එවකට දෙමටගොඩ ප්‍රධාන කළමණාකාරුගේ ආසනයට අධිපතිව වැඩ සිටියේ අර්තයේ පරිසමාප්ථියෙන්ම නියම මහත්මයෙකු වුද මම අදටත් හිසනමා ආචාර කරන්නා වු ප්‍රියන්ත ජයකොඩි මහතාය. මේ කාලයේ සිටි කණ්ඩායමේ සංයුතිය පහත පරිදි විය. ජයකොඩි මහතා සහ නාලනී මහත්මිය කළමණාකාර ශ්‍රේණියේද සෙව්වන්දි(කැළණියේ කොටජීවිතේ) හා ලසන්තිකා(බරණැස) දෙදෙන විධායක නිළධාරීන් ලෙසින්ද කණිෂ්ඨ විධායක නිළධාරීන් ලෙස හිරන්ත අයියා සහ දිල් අක්කා කටයුතු කලහ. මීට අමතරව පුහුණු නිළධාරී ලෙස මමතුමාත් ලිපිකරු ශ්‍රේණියේ පසිදු හේෂාණි ලසන්ති රසිකා හා චාමරද විය. ගුණේ,අයිවන්,හේමචන්ද්‍ර ආරක්ෂකයින්ය. ලකිත නිලූෂා යසිත් බුද්ධිනී පාසල් පුහුණු පදනමට ගත් උදවිය විය. සවී අයියා කාගේත් දුක්ගන්නා රාල බදු අපේ කා.කා.ස විය. සාදයට සම්පූර්ණයෙන්ම බරපැන දරන්නේ පලමුවෙන් සදහන් කල ශ්‍රේණි තුනෙහි උදවියයි. මීට අමතරව වසරේ ශාඛාවේ ලාබය මත ලැබෙන්නා වූ ප්‍රසාද මුදලක් වෙයි. එයද සම්පූර්ණයෙන්ම බැරවන්නේ විනෝද සමයේ ගිණුමටයි.
දෙමටගොඩ සිටින ආප්ප හා කොත්තු බාස්ලා පැමීණ ටෙම්පරි ජංගම නයිට් කඩයක් අටවන්නේ අප තුන්වන මහලේය. ඒ රාත්‍රී ආහාරය සදහාය. අපේ උන්ගේ අවශ්‍යතාවය මත ඉල්ලන ඕනෑම දෙයක් සකස්කර දෙන්නට ඉන්ද්‍රා හොටෙල්හි සාජා සහ ගුණපාල සුදානම්ය. නටන නැටුම් සදහා ඉන්දන අවශ්‍යවන්නන්ට නැටුම් තෙල් ද කලින්ම ගෙනත් ස්ටෝරුවේ ගබඩා කරලාය. එදා දිනයේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කර සියලු මුදල් සේප්පුවට තල්ලුකර අගුල් දැමු පසු අප සැනසම් සුසුම් හෙලුවේ විනෝද සමය හැකි ඉක්මනින් ඇරඔීමටයි. VAT 69 මුඩියක් කඩමින් සාදය ආරම්බ කිරීමට මුල පිරුවේ ජයකොඩි මහතාය. සාදය ගලායන විට එකවරම ගීත ගායනාවක් ඇසෙන්නට විය බෙග් මාස්ටර්ව නොමරා මරමින් ගීතය ගායනා කලේ ජයසේන මාස්ටර්ය. ගුණේත් අයිවනුත් වැදි නැටුම නැටුවේ බෝර 12 ගිනිඅවි ඉහලට ඔසවමින්ය.
මේ කියනා සමය වන විට සිරියලතා අපිට වද දුන්න හොදම කාලයයි. හිරන්ත අයියාත් මමත් පසනාත් නැටුම්තෙල් පාවිච්චි නොකරන නිසා මදකට ශාඛාවෙන් ඉවතට ආවිට දුටුවේ දෙමල ජාතිකයෙකුගේ අවමංගල්‍යකට ඉදිකර තිබු තොරණ ඉවත් කරමින් සිටි අපේ ගණුදෙණු කරුවන් පිරිසකි. සිරියලතාට රිටන් එකක් දෙන්නට බලාගෙන සිටි හිරන්ත අයියාට අමුතුම අදහසක් පහලවුයේ ක්ෂණිකවය.
