Tuesday, December 1, 2015

X-Ban 2008 දෙවන කොටස

පලමු කොටස කෙසේ හෝ සජිත් සහ මමතුමා එදින පාසලට කල් ඇතිව පැමිණියේ උණබට වලට සහ මැටි කැපීමට යන කණ්ඩායම් වලට අදාල ගමන් අවසරපත් සහ අදාල වියදම් සදහා අවශ්‍ය වන මුදල් හැකි ඉක්මනින් නිකුත් කර කණ්ඩායම පිටත් කර යැවීම මගින් ඉදිකිරීමේ කටයුතු වේගවත් කර ගැනීමටය.අප දෙදෙනා ඈත සිටියදීම දුටුවේ විදුහල්පති ලබුතලේ සුදස්සන ස්වාමීන් වහන්සේ සහ පාසලේ විනය මණ්ඩල සාමාජිකයන් අප නිර්මාණය ඉදිකල ඉසව්වේ රැස්ව සිටියහ.
පෙරදින රාත්‍රී ඉදිකිරීම් වල නිරතව සිටි පිරිස බිම බලාගෙන සිටි අතර අපේ විදුහල්පති හාමුදුරුවෝ පිරිත් දෙසුමක් අරබා තිබුණු අතර එය මම කිසිදා අසා නැති පාලි සංස්කෘතික හා මධුර මනෝහර සුද්ධ සිංහල භාෂාවන් ගෙන් සමන්විත විය..
මම හිමින් සීරුවේ විනය පාලක ප්‍රේමරත්න මහතාට (කක්කුට්ටා) ලංවූයේ‍ මේ හදිසි දහම් දෙසුමට හේතු කාරනා නිවරදිව දැන ගැනීමටයි. සජිත්ව සහ මමතුමාව පසකට කැදවාගෙන ගිය ප්‍රේමරත්න සර් කිව්වේ කොල්ලෝ මුන් ඊයේ හවස උණගස් කපන්න පැන්න වත්තේ තිබ්බ තැඹිලි ගස් පාලුකරලා මදිවට තැඹිලි කෝම්බ වලින් අයිතිකාරයට ගහලා ඇවිල්ලා කියලාය.
                                         ප්‍රේමරත්න මහතා (කක්කුට්ටා)
පස්සේ පහු හොයනකොට ආරන්චි උනේ එදා ගිය අපේ මනීෂ ලක්ෂාන්/යසිරු/අසේල/වරුන ලක්මාල් කයන සෙට් එකෙන් ඉස්කෝලේ මොකක්ද කියලා අහපුවම මුන් බණ්ඩාරණායකේ කියලා හින්දා මිසක් නැත්තම් අපේ උන්ව අල්ලනවා බොරු බවයි. කෙසේ හෝ අපේ හාමුදුරුවන්ට දන්න සියලු ආකාරයන්ගෙන් කරුණු පහදවා බිම පෙරලී වැද වැටිලා යලි ඉතිරි කොටස ඉදිකරන්නට අවසර ගැනීමට අපට හැකිවිය. ප්‍රදර්ශණය ඇරබීමට සති දෙකක් පමණ වන විට මන්දගාමීව සිදුවූ ඉදිකිරීම් වේගවත් වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව අතහැර දමා පන්තිභාර කුසුම් මිස් පාසලට සම්ප්‍රාප්ත වු නිසාවෙනි.

                                      ගහ උඩ පැල ඉදිකරවාගෙන යන අතර තුර


                                                                      අර්ධ වශයෙන් සකස් කල නිර්මානය

මේ අතර විවිධ ආයතන වලින් ලද අනුග්‍රාහක මුදල් මෙන්ම මගේ නම විකුණා ගුරු මණ්ඩලයෙන් ගත් මුදල් සමග ගොට්ටා අතුරුදහන් වුයේ යලි පාසලෙන් ඉවත් වන තුරාවට දක්නට ඉඩක් නොතබමිනි. ඒ අපතයා ගැන අවසාන කොටසින් මා පවසන අතර ඒකා සෑහෙන වියදමක් දරා භාගෙට අටවා තිබු වී බිස්ස මහ හඩක් නගමින් බිමට පතබෑවුනේ ප්‍රදර්ශණය ඇරබීමට පෙර දින සවස් කාලයේදීය. සියලු කටයුතු අවසන් කර ප්‍රදර්ශණ කාර්ය මණ්ඩලයද පත්කර අප අවසන් නිමැවුම ඇතින් නිරීක්ෂනය කරමින් සිටිනා විට වී බිස්ස බිම සිප ගත්තේ රුපියල් හාරදහසක පමණ මුදලක් අපතේ හරිමිනි. වී බිස්සක් නැති ගැමි පෙදෙසක් කෙලෙස ප්‍රදර්ශණය කරම්ද යන්න ඒ වනවිට රැදී සිටි කුමාර සුපුන් මහේෂ් හා මට තිබු විශාලතම ගැටලුවයි. පෙර සසරක කල පිනක් පලදුන්නාක් මෙන් අපේ පිහිටට ආවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ හමුදා සොයුරන් පිරියක් සහ ප්‍රදර්ශණ රාජකාරී පැමිනි තවත් හමුදා සොයුරන් පිරිසකි. මේජර් නිලන්ත සොයුරා ඇතුලු 30 පමණ වු කණ්ඩායම පෙර පැවති මට්ටමටම සකසා අවසන් වන විට අලුයම හතරේ කනිසමද පසුවී හමාරය.
අවසන් කොටස හා ප්‍රදර්ශණය අතරතුර සිදු වු දෑ මීලග කොටසින්..... 



මේ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වම්හ.....


6 comments:

  1. ප්‍රදර්ශනේ බලමු ඉක්මනට..........................

    ReplyDelete
    Replies
    1. ඊලග කොටහ දෙන්නම් ඉක්මනටම. කාරයබහුලයි මේ දවස් වල......

      Delete
  2. ඊලග කොටස එනතුරැ මේ කොටස
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බ්‍රා මෙන්ඩා තුමාව සාදරයෙන් පිලිගන්නවා ඔන්න. ස්තූතියි පැමිණියාට දිගටම එන්න මේ පැත්තේ...

      Delete
  3. යකෝ අර සර්ට කක්කුට්ටා කියල පින්තුරේම දාපු එක හරිද බන්.. ඒ මනුස්සය දරු මල්ලෝ එක්ක පාරේ බහින්නේ කොහොමද බොල ඔහොම චරිත ඝාතනය කරාම. හිතල බලහන් ටිකක්..
    ඊළඟ කොටහත් දාපන් ඉතින් ඉක්මනට අපිට බලන්න..

    ReplyDelete
    Replies
    1. සර්ට සිටි කම දියණිය 2007 දී පමණ දුම්රියට පැන සියදිවි නසා ගත්තා. සර් දන්නවා කක්කුට්ටා කියනවා කියලා. ප්‍රධාන විනය පාලක උනාට අපි කිහිපදෙනෙක් එක්ක සර් ලගින් ඇසුරු කලා. මම 2011 දී අස්වීම ගන්නකොට පන්තිභාර මිස් ඉද්දීම මගේ අස්වීම ලියලා දුන්නේ එතුමා. දැනට එතුමා තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලේ තමා ඉන්නේ. ආර්ථික විද්‍යාව විශයට කප් ගහපු කෙනෙක් තමා.
      අදහසට ස්තූතියි. ඉතිරි කොටසත් දාන්නම් ඉක්මනට

      Delete