Thursday, August 4, 2016

කජුකැලය හරහා කටුබැද්ද මතක තෙවන දිගහැරුම - දොස්තර නෝනාගේ දැනමුතුකම් සහ බ්ලඩ් ප්‍රෙශර්


පලමු දිගහැරුම
දෙවන දිගහැරුම


අද කියන්නට යන්නේ මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ ගත කල කාලසීමාවේදී මුණ ගැසුණු තවත් අපූරු චරිතයක් ගැනය. ඉහත ජායාරූපයේ ඇත්තේ මොරටු සරසවියේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයයි. මේ තුලද ඉතා රසවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම වූ අතර මෙහි සිටි ලොකු දොස්තර නෝනාගේ නම දැන් මට මතක නැති වුවත් ඇය එක්තරා විනෝදකාමී තැනැත්තියක් ලෙස ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසුනට අධිපතිව සිටියාය. මාගේ මතකය අනුව ඇයට අමතරව කාර්ය මණ්ඩලය ලෙස තවත් වෛද්‍ය නිලධාරියෙකු, සිසුන්ගේ දත් ගැලවීමට හපන් දත් දොස්තරවරයෙක් හෙද නිලධාරීන් ඕෂධවේදියෙකු ඇතුලු පිරිසකගෙන් සමන්විත විය.
සල්පිටිකෝරාල මහතා නැතිනම් මගේ කලමණාකාරතුමා සමග යම් අවශ්‍යතාවකට සෙනට් බිල්ඩිමට ගිය විට ඔලුව කැක්කුමක් ඇතිවූ නිසා බෙහෙතක් ඉල්ලා ගැනීමට  වෛද්‍ය මධ්‍යස්ථානයට යන්නට සල්පිටි මහතා මටත් කතාකල බැවින් අපි දෙදෙනා වේගයෙන් පඩිපෙල බැස ආපු වේගයෙන්ම පාරමාරුවී වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුල්වීමු. ලොකු දොස්තර නොනා නොසිටි අතර අනෙක් වෙදදුරු තෙමේ සල්පිටි මහතාගේ ප්‍රෙෂර් බලා ලුණු නැතුව ඇඹුල් අඹයක් කෑ අයෙකු මෙන් මූණ ඇඹුල් කර ගත්තේය.

මිස්ටර් සල්පිටි හාට්බීට් ඒක  ඇබ්නෝමල් ඒවගේම ප්‍රෙශර් එකත් හොදටම වැඩියි. ඔලුව රිදුනෙත් මේ හින්දා තමයි. මම මේ දෙන බේත් ටික වරද්දන්නේ නැතුව ගන්න ඒ අතරේ කොලොස්ටරෝල් ටෙස් කරගන්න යැයි පැවසු වෙදදුරු තෙමේ වීරක්කොඩි ලවා බෙහෙත් පිරවූ මලු කිහිපයක් අත තැබීය.
සල්පිටි මහතා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් එලියට බැස්සේ ඇමතිකමක් නොලැබුණ මන්ත්‍රීවරයෙකු අරලියගහ මැදුරෙන් එලියට බසින්නාක් මෙනි. මද දුරක් ගොස් මට ඔහු පැවසුවේ බලහන් මගේ ලමයි දෙන්නත් තාම පොඩියි ලෙඩ උනොත් මම විනාශයි කියලාය. එක් වරම පිටුපසින් කිසිවෙකු අමතන හඩක් ඇසුනි.
ඒයි ඒයි දෙන්නා කොහෙද ඔය යන්නේ මලු ටිකකුත් උස්සගෙන යනුවෙන් අපෙන් ඇසුවේ එතෙක් අතුරුදහන්ව සිටි ලොකු දොස්තර නෝනාය. මෙහේ එන්න මෙහේ එන්න කියමින් අපවත් රැගෙන ඇගේ කුටියට ගිය ඇය දෙන්න බලන්න මේ මොනවද කියලා යැයි පවසා අතේ තිබූ බෙහෙත් මලු මේසය මතට හැලීය.

