Wednesday, September 19, 2018

කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද සිව්වන දිගහැරුම - සුභා,ෆැෂන් ඩිසයින් සහ අවසානය


පළමු කොටස 
දෙවන කොටස 
තෙවන කොටස 

ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැතිතරම්ය. ඒ ගතකල කාලය ඉතාමත් සොදුරුය. මේ දවස්වල යලිත් මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. ඉතිරි වී ඇත්තේ ඒ හා බැඳුණු මිහිරි හා අමිහිරි මතකයන් කිහිපයක් සිහිකිරීම පමණි. 

මගේ මතකයෙන් කිසිදිනක නොමැකෙන චරිතයක් වූවේ එකල ප්‍රධාන වෛද්‍යතුමියයි. ඇයගේ කියුම් කෙරුම් මීට පෙර ලිපියක සදහන් කලත් මෙයද නොකියාම බැරිය. එක්තරා දිනෙක මා යනවිට සරසවියේ සිසුවෙකු ඉතා වැදගත් ශරීරාංගයක් තුවාල වී ප්‍රතිකාර ගන්නට ඇවිල්ලාය. මානවකයා පවසන්නේ විනෝද චාරිකාව අතරතුර සියඇල්ල නැරබීමට යාමේදී පය ලිස්සා ගලක ඇතිල්ලීම නිසා මේ තුවාලය සිදුවු බවයි.

ඔහු සමග පැමිණි මිතුරන්ගෙන්ද විමසූ විට ඔහුන්ද සිසුවාගේ කියමන තහවුරු කල අතර ප්‍රධාන හෙද නිලධාරිවරයා බෙහෙත් දමමින් සිටියේය.
මේක නම් මේ ගලක ඇතිල්ලිලා වෙච්ච දෙයක් නම් නෙවෙයි මේකට වෙන හිස්ට්‍රියක් තියෙනවායැයි අපට පැවසූ දොස්තර නෝනා  යලිත් තුවාල ලද මානවකයාගෙන් ඇත්ත කියන්න යැයි පැවසූවිට ඔහු යලිත් පෙර හේතුවම පවසා සිටින්නට විය. 

එවිට මදක් කල්පනා කල වෙදදුරුතුමිය සියල්ලන්ටම ඇසෙන සේ ඇසුවේ "ඈ දරුවෝ ඔය කියන ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනාද පුතේ කියාලාය". එය ඇසූ සියල්ලන්ගේම මුවට සිනහව නැගුනු අතර මානවකයා පමණක් ලැජ්ජාවෙන් ඇබරෙන්නට විය.
*******
එකල කටුබැද්දේ රාජකාරී කල කාලයේ මමද මල් කඩමින් කාලය ගත කල සමයක් වූ අතර එයට උපරිම නිදහස පැවති ස්ථානයක් ලෙස මෙය මම නොබියව ප්‍රකාශ කරමි. මගේ මල්කැඩීමේ සහායිකාවද එකල අපොස උසස්පෙලට මුහුණදී විශ්වවිද්‍යාල වරම් බලාපොරොත්තුවෙන් පසුවූවාය. ඇයව සුභා ලෙසින් මම හදුන්වමි. එම වසරේ විශ්වවිද්‍යාල අත්පොත නිකුත් කල දිනම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රැගෙන ආවේද පලමු වරට අන්තර්ජාලය මගින් අයදුම්පත යොමුකලේද මා විසිනි. 
දිවංගත අධ්‍යාපන අමාත්‍ය C.W.W කන්නංගර මැතිතුමාගේ සංකල්පයකට අනුව අරබන ලද පලමු මධ්‍ය විදුහල් පහෙන් එකක අධ්‍යාපනය හැදෑරු ඇය අධ්‍යාපන පහසුකම් අතින් දුෂ්කර යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් සදහන් කර ඇති වියලි කලාපයේ දිස්ත්‍රික්කයකට අයත් නිසා ඇයගේ ඉසෙඩ් අගය ප්‍රමානවත් වූ අතර එවර අධ්‍යන වර්ෂය සදහා අවම කඩයිම් ලකුණු නිකුත් කලදා නිසකවම ඇය වඩාත් කැමැත්තෙන් සිටි විලාසිතා නිර්මාණවේදය පාඨමාලාවටම සුදුසුකම් ලබා ඇති බව දැන්වූවාය. මා හොදින් දන්නා මිතුරියක් එම පාඨමාලාවේම තෙවන වසරේ සිටි නිසා ඇය සුභාට අවශ්‍ය උදව් කිරීමට පොරොන්දු වූවාය.

