Friday, April 6, 2018

තුන්වන සැතපුම

අදින් හරියටම මාස තිස්හයකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ තුන්වන සැතපුම සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු පනස් එකකුත් සහ හිට් කවුන්ටරය පනස්හත් දහසකට අාසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.

අද මේ තුන්වන වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා

  • කැන්ගරුලන්තයේ බටහිරට ආසන්න පර්ත් නගරබද පදිංචිව සිටියාවූද සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ සහ ගම්පහ ප්‍රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමා ලෙසින් බ්ලොග් ලොව දැන හදුනාගත් සනත් විජේවර්ධනයන් 
  • මගේ බ්ලොග් එකේ පලමුවැනි පෝස්ටුව වෙච්චි දඩයමේ යාම  කතාවට හා හාපුරා කියලා නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක
  • පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්‍ර‍මාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා 
  • බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චිතමන් දැල්වු   පහණින්  තවත්පහන් සිය ගණනක් දැල්වූපුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලාවූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා  
  • ෂර්වුඩයෙ රොබින් වගේ කෙහෙල්කොටුවට පැනල කෙසෙල් ගස් පෙති පෙති කපාපු, හුරතලේට ඌරු පැටියෙක් හදාපු, කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධී ප්‍රසාද් 
  • පූසාව සජීවි ලෙස මුණගැසී කතාබහ කල මගේම පාසලේ බ්ලොග්කරු  කාමරේ සිරා 

    එදා පළමු දොලොස්මස පසුකරපු මොහොතේ මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. මුලදි කරගන්න බැරුවයයි කියලා හිතුනත් දැන්නම් අබිං කෑවාවගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බෑ වගේම බ්ලොග් කියවන්නේ නැතුව ඉන්නත් බෑ කොච්චර වැඩ රාජකාරී ගොඩගැහිලා තිබ්බත්. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපගේ සිතුවිලි හා චිත්තාවේගයන් සදහන් නොකර ඉන්නට බැහැ. සමහර විටකදී සිතෙහි පවතින ආවේගයන් හා කෝපයන් පිටකරන්නත් මගේ අතින් ලිපි ලියවෙන අවස්ථාවන් නැතුවාම නෙවෙයි. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.   


    බ්ලොග් අඩවිය ඇරඹුදිනයේ සිටම මාසයකට ඒක පෝස්ටුවක් වත් පල කලද පසුගිය නොවැම්බරයේ සිට අද වෙනතුරුම කිසිවක් පල කරීමට නොහැකි වුනේ අධික කාර්යබහුලත්වයත් සහ ලිවීමට ඇති ආශාව හීනවුන නිසාදෝ කියලත් වෙලාවකට හිතෙනවා. පසුගිය වසරේ සිදුවූ සිදුවීම් අතර අසමි දකිමි සොයමි අඩවිය පවත්වාගෙන ගිය විචාරක තුමාගේ හදිසි අභාවය මෙන්ම බැංකුවේ ජීවිතේ කතා රැසක චරිතයක් වූ ප්‍රියන්ත මහතාගේ හදිසි නික්මයාමද සිනිටුහන් විය. සුදුපූසාගේ අඩවිය ඇරඹීමට මුල් වූ හේතු ඇතුලත් කජුකැලෙය හරහා කටුබැද්ද කථාමාලාවේ ඉතිරිවී ඇති නොකී කථාත් නිර්සත්වයෝ බදුවූ කතා කිහිපයකුත් මත්තට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිමි.

    ඉහත සදහන් කල පිරිසට අමතරව ගතවූ තෙවසර පුරාවට නිතරම ගොඩවදින අම්බලන්ගොඩයා ,කුරුට්ටන් පිරිස , දිනේෂ් , කැලේ පිපුණු මල් , වැසි දැරිය අටම්පහුර අටම්තුමා, බ්‍රා මෙන්ඩිස් සහ ප‍්‍ර‍සන්න වැනි අය මෙන්ම වරක් හෝ පැමිණි  නම් වශයෙන් සදහන් නොකල එකී මෙකී නොකී සෑම සියලුම දෙනාටම හිස නමා ආචාර කරමි......


    ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි.............

    16 comments:

    1. තුනට සුබ පැතුම් !! තව දිගු කාලයක් පහුරු ගාන්න නියපොතු උල් වේවා !!

      ReplyDelete
    2. සුදු සුදු මල්ම පොකුරක් ගෙන හනික එමී
      සුදු පූසාගෙ තුනටම මම සුභ පතමී.....

      ජයවේවා!!!

      ReplyDelete
      Replies
      1. බොහෝම ස්තූතියි දුමින්ද

        Delete
    3. Sudu poosa ta suba upandinayak wewa.
      Awrudu thunai.
      Uba dan hondatama pahila pooso.
      Santhosai.

      ReplyDelete
      Replies
      1. බොහෝම ස්තූතියි මිත්‍රයා

        Delete
    4. අවුරුදු තුනේ පූසගේ කැත? හැක්. සුභ පැතුම් ෂුඪුපූෂා

      ReplyDelete
    5. දිගටම ලියමු ඥාව්වා...

      ReplyDelete
      Replies
      1. බොහෝම ස්තූතියි ඩ්‍රැකී

        Delete