- කැන්ගරුලන්තයේ බටහිරට ආසන්න පර්ත් නගරයේ පදිංචිව සිටියාවූද සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ සහ ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමා ලෙසින් බ්ලොග් ලොව දැන හදුනාගත් සනත් විජේවර්ධනයන්
- පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍රමාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා
- බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චි, තමන් දැල්වු පහණින් තවත් පහන් සිය ගණනක් දැල්වූ, පුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලාවූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා
- මගේ බ්ලොග් එකේ පලමුවැනි පෝස්ටුව වෙච්චි දඩයමේ යාම කතාවට හා හාපුරා කියලා නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක
- පූසාව සජීවි ලෙස මුණගැසී කතාබහ කල මගේම පාසලේ බ්ලොග්කරු කාමරේ සිරා
- මේ වන විට මද අසනීප තත්වයෙන් පෙලෙන අසමි දකිමි සොයමි විචාරක තුමා
එදා පළමු දොලොස්මස පසුකරපු මොහොතේ මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. මුලදි කරගන්න බැරුවයයි කියලා හිතුනත් දැන්නම් අබිං කෑවාවගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බෑ වගේම බ්ලොග් කියවන්නේ නැතුව ඉන්නත් බෑ කොච්චර වැඩ රාජකාරී ගොඩගැහිලා තිබ්බත්. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපගේ සිතුවිලි හා චිත්තාවේගයන් සදහන් නොකර ඉන්නට බැහැ. සමහර විටකදී සිතෙහි පවතින ආවේගයන් හා කෝපයන් පිටකරන්නත් මගේ අතින් ලිපි ලියවෙන අවස්ථාවන් නැතුවාම නෙවෙයි. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.
මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ හොදම බ්ලොග් නවකතාව තුන්වන ස්ථානය මා ලියූ නිර්සත්වයෝ කතාමාලවට හිමිවීම සතුටක් මෙන්ම තවතවත් ලියන්නට උත්තේජනයක්ම විය. නිර්සත්වයෝ කතාමාලාව මගේ පුද්ගලික ජීවිතයේදී ලද අත්දැකීමක් ඇසුරින් ලියන ලද්දකි. අපාය පමණක් කල්පිතයක් වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාලය බවට ආදේශ කලහොත් අනෙකුත් සියලුම ප්‍රධාන චරිත මෙන්ම අතුරු චරිත වල නම්ගම් සත්‍ය වන අතර ඔහුන් පුද්ගලයින් ලෙස ජීවමානව අදටත් සුවසේ වෙසෙත්.
මේ කතාව පිලිබද සත්‍ය කතාව දන්නේ ඒ පිලිබදව විමසා සිටි ඩ්රැකී සීනියර් පමණි.
ඉහත සදහන් කල පිරිසට අමතරව නිතරම ගොඩවදින අම්බලන්ගොඩයා , කුරුට්ටන් පිරිස , දිනේෂ් , කැලේ පිපුණු මල් , වැසි දැරිය , අටම්පහුර අටම්තුමා, බ්‍රා මෙන්ඩිස් සහ ප්‍රසන්න වැනි අය මෙන්ම වරක් හෝ පැමිණි නම් වශයෙන් සදහන් නොකල එකී නොකී සියලුම දෙනාටම හිස නමා ආචාර කරමි......
අවසාන වශයෙන් ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සෑම සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍යයෙන් සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා............
ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............
සුදු පුසගේ දෙකට සුභ පැතුම්
ReplyDeleteජය වේවා....!!!
බොහෝම ස්තූතියි
Deleteමාවත් මතක් වෙලා ලු ඉතිං හෙහේ...
ReplyDeleteමතක විදියට උඹ සම්මානෙ ගන්න ආවෙ නෑ නේහ්... නම කියද්දි නැගිටියි කියල බලං හිටිය හේහේ..
පළවෙනි පෝස්ට් එකට අවුරුද්දට දෑවුරු්දට කෙටුව.
සමහර විට ආයෙ හම්බෙන්නෙ තුන්වෙනි අවුරුද්දටද දන්නෑ
සම්මානිත වීම පිළිබද සුබ පැතුම්. නිරිසත්වයෝ ඒ දවස් වල මං කැමැත්තෙං කියවපු කතාවක්...
ජයෙන් ජය මලේ
එහෙම අමතක වෙන්නේ කොහොමද?
Deleteසම්මාන උළෙලට එන්න හිටියත් එදා විභාගයක් ඉවර උනේ 4 ට විතර මහරගමින් ඒ හින්දා එන්න බැරිඋනා
සුබ පැතුමට ස්තූතියි මහේෂ්....
සුබ පැතුම් සුදු පූසෝ...
ReplyDeleteබොහෝම ස්තූතියි තුෂානි
Deleteදෙවසරට හදවතින්ම සුභ පැතුම්. ඒ වගේම ලබන්නාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteසුභ පැතුමට ස්තූතියි හසිත.
Deleteඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා
sudu poosage deka gana unusum suba pathum. Poosata uge thunath ithaa sarthakawa pahuru gaamata labewaai pathamu.
ReplyDeletethawada lagadeema sudu poosiyakage hitha ganeemata poosata haki wewa yanu ape ekama pathumai. Sudu poosiyek mema pituwe pahuru gaana dinaya, apa hamata wadaath sathutu daayaka dinayak wanu atha
මේ පිටුවේ හවුලේ පහුරුගාන්නට සුදු පූසියක් සිටි බට ඔබ නොදන්නවා නෙවේ නේද මා මිතුර.
Deleteසුදු පූසිය පිලිබද සියලුම ප්‍රීතිමත් මතකයන් සමගම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විලාසිතා නිමවුම් හා සැපයුම් ප්‍රවර්ධන(2014/2015 අධ්‍යන වසර) අධ්‍යනාංශය තුල අතහැර දමා ඇය ලබාදුන් දුක් හා වේදනාබර මතකය පමණක් ගෙන මම කටුබැද්දෙන් නික්ම ආවෙමි. අදටත් ඇයට සිදුවූ දෙය කුමක්දැයි මම කල්පනා කරමි.
සුබම සුබ පැතුම් සුදු පුසෝ
ReplyDeleteසුභ පැතුමට බොහෝම ස්තූතියි අසංග
Delete