කාලය ගත වන විට මා හට රාජකාරීමට වශයෙන් හා අධ්‍යාපනික වශයෙන් නොසිතූ ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවූ අතර තෙමසක් පමණ කටුබැද්දෙන් ඉවත්වී ප්‍රධාන කාර්යාලයේ සේවයට ගිය අතර තවත් මසක් අධ්‍යන කටයුතු සදහා සම්පූර්ණයෙන්ම නිවාඩු ලදිමි. ඒ අතරතුර එක්වරම ඇය වෙනස්වන්නට ගත්තේ සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙනි. සමාජ ජාල වලින් මා අවහිර වන්නට වූ අතර කෙටි කලකින් දුරකතන අංක අවහිර වන්නටද විය. මා හට මෙය මහත් ප්‍රෙහේලිකාවක්වූ අතර කුමක් වූවාදැයි මම නොදනිමි. අදටත් ඇයට සිදුවූ දෙය පිලිබදව මම කල්පනා කරමි. ඇතිවූ කණස්සල්ල නිසා සතියක් පමණ නිවාඩු ගෙන නිවසට වී සිටියේ සිත්වේදනාව දැඩි වූ නිසාය. ඇය පිලිබදව මගේ දෙපාර්ථමේන්තු ප්‍රධානී ජේෂ්ඨ කලමණාකාර ජනක මහතා දැනසිටියේය ඒ දිනක් ඇයත් සමග රස්සියාදුවක ගොස් සිටියදී පිටකොටුවේ මයුරා විදීයේදී අප මුණගැසීම නිසාය.
සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට මුණගැසී කතා කරන්නට කිහිප වතාවක්ම උත්සහාකලත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය. ඇයට මගේ නමට ලබාදී තිබූ සිම්පතද මම අවලංගු කර දැමුවේ ඇයගෙන් ප්‍රතිචාරයක් නොවූ තැනය. අවසානයේ මිතුරන්ගේ අවවාද උපදෙස් නිසා හිත හදාගත් මම තීරණයකට ආවෙමි.එනම් තව දුරටත් මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ හිතට එකගව කටයුතු කල නොහැකි නිසා මම වෙනුවෙන් ක්‍රිෂාන් කටුබැද්දට අනුයුක්ත කර මාව යලිත් ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්වා ගැනීමට නැසීගිය දෙපාර්ථමේන්තු ප්‍රධානී ජේෂ්ඨ කලමණාකාර ජනක මහතා කටයුතු කල  නිසා එක් ගුරුදාවක සියලු මතකයන් සිතෙහි රදවාගෙන මම කටුබැද්දෙන් නික්ම ආවෙමි. 
*******

පසුවදන

මේ සටහන තබන අද දිනයේ විශේෂත්වයන් දෙකක් ඇතිබව මතකයට නැගේ. පළමුවැන්න නම් වසර දෙකකට පෙර මේ සියලුම සිදුවීම් සිදුවූවේ අද වැනි දිනයකදී වීමයි.
දෙවැන්න නම් අද ඇයගේ උපන් දිනයයි. ගතවූ කාලය තුල ඇය ඇමතීමට කිහිප වතාවක්ම මට සිත්වූවද එයද යටපත් කරගෙන සිටියෙමි. 

කටුබැද්දේ මතකය ගැන කියාගෙන පැමිණි කතා පෙල අනුව තවත් කතා කිහිපයක්යම ඉදිරිපත් කල යුතු වුවත් සිතට එකගව තවදුරටත් කටුබැද්දේ මතකය අවදිකිරීම සිත්වේදනා ගෙන දෙන්නක් බැවින්ද සියල්ල අමතක කල යුතුව ඇති නිසාවෙන්ද මේ ලිපියත් සමගින්ම කජුකැලය හරහා කටුබැද්ද මතක කතාමාලාවට සදාකාලිකවම විරාමයක් තබමි.