දෙයියනේ මේවා දෙන්නේ හාට් ප්‍රේෂන්ට්ලටනේ මිස්ටර් සලපිටි ඔයාට ඇති ලෙඩක් නෑ යැයි පවසා අර බෙහෙත් සියල්ලම කුණු කූඩයට විසිකර දැමීය. සල්පිටි මහතා ඩොක්ටර් මගේ ප්‍රෙෂර් එකත් වැඩී යැයි පැවස් විට ඇය කිව්වේ ඈත ඉදලා දුවගෙන ආවහම ප්‍රෙශර් වැඩිවෙනවා තමයි මිස්ටර්. මම දැක්කනේ දුවගෙන ආව ස්පීඩ් එක කොහොමද කියලා. පසුව යලිත් බලන විට නාඩි වේගය පැවතියේ සාමාන්‍ය තත්වයේය. එදා ඇය මුණගැසුණේ නැත්නම් සල්පිටි මහතා නිකරුණේ රෝගී වෙමින් හිතෙන් දුක් විදිනවාය. 

අවසාන වශයෙන් අධ්‍යන වර්ෂ 2014/15 සදහා නවක සිසුන් සරසවි ලියාපදිංචිය සිදුකල දින ඇය සිසු සිසුවියන්ට ‍වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාදුන් උපදෙස් මාලාවෙහි මෙග් මතකේ රැදුණු ෙකාටසින් අද ලිපිය අවසන් කරන්නට සිතුවෙමි.

"ලමායි ඔයාලා ඒග්සෑම් වලින් රිපීට් වෙන එ්ක මට ප්‍රශ්ණයක් නෙවෙයි

කැන්ටිමේ කෑම වලින් බඩයන්න ගත්තත් ඒකත් මට ප්‍රශ්ණයක් නෙවෙයි

පැපොල සරම්ප වගේ ලෙඩක් හැදුනත් 
ඒකත් මට ප්‍රශ්ණයක් නෙවෙයි

But specially ladies got pregnant, It is big problem for me
 Immediately come and meet me.because I can sign yours marriage"

*******
පසු සටහන
  • මේ සටහන තබන මේ මොහොත වන විට දොස්තර නෝනා සරසවියේ සේවයෙන් නික්ම ගොස් ඇති බව මම දැනගත්තේ පසුගිය දිනක හදිසියේ කජුකැලේ පැත්තට ගිය වේලාවේදීය.
  • සාමාන්‍යයෙන් සරසවි සිසු කාණ්ඩයන් එකමුතුව සිටිනා පිරිසක්ය යන බව සියල්ලන්ම හොදින් දන්නා කාරණාවක්ය. නමුත් එසේ බැච් එකේ එකෙකුට එකෙක් නැති අරුම පුදුම කණ්ඩායමක් අධ්‍යන වර්ෂ 2014/2015 යටතේ සිටින බවත් ඒ පිලිබදව රසකතා ගොඩක් මේ ලගකදී අසන්නට ලැබුණි. දිවයිනේ සතරදිග්භාගයේ මොලේ අනිත් පැත්තෙන් සිතනා හතලිහක පිරිසක් පමණක් සිටිනා මෙහි රසකතා කිහිපයක් ඉදිරියේදී ලියන්නට අදහස් කරගෙන සිටිමි.


ඒ වගත් මෙසේම අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදු පූසා වම්හ....