ශාඛාව ඇතුලත සිටි පාසල් පුහුණු මල්ලිලා තිදෙනා එලියට ගෙන්වා අදාල තොරණ ගලවා කරතබා ගත් අප පිරිස මහ රෑ එය රැගෙන දෙමටගොඩ කොලොන්නාව පාරේ පිහිටි සිරියලතාගේ නිවස බලා ගමන් කරන්නට වුයේ අමුතුම ඉදිකිරීමක් නිවස ආසන්නයේ නොමිලේ ඉදිකරදීමටය. ගලවාගෙන පැමිණි තොරන් රාජයා විනාඩි දහයකින් පමණ සිරියලතා ගේ නිවස ඉදිරියේ සිටගෙන හරිබරි ගැසුනේ සිරියලතාව පිලිගන්නට තමන් සුදානම් බව පෙන්නමිනි. ඒ මදිවට මේකා මාකර් පෑනකින් "Rest in Peace" ලෙස සහ මල්වඩමේ "From Chairman BOC" ද සටහන් කර ආපසු යන්නට හැරුනේ සාදයේ ඉතිරි කොටසට සහභාගී වන්නටය. මගදී නොමිලේ ලද ප්‍රවාහන පහසුකමක් උපයෝගී කර කිසිවක් නොවුනා සේ අප හොර පූසන් රැලක් මෙන් බැංකුවට රිංගා සාදයේ ඉතිරි කොටසට සහභාගී වීමු.
පසුව දා සිරියලතා පැමිණියේ වෙඩිකෑ ඊරියක් සේ කුපිතවය. රාත්‍රියේ නිවසට යන විට තම නිවස ඉදිරිපිට තම නමට තොරණක් සහ ලංකා බැංකුවෙන් මල්වඩමක් ඇති බව දුටු ඇයට මොනවා සිතුනා දැයි මම අදටත් කල්පනා කරමි. ඇය ජයකොඩි මහතාට පුන පුනා කිව්වේ මේක අපේම අයගේ වැඩක් බවත් වරදකරුවන්ට දඩුවම් දෙන තුරු ඇය කිසිදු ලේඛණයකට තම "B" පෙල අත්සන නොතබන බවයි. ජයකොඩි සර්ටද වාතයක් වී සිටි නිසා සර් හිරන්ත අයියාට ලේඛණ හා වව්චර් සදහා "B" පෙල අත්සන් යෙදීමට බලය පවරා ඒ ගැටලුවටද විසදුම් ලබා දුනි. පසුව සිරියලතා පරාජය පිලිගත් අතර ඇය අප අතර බලු විය.
පසු සටහන
- මෙම සිදුවීම් මාලාව සිදුවී දැනට පුරා වසර දෙකක් ගතවී ඇති නමුත් තොරණත් මල්වඩමත් තිබූ ආකාරයට සිරියලතාට කුමක් සිතුණේදැයි මම අදටත් කල්පනා කරමි. ඒ හොරෙන් ගිය ගමනත් අප තොරණ ඇටැවු ආකාරය දැක්කේ දෙමටගොඩ පොලීසියේ ජංගම මුර රථයයි. ආපසු එදිදී බැංකුව ආසන්නයට අප ගෙනත් දැම්මේ එහි සිටි නිලදරුවන්ය.
- ජයකොඩි මහතා දැන් විශ්‍රාමික අතර රවී අයියා හැර අපේ කට්ටිය කවුරුත් දැන් දෙමටගොඩ නැත පිරිස විසිරී ගොසින්ය. නමුත් ඒ ඇතිකරගත් මිතුරු බැදීම් අදටත් නොවෙනස්ව පවතී. මහා මෙලකරු හිරන්ත අයියා අද සහකාර කළමණාකරුවෙකි.
- අදටත් දෙමටගොඩ පසුකර යන විට මගේ සිහියට නැගෙන්නේ තොරණ දුටුව පසු පැමිණි සිරියලතා ගේ මුහුණත සහ විස්තරය කිව්ව පසු ජයකොඩි මහතා ඇතුලු පිරිස සිරියාලතා නැති තැන බිම පෙරලී සිනාසුනු ආකාරයයි.
මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි...........
හත්තිලව්වයි සුදු පූසෝ....................
ReplyDeleteහාට් ඇටෑක් හැදුනද කුරුට්ටන්ට.......
Deleteඅඩෝ........පව් බන්!!! වහ කන්ඩ හිතෙන්ඩැති!
ReplyDeleteවහ කන්න උනේ අපිට තමා. එදා අපි හිනා කාලා මැරුණේ සිරියලතාගේ මුණ දැකලා...
Deleteඅඩේ උබට මේ වගේ වැඩක් උනානම් උබ මොනවද කරන්නේ.
