Saturday, August 20, 2016

ඔලුබක්කන්ගේ නැටුම සහ හිතහොද ජම්බු තුමා

ලියාගෙන පැමිණි කථාව අනුව නම් කැම්පස් කටුබැද්දේ ඉතිරි මතක සටහන් ලියවිය යුතු උනත් එක දිගට ලිවීම නීරස වන නිසාවෙන් අද වෙනත් මතකයක් අවදි කිරීමට සිතුවෙමි. මතකයත් සමග අතීතයට යන විට නැවතුන වසර 2005 වසරයි. මේ වසර අපි කොට කලිසමින් සැරසුණු අවසන් වසර වූ අතර වසර භාර ආචාර්ය වරයා වශයෙන් සිටියේ එදා මෙදා තුර අපට හමුවු මතක්වන විටත් සිනහා යන අන්වර්ථනාමයන් රාශියක හිමිකරු වූ අබේසිංහ බංඩා මහතාය.
මම හිටපු මැංගුස් ගහ යට පන්තියට මේතුමා ඉගැන්නුවේ නැතිවුනත් අනිත් පන්තිවලට ජීවන නිපුනතා උගන්නපු මෙතුමට තිබුබා අලි නහයක්. ඉතිං අපි ආදරේට කිවුවේ පිණි ජම්බුවා කියලා අපිට මල පැන්නම කිව්වේ ජම්බුවා කියලා. මෙතුමා පහර දෙන්නේ කොයිවෙලෙත් පස්සටමයි. පශ්චාත් කලාපය හරහා එල්ල කරන ස්විප්කට් ප්‍ර‍හාරය හින්දා පුකමරුවා කියන සුවිශේෂී නාමයෙන් මෙතුමව රෙජිස්ටර් කරලා තිබ්බා. ඒ අතර තුර ජම්බුතුමාට තිබුණා නායකයෝ දුසිම් ගානක් පන්තියකට පත්කරන්න. නායකයෝ වැඩි උනාමත් ඉතින් වැඩේ අල වෙනවනේ මගේ මතකයේ හැටියට

  • විනය නායක - පන්තියේ විනය ආරක්ෂා කිරීම(පන්ති නායකයා නමට පමණි)
  • වැසිකිලි නායක - වැසිකිලි සුද්ධ පවිත්‍ර‍කරීම මොහුගේ වගකීමයි
  • ඇගයීම් නායක - ඇගයීම් වල ලකුණු සටහන් කල යුතුය.
  • දවසේ නායක - වසරේන්ම එක් අයෙකු දවසේ නායක වී සෑහෙන පරිප්පුවක් දවස පුරා අනුභව කල යුතුය.
  • ඒස් 5 නායක - පංතියේ එස්5 සංකල්පයට අනුව පවත්වාගෙන යාම මොහුගේ රාජකාරියයි.
උදේට පහන තියන තැන ඉදලා ඉස්කෝලේ ඇරෙනකම් හැම මඟුලටම නායකයෝ පත් කරලා උන්නා.මටත් සාරධර්ම නායක කියලා පට්ටමක් හම්බවෙලා තිබුණා.හැබැයි මගේ සාරධර්මේ වැඩිවෙලා වැඩපැහැර හැරියා කියලා මේකා මට මාස හයක් පන්තිය අතුගාන්න නියම කලාට මම අතුගෑවේ නෑ මොකද මගේ අතේ වරදක් නැති නිසා. ඊලග දවසේ සුපුරුදු ස්වීප්කට් පහර කාල ගෙදර ගිහින් කිව්වම අපේ පියතුමා ඇවිල්ලා මේ පිස්සු කෙලින ජම්බුතුමාට ජාතිය අමතලා ගියහම තමයි මට වදදෙන එක ජම්බුවා නතරකලේ.(අතුනොගෑවේ මට ඒ කාලේ දරුණුවටම හතිය තිබුණා.දූවිල්ල ගිය ගමන් වැඩිවෙන හින්දා මෙඩිකල් දීලත් තිබුනේ කොහෙද ජම්බුතුමාට කිවුවට පිලිගත්තේම නෑනේ)
මෙතුමා කරපු හොදවැඩ ගැනත් නොකියාම බෑ. එතෙක් අඩපණ වෙලා තිබුබ සාහිත්‍ය සමිතිය දෙසතියකට වරක් පවත්වන්න කටයුතු කලේ මෙතුමගේ මැදිහත් වීමෙන් අනිවාර්යෙන්ම හැම පන්තියකින්ම ඉදිරිපත් කිරීමක් භාර අරගෙන කල යුතුව තිබුණා. ඔලුබක්කන්ගේ නැටුම සම්බන්ද වෙන්නේ මෙන්න මෙතන ඉදලයි. එදා සමිතියේ අවස්ථාව උදාවෙලා තිබුණේ 9-F නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට. ඒකාලේ ටිකක් අලි ඔලුවෙන් ඉදපු පන්තියක්ය කියලා අනිත් පන්ති ටික හිතන් උන්න මේ පන්තියේ අයගේ ඉදිරිපත් කිරීම බලන්නයි අපේ සූදානම. ඉස්සෙල්ලා අවේ ඔහුන්ගේ පන්තියේ නිවේදක තැන්පත් ධනංජය. ඒ කාලේ කිසිම අසුරක් නැති උනත් වර්ථමානය වෙනකොට මේ කියන පන්තියේ හැම එක්කෙනාම නිරන්තරවම පොදු වැඩවලදී එකට කටයුතු කරන මගේ හොදම යාලුවෝ.
තිරය විවෘත වෙනවාත් එක්කම ඇසුනේ පහත ගීතයයි.