ඒ වගත් මෙසේමැයි අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......


Friday, April 6, 2018

තුන්වන සැතපුම

අදින් හරියටම මාස තිස්හයකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ තුන්වන සැතපුම සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු පනස් එකකුත් සහ හිට් කවුන්ටරය පනස්හත් දහසකට අාසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.

අද මේ තුන්වන වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා

  • කැන්ගරුලන්තයේ බටහිරට ආසන්න පර්ත් නගරබද පදිංචිව සිටියාවූද සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ සහ ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමා ලෙසින් බ්ලොග් ලොව දැන හදුනාගත් සනත් විජේවර්ධනයන් 
  • මගේ බ්ලොග් එකේ පලමුවැනි පෝස්ටුව වෙච්චි දඩයමේ යාම  කතාවට හා හාපුරා කියලා නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක
  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා 
  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත්පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලාවූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා  
  • ෂර්වුඩයෙ රොබින් වගේ කෙහෙල්කොටුවට පැනල කෙසෙල් ගස් පෙති පෙති කපාපු, හුරතලේට ඌරු පැටියෙක් හදාපු, කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධී ප්‍රසාද් 
  • පූසාව සජීවි ලෙස මුණගැසී කතාබහ කල මගේම පාසලේ බ්ලොග්කරු  කාමරේ සිරා 

    එදා පළමු දොලොස්මස පසුකරපු මොහොතේ මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. මුලදි කරගන්න බැරුවයයි කියලා හිතුනත් දැන්නම් අබිං කෑවාවගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බෑ වගේම බ්ලොග් කියවන්නේ නැතුව ඉන්නත් බෑ කොච්චර වැඩ රාජකාරී ගොඩගැහිලා තිබ්බත්. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපගේ සිතුවිලි හා චිත්තාවේගයන් සදහන් නොකර ඉන්නට බැහැ. සමහර විටකදී සිතෙහි පවතින ආවේගයන් හා කෝපයන් පිටකරන්නත් මගේ අතින් ලිපි ලියවෙන අවස්ථාවන් නැතුවාම නෙවෙයි. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.   


    බ්ලොග් අඩවිය ඇරඹුදිනයේ සිටම මාසයකට ඒක පෝස්ටුවක් වත් පල කලද පසුගිය නොවැම්බරයේ සිට අද වෙනතුරුම කිසිවක් පල කරීමට නොහැකි වුනේ අධික කාර්යබහුලත්වයත් සහ ලිවීමට ඇති ආශාව හීනවුන නිසාදෝ කියලත් වෙලාවකට හිතෙනවා. පසුගිය වසරේ සිදුවූ සිදුවීම් අතර අසමි දකිමි සොයමි අඩවිය පවත්වාගෙන ගිය විචාරක තුමාගේ හදිසි අභාවය මෙන්ම බැංකුවේ ජීවිතේ කතා රැසක චරිතයක් වූ ප්‍රියන්ත මහතාගේ හදිසි නික්මයාමද සිනිටුහන් විය. සුදුපූසාගේ අඩවිය ඇරඹීමට මුල් වූ හේතු ඇතුලත් කජුකැලෙය හරහා කටුබැද්ද කථාමාලාවේ ඉතිරිවී ඇති නොකී කථාත් නිර්සත්වයෝ බදුවූ කතා කිහිපයකුත් මත්තට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිමි.

    ඉහත සදහන් කල පිරිසට අමතරව ගතවූ තෙවසර පුරාවට නිතරම ගොඩවදින අම්බලන්ගොඩයා ,කුරුට්ටන් පිරිස , දිනේෂ් , කැලේ පිපුණු මල් , වැසි දැරිය අටම්පහුර අටම්තුමා, බ්‍රා මෙන්ඩිස් සහ ප‍්‍ර‍සන්න වැනි අය මෙන්ම වරක් හෝ පැමිණි  නම් වශයෙන් සදහන් නොකල එකී මෙකී නොකී සෑම සියලුම දෙනාටම හිස නමා ආචාර කරමි......


    ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............