20 comments:

  1. ඔය සලපිටි කතාව ඔය විදිහටම වෙලා තිබුනා සරත් ලංකාර්‍පීය මහත්තයට , එයා එයාගේ බ්ලොග් එකේ ඒක ලියලත් තිබුනා ...වෙනසකට තියෙන්නේ සහයට ඩැනි කෙනෙක් නොහිටපු එක විතරයි

    ReplyDelete
    Replies
    1. ආහ් එහෙමද අටං අයියේ. මේක නම් සත්‍ය වශයෙන්ම කටුබද්දේ සිදුවෙච්ච දෙයක්
      ලංකාප්‍රිය මහත්මයාගේ බ්ලොග් එකට යන්න ලිංකුවක් දාන්නකෝ

      Delete
    2. ඒ මහත්තැංගෙ බ්ලොග්ගුවට අපි වගේ සාමාන්‍ය එවුවන්ට යන්න දෙන්නෙ නෑලු දැං. හැක්..

      http://lankapriyagesithivili.blogspot.com/

      Delete
    3. අැත්ත තමා බ්ලොග්ගුව අැතුලට යන්න අවසරයක් නැත කියලා blogger කියන්ෙන්

      Delete
  2. හපොයි දොස්තරල. බෙහෙතක් ගන්න යන්නත් දෙපාරක් හිතන්න වෙනව හිටං.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ප්‍රසන්න අයියේ. දකුණු කකුලේ අසනීපෙට වම් කකුල කපන ජාතියේ අය ඉන්නේ

      Delete
  3. අර පෙෂර් එකට බේත් දුන්නේ "හොර උපාදි කඩේනික් උපාදියක් සල්ලිවලට ගත්ත" දෙස්තර කෙනෙක් වෙන්ටැ

    ReplyDelete
    Replies
    1. බොහෝවිට වෙන්නත් පුලුවන්. සල්ලිවලට ගත්තා කියලාතියෙනවා දැක්කොත් නෙවිල් ප්‍රනාන්දු එයි කඩුවත් අරගෙන හැක් හැක්..

      Delete
  4. අඩේ අපේ දොස්තර ඇන්ටි ගැනද මේ කියන්නේ. අයියෝ සංසාරේ විනෝද සාගරේ
    අපේ බැච් එක ගත්තු තාලෙත් ඔය අන්තිම කතා කෑල්ල ඔය විදිහටම කිව්වා.
    මමත් ෆැෂන් 2010/11 බැච් එකේ

    ReplyDelete
    Replies
    1. ෆැෂන් ඩිසයින් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක බැදිච්ච මගේ අමතක කරන්නම අමාරු මතකයන් ගොඩක් තියෙනවා ඇනෝ..
      ඇනෝ එක දවසක් හරි මගෙන් මහපොල ගත්තා නම් මට අමතක වෙන්න විදිහක් නෑ 2010/11 කිහිපදෙනෙක්ව මම දන්නවා

      Delete
  5. හපොයි ඔය දොස්තර මහත්තය ඔහොම තමයි.

    කැම්පස් ගිහිපු අලුත අනිවාර්යෙන් කරන්න තියන ටෙස්ට් වගෙයක් ඉවර වෙලා, 60ක් හිටපු කණ්ඩායමේ 30 දෙනෙකුට ම කියල තිබුණ ඔබේ හදවතේ හිලක් තියනව කියල. ඒ ළමයි ඔක්කොම ගෙවල් වල ගිහින් කියල ගෙවල්වල මිනිස්සුත් බය වෙල, ආපහු හොස්පිට්ල් එකෙන් චෙක් කලාම, මුකුත් ප්‍රශ්නයක් නැතිලු.

