Saturday, April 18, 2015

දඩයමේ යාම - මධ්‍ය මහා විද්‍යාලය අනුරාධපුරය

මම මේ ලංකාව තුල ඉතාමත් කැමති පාසල් දෙකක් වෙයි. පලමුවැන්න තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහලයි. අනෙක නම් රජරට වැව් බැදි රාජධාණියේ හදවත බදුව පිහිටා ඇති අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයි.


වසර දෙකකට පෙර දිනක යෙදුණු යම් සංක්‍රාන්ති සමයක මම  මහා පහන්ටැබේ රාජකාරී කරන සමයේ රාජකාරී ගමනක් අතරතුරදී ගම්පහ නගරයේ බස්නැවතුම්පලෙහිදී ලස්සන ගෑණු ලමයෙකු දුටු අතර ඇගේ එම රුව මාගේ සිතෙහි තදින් සටහන් විය. ඒ රූපය ගැන හිත හිතම මම ගෙදර පැමිණි නමුත් මට නිරන්තරයෙන් මතක් වෙන්නේම ඒ මගදී දුටු සහෝදරියගේ මුහුණමය. මටත් හොරෙන්ම ඊතල පහරක් වැදී ලව් අමාරුව නැමැති දරුණු රෝගය වැලදීගෙන එන බව මගේ අක්මාවට දැනුනි. එම සිදුවීමෙන් මාසයකට පමණ පසු දිනක මම බැංකුවට හොර ලෙඩ නිවාඩු දමා ගෙදර නැවතී අතපසු වු නිබන්ධනයක් සකස්කරමින් සිටි අතර කිසියම් අවශ්‍යතාවයක් සදහා ගම්පහ නගරයට යාමට එලියට බැස්සෙමි. ප්‍රධාන මාර්ගයට හැරුණාත් සමගම හෙණයක් ගැහුවා සේ මාගේ ඉදිරියට ආවේ මම මසකට පෙර දිනයක බස්නැවතුමේදී දුටු ඒ සහෝදරියයි. ඇය එම අසල නිවසක නවාතැන් ගෙන සිටියේ තවත් මානවිකාවන් රැසක් සමගින්ය.

ඇය ගැන මට ඇතිවු කැමැත්ත නිසාම මම 
ඇය සමග සිටි අනෙක් සොහොයුරියගෙන් ඇය ගැන විස්තර වටින් ගොඩින් සොයා බැලු විට දැන ගත්තේ ඇගේ පාසල අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධතම මිශ්‍ර පාසලක් බවයි. 

මම එවකට ඇතුගල්පුරයට සමුදී යලිත් රාජකාරී කරමින් සිටියේ ජාතියේ මහා පහන් ටැබේ මුලස්ථානයේ ලැබෙන විදේශ ප්‍රේෂණ දෙපාර්ථමේන්තුවෙහිය(Inward Remittances Department) ඉහත සිදුවීමෙන් තෙමසකට පමණ පසු 2014 ඔක්තොබර් මස මුල අප දෙපාර්ථමේන්තුවට පාසල් හැරගිය පුහුණුකරුවන් ලෙස මා යටතේ පුහුණුවට පැමිණි මල්ලිලා අතරින් එක් අයෙකු අනුරාධපුර මැදි විදුහලේ ආදිශිෂ්‍ය කණ්ඩායමෙහි සිසුවෙක් විය. මම ඒ මල්ලී ගෙන් විස්තර අහනකොට ඔහු කිව්වේ අයියා අනුරාධපුර යමු මම ඔයාට එයාගෙම පන්තියේ යාලුවෙක්ව මුණගස්සන්නම් කියාය.

ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ කිව්වා සේ ඒ මොහොතේම කොටුව දුම්රිය ස්ථානයට අපගේ බළපත්‍ර ඉදිරිපත් කර අනුරාධපුරයට දිවෙන යාල්දේවි දුම්රියේ ආසන වෙන් කරගත් අප පස්දෙනෙකුගෙන් යුතු නඩය පසු දින ගමන් ඇරඹුවේ රහස් පරීක්ෂණයකට යන ෂර්ලොක් හොම්ස් හා පිරිස සිහිගන්වමිනි. ගමනට අප දෙපාර්ථමේන්තුවේම සහාය කළමණාකරුවන් දෙදෙනකු හා මාගේ තවත් මිතුරකු හා නවක සොහොයුරාද ඇතුලත් විය. අනුරාධපුරයේදී අපේ නඩයට එකතු වූයේ අනුරපුර ශාඛාවේ අප සැමගේ පොදු මිත්‍රයෙකු වු දමිතය.අනුරපුර ශාඛාවේ සේවය කරන දමිත නිසාත් අපගේ රාජකාරී හැදුනුම්පත් නිසාත් ඉතාමත් පහසුවෙන් පාසලට ඇතුල් වීමට අපට හැකිවිය. 


අප අනුරාධපුර මැදි විදුහලට ලගා වන විටත් සොයුරුකු පැමින සිටි අතර අපි ඔහුට සචින්ත යැයි කියමු එදින තම ශීෂ්‍ය නායක නායිකාවන්ගේ සමූහ ජායාරූප ලබා ගන්නවා යැයි පවසා සිටියේය. ඔහුද ශීෂ්‍ය නායක මණ්ඩලයේ ඉහලම සාමාජිකයෙකුද විය. අප සියලු දෙනාම පාසලට රැගෙන ගිය ඔහු පාසලේ සෑම කොනක්ම පෙන්වා අන්තිමට යන්නට යෝජනා කලේ ජායාරූප ලබාගන්නා ඉසව්වටය.
හුටා සුනඛයා මලේ ඒ වෙලාවේදීය. මාගේ සිත් ගත්තා වු ඒ ලාලනී ගේ නම ඇසු පසු ඇය 
ශිෂ්‍ය නායිකාවක් බව හා ඇයද එම ස්ථානයේ සිටින බවද සොහොයුරා මට කනට කර කීවේ එවලෙහිය. ගම්පහ සිටින මා අනුරාධපුරයේ ඇගේ පාසලතුලදී ඇය දුටුවොත් කුමක් වේවිදැයි ක්ෂණිකවම සිතූ මම අනෙක් තිදෙනාවද ඇදගෙන හැකි ඉක්මනින් පැමිණ නැවතුනේ පාසල ඉදිරිපිට මහා මාර්ගයේය. 
ඉන් පසුව අප සොයා පැමිණි සචින්ත අප හට පොරොන්දු වු ආකාරයටම මට ඇය ගැන තොරතුරු  පැවසීය. සියලු විස්තර සමාලෝචනය කල විට මට තේරුනේ මගේ තේරීම ඉතා නිවරදි එකක් බවයි.


"දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමනයි..
මිදීයන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමනයි..

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්....
හදෙහි තනි නොතනියට වැඩහුන්
ළබැඳි සිත් මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ..
ජීවිතය යනු සිහිනයක්මය
සසර මග දකිනා....

බැඳුනු සෙනෙහස
නොවන නිම්හිම්
ඇතද පන නළ සමග ‍රැකෙමින්..
අපේ අත්වැල් ලිහී ගිලිහෙන මොහොත ඒ
කවදාක හෝ.....
යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳදා"

.



මෙතැනින් ඉදිරියට සිදු වු දෑ පැවසීම පසුවට කල්තබමි..........

