Friday, July 15, 2016

කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද දෙවන දිගහැරුම - ඔරු පාරු සහ ඩෙංගු උණ

පලමුවෙනි දිගහැරුම

ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැත. ඒ කාලය ඉතාමත් සොදුරුය මිහිරිය. මේ දවස්වල මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි.
මහපොල රාජකාරී වලින්ම මම හදුනාගත්තු හොදම මිත්‍රයෙක් තමයි ඒ් කාලයේ අවසාන වසරේ ඉදපු මාධවන් කියන මිත්‍ර‍යා. යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේ පදිංචි කාරයෙක් වෙලා හිටපු මෙයා අපිත් එක්ක තදින් මිතුරුදම් ඇතිකරගත්තා. ක්‍රීඩාවන් රාශියක නිරතවෙලා හිටපු මාධවන් 2014 TPL දිනපු කණ්ඩායමෙත් සාමාජිකයෙක් වෙලා හිටපු බවත් හා TPL ගැන මතකය පස්සට කියන්නම්.

මෙයාගේ ප්‍ර‍ධානම විනෝදාංශය තමයි rowing නැත්තම් ඔරු පැදීම. ඒ වසර අවසාන වෙද්දි සරසවි ජීවිතෙන් සමුගන්න නියමිතව හිටපු මාධවන් ඇති හැකි සෑම වෙලාවකම අපිත් එක්ක වැඩකටයුතු කරගෙන හිටිය අපේ හොදම මිත්‍රයෙක්. ඒ කාලේ අපේ කලමණාකාරතුමත් කන්තලේ පැත්තෙන් ආව අතට පයට කැත්ත උදැල්ල වගේම හබලත් හොදට පුරුදු මහත්මයෙක්. දවසක් මාදවන්ගේත් අපේ කලමණාකාරතුමාගේත් අදහස වෙලා තිබ්බේ බොල්ගොඩ ගගේ ඔරු පදින්න යන්න. 
හතර දෙනෙකුට මෙන්ම දෙදෙනෙකුටත් පදින්න පුලුවන් වර්ගයේ යාත්‍රා තිබුනත් මාධවන් ගමනට තෝරගෙන තිබුනේ හතරදෙනෙකුට ගමන් කල හැකි ඔරුවක්. මාධවන් සමග සල්පිටිකෝරාල මහතාත් මට මෙහි නම අමතක තවත් සොයුරෙකුත් ගමනට ලෑස්ති වෙලා හිටියා. බොල්ගොඩ ගඟට බිල්ලක් වෙන්න මගේ තුන්හිතකවත් ආසාවක් නැතිහින්දා ගොඩ ඉන්න හදනකොට බලෙන්ම වගේ මාවත් ඔරුවට පටවාගත්තේ මාධවන් ගොයියාම තමා.
හබල පදවන මාධවන්ගේ දෑතට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි කියලා හිතාගෙන ඔරුවට නැගගත්තේ සිතේ සතුටකින්නම් නොවේය. ටිකෙන් ටික බොල්ගොඩ ගගේ මැදට ගියපසු සල්පිටිකෝරාල මහතාත් මාධවනුත් දුම්මල වරම් දෑතින් ගත් කපුවන්සේ පදින්නට ගත්තේ මැදින් වාඩිවී සිටි මට සිංහල භාෂාවේ ඇති සියලුම සුන්දර වචන සිහිගන්වමිනි. ඔරුව ගැස්සේන පැද්දෙන තාලයට සාපේක්ෂව මගේ ඔලුව කැරකෙන්නට වු අතර දවල්ට කාපුවා යලිත් උගුරට එන්නාක් බදුවිය. මම බලාගෙන සිටියේ දැන් පෙරලෙයි දැන් පෙරලෙයි කියලාය මොකද ඒ තරම් හොදින් පරිස්සමට අපේ මිත්‍ර‍යින් තිදෙනා ඔරුව පැද්ද නිසාය. 
මාධවන් ඔරුව අරගෙන ආවේද හොරපාරෙන් වන අතර කරුමෙකට හරි පෙරලුනොත් පූසාට පීනන්නටද බැරිය. පේනතෙක් මානයේ වෙනත් මිනිස් පුලුටක් පෙනෙන්නටද නැත