    ඕක දැනගත්තට පස්සේ ගොඩක් අය, ලේඩි ඩොක්ටර් නොහිටියොත් ආපහු හැරිල එනව. නැති ලෙඩ වලට බෙහෙත් බොනවට වඩා හොඳයි තියන ලෙඩේ ඉවසගෙන ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. 60 ක් හිටපු කණ්ඩායමක් නම් මම හිතනවා මේ මානවිකාව ආර්ටි ඩිපාර්ට්මන්ට් එකේ ඩිසයින් කෝස් එකේ වෙන්න ඇති කියලා. ලමයි ටිකට හාට් ඇටෑක් හැදුනේ නැද්ද ඕක අහලා.
      මම මේ ලගදි ගියාමනම් අලුත් දෙන්නෙක් උන්නේ. ඔය දොස්තර හොදහිත දවසක් මට කියපු දේකට මට තරුපෙනුනා මහ දවාලේ.
      පැමිණියාට හා අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
    2. පූසා මගේ ඩිපාට්මන්ට් එක ගැන අහපු නිසා, කියන්නම්, මම BSc මැවිසුරු උපාධිය කළේ. එක වරකට 1000+ ඉන්ටේක් එකක් එන නිසා, ඩිපාර්ට්මන්ට් වෙන් කරන්න කලින් (ෆීල්ඩ් සිලෙක්ෂන් වලට කලින්) බැච් එක 66 බැගින් කණ්ඩායම් වලට බෙදනවා. ඔය චෙකප් එහෙම කරන්නේ ෆීල්ඩ් බෙදන්න කලින් ආපු ගමන් නේ. එතකොට කණ්ඩායමේ 66යි.

      ඔබ කියන ඩිපාට්මන්ට් එක, "ඩිපාට්මන්ට් ඔෆ් ඉන්ටෙග්‍රටෙඩ් ඩිසයින්" විය යුතුයි. එය අයිති "ආකිටෙක්චර්" ෆැකල්ටි එකට. ආට් පමණක් නෙවෙයි එහි සියලු අංශ වලින් උසස් පෙළ කරපු සිසුන් ඉන්නව.

      මම මහපොළ අත්සන් කරපු කාලේ පූසා හිටියාද? මම 2009 සිට 2013 දක්වා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. පිට වෙලාත් 2015 සැප්තැම්බර් වෙනකම් එහිම සේවය කළා. ඒ කාලේ බොහොම කාරුණික, හාඩ් වර්කින්, උපැස් පැළඳි කොලුවෙක් හිටියා බැංකුවේ, ඒ පූසාද?

      Delete
    3. මම කටුබැද්දට ආවේ 2013 සැප්තැම්බර් 10 එදා ඉදලා පලමු වටය 2014 ජනවාරි 31 වෙකම් හිටියා ආයේ 2014 සැප්තැම්බර් 07 ඉදලා 2014/15 අධ්‍යන වසරට විශ්වවිද්‍යාල පටන් ගත්තු කා‍0ලේ උන 2015 ඹක්තෝබර් 15 වෙනකම් සුමනදාස බිල්ඩිමේ කොනක තිබ්බ ඒ පුංචි බැංකුවේ මම හිටියා.

      මම හිතන්නේ ඔයා කියන්නේ කණිෂ්ක මල්ලී ගැන වෙන්න ඔ්නේ.
      මම ට්‍රේනි ඔෆිසර් හිටියේ. මාව වැඩිය දකින්න නැතුව ඇති කවුරුත්ම.
      ෆැෂන් ඩිසයින් එකේ ඩෝක්ටර් ගුණසේකරව නම් මම දන්නවා ටිකක්

      Delete
    4. Dr Gunasekara කිව්වේ TAG ද ?

      Delete
    5. ඔබ නිවරදියි මිගාර

      Delete
  6. එක් මානවිකාව දැක්වූ සටහනට මම සාක්ෂි දරමි. අපේ මෙඩිකල් එක දවසේ මට වැලදී ඇතැයි ඔහු කී රෝගය ඇසුණු මට නිකන් අකුණක් වැදුනාක් මෙන් විය.
    පසුව කින්සි පාරේ කොළඹ මෙඩිකල් ෆැකල්ටියෙන් පරීක්ෂා කර ගත්විට කිසිදු ලෙඩක් තිබුනේ නැත.
    එදයින් පසුව මලාට මෙඩිකල් සෙන්ටර් එකට නොගියෙමි..
    2009/10 ETEC

    ReplyDelete
    Replies
    1. අපොයි දෙයියනේ මම හිතුවටත් වඩා දොස්තර මහත්තයා ප්‍ර‍සිද්ධයි නේ

      Delete