ප/ලි

  • ඇය  එදින එසේ පාසලට පැමිණ ඇතැයි කලින් දැන සිටියා නම් කිසිවිටකත් මම එදින එම ගමන එන්නේ නැත. ඇය පිලිබදව මා විස්තර සෙවු බව කාටවත් නොකියන ලෙසට මා සචින්තව පොරොන්දු කරවා ගතිමි. මක් නිසාදයත් ඇගේ ආරක්ෂාව සහ ගෞරවය වැදගත් වන බැවිනි. අදටත් ඒ සොහොයුරා පොරොන්දුව අකුරටම සුරකී.
  • ඇය 2013 A/L වාණිජ අංශයේ මානවිකාවකි. අප විදුහල්පති අබේකෝන් මහතාට කිව්වේ රන්කැකුලු ලමා ශාඛාවක් පාසලේ ඉදිකරදෙන බවයි. එය ඉදිකරන තුරු එතුමා තවමත් බලාසිටිනවා විය හැකිය....
  • අනුරාධපුරයත් මැදි විදුහලත් හැර අන් සියල්ලම කල්පිත නාමයන් බව සලකනු මැනවි


ඒ වගත් මෙසේම පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........


20 comments:

  1. නාට්ටමය ගතිය තාත්වික බකට් ගතිය
    තාක්ෂනික ඔල්මොරොන්දමි ගතිය තිබ්බ නං තවත් හොදයි
    හා කමන් නෑ කමන්නෑ දිගටම ඤාව් කියාපං...
    හැබැයි බලාගෙන ඩිස්ප්ලේ එක එහෙම පහුරුගානව නෙවී
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කරුණාකර මෙයට ෆලෝවර් ගැජට්ටුව දාගන්න
      (මගෙන් ගුටි නොකා ඔව් ඉදගෙන)
      settings>layout>add a gadget>more gadget>followers

      Delete
    2. බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට.
      (ෆලෝවර් ගැජට්ටුව දාගත්තා)

      Delete
  2. දඩයම පටන් අරගෙන වගේ...

    ReplyDelete
    Replies
    1. ඤාව් ඤාව් මේ ඇරඹුමයි. මාවත තව බොහෝ දුරයි

      Delete
  3. මං අදමද මන්දා ..තව පරන එව්වා ටිකක් තියනව නේද , පස්සෙ බලන්නං මට නිකං උනවගේ

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට ස්තූතියි. හෙමින් සැරේ කියවලා බලන්න....

      Delete
  4. හ්ම්..........ජීවිත අද්දැකීම් මෙහෙම ලිවීමෙන් ඒවා ස්ථිරව රැඳෙනවා. මේවාට සම්බන්ධ තවත් අයගේ මතකය අලුත් වෙනවා. හොඳයි හොඳයි ඔහොම යමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ඒ කථාව ඇත්ත විචාරක තුමා. කවදා හරි අපිට ඉතුරු වෙන්නේ හරි හම්බ කරපු දේවල් නෙවේ. අපි ඒ කාලේ කරපු දේවල් වල සුන්දර මතකය විතරමයි.
      සුන්දර මතක ගොඩාක් මැද්දේ අසුන්දර මතක නැතුවමත් නෙවේ....

      Delete
  5. ඕන් අපිත් ආවා! ජයවේවා ඈ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභ පැතුමට. බස්සි වත් සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Replies
    1. More wonderful stories will be come near in Future

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  8. @R, why exactly is it strange?

    Uncommon or unrealistic?

    ReplyDelete
  9. ඉතිරිය ඉක්මනට කියන්ඩෝ....කුතුහලය සනීප නොවන මහ භයංකාර ලෙඩක් මට

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටස සදහටම නොඑන ගමන් යවනවද කියලයි කල්පනා කලේ. සිදුවීමට අදාල පාර්ශවය දැක්කොත් මේ පූසටත් ඇප නැතිවෙනවා. ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම දාන්නම්කෝ

      Delete
  10. දාපන් බන් ඉතුරු ටිකත්.....
    පට්ට කතාවක් බාගෙට දාලා වැඩක් තියෙනවැයි??

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික කිව්වට මේක පැටලුණු නුල් බෝලෙ වගේ එකකට එකක් සම්බන්දයි. ඉක්මණටම ඉතුරු ටිකත් ලියන්නම්

      Delete