"නැත්තේ මොලේ පිලිගන්න සැකේ
ඔලුබක්කෝ අපියි සිරි ලංකාවේ"

මේ කියන කාලේ හිටපු ප්‍රසිද්ධම දේශපාලන චරිත වගේ ඇදගෙන තමයි මේ සිනුදුවට කට්ටිය නටන්න ආවේ. තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න මෙයාලා තමන්ගේ මුහුණත් තහඩු ටික පෙට්ටියකින් වහගෙනයි ආවේ මෙන්න මේ වගේ.
තම තමන්ව අදුරගන්නවට මූණට පෙට්ටි දාගෙන ආවත් මම රනිල් වික්‍ර‍මසිංහ විපක්ෂ නායක විදිහට ඇදගෙන රඟපාපු නලුවාව නම් අදුරගත්තා කිසිම අපහසුවකින් තොරවම. එදා ඒ නටපු අනිත් අය කවුද කියලා දැනගෙන හිටියේ ඒ පන්තියෙම උදවිය තමයි. වෙනදට වඩා වෙනස්ම ඉදිරිපත් කිරීමක් නිසා ඔලුබක්කෝ ටික නැගලම ගියා. ටික වෙලාවක් යද්දී ආණ්ඩු පක්ශෙයි විපක්ශෙයි දෙමල සංධානෙයි ස්ටේජ් එක උඩ එකාට එකා හැප්පෙන්න ගත්තා. නටනවා ඒ වගේම හැප්පෙනවා නිකන් අන්ධයෝ ටිකක් ඩාන්ස් කලා වගේ. එදා ඒ එකපාරටම අන්ධයෝ උනේ ඇයි කියන එකට උත්තරයක් නම් එදා හොයා ගන්න බැරි උනා. 

මේ සිදුවීමෙන් වසර දොලහකට විතර පස්සේ මෑතකදී අපි සංවිධානය කරපු පොදු වැඩකට ආව වෙලාවේ එදා හිටපු නිවේදක තුමාගෙන් මම ඇහුවා මචන් ඔලුබක්කෝ නැටුම ගැන කියහන්කෝ උඹලා ඇයි එකම තැන හැප්පි හැප්පි නැටුවේ කියලා?
මචන් මෙහෙමනේ බන් ඕක උනේ. අපේ පාලින්ද සර් තමයි ආදී කල්ප කාලයක් පරණ කැසට් තොගයක් උස්සන් ඇවිල්ලා එක එක දාල බලලා ඔය සින්දුව තෝර ගත්තේ. 

මම තමයි බන් ඕක හොදයි කියලා කිව්වේ. ඊට පස්සේ දවස් ගානක් හවස් වරුවේ පුරුදු උනා බන් නටන්න. පාලින්ද සර් පුරුදු කලා නියම නැටුමක් නටන්න ආයේ කාතා කරලා වැඩක් නෑ. අපි අර දාගෙන උන්න පෙට්ටි හැදුවේ එදා උදේ ලැබ් එකේදි. අපි ප්‍රැක්ටිස් කරද්දි පෙට්ටි දාගන්නේ නැතුවනේ පුරුදු උනේ. ඉතින් අර පෙට්ටිය ඔලුවේ නමාගත්තම මුකුත් පේන්නේ නැතුව ගියා. ඒක හින්දා හරියට පුරුදු වෙච්ච එකත්වත් නටා ගන්න බැරි උනා. හු පාරවල් කන්නේ නැතුව හැප්පි හැප්පි හරි නටලා බේරුන එකම මදිද බන්.

