Thursday, April 21, 2016

නිර්සත්වයෝ දෙවන කොටස - අපායේ පැයක්

පලමුවන කොටස

රැදීසිටීමේ කවුලුවේ අසුනක ඉදගත් මම පලමුවෙන්ම ඇස්දෙක පිහදාගෙන බැලුවේ මේ මම දකින්නේ දවල් සිහිනයක්ද කියාය සැබැවින්ම එය සිහිනයක් නොවේ. මම සිදුවුයේ කුමක්දැයි කල්පනා කරන්නට වීමි. අපේක්ෂා භංගත්වයට පත්වීම හා සිතට නැගුණු ක්ෂණික කෝපය නිසා මාගේ හොස්ටල් රූමා වු සුමිත්තගේ යාපනය හංදියේ නිවසින් පිටත්ව යතුරුපැදිය අධික වේගයෙන්  අනුරාධපුර  පුත්තලම මාර්ගයේ අපරික්ෂාකාරීව ධාවනය කරගෙන එන අතරතුර අධීක වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන  අනුරපුර - පුත්තලම මාර්ගයේ  පිහිටා ඇති සාලිය ආදර්ශ විදුහල අසල ලයිට් කණුවක ගැටුණු ආකාරය චිත්‍ර‍පටියක දර්ශණ මෙන් මතකයට නැගෙන්නට විය. හදිසි කෝපයෙන් මඩිනා ලදුව ක්‍රියාත්මක වීම නිසා කෙසේ හෝ මා දැන් මලවුන් ගොස් ඇත. මනුලොව තව මා විසින් කල යුතු කටයුතු රැසක් ඉතිරිවී තිබුනද දැන් මා  ප්‍ර‍මාද වැඩිය.
එක්වරම යමපල්ලකු පැමිණ මට කිව්වේ නඩුවට අදාල පිරිස පැමිනෙන තුරු කැමතිනම් අපාය ඇතුලත විසිට් එකක් දමා බැලීමට අවසර දිය හැකිබවයි. වෙන කරන්නටද දෙයක් නොමැති නිසා මා එයට කැමැත්ත පල කරනවාත් සමගම යමපල්ලා කිව්වේ මම තමුසෙට ගයිඩ් වැඩේ කරන්න තමුසෙගෙම ගමේ එකෙක්ව දෙන්නම් කියාය. ටිකකින් පැමිණි අමුත්තා නෙහොත් මගේ ගයිඩ්ව මම එක්වරම හදුනාගතිමි. ඒ වෙන කිසිවෙකුත් නොව අපේ ගමේ සහ අසල ගම්මාන හය හතකම හොර මත්පැන් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ඇප කැපවී කටයුතු කල කසිප්පු චන්දරේය. මා දුටු විගසම චන්දරයා දුවගෙන විත් මා පිලිගෙන අපාය අභ්‍යන්තරයට කැදවාගෙන ගියේය.


නිවරදි පදමට ලෝදිය රත් කිරීමට හා ඇගටපතට නොදැනෙන ඒවා මිනිසුන්ට පෙවීමටත් චන්දරේ සතුවූ අසමසම හැකියාව හා පලපුරුද්ද මත පදනම්ව ලෝදිය හැලියේ සියලුම නඩත්තු කටයුතු යමරජු විසින් චන්දරේට පවරා තිබුනේ අසල ගම් හතකම හුදී ජහමනයාගේ කසිප්පු අවශ්‍යතාවය සපුරා දුන්  පිනෙන් තවත් ආත්ම ගණනාවක්ම අපායේ සිටීමට තරම් වීසා චන්දරේ සතුවූ නිසාය.


ඇතුලට යන විට විවිධ විවිධ පුද්ගලයින් දක්නට ලැබුණු අතර චන්දරේ එක් මිනිසෙකු ලගට ගොස් මා අමතා මල්ලී මේකා කොටට හිටියට මනුස්ස ලෝකේ දක්ෂම නීතීවේදියෙක් කොච්චර දක්ෂයිද කියනවානම් නඩුවක් කල් ගියත් මේකට රුපියල් 25000/- දෙන්න ඕනේ. එහෙම මිනිස්සුන්ව හූරගෙන කාපු හින්දා තමා මේකා මේ අපායේ දුක් විදින්නේ.

"එතකොට මේ ඉන්නේ පොලීසියේ ඉහල තනතුරක් දරපු ප්‍ර‍සිද්ධ නිලධාරියෙක්. දැන් ඔය සිංදුවක් කියාගෙන හිටියට සර්විස් එකේ ඉන්නකොට පගාව අරගෙන කැම්පස් වල කොල්ලන්ගේ ඔලු පලලා කරගත්තු පිං හින්දා තමා මේ අපායේ දුක් විදින්නේ" යැයි චන්දරයා කියව ගෙන යයි.

