සිරිත් පරිදි උදෑසන 8ට පමණ කළමණාකාරතුමියගේ ප්රධානත්වයෙන් කෙටි සාකච්චාවක් සියලුම දෙනා එක්ව සිදුකරන්නේ දවසේ ඉලක්කයන් සහ දිනයේ සිදුකල යුතු කටයුතු පිලිබදවයි. ඉන් පසුව සියලු දෙනා එක්ව ගායනා කරනුයේ ලංකා බැංකුවේ ගීතයයි.
ඉන් පසුව 8.30 වන විට ගණුදෙනු කරුවන් ඇතුලට පැමිනෙන්නේ මාර යුද්ධයට එන මාර සේනාවක් පරිද්දෙනි. මමද මදක් කලබලයට පත්ව සිටියෙමි. මෙලෙස ගණුදෙණු කරුවන් රැසක් සමග කටයුතු කරන්නේ පලමු වරට නිසාවෙන් ඉතාම ප්රවේසමෙන් කටයුතු කල යුතුය.
විශේෂයෙන්ම දෙමටගොඩ යනු නාහෙට නාහන පිරිස් බහුලව සිටින ප්රදේශයක් බැවින් කටයුතු කිරීම කල්පනාවෙන් කලයුතු බව පෙර දිනක රවී අයියා මා හට පැවසීය.
දින දෙකකට පසුව B පෙල නිලධාරීන් දෙදෙනකු පුහුණු සැසියකට සහබාගී වන බැවින් කලමණාකරිණිය ගේ උපදෙස් පරිදි මම එදින පෞද්ගලික බැංකු කටයුතු නිළධාරියා ලෙස කටයුතු කලෙමි.
එදින නම් මගේම කරුමය පලදුන් දිනයක්ම විය. විශ්රාම වැටුප් දිනය නිසාවෙන් ගණුදෙනුකරුවන් ගෙන් පෞද්ගලික බැංකු කටයුතු අංශය (Personal Banking Unit) පිරී ඉතිරී ගොසින්ය. අවසානයේ සහාය කළමණාකරු ජයසේන මහතා මාගේ උදව්වට පැමිණි අතර කෙසේ හෝ කඩිනම් සේවාවක් සැපයීමට අප දෙදෙනාට හකිවිය.
ඉවසීමක් නොමැති මිනිසුන් රැසක් මැද නිහතමානීව අප නිදහස් වන තුරු බලා සිටියේ ප්රවීණ කලාකරුවකු වන ටෝනි හසන් මහතායි. මම ඔහුගේ කටයුත්ත ඉටු කර දෙන විට වේලාව පස්වරු 3.30 ට පමණ ඇත. පැය 3 ක පමන කාලයක් සිටි මෙතුමා අපේ ඉල්ලීම පිට ගීතයක් ගායනා කලේ එවිට ගණුදෙණු කරුවන්ට ශාඛාව වසා ඇති නිසාවෙන්ය.
ප/ලි
විශ්රාම වැටුප් දිනයක කටයුතු කිරීමේ අපහසුව ගැන කියා වැඩක් නැත. අවසානයේ දිනය අවසන් වන විට කෙලින් ඉන්නටවත් පන නැත.
කෝ ඉතිං මක්ක වුනේ කියල කීවෙ නෑනෙ
ReplyDeleteටෝනි මහත්තය සිංදු කීව විතරෙයි මං හිතුව පූස බාල්දියක් පෙරලගන්න ඇති කියල
හෙක් හෙක්
ඉතුරු ටික පස්සේ කියන්නම්.ටෝනි මහත්තයා සිංදු කියනකොට දවසේ මහන්සිය නම් නැතිවුනා.
Deleteපෙරලෙන්න බාල්ද් ඕනේ නෑ ඒ කාපු පරිප්පුව හොදටම ඇති...
කෙටි කාලීන බැංකු අත්දැකීමක් මටත් තියෙනවා. දවස පුරාම තියෙන වෙහෙස ගැන නම් කියලා වැඩක් නෑ. ඇගට වඩා අමාරු ඔළුවට....
ReplyDeleteමොකට කියනවද? පැන්ෂන් දවසක තනියම ඉන්නකොට තියෙන ආතල් එක.
Deleteපාං කියාගන්න බෑ හවසට
බැංකු කවුන්ටර වල ඉන්න ගෑනු අයගේ හිනාවල් හරියට ප්ලාස්ටික් බෝනික්කන් ගේ හිනාවල් වගේ...කිසිම පනක් නැහැ වෙලාවකට..
ReplyDeleteතනිකරම මානසික පීඩනය හින්දා. ඔය වැඩේ දැලි පිහියෙන් කිරි කනවා වගේනේ
Delete