අද මේ වසරක් ගෙවෙන වෙලාවේ මාහට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක්
- බටහිර කැන්ගරුලන්තයේ පදිංචිව සිටියාවුත් සිරි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ හා ගම්පහ ප්රාදේශීය වැඩපලවල් වල මාගේ පියා සමග සේවය කලාවූද ඔබ්සවර් නැත්තම් ඔබා මාමාලෙස බ්ලොග් ලොව හදුනාගත් සනත් විජේවර්ධනයන්
- බ්ලොග් ලෝකෙට මුල් ගුරු වෙච්චි, තමන් දැල්වු පහණින් තවත් පහන් සිය ගණනක් දැල්වූ, පුක යනු කුණුහරුපයක් නොවන බව ඔප්පු කලා වූත් රසික සූරියාරච්චි නොහොත් පැරණි කතන්දරකාරයා
- පන්සලේ කතා වගේම බස් පලුවන්ගේ කතා වගේම විශාල කතා ප්රමාණයක් බ්ලොග් අවකාශයට දායාද කලා වූවද අද වන විට බ්ලොග් ලිවීම යනු කුමක්දැයි නොදන්නා තත්වයට පත්වී ඇති මාරයාගේ හෝරාවේ මාරයා නොහොත් චතූෂ තුෂර කුමාර අයියා
- මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකට නමෝවිත්තියෙන් පලවෙනි කමෙන්ටුව කෙටූ අවන්හලේ මහේශ් රත්නායක
- නොදත් සමහර තාක්ෂණීක කරුණු සහ ඇතැම් දොෂ නිරාකරණය කර දුන් අගහරු ලොව පියාබන පීරිසි අංගනයේ ප්රධාන ඉංජිනේරු තැන්පත් අගහරු තුමා.
- නිතරම මේ පැත්තට ඇවිත් යන්න එන කුරුටු ගෑ ගී පවුරේ කුරුට්ටන් පිරිස
මීට අමතරව විටින් විට පැමිණි ඩ්රැකී, අටම්පහුරේ අටම්තුමා, විචාරක තුමා, නවාතැනේ බස්සි හා කැලේ පිපුනු මල් අඩවියේ W.K වැන්නන් හා මෙහි නම් සදහන් නොකල උදව් කල සැමටත් මා හිසනමා අචාර කරමි.
අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....
අදත් වෙනදා මෙන් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.....
එහෙනං පූසෝ.............. එදත් අදත් හැමදාමත් අපි ඔබ සමග ඉන්නවා..... දැන් වයස අවුරුද්දක් විතර වෙන සූදු පූස් පැටියාට අපේ උණුසුම් ම උණුසුම් මෙව්වා එක වේවා....
ReplyDeleteඅවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්. ඒ වගේ ම ඔය ඉලක්කම් අපිට ලොකු හයියක්...... ඔය හැම දෙයක් ම ඒ විදිහට ම විදපු අපි එ්ක හොදට දන්නවා.... හදවතින් ම ඔබට සුභ පතනවා.... දිගට ම ලියමු..... අපි දිගට ම ඉන්නවා........
ජයවේවා....
ස්තූතියි කුරුට්ටෝ ඔක්කෝටම
Deleteඅප්පද බොල අවුරුද්දකුත් වුණාද...
ReplyDeleteඑළ එළ කොල්ලො.. ඔය ලස්සනට තියෙන පූස් පඬි ටික පීරණ ගමන් අලුත් කතා දෙක තුනකුත් ලියහංකො හෙනං...
අවුරුද්දට ජය වේවා...
ඉස්සරහට එන හැම දෙයක්ම සාර්ථක වේවා.. ජයවේවා
ස්තූතියි සුබ පැතුමට
Deleteසුබ බ්ලොග් උපන්දිනයක් පූසො. ඉදිරියටත් අපුරු කතා ලියන්ට.
ReplyDeleteස්තූතියි
Deleteඅවුරුද්දක් කියන්නෙ ලේසි කෙලියක් නෙවෙයි. දිගටම ලියන්න උඹට කාලය සහ හැකියාව ලැබේවා කියා ප්රාර්ථනා කරනවා!
ReplyDeleteස්තූතියි ඩ්රැකී සුබ පැතුමට.30 වෙනිදා අවුරුදු උත්සවේදී සියලුදෙනා මුණගැසීමට බලාපොරොත්තු වෙමි
ReplyDeleteසුබ ගමන් කොල්ලෝ මමත් දිගටම ඉන්නවා උබත් එක්ක.
ReplyDeleteස්තූතියි ශලිත
Delete