කෙසේ හෝ පැයක් පමණ විවිධ විවිධ ශිල්පක්‍ර‍ම අත්හදා බලමින් හිතේ හැටියට ඔරුපැද දෙදෙනාටම ඇතිවී යලිත් තොටුපලට දෙසට හබල්ගාන්නට වු පසුයි හිරවෙලා තිබ්බ මගේ හුස්ම ආපහු වැටෙන්නට ගත්තේ. තොටුපලට ගොඩබට මාව වත්කම් කර ගැනීමට මාධවන්ට සහ සල්පිටි මහතාට සිදුවූ බව නම් යන්තමින් මතකයේ රැදී ඇත. 


*********
මේ දවස්වල මේ සොදුරු නවාතැන් පලට තර්ජනයක් ඇතිවෙමින් පවතිනවාය. එනම් ඩෙංගු රෝගය වෙනකිසිදිනක නොවු අයුරින් වසංගත තත්වයෙන් විශ්වවිද්‍යාලය තුලත් ඒ අවට ප්‍රදේශයෙත් ඉතා සීඝ්‍රයෙන් පැතිරයමින් පැවතීමයි.
බොහෝ සිසු සිසුවියන්හට ඩෙංගු උණ වැලදිලාය. බොහොමයක් අධ්‍යනාංශ වල අර්ධ වාර්ෂිකයේ ඇගයිම් හා විභාග කටයුතු ආරම්බ වන සමය මේ වන අතර බොහෝමයක් මානවික මානවිකාවන් හට තම ඇගයීම් කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි තත්වයක් පවා මේවන විට ඇතිවී තිබේ. මාත් සමග කටයුතු කල මා දන්නා හදුනන කිහිප දෙනෙකුටම මේ වන විට ඩෙංගු උණ වැලදී තිබේ. එබැවින් මම පසුගිය දිනක ඔහුන් බැලීමට කලුබෝවිල රෝහලට ගියෙමි. හතර දෙනාගෙන් දෙදෙනෙකු රෝහලින් පිටව ගොස් තිබූ අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය වාට්ටුවක ප්‍ර‍තිකාර ලබමින් සිටියේය.
අනෙක් මිතුරන් දෙදෙනා බැලීමට මොරටුව සරසවියට යන අතර තුර  දැන ගන්නට ලැබුනේ මගේ ලගම හිතවත් සොයුරියකටද ඩෙංගු උණ සෑදී රෝහල්ගතව සිට යලිත් සරසවියට පැමිණ ඇති බවයි. එය ඇසූවිට මගේ සිත දැඩි කණගාටුවකින් පිරීයන්නට වූ අතර ඇයගේ තත්වයද දැන ගැනීමට මට සිත්විය. තේමිය සහ නිවන්ත යන මිතුරන් දෙදෙනාගේ සුවදුක් විමසා බලා අවසානයේ වෙන්ඩ ආචාර්ය ජික්කිත් සමග ඇගේ අධ්‍යනාංශය අැතුලටම ගියත් එම අධ්‍යනාංශයේ සිටින අප සුමිතුරා ඒ මොහොතේ මදකට බැහැරක ගිහිල්ලාය. දේශණ කටයුතු ඇතැයි සිතුණු නිසාවෙන් අපි දෙදෙනා ආපසු හැරී ආවෙමු.(ඒ මිත්‍ර‍යාද යලිත් පිටතදී මුණගැසිණු අතර ජායාරූපය පහල ඇත)