පසු සටහන

  • මේ විස්තර කල පන්තියේ මිතුරන් වර්තමානය වන විටත් එකමුතුව එකාවන්ව කටයුතු කරමින් සිටින්නේ අප සාමාන්‍යපෙලට මුහුණ දී වසර නවයකට පසුත් වෙනත් කිසිදු පන්තියක නොවුවිරූ ලෙසටය. අනෙක් පන්ති අතර මෙවැනි මිතුරු බැදීම් නැත්තේය. මෙය එදා ඔලුබක්කන් ලෙස වේදිකාව සැරසූවන්ට හා මේ පිලිබදව මාගේ මතකයද අවුස්සා මා නොදත් නිධාන කතාවද පැවසූ මිත්‍ර‍යාටත් ස්තූතිය පලකරමි. 
  • ජම්බුතුමා ගැන කියනවානම් ඒ කාලේ අපහට මහත්ම ඇණයක්ම විය. පිස්සුවෙත් හොදම පිස්සුවක්වූ නායකත්ව මේනියාවත් පරිවාස මේනියාවත් නොතිබුණානම් ගුරුවරයෙකු ලෙස හොද මිනිසෙකි.
    වරක් අ.පො.ස සාමාන්‍යපෙල ප්‍ර‍ශ්ණපත්‍ර‍ මිටියක් අසල මාර්ගයක දමා යන්නට තරම් මෙතුමා පුංචි පහේ හපනෙක් විය.
  • මේ පන්තියේ සිට ක්‍රියාත්මක වූ "Sri Lanka CIA" නම් රහස් පරීක්ෂණ කණ්ඩායමත් එයින් යවන්නට යෙදුනා වූ ඉලඇදෙන වරෙන්තුව ගැන මතකය ඉදිරියට...

ඒ වගත් මෙසේම අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වෙමි...


30 comments:

  1. mehema kalekuth apita thibuna. Sonduru atheethayak.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ධනංජය එහෙම සුන්දර කාලයක් අපිට තිබුනා නේද? මටත් වඩා හොදට මේ කතාව දන්න කෙනෙක් නොවැ.
      සංවේදිතා ගී දැහැන මතකද ජම්බු තුමාගේ

      Delete
  2. Pusoo oya kiyana panthiya thamai 9 wasare cricket kusalane dinuweth ������

    ReplyDelete
    Replies
    1. අබේසිංහ බණ්ඩා අභියෝගතා කුසලානය කොහොම අමතක කරන්නද??
      ක්‍රිකට් ඔස්තාර්ලා කියලා හිතාගෙන හිටපු මැංගුස්ගහ යට අපේ පන්තිය පරද්දලා උඹලා කප් එක ඉස්සුවා මතකයි..

      Delete
  3. osthaarlaa palaweni watayenma gedara giyaa.

    ReplyDelete
    Replies
    1. කතා කරන්න එපා විහිලැජ්ජයි. අපේ උන් ගියේ කප් එක අතේ තියාගෙන.
      හැබැයි පරාදයි.

      Delete
  4. වර්තමාන කියල හදපන්. එතකොට පෝස්ටුව තව ලස්සන වෙයි.

    ReplyDelete
    Replies
    1. පැමිණියාට හා උපදෙසට බොහෝම ස්තූතියි. නිවරදි කලා

      Delete
  5. අපි ඉස්කෝලේත් english medium පන්තියේ සෙට් එක තාමත් එකා වගේ එකට ඉන්නවා. ඔය එකිනෙකා ස්පර්ශ වෙමින් dance කරේ පන්තියේ හිටපු වල් කොල්ලන් වෙන්න පුලුවන් හික් හික්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ වල් හින්දා නෙවෙයි ශලිත හදාගෙන ආව පෙට්ටි ඔලුවට දා ගත්තම මෙලෝ සංසාරයක් පේන්නේ නැතුව ගිය හින්දා

      Delete
  6. අඩෝ පූෂා.. ඇයි අනිත් සින්දුවත් කියපන් ඉතිං ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා කියලා
    මට ඉතින් එදා නලුවෝ ලිස්ට් එකම කියන්න පුලුවන් ඉතිං ඒත් හරි නෑනේ...

