම අවනම්බුවක්. එම නිසාවෙන් සුමනාවතී වන නුඹට මේ අපායේ ඇති ඉහලම දඩුවම් ලබාදීමට මම නියෝග කරනවා එය මනුලොව වසර පණහක් දක්වා ක්‍රියාත්මක වනවා ඇත. ඉන් පසුව කුසල් ශක්තිය මත නිදන්ගත ලෙඩරෝග රැසක් සමග දුක්ඛිත පහත් මිනිස් ආත්මයක උපත ලැබීමට හෝ මළපෙරේතියක ලෙස ප්‍රේත ආත්මයක ඉපදීමට හැකියාව තිබෙනවා.
අවසාන වශයෙන් සම්පත් වන නුඹ දියයටින් ගින්දර ගෙනගොස් දෙපැත්ත කෑමක නිරතවෙලා තිබෙනවා .දෙදෙනා කෙටවීමට බොරු බේගල් ඇදබෑම නිසා මොහුට ලෝදිය පෙවීමේ දඩුවම ලබාදී අවසානයේ යලිත් පහත් මිනිස් ආත්මයක් ලබා මනුලොවට යැවීමට නියෝග කරනවා මොහුට තම පාපය ගෙවෙන තුරු කිසිම ආත්ම බවයක විවිාහයක් සිදුනොවන්නටත් මම නියෝග කරනවා. 
මේ සියලුම නිර්සත්වයින් දැනගත යුතුයි මිනිස් ආත්මයක් යනු එක්තරා කඩයිම් අවස්ථාවක් බව තමාගේ ඊලග ආත්මය සුබදායී එකක්ද දුක්ඛදායී එකක්ද යන්න තීරණය වන්නේ තමා කරන්නා වු පින් පවු අනුවයි. අමනුස්සයන්ට ප්‍රේතයන්ට තිරිසනුන්ට පිං කරන්න බැහැ. අනෙක් අතට දෙමාපියන් දරුවන්ගේ කැමැත්තට ඉඩ දියයුතු වන්නේ දෙමාපියන් කෙටිකලකින් මියයන නමුත් දරුවන් ජීවිත කාලයක් ඒ සහකරුවා සමග ජීවත් විය යුතු නිසාවෙනි. පොරන්දම් ගලපලා කරන මඟුල් කැඩිලා යන්නත් හේතුව නොගැලපීම බව සියලුදෙනා සිහියේ තබාගත යුතුයි. ඒ වාගේම අන් අයගේ සතුටට දියුණුවට බාදා කරන කේලම් බොරු පවසන්නන්ට මෙන්ම මත්ද්‍රව්‍ය අවිආයුධ ව්‍යාපාර කරන්නන්ටද අවසානයේ අයිති වන්නේ තිරිසන් ආත්ම හෝ පහත් මිනිස් ආත්ම බව සිහියේ තබාගත යුතුයි. එසේ නම් උසස් මිනිස් ආත්ම ලද නුබලා නොපමාව පිං දහම් කරන්නට සිහියේ තබාගත යුතුයි. මේ තීන්දුව මොවුන්ගේ කර්මයේ සටහන් කරන ලෙස රෙජිස්ටාර් වරයාට නියම කර යමරජු තීන්දුව අත්සන් කල පෑන කඩාදමා ආසනයෙන් බැසගියේය.