ඩෙංගු උණ මාරාන්තික රෝගයකි. එය සාමන්‍ය වශයෙන් සිව්වතාවක් වැලදිය හැකිබව වෛද්‍ය මතයයි. එක වරක් සුවවී යලිත් වැලදුනහොත් ඉතාමත් මාරාන්තික විය හැකිය. මේ දිනවල මොරටුව සරසවිය අවට මදුරු ගණත්වය ඉතා ඉහල මට්ටමක පවතින බව දැන ගැනීමට ලැබුනි. ආදරණිය නංගියේ මල්ලියේ ඔබට වරක් වැලදුනානම් අතිශයෙන්ම ප්‍රවේසම් වන්න මක්නිසාදයත් ඔබට දෙවන වර වැලදීමට හැකි සම්බාවිතාව ඉතාමත් මට්ටමක ඇති නිසාය. 

අවසාන වශයෙන්මේ වන විට ඩෙංගු උණෙන් පීඩාවිදින රෝහල්ගතවී සිටින සැමටම අතුරු අන්තරාවකින් තොරව ඉක්මනින්ම නීරෝගී සුවය ලැබේවායි පතන්නෙමි.

පස්සෙන් පහු සටහන



  • මේ සියල්ලටම මුලිකත්වය ගත් මාධවන් රාමසාමි මිතුරාව 2015 ජනවාරියෙන් පසුව යලිත් මුණගැසුනේ ලෙඩුන් බැලීමට කජුකැලයට ගිය මොහොතේදීය. ඉහත ජායාරූපයේ අංක පිලිවෙලට තේමිය මධුභාෂිතමාධවන් රාමසාමි, වෙන්ඩ Dr. ජික්කිත්වෙන්ඩ Dr.. මාස් පැරා පෙනී සිටී. දකුණුපස අංකනය නොකල ස්ථානයේ සිටින්නේ රැදී සිටින්නේ පූස්තෙමේය. අංක තුන සහ හතර ලෙක්චරවරුන් වන බැවින් බ්ලොග් දානවානම් මුහුණත් තහඩු වනසා දමන මෙන් ඉල්ලා සිටි නිසා මුහුණු පමණක් කාටුන් බවට පත්කලෙමි.
  • වල ගොඩඋඩ කැන්ටින් ගැනත් ලොකු දොස්තර නොනාගේ රසකතාත් Graduation Fashion Show 2015 මෙන්ම A හා රාහුල හොස්ටල් සහ තවත් කතා කිහිපයක් ඉදිරියේදී ලියවිය යුත්තේය. මේ ගෙවන්නේ අධික කාර්යබහුල කාලයක් නිසා සටහන් කෙටිවීම ගැන කියවන්නෝ කමත්වා.

ඒ වගත් මෙසේමැ අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදු පූසා වම්හ.......

12 comments:

  1. මම කියන්නද එදා කිව්ව වචන සෙට් එක. එක්කෝ ඕනේ නෑනේ ප්‍ර‍සිද්ධියේ කියන්න.
    Fashion Show 2015 බලපු හැටිත් කියපන්කෝ ඉක්මනට.
    ඒක නෙවෙයි අන්න කැන්ටිමේ ඇන්ටි බලන් ඉන්නවලු උඹ මොනවා ලියයිද කියලා කැන්ටිම ගැන

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කැන්ටිමේ ඇන්ටි බලන් ඉන්නවලුද? එල්ද? ගොඩඋඩ ඇන්ටිද?
      ඉතුරුටික හිමීට ලියන්නම් කෝ බන්

      Delete
  2. අපුරු මතකයන් ටිකක් නේද

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ශලිත අමතක කරන්නම බැරි අපුරු මතකයන්ම තමයි.
      සමහරු ඉතින් දන්නෙත් නෑ අපිට මෙහෙම අතීතයක් තිබ්බා කියලා

      Delete
  3. හරිම අපූරු මතකයන්.. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිතූ හරිම අපූරු මතකයන්ම තමයි.
      හැබැයි දැන්නම් ඒ සුන්දර සරසවි බිමේ මගේ හිත රිද්දපු අසුන්දර කතාවක් තියෙනවා.
      මොරටුවට යන හැම වෙලාවක ඒ වේදනාව වැඩියෙන් දැනෙනවා