    ReplyDelete
    Replies
    1. thanks mathak kalaata. naluwo list eka dan apitath mathaka na ban. kiyapanko matakanam.

      Okkotama kalin ube nama kiyapanko

      Delete
    2. බල්ලගේ සැර අනේ යකෝ දනංජය මම කවුද කියලා උඹ හිතාගනින්
      පෙත්තා අයේෂ් ජපුර විරාජ්යා ගල්පාතයා මෙඩිකල් උදාරයා කැලණියේ පොඩ්ඩා. සෝලා හිටියද කියන්න මතක නෑ.
      මැංගුස් ගහයට කිවුවේ කමලා මිස්ගේ පන්තියද? හෙණයයි මානයයි උන්න

      Delete
    3. ඇනෝතුමා රාජ්‍ය රහස් පිලිබදව හෙලිකරනවනම් නමෙන් කොමන්ට් කරමු නේද? මැංගුස් ගහ යට පන්තිය 2005 බාර හිටියේ කමලා ජිනදාස මිස් තමයි. මානයයි හෙණයයි උන්නේ මේ පන්තියේ තමයි 9-A

      ලොවේ සැමා අනේ මමනම් දන්නේ නෑ ඒ සීන් එක

      Delete
    4. Haako poosoo. Ambuluwagala gya ewath liyapan

      Delete
  7. පට්ට බං. කාලෙකිං ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී කාලෙකට පස්සේ අලුත් තැන ජංජාලේ හදා ගත්තද?

      Delete
  8. ඔන්න මම නම් කියෙව්වා. මට තාම වයස 13යි. මමත් බ්ලොග් එකක් කරනවා. පූසෝ ඔයාගෙ බ්ලොග් රොලෙට මෙකත් ඇඩ් කරගන්න කෝ.
    http://ranwanmakara.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇඩ්කරගත්තා මලයෝ..

      Delete
  9. පූසා උඹත් බණ්ඩෙක්ද​?

    ReplyDelete
    Replies
    1. එසේය. ලබුතලේ සුදස්සන හිමි වැඩසිටි පාසලේ ස්වර්ණමය යුගයේ අභිමානවත් වාණිජ අංශයේ සාමාජිකයෙක්මි.

      Delete
    2. මම නම් බණ්ඩෙක් නෙවි... ඔය ජම්බුතුමෙක් ගැන වෙනත් බ්ලොග් එකක කියෙව්වා මතකයි.. මතකය හාරා අවුස්සලා බැලුවා.අර අඩවි රජා (බ්ලොග් කොටා/වල්රජා)ගේ බොගේ තිබිලා තමයි කියෙව්වේ...

      Delete
    3. අඩවි රජා නොහොත් හර්ෂණ සිටියේද මගේ සමාන්තර පන්ති තුලය මතකය නිවරදි නම් 9-H පන්තියේය. ජම්බුතුමා ගැන තවත් විස්තර හා අබැද්දි මගේ මතකයේ ඇතත් සැර වැඩිවෙයිදෝ සිතා නොලිව්වෙමි.

      Delete
    4. ඔන්න ලියලා දාපං බන්....

      Delete
    5. ඉදිරි දිනකදී මතකය පහරා ලියමි.

      Delete
  10. මම 1988 -1996. අපේ පංතියෙත් හිටියා පූසෙක්. මම එකපාරටම හිතුවෙ ඒ පූසා කියලා. බැලින්නම් උඹ වෙන පූසෙක්නේ. සුබ පැතුම් උඹේ බ්ලොගයට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි පැමිණියාට. ඒ කියන්නේ තවත් පූසෝ ඉදලා තියෙනවා.
      ඔබ කොමස්ද? ආර්ට්ද? සයන්ස්ද?

      Delete
    2. මම අාර්ට් කළේ මල්ලි. මමත් බ්ලොග් තුනක් කරනවා. http://patayakagepituwa.blogspot.com/
      http://godayage-adaviya.blogspot.com
      http://aluthaupankavi.blogspot.com

      Delete
    3. මම 2002-2010 කොමස් එකේ නිමල්සිරි කරුණාරත්න සර් සෙක්ෂන් හෙඩ් හිටපු කාලේ

      Delete