ඒ වනවිට වේලාව අපායේ සම්මත වේලාවෙන් අලුයම එකට ආසන්න විය. අමරදාස කලුකෝට්තුමත් මා හිතාදර චන්දරේ අයියාත් පැමිණ මා හට සතුට පලකල අතර අච්චුලද සුභාගේ මව හැර අනෙත් දෙදෙනා රැගෙන යනු මා බලාසිටියෙමි. කෙමෙන් කෙමෙන් සුභා නංගී වෙත ගිය මා ඇයවද අනෙක් දෙදෙනාවද කැටිව යලිත් ගිනිකන්නාස් ඉන් වෙත ගියෙමි. අප දෙදෙනාට කතාකරන්නට ඉඩදී චන්දරේ අයියාලා පිටත් වුයේ අලුයම දෙකට යලි පැමිණෙන බව මට පවසාය. වසර විස්සකින් මුණගැසුණු අපට කතාකරන්නට බොහෝ දේ තිබුණි. සොදුරු පේරාදෙණිය සරසවියේ ගතකල ඒ මතකයන්ද අපේ සමකාලීන් මිතුරන් ගැනද අප දෙදෙනා අත්වැල් පටලා තනිකුඩයෙන් ගිය ගමන් පිලිබදවද යලිත් ආවර්ජනය කර රසවින්දෙමු.
"උඹව මට නොලැබුනොත් මම උඹව මරනවා
කිව්ව තරමට මම ඔයාට ආදරේ කලා..
එත් උඹව මරන්න තියා උබේ ඇස්වලින් වැටෙන
කදුලක්වත් මට දරාගන්න බෑ..
එහෙම ආදරේ කරපු මට උඹ නැතුව
ජීවත් වෙන එක හිතාගන්න බෑ..
මම උඹව ලෝක දහස් ගාණක හොයනවා
ආත්මභව දහස්ගාණක පතනවා
උඹ මගේ වෙනකම්ම".....

වේලාව ආසන්න වෙත්ම චන්දරේ අයියාත් සුභා නංගීත් සමග යලිත් ආපායේ ආගමන විගමන කාර්යාලය වෙත ගියෙමු. පිටවීම් පර්යන්තනයේ ඇත්තේ දෙපස මල් පිපුන මීදුමින් වැසී ඇත් මාර්ගයක්ය. එහි සිටි ආගමන විගමන පාලකවරයා අප පිලිගෙන පලමුවෙන්ම මගේ නඩුතීන්දුව ප්‍ර‍කාර‍ව දත්ත සකස්කර අලුයම දෙකයි තිහට ආසන්න වත්ම දැන් පිටත් වී යාමට හැකි බව දැන්වීය.
මම චන්දරේ අයියාටත් අමරදාස ලෝයර් මහතා නොහොත් කලුකෝට් හටත් මාහට කල උපකාර වෙනුවෙන් ස්තූති කලෙමි. සුභා නංගීව මම සිප වැලදගෙන අවසානයේ පිටවීමේ මාර්ගය ඔස්සේ මම ඉදිරියට පියමං කෙරුවේමි. දෙපස සිටි ආරක්ෂක නිලධාරීන් හිස නවා ආචාරකරන්නට වු අතර කෙමෙන් කෙමෙන් ඉදිරියට යද්දී මීදුම වැඩි වු අතර ඉතාමත් සැහැල්ලුවෙන් පාවීයන්නාක් මෙන් දැනෙන්නට විය.
එසේ ඉදිරියටම ගියේ ශ්‍රී ලංකාව නැමැති පුංචි රටේදී කොතනකදී හෝ මතු කවදාහෝ ඉරණම් ප්‍ර‍කාරව සුභා නංගීව යලි හමුවීමේ ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන‍ය.
*****නිමි*****
පසු සටහන
  • දීර්ඝ ගමනක් අවසන් වන්නේ ප්‍රේමවන්තයින් මුණගැසීමෙන් යැයි පැරණි කියමණක් ඇත නමුත් සැබෑ පෙම්වතුන්ට හණමිටි අදහස් ඇති වැඩිහිටියන්ගේ අමනා ක්‍රියාවන් නිසා එක්වන්නට ලැබෙන්නේ නැත ඒම හේතුව නිසා කොපමණ පිරිසක් අසරණව රහසේ කදුලු සලනවා ඇත්ද එබැවින් මෙය ඔබේද මගේද කථාවයි.
  • කෙටිකථා හෝ නවකථා යනු අනුන්ගේ මනැස් විග්‍ර‍හ කෙරෙන්නක් බව බහුශ්‍ර‍ැතයෝ පවසති. මට අනුන්ගේ මනැස් විග්‍ර‍හ කරන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැත එම නිසා මම මගේ මනැස හා නැගෙන සිතුවිලි පමණක් විග්‍ර‍හ කරගතිමි.
  • මෙම කථාවේ හමුවු පුද්ගලයින් හදුන්වන චරිත නාමයන් පමණක් කල්පිත වන අතර සියලුම ප්‍රදේශයන්ද චරිතයන්හි විස්තර වන චරිත ස්භාවයන්ද සියල්ලම මට හමුවී දැක ඇති සත්‍ය ඒවාම වෙයි.

ඒ වගත් මෙස්මැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....................

8 comments:

  1. හරිම අපූරුයි... පස්සේ ආවට ඔක්කොම කියෙව්වා... වෙනස් විදිහක කතාවක්... බොහොම ආසාවෙන් කියෙව්වේ...
    ඔයාගේ අදහස පිළිගන්න පුලුවන්.... ආදරේ කරලා එක් වෙන අය උනත් ඒ අයගේ දරුවන්ට ඒ නිදහස නොදෙන අවස්ථා තියනවා...

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මුලින්ම පැමිණියාට සහ අදහසට ස්තූතියි.
      එහෙම නිදහස නොදෙන එක නම් දෙදෙනාටම තද බලපෑමක් අතිවෙනවා.
      දරාගැනීමේ හැකියාව අවසන් උනදාට??

      Delete
  2. පලමු කොටසේ ඉඳලා පස්වන කොටස වෙනකන් කතාව ලස්සනට ලියලා තියනවා. ආසාවෙන් කියෙව්වා. අන්තිම කොටසනම් හදිස්සියෙන් ලියලා තියෙන්නේ. නඩු තීන්දුව අග ඉඳලා මුලට ලියුවනම් කතාවෙ අවසානය වෙනකන් කුතුහලය තියාගන්න තිබුනා.
    අන්තිමට කතාව ඉවර කරලා තියෙන්නේ තනිකරම හසරංගට ඕන විදියට. සුභාට එයාගෙ හිතේ තියෙන දේවල් කියන්න මීට වඩා අවස්ථාවක් දෙන්න තිබුනා කියලා හිතනවා.

    //පසු සටහන//
    හණමිටි අදහස් නිසා අසරණව රහසේ කදුලු සලපු අතීතයක් තිබුන හින්දා ඒ වේදනාව කොච්චරද කියලා දන්නවා. එක්කො කොහොමහරි ලබගන්න නැත්නම් අතහරින්න​. ඒත් සුදු පූසො ලබන ආත්මෙදි හරි ලැබෙන්න කියලා අල්ලගෙන අතහරින්න එපා. ඒකෙන් වෙන්නේ ඇස්වල කඳුලු පුරවගෙන මම ගොඩක් සතුටින් ඉන්නවා කියලා කියන්න​.

    ReplyDelete
    Replies
    1. සුභාට එයාගෙ හිතේ තියෙන දේවල් කියන්න මීට වඩා අවස්ථාවක් දෙන්න තිබුනානම් හොදයි නමුත් එයාට ඒ අවස්ථාව අපායෙන් දුන්නේ නෑනේ
      කොහොමහරි ඉලක්කය ජය ගන්න තමයි උත්සහය.
      අදහසටත් පැමිණියාටත් ස්තූතියි..

      Delete
  3. පහුගිය දවස් වල බ්ලොග් වලට වැඩිය කමෙන්ට් කළේ නැති වුණත් මම කතාව නම් වරද්දන්නෙ නැතුව කියෙව්වා..

    ආ එහෙනම් කතාව එහෙමලු ඉවර වුණේ.. එයාල ආයෙ හම්බ වෙනවා නම් ඉතින් හොඳයි.. කතාව නම් රසවත්..

    ReplyDelete
    Replies
    1. එහෙම හම්බවෙනවානම් මාත් බොහොම කැමතියි සිතූ.
      ඒත් කවුද දන්නේ මොනවා වෙයිද කියලා.
      ඇත්ත කියනවානම් මටත් කටුබැද්ද කජුකැලේ මතක් වෙනවා
      අදහසට ස්තූතියි දිගටම එන්න මේ පැත්තේ

      Delete
  4. මුළු කතාවම කියෙව්වා බොල. අගෙයි කතාව.

    ReplyDelete