එක් වරම එතැනට ප්‍රාතූර්භුත වුවේ සිවුරක් දරාගත් ශාන්ත ගතියෙන් ඇවිදින තැනැත්තෙකි. පෙනුමෙන් මනුලොව සිටි ප්‍ර‍සිද්ධම හිමිනමකි. චන්දරේ පැනපුගමන් හිමිගේ බෙල්ලෙන් අල්ලන් පැවසුවේ හාමුදුරුවරු යන්නේ දිව්‍යලෝකේ තෝ මෙහෙට ආවේ මොනවා කරලද? මෙතන ඉන්න උන් ඔක්කොම ජරා වැඩ කරපු උන් කියපන් තෝ මොනවද කලේ කියලා
එවිට හිමිනම  "මම වශී ගුරුකම් කලා, වාහන බිස්නස් කලා,තුන්වෙනි සිල්පදෙත් කැඩුවා, මත්පැනුත් පානය කලා" යැයි පැවසීය.

එවිට චන්දරයා කිවුවේ අපේ පන්සල් වලට ගෙනත් දාන්නේ බලු පැටව් පූස් පැටව්ග එත් මුගේ පන්සලට ගෙනත් දාන්නේ අලි පැටව් කියාය.

මා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. කෙසේ වුවත් මනුලොවින් පැමිනෙන්නන් දැකගන්නට තවත් හෝරාවක් පමණ මා බලා සිටිය යුතුය. මගේ පන්ති සගයින් දැන් කුමක් කරනවා ඇත්ද? මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි....

***** මතු සැබැදි *****


ප/ලි
  • කෙටිකථා හෝ නවකථා යනු අනුන්ගේ මනැස් විග්‍ර‍හ කෙරෙන්නක් බව බහුශ්‍ර‍ැතයෝ පවසති. මට අනුන්ගේ මනැස් විග්‍ර‍හ කරන්නට අවශ්‍යතාවයක් නැත එබැවින් මම මගේ මනැස පමණක් විග්‍ර‍හ කරගතිමි. 
  • අප්‍රේල් 30 වෙනිදා වැල්ලවත්ත කුරේ පිටියේ පැවැත්වෙන සයිබර් සිහින උලෙලට පැමිණීමට බලාපොරොත්තු වෙමි‍ෙ
පසුව එකතු කරමි


මෙම පුණ්‍ය කර්මය සදහා තැබිලි ගෙඩි 2500ක් පමණ ප්‍රමාණයක් අපට අවශ්‍ය වනු ඇත. මේ සදහා ඔබටද දායක විය හැකිය. පිංකමට සහභාගී වීමට කැමැති අයෙකු වෙතොත් පහත සැබැදියෙන් Merit Foundation හා සම්බන්ද වන්න

අදත් වෙනදා මෙන්ම පහුරු ගෑ මම සුදුපූසා වෙමි.........
 

Wednesday, April 6, 2016

දොළොස් මසකට පසු

අදින් හරියටම දොලොස් මසකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ පලමුවෙනි වසරට පා තබන්නෙමි. අද දින සවස් වන විට මෙයත් සමග පෝස්ටු විසිපහකුත් සහ හිට් කවුන්ටරය 16510 කුත් ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ පසුගිය වසරේ මුල වගේ තමා.


අද මේ වසරක් ගෙවෙන වෙලාවේ මාහට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක්


  • බටහිර කැන්ගරුලන්තයේ පදිංචිව සිටියාවුත් සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ හා ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමාලෙස බ්ලොග් ලොව හදුනාගත් සනත් විජේවර්ධනයන්

  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත් පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලා වූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා

  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා නොහොත් චතූෂ තුෂර කුමාර අයියා
  • මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකට නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක

  • නොදත් සමහර තාක්ෂණීක කරුණු සහ ඇතැම් දොෂ නිරාකරණය කර දුන් අගහරු ලොව පියාබන පීරිසි අංගනයේ ප්‍ර‍ධාන ඉංජිනේරු තැන්පත් අගහරු තුමා.

  • නිතරම මේ පැත්තට ඇවිත් යන්න එන කුරුටු ගෑ ගී පවුරේ  කුරුට්ටන් පිරිස

     

මීට අමතරව විටින් විට පැමිණි ඩ්‍රැකී, අටම්පහුරේ අටම්තුමා, විචාරක තුමා, නවාතැනේ බස්සි හා කැලේ පිපුනු මල් අඩවියේ W.K වැන්නන් හා මෙහි නම් සදහන් නොකල උදව් කල සැමටත් මා හිසනමා අචාර කරමි.


අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....

Friday, April 1, 2016

නිර්සත්වයෝ පලමු කොටස - දේශසීමාවට පිවිසීම

හෝරා කිහිපයකට පෙර වාතලයට එකතු වු මාගේ අවසන් සුසුම් පොද නිවස වටේ සැරිසැරුවේය. එක් වරම මහත්වු සුලි සුලගක් හැමුවාක්මෙන් මා ගසාගෙන යන්නට විය. අදුරු කුටියක් මැදින් ගමන් කරන්නාක් මෙන් හැගීමක් පහලවිය. කොපමන වේලාවක් එසේ ගමන් කලාදැයි මාහට වැටහීමක්ද නැත එක්වරම එම ගමන නතරවු බව මා හට පසක් විය. ඒ භුමිය පාලු ගතියක් ඉසිලු නමුත් වළාකුලක් අහසක් හිරු සදු හෝ නොපෙනෙන විශාල ගුහාවක් බදුය.