      Delete
  4. කැම්පස් එක... හ්ම්ම් හ්ම්ම් ඊයාව් කියලත් හිතෙනවා.. ඊට පස්සේ මොකද්දෝ රෝමාන්තික ගතියකුත් දැනෙනවා.. හි හි හි

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අනිත් කැම්පස් වලට වඩා ඉතින් මේක දාහෙන් සම්පතයි කරදර නෑ වලිබලි නෑ රැග් නෑ.
      මම ඔතන හිටපු ටික කාලෙට තව කියන්න ඕනම කතා ටිකක් තියෙනවා ඒවා ඉස්සරහට ලියන්නම්.
      මේ පැත්තට ආවට ස්තූතියි දිගටම එන්න..

      Delete
    2. //ලංකාවේ අනිත් කැම්පස් වලට වඩා ඉතින් මේක දාහෙන් සම්පතයි කරදර නෑ වලිබලි නෑ රැග් නෑ.//

      ඇසීමට සතුටකි.

      වසර 7 පමණ පෙර මම එහි සිටි කාලයේදී එකම පීඨයේ සිසුන් දකුණු පළාත සහ බස්නාහිර පළාත ලෙස බෙදී විනාශ කාරී ගැටුම් ඇතිකර ගත බව මම දැක තිබේ. එකම පීඨයේ ශිෂ්‍යයෙකු නේවාසිකාගාරයේ 3 වැනි මහෙලෙන් බිමට දැමීමට කල උත්සාහය ආචාර්යවරයෙකු මැදිහත්වී නවතා ගත් සිදුවීම වුයේ එම කාලයේදීයි.

      තාක්ෂණ ආයතනය සහ ඉංජිනේරු පීඨය අතර ඇතිවුන ගැටුමේදී ඇතිවුන හානිය වෙනුවෙන් වන්දි මුදල් විශ්වවිද්‍යාලයට ගෙවන ලෙස සියලු දෙනාගේ දෙමවුපියන්ට ලියුම් යැවූ බවද මට මත තිබේ. ඒ ලියුම් වල තිබුනේ ඔබගේ දරුවා විශ්විද්‍යාලයේ පරිඝනක විද්‍යාගාරයට ගල් ගැසීමෙන් සිදුකල හානිය ගෙවිය යුතුය වැනි අදහසකි. කියවූ විට කෙනෙකුට හැගෙන්නේ එම ශිෂ්‍යයාම ගල් ගැසූ බවයි. එයින් සිසුන් දෙමව්පියන්ගෙන් හොඳ හැටි බැනුම් ඇසු බව දැනගත්තෙමි.

      එකලද එහි නවකවදය නොතිබුණි. දැන්, ගැටුම්ද නැති බව ඇසීම බොහෝ සතුටකි.

      අපේ පර්යේෂණ හවුල් කරුවකුද වන, ජපානයේ පුද්ගලික විශ්විද්යාලයක් වන රිට්සුමෙයිකන් විශ්විද්‍යාලයෙන් මෑතකදී Nano Electro Mechanical Systems විද්‍යාගාරයක් මොරටුවට ලබාදුනි.

      Delete
  5. Hi bro, I already enjoy your writing. I am proudly student @ textile department 2009/2010.
    Graduation Fashion Show 2015 presented at Kingsbury Hotel January 2015.
    I hope u have remember me because you two enter the show using my passes.
    I am Dila from FDPD

    ReplyDelete
    Replies
    1. Graduation Fashion Show 2015 බලපු ඒ් අතීතය රසවත් මතක දිලංක මිත්‍රයා. පාස් 2ක් ඔයා දුන්නා තව 2ක් දුමීයා දුන්නා. අපිත් ගිහින් බැලුවා
      අමතක ෙවන්ෙන් නෑ ඒ් කාෙල් මතක නම්.

      Delete