කෙමෙන් ඉදිරියටම යන විට මිනිස් පෝලිමක් දක්නට ලද අතර මාද එයට එකතු වුවෙමි. මේ පෝලිම කුමක්දැයි මා අනෙක් අයගෙන් විමසුවද කිසිවෙකුගෙන් පිලිතුරක් නැත සියල්ලෝම තැතිගත් මුහුණෙන් යුතුව බිම බලාගෙන ගමන් කරති. ඈතින් ගිනිජාලාවක් ඈතින් පෙනෙන්නට විය තව තවත් ලංවෙන විට විශාල ඇතුල්වීමේ දොරටුවක් පෙනෙන්නට වූ අතර දොරටුව ආසන්නයට ලං වන විට භාශා තුනෙන්ම අපායේ පිවිසුම් දොරටුව යනුවෙන් සදහන් පුවරුවක් විය.
මම ඇතුල්වීමේ දොරටුව ආසන්නයටම පැමිණ සිටින අතර ඉන් මදක් ඈතින් පිටවීම ලෙස තවත් දොරටුවක් විය. ඇතුල්වීමේ දොරටුවෙහි යුධ හමුදා කැලෑ ඇදුම ඇද සන්ග්ලාස් දමා AK-47 සහ T-56 වැනි නවීන ස්වයංක්‍රීය ආයුධවලින් සන්නද්ධ යමපල්ලන් සිටියත් පිටවීමේ දොරටුවෙහි කිසිවෙකුත් දකින්නට නොමැත. මෙතෙක් මා රැදී සිටි කාලයටම පිටවී ගියේ දෙදෙනෙකු පමණි. CCTV කැමරා පද්ධතිය වලින් සමන්විත වු එහි ප්‍රධාන ආරක්ෂක පවුරේ ඩිජිටල් රූපවාහිනී තිරයක් සවිකර ඇති අතර එමගින් දිස්වුයේ අපාය තුල ඇති එක් එක් අංශවල දෙනු ලබන දඩුවම් වල ස්භාවයයි. යම පල්ලන් විසින් සියලු දෙනාවම කැදවා අපායට පැමිණීමට ආසන්න හේතුව සොයා යම රජුට නඩු වාර්ථා ඉදිරිපත් කිරීමෙහි යෙදී සිටි අතර කෙමෙන් මගේ වාරයද පැමිණි අතර වායුසමණය කල කුටියක් සිටි යමපල්ලකු මා කැදවීය.
මා බලාපොරොත්තු වුනේ ඉස්සර දහම් පාසලේදී ගුණසිරි අංකල් මවා පෙන්නූ උල්වු දත් ඇති කාලවර්ණ යමපල්ලන්වය. නමුත් කුටියේ සිටියේ ජැන්ඩි පහට ඇදගෙන ටයි පොල්ලක්ද එල්වා ගත් කඩවසම් යමපල්ලන් රැසකි. කරුණාකර ඔබේ නරලොව ජාතික හැදුණුම්පත් අංකය පවසනු යැයි කී ඔහු මාගේ අංකය පරිඝණක දත්ත පද්ධතියට ඇතුල් කර බලා ඇඹුල් කර ගත් මුහුණෙන් යුතුව ඔබ හා සම්බන්ද සිදුවීමට අදාල අයවලුන් පිරිසක් මනුස්ස ලෝකයේ තවමත් සුජීවත්ව සිටින් අතර ඔහුන් පැමිණීමට පිලිවෙලින් වසර 2 වසර 5 වසර 10 සහ වසර 20ක් ගතවීමට නියමිතයි. එතෙක් මෙම නඩුව යම රජුට ඉදිරිපත් කල නොහැකියි ඒ නිසා ඔහුන් පැමිණෙන තුරු ඔබ පිවිසුමේ රැදී සිටිනු යැයි පැවසීය.
"අනුකම්පා කරන්න යමපල්තුමා වසර 20ක් එලියට වී සිටින්නේ කෙසේද? මම එපමණ කාලයක් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ කියා පැවසුවෙමි"
"හා හා හා එම්බා නරය තොපගේ මිනිස් ලොව විසි වසරක් යනු අප අපායතුල දෙපැයකි.තෝ දැන් මිනිසෙකු නොව නිර්සත්වයෙකි. අපායේ දඩුවම් අවසන් වන තුරු නිර්සත්වයන් මියයන්නේ නැත. මාගේ පුෂ්පය පැනීමට පෙර වහා පිටවී ගොස් කැදවන තුරු රැදී සිටිනු" යැයි යමපලුතැන ගෝරනාඩු කල බැවින් මම පිලිගැනීමේ කවුලුව අසල ඇති ආසන පෙලින් එකක අසුන් ගත්තෙමි. සත්‍යවශයෙන්ම මට සිදු වුයේ කුමක්ද?
මා පැදවු යතුරුපැදිය බස් රථයකට ඉස්සර කලාක්මෙන් යන්තමට මතකය.......
***මතු සැබැදි***
ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි......
පට්ට..................
ReplyDeleteතැන්කිව් වේවා
Deleteඑහෙනං සෙට් වෙමු කතාවකට
ReplyDeleteනිර්සත්වයෙක් වෙලාම එන්න ඉතුරු ටික කියවන්න...
Deleteමට මතක් උනේ, R.I.P.D ෆිල්ම් එක. බලල තියෙනවද?
ReplyDeleteනෑනේග මොකක්ද ඒ??
DeleteR.I.P.D. හොයාගෙන බලහං. බලලම කියහං කොහොමද කියල.
Deleteහොයාගෙන බලන්නම් ඩ්රැකී
Deleteමාරු කථාව, දිගටම ලියන්න.
ReplyDeleteස්තූතියි. දිගටම මේ පැත්තේ එන්න
Deleteදිග කතාවක් වේවි. දිගටම ලියමු.
ReplyDeleteස්තූතියි. දිගටම මේ පැත්තේ එන්න
Deleteඅඩේ මරු බන්... අපාය ගැන වෙනස්ම මානයක්..
ReplyDeleteබලමු අපාය ඉස්සරහට කොච්චර නවීකරණය වෙලාද කියලා
Deletesuper natural බලලා තියෙනවද?
ReplyDeleteනැහැ ජගත් මම ඒක නම් බලලා නෑ...
Deletehttp://www.baiscopelk.com/tv-series/supernatural-2005/
Deleteමේක බලන්නම ඕන කතාවක්
පූසා එහෙනම් අපායෙත් ගියානේ, සුබ අලුත් අවුරුද්දක් පූසො. මරු කතාව.
ReplyDeleteතාම අපායේ දොර ලගට ගියා විතරයි. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා
Deleteමම ගියා අපායේ බජව් එකකට සීයේ... ඒ පුදුම ලෝකයේ විස්තර අසනු මල්ලියේ ...//
ReplyDelete"මල්ලියේ නරක මිතුරන් ඇසුරන්න එපා
Deleteනංගියේ නොහොබිනා කම් හුරුවෙන්න එපා"
ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා
ReplyDelete