ReplyDeleteහිනාවෙනවනේ බන්
Deleteඑල ගේමක් දීලා තියෙන්නේ බොක්කම කොරවෙන්න
ReplyDeleteපොඩි කහටක් තියෙන්නේ කොච්චියෝ කොහොමද හැන්ඩ්ල් කලෙකියලා. බැංකු නිසා ශේප් වූනාද ?
ඇනෝ තුමා මේ කාලය වෙද්දී සිරියලතාගේ පැත්ත ගන්න කවුරුත්ම හිටියේ නෑ.ඒක හිනදා කටවහගෙන දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්න උනා සිරියාට.
Deleteඈ බන් පූසෝ කට්ටිය වැදි නැටුම නටද්දි ඔය බෝර 12 ද මොකද්ද එක පත්තුවුනේ නැද්ද? ජයසේන මාස්ටර්ව එවපන්කෝ අපේ පැත්තේ බජව්වකට...
ReplyDeleteමම දමිත - අ.පු සිටි බ්‍රාන්ච්
මට වඩා හොදට උඔ දන්නවනේ බෝර 12 ගැන.ගොණේ හැමදාම කියන්නේ කොකා ගස්සලා බුලට් එක එනවා වගේනම් විතරක් ටාගට් එකට හරවනවා කියලනේ.ජයසේන මාස්ටර්ව එවන්නම් පෙන්ෂන් දවසකට මිනිස්සු පැනලා දුවයි සිංදු ලස්සන වැඩි හින්දා ඒ තරමට කන්කලුයි...
Deleteමචං පූස් අර තුන්දෙනාගේ ඔරිජිනල් ඹුණත් තහඩුමද අර පේනන තියෙන්නේ. සිරියලතා ගැන නම් කියන්න තියෙන්නේ ඇස් රතුවෙන විහිලුවක් උනත් වෙලාවේ හැටියට මට්ටු කරන්න කරපු දේ වරදක් නෙවේ කියලයි.
ReplyDeleteදිගටම ලියන්න ජයවේවා
Photo ගන්නකොට නම් මිනිස්සු දැන් කාටුන්.සිරියාලතා අක්කාගේ මුනත් තහඩුවත් එල්ලන්න හදලා නිකා හිටියා.පහුවදා අපි විස්තරේ කියද්දි ජයකොඩි සර්ට කකා හිටපුවත් ඉස්මොල්ලේ ගියා හිනාව පාලනය කර ගන්න බැරුව.
Deleteදිගටම ලියන්නම් ඔබටත් ජයවේවා...
අම්මපා මෙහෙමත් වැඩ කරනවද මම අහන්නේ?
ReplyDeleteපොඩි කොරණක් නොවැ හයිකලේ.සිරියලතා අපිට දුන්න වදවල හැටියට සුලු දෙයක් මේක.ඕක මොනවාද වතුර බොන ලොකු වීදුරු පියාබලා ඇවිල්ලා කුඩුපට්ටම් වෙනකොට ඇයි කෑම කන පිඟන්. මමයි හිරන්ත අයියයි වීදුරු පිඟන් පියාබවන්න හරි දක්ෂයෝ
Deleteඅඩෝ පිස්සුපූසා උඔ එතකොට බලන් හිටියා විතරයි නේද මුකුත් කලේ නෑ මල්වඩම මමද ගෙනාවේ?? ගෙදර මිදුලේ මිනී ඔලුවයි ඇටකටු දෙකයි ඇදලා ආවේ හොල්මන් වෙන්න ඇති නේද පූස්.
ReplyDeleteK.A.H
තරහා අවසර. මීලගට ඔයාගේ ලව් එක ගැන හා සර්ගෙන් ලද පුස්ථකය ගැන තමා
DeleteElatama deela thiyanaw danduwama. thuwakku kathawak liyagena yanawa. Langadima daannamko mama bos ta wedi thiyanna hadapu widiha.
ReplyDeleteඅපේ නම් ආසාවට තිබ්බේ අර බෝර 12 කටපුංචා විතරයි. සිරියලතාට නිකමටවත් තුවක්කුව පෙන්නුවානම් සෙත්තපොච්චි වෙනවා එතනම.ඔහොම හරි මට්ටුකලේ නැත්තම් හිරියන්නේ නැති හින්දයි අපිත් එකට එක කලේ.
Deleteබලමුකෝ අම්බලන්ගොඩ බොසාට වෙඩි තිබ්බ හැටි..
Post eka liyanna giye e siddiya gana. Eth echchara dura liyanne nathuwa magin nawathwanna una post eka diga wadi una nisa. Ilanga eka liyanawa e gana.
ReplyDeleteඉක්මනට ලියමු ඒකත් එහෙනම්....
Delete