කෙමෙන් ඉදිරියටම යන විට මිනිස් පෝලිමක් දක්නට ලද අතර මාද එයට එකතු වුවෙමි. මේ පෝලිම කුමක්දැයි මා අනෙක් අයගෙන් විමසුවද කිසිවෙකුගෙන් පිලිතුරක් නැත සියල්ලෝම තැතිගත් මුහුණෙන් යුතුව බිම බලාගෙන ගමන් කරති. ඈතින් ගිනිජාලාවක් ඈතින් පෙනෙන්නට විය තව තවත් ලංවෙන විට විශාල ඇතුල්වීමේ දොරටුවක් පෙනෙන්නට වූ අතර දොරටුව ආසන්නයට ලං වන විට භාශා තුනෙන්ම අපායේ පිවිසුම් දොරටුව යනුවෙන් සදහන් පුවරුවක් විය. 
මම ඇතුල්වීමේ දොරටුව ආසන්නයටම පැමිණ සිටින අතර ඉන් මදක් ඈතින් පිටවීම ලෙස තවත් දොරටුවක් විය. ඇතුල්වීමේ දොරටුවෙහි යුධ හමුදා කැලෑ ඇදුම ඇද සන්ග්ලාස් දමා AK-47 සහ T-56 වැනි නවීන ස්වයංක්‍රීය ආයුධවලින් සන්නද්ධ යමපල්ලන් සිටියත් පිටවීමේ දොරටුවෙහි කිසිවෙකුත් දකින්නට නොමැත. මෙතෙක් මා රැදී සිටි කාලයටම පිටවී ගියේ දෙදෙනෙකු පමණි. CCTV කැමරා පද්ධතිය වලින් සමන්විත වු එහි ප්‍රධාන ආරක්ෂක පවුරේ ඩිජිටල් රූපවාහිනී තිරයක් සවිකර ඇති අතර එමගින් දිස්වුයේ අපාය තුල ඇති එක් එක් අංශවල දෙනු ලබන දඩුවම් වල ස්භාවයයි. යම පල්ලන් විසින් සියලු දෙනාවම කැදවා අපායට පැමිණීමට ආසන්න හේතුව සොයා යම රජුට නඩු වාර්ථා ඉදිරිපත් කිරීමෙහි යෙදී සිටි අතර කෙමෙන්  මගේ වාරයද පැමිණි අතර වායුසමණය කල කුටියක් සිටි යමපල්ලකු මා කැදවීය. 


මා බලාපොරොත්තු වුනේ ඉස්සර දහම් පාසලේදී ගුණසිරි අංකල් මවා පෙන්නූ උල්වු දත් ඇති කාලවර්ණ යමපල්ලන්වය. නමුත් කුටියේ සිටියේ ජැන්ඩි පහට ඇදගෙන ටයි පොල්ලක්ද එල්වා ගත් කඩවසම් යමපල්ලන් රැසකි. කරුණාකර ඔබේ නරලොව ජාතික හැදුණුම්පත් අංකය පවසනු යැයි කී ඔහු මාගේ අංකය පරිඝණක දත්ත පද්ධතියට ඇතුල් කර බලා ඇඹුල් කර ගත් මුහුණෙන් යුතුව ඔබ හා සම්බන්ද සිදුවීමට අදාල අයවලුන් පිරිසක් මනුස්ස ලෝකයේ තවමත් සුජීවත්ව සිටින් අතර ඔහුන් පැමිණීමට පිලිවෙලින් වසර 2 වසර 5 වසර 10 සහ වසර 20ක් ගතවීමට නියමිතයි. එතෙක් මෙම නඩුව යම රජුට ඉදිරිපත් කල නොහැකියි ඒ නිසා ඔහුන් පැමිණෙන තුරු ඔබ පිවිසුමේ රැදී සිටිනු යැයි පැවසීය.

"අනුකම්පා කරන්න යමපල්තුමා වසර 20ක් එලියට වී සිටින්නේ කෙසේද? මම එපමණ කාලයක් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ කියා පැවසුවෙමි"

"හා හා හා එම්බා නරය තොපගේ මිනිස් ලොව විසි වසරක් යනු අප අපායතුල දෙපැයකි.තෝ දැන් මිනිසෙකු නොව නිර්සත්වයෙකි. අපායේ දඩුවම් අවසන් වන තුරු නිර්සත්වයන් මියයන්නේ නැත. මාගේ පුෂ්පය පැනීමට පෙර වහා පිටවී ගොස් කැදවන තුරු රැදී සිටිනු" යැයි යමපලුතැන ගෝරනාඩු කල බැවින් මම පිලිගැනීමේ කවුලුව අසල ඇති ආසන පෙලින් එකක අසුන් ගත්තෙමි. සත්‍යවශයෙන්ම මට සිදු වුයේ කුමක්ද?
මා පැදවු යතුරුපැදිය බස් රථයකට ඉස්සර කලාක්මෙන් යන්තමට මතකය.......



***මතු සැබැදි***


ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි......