Friday, July 1, 2016

මහපොල කජුකැලය හරහා බැංකුවේ මතක කැම්පස් කටුබැද්ද - පලමු දිගහැරුම

මමතුමා ජාතියේ මහා පහන්ටැබේ සේවය කල කාලය තුල විවිධ විවිධ අවස්මාථාවන්ට හා පුද්ගලයන්ට මුහුණ දී ඒ තුලින් මා ලද අත්දැකීම් බොහෝය. රසකතා ප්‍රේම ජවනිකා දුක්මුසු අවස්ථාවන් මෙන්ම විනෝද සමය රඟදැක්වූ අවස්ථා අනන්තය අප්‍ර‍මානය. අද  කියන්නට යන්නේ ඉතාම කෙටි කාලයක් රැදී සිටි නමුත් තදින් ඇලුම් කල තැනක ගතකල මතකයයි.
අප ආදරණිය නැසීගිය ප්‍ර‍ධාන කලමණාකාර ජනක් මහත්මා එක්දිනක අප සිටි තැනට පැමිණ පොඩි උදව්වක් ඉල්ලුවේය. එනම් එක මාසයක් සදහා කටුබැද්ද ශාඛාවෙහි වැඩ කටයුතු සදහා මොරටුවට යන්නටය. ජනක් මහතාට බෑ කියන්නටද අපට නොහැකිය. කොළඹ සරසවියෙන් පැමිණ සිටි මානවිකාවියන් දෙදෙනා  මොරටුවට හරවා යැවීම ප්‍රායෝගික නොවන නිසාවෙන් හා මානවිකාවන් ඔහුන් සතු මායම් සියල්ල පාවිච්චි කොට උන් දෙදෙනා ආඳන් මෙන් ලිස්සා ගියහ. රුචිත් මලයාත් යන්නට අකමැති වූ නිසාවෙන් ඕන මරාලයක් කියා මම කටුබැද්දට යන්නට සූදානම් වුනෙමි. ජනක මහත්මාගෙන් ලද සහන ස්ථාන මාරු පත්‍රිකාව දුටු විට මට තරු වල්ගා තරු මණ්කිදාණිද පෙනේන්නට විය. කටුබැද්ද කියලා කිවුවට කටුබැද්ද නොවේය. ඒ සොදුරු නවාතැන්පල මොරටුව විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබූ ජාතියේ මහා පහන්ටැඹ ශාඛාව විය.
හා පුරා කියලා දෙදෙහස් දහහතරේ වප් මාසේ හත්වෙනිදා මම මොරටුව විශ්වවිද්‍යාලේ සුමනදාස බිල්ඩිමේ කෙරවලක පිහිටුවා තිබුණ ඒ සොදුරු කුඩා නවාතැන්පලට ගොඩබැස්සේ.  ඒ කාලේ වෙනකොට සල්පිටිකෝරාල මහතා තමා කළමණාකාර ආසනයට අධිපතිව වැඩ සිටියේ. කලමණාකරුත් සමග ස්ථීර සේවකයන් ගණනින් හතරක් විය යුතු වුවත් ඒවන විට සිටියේ තවත් එක් ලිපිකරුවෙකු පමණි. ඊට අමතරව විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් අපට සහයට සිටි අතර ඔහුන් පිලිබදව අවසානයේ සිහිකරමි.


මගේ මතකය නිවරදි නම් ඒ මාසයේ මහපොල ගෙවීම් සිදුවුනේ සයමසක ප්‍ර‍මාදයක් සහිතවය. මහපොල නිකුත්කල ආරංචියට උදෑසන සිටම මානවකයින් මානවිකාවන් පෝලිමේය. එක එක මට්ටමේ ගැටලු විසදා දීමට සිටියේ සල්පිටිකෝරාල මහතාත් මමත් පමණි. සමහරුන්ගේ අත්සන ආදර්ශ අත්සනට වඩා වෙනස්ය එවිට ලංකාවේ හතරදිග්භාගයේ ශාඛාවන්ට (ජාතිය)ඇමතිය යුතුය. ඇතමෙකුගේ ATM කාඩ්පත තාවකාලිකව අක්‍රීය වීම(Dormant) නිසා සල්ලි ගැනීමට නොහැකි වෙලාය. සමහරුන්ට අත්සන වෙනස් වුවත් ගෙවීම් කටයුතු කලේ නීතිරීති වලට වඩා මනුසත්කම පෙරදැරි කරගෙනය. මම පුද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හැදෑරුවද මහපොලින් සිසුන්ට ලැබෙන සහනය මම හොදින්ම දන්නා නිසාවෙන් කිසිදු සිසුවෙකුට මුදල් නොගෙවා හරවා යැවීමට තරම් අප අකාරුණික නොවුනෙමු.
ඒ ගතකල කෙටි කාලසීමාව තුල එවකට උපකුලපති මහාචාර්ය සම්පත් මහතා රෙදිපිලි ප්‍ර‍වර්ධන අධ්‍යනාංශයේ හි එවකට අංශ ප්‍ර‍ධානීව සිටි ආචාර්ය ගුණසිංහ මහතා සහ තොරතුරු තාක්ශණ අංශයේ ආචාර්ය ලෝචන රණතුංග වැනි මිනිසුන් හදුනා ගැනීමට ලැබීමද ඇසුරු කරන්නට ලැබීමද මා ලද මහගු අවස්ථාවක් යැයි මා සිතමි.
මා සමඟ කටයුතු කල ඉන්ටර්න්වරු කිහිපදෙනාව මතක් නොකලහොත්   එය අතිවිශාල අඩුපාඩුවක් වන්නේය. පුරා මාසයක්ම මා සමග වලේ කැන්ටිමෙන් කමින් බොමින් ඉඩකඩ ඇති වේලාවක කජුකැලයේ මෙන්ම සමස්ථ සරසවියේම සුන්දරත්වය මට පෙන්වා දුන්නේ සත්සර හා රුවන් ඇතුලු මේ මිතුරු මිතුරියන් පිරිසයි.එක් දිනක් මාධවන් සමග බොල්ගොඩ ගගේ ඔරු පැද්ද ආකාරය අදටත් මැවී පෙනේ ඒ සදහා මග පෙන්වූ Rowing Club හි මුල් පුරුකක් වු මාධවන් අද යාපනය කන්කසන්තුරයේ පදිංචිව සිටී.
සත්සර ඕවිටිගල 
(Electronic & Communication, කාවින්දි අබේසිංහ (Textiles, මාධවන් රාමසාමි (Civil , දුමානි ජයවීර (Information Technology, රුවන් තාරක ප්‍ර‍භාෂ්වර (Electronic & Communication) , නිම්සරා ඩයස් (Computer Science, සුමිත්ත කළණසිරි (Computer Science) , නිවන්ත ප්‍රේමතිලක (Information Technology) , තේමිය මධුභාෂිත (Electronic & Communication මේ සටහන තබන අවස්ථාව වන විට මොහුන්ගෙන් සරසවියේ සිටින්නේ සිව්දෙනෙකු පමණි.
මාසයක කාලයෙන් පසුව මම සියල්ලන්ගෙන් සමුගෙන යලිත් අන්තර්ජාතික අංශයට පැමිණියද විටින් විට විශ්වවිද්‍යාල ශාඛාවට ගොස් රාජකාරී කර ඇතිමි. ඒමගින් ඇතිකර ගත් හිතමිතුරු කම් අතිමහත්ය.
වෙනදාට නම් මොරටුව සරසවිය ඇතුලට යාම මාහට ඉතා ප්‍රීතියක් ගෙනදෙන්නක් වුවද දැන් දැන් එහි යාමට මාගේ පය එසවෙන්නේ නැත. එහි දැන් ඇත්තේ ඉතාමත් වේදනා ගෙනදෙන මතකයක්ය. සිහිවන විටදීත් මගේ හදවත විශාල වේදනාවකින් පෙලෙන්නට වෙයි. කලකට පසුව මේ සටහන තබන්නට සිත් වුනේ ආසන්න දිනක මෙයට පා නගන්නට සිදුවු නිසාවෙනි. ඒ ලංකා බැංකුවේ මිතුරකුගේ ඉල්ලීමකට කලෙහිගුණ දන්නා නිසා බෑ කියන්නට බැරි නිසාවෙන්ය. 

කජු කැලේට පායපු හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

අදුරුවල වසිනා කල
සරසවිබිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
නිතර තනිය දැනෙන්න...

උපකුලපති මහාචාර්ය සම්පත් තෙන්නකෝන් මහතා දැන් සරසවියේ නැත. නිවන්තට ඇමතුමක් දී ඔහු සමඟ ගොස් තොරතුරු තාක්ෂණ දෙපාර්ථමේන්තුවේ ආචාර්ය ලොචන රණතුංග මහතා හමුවී කතාබහකර පැරණි මතකය අවදිකර ගතිමි ඔහුට මා ගැන මතකයක් නොවීය. ගුණසිංහ මහතා මුණගැසීමටත් ඇගලුම් දෙපාර්ථමේන්තුව  ආසන්නයටම ගියත් ඒ අංශය තුලට යාම මට සිත් වේදනා ගෙනදෙන්නක් වන නිසාවෙන් මද වේලාවක් ඒදෙස යම්දෝ නොයම්දෝ කියා බලාසිට නොගොස් ආපසු පැමිණියෙමි. මා සමග සිටි ඉන්ටර්න්වරු අතරින් මුණගැසුණේ නිවන්ත හා නිම්සරා පමණි. තේමිය ක්‍රිකට් ගසන්නට ගොස් කකුල තලාගෙනය. දුමානි දේශණයකට සහබාගී වෙමින් සිටි අතර අනෙක් අය මේ වන විට සරසවිය හැරගොසින්ය. පැරා සහ ජික්කිත් ටෙම්පරි ලෙක්චර් පෝස්ටු ලබා මානවකයින්ට දැනුම බෙදමින් සිටින්නාහ. අබ්ලික් ප්‍ර‍ශ්ණ වලට අබ්ලික් උත්තර දුන් ලොකු දොස්තර නෝනාගේ සහ මාධවන්ගේ ඇඟ කිලිපොලා යන ඔරු පැදීම ඇතුලු තව තවත් මතකයන් ඉදිරියට.............

පසු සටහන
  • මහාචාර්ය සම්පත් මහතා වරක් ආචාර්ය ගුණසිංහ මහතා හරහා මට මිල මුදලටවත් කරගත නොහැකි උපකාරයක් කරදුන්නේය. මා මුණගැසුණානම් ඔහු අනිවාර්යෙන් ඒ පිලිබදව විමසනවා සිකුරුය. එයට දීමට වන පිලිතුර ඇසූ විට ඔහුට කෝපයකුත් මගේ හිතට දැඩි වේදනාවක්ද ගෙනදෙන්නක් මෙන්ම කෝපයත් වේදනාවත් එකතු වී තුන්වන පාර්ශවයේ අයෙකුට අගතියක්ද සිදුවිය හැකි නිසාවෙන් ඔහුගේ අධ්‍යයන අංශයට මම නොගියෙමි.රුවන් සමග සිටියදී පැරා දෙපාර්ථමේන්තුවෙන් එලියට එනවා දුටු නිසා අප එතනින් නික්ම ආවෙමු.

ඒ වගත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........

20 comments:

  1. ලෝචන්දක නේද අරයගෙ නම?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි. ලෝචන්දක තමයි එතුමගේ ඇත්ත නම

      Delete
  2. අපේ කල්‍යාණයවත් හම්බවෙලා එහෙනං...

    ReplyDelete
    Replies
    1. නැත මේ අපේ නා.හ කළ්‍යාණ මිත්‍ර‍යා නොවේය.
      ඊට වඩා දශක එකහමාරක් පමණ බාල පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයෙන් පැමිනි මානවකයෙක්ය

      Delete
  3. කාලෙකින් යන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. මේ ටික කාලෙට වෙනස් වෙලා තියෙන වෙනස ගැන නම් මටත් පුදුමයි.
      දන්න අදුනන ගොඩක් උදවිය දැන් නෑ නොවැ

      Delete
  4. අර කොලබ එකෙන් එන්න බෑ කියපු මානවිකාවන් දෙන්නා???

    ReplyDelete
    Replies
    1. ඒ ඩබල කොළඹ සරසවියෙන් ආපු මානවිකාවෝ දෙන්නෙක් හින්දා මොරටු යන්න බෑ කිව්වා අන්තිමට මටයි යන්න උනේ.
      පස්සෙන් පහු දැක්කම දුක හිතෙන කෙනෙක් ඉන්න හින්දයි යන්න අකමැති

      Delete
  5. රස්සාවෙ හැටියට වෙන වෙන රැකියා ස්ථාන වල වැඩ කරන්න වෙන එක නම් අත්දැකීම් ගොඩක් ලැබෙන විදියක් නේද?

    ReplyDelete
    Replies
    1. විවිධ අකාරයේ මිනිස්සු ඇසුරු කරන්න නම් හොද අවස්ථාවක් තමයි. ඒ අයව ඇසුරු කරනවා කියන්නේ අත්දැකීම් තමයි. හැබැයි මම ඒ කාලේ නම් කැම්පස් බ්‍රාන්ච් එකට කැමතියි මොකද නිදහස් නිසා

      Delete
  6. මාධවන් සිවිල් වලින් පලමුපෙල උපාධිය ගත්තු රාහුල හොස්ටල් එකේ මාත් එක්කම හිටපු මගේ අතිජාත මින්‍ර‍යා හැබැයි මිනිහා කන්කසන්තුරේ නෙවෙයි මානිපායි වල ඉන්නේ.
    එදා හවස් වරුවක මාධවන් එක්ක පූසෝ උඹ ඔරු පදිනකොට සහයට ආව එකා තමා මම

    ReplyDelete
    Replies
    1. මට මාධවන් අන්තිමට මුණගැසුනේ 2015 ජනවාරි වල. මට මතක තියෙන්නෙම කන්කසන්තුරේ කියලා.
      ඔරු පැදිල්ලනම් මතක් කරද්දිත් ඇගේ මයිල් සමයිල් වෙනවා මාධවන් ගේ ඔරු පැදීමේ තියරිය මතක්වෙද්දිත්
      ඇනෝ කවුද කියලා කිව්වනම් බලන්න පොඩ්ඩක්??

      Delete
  7. පැරා වැඩ කරන්නේ Textiles එකේ ආධුනික කතිකාචාර්ය විදිහට
    ජික්කා ඇවිල්ලා Electronic Department එකේ. මෑතකදී Formula 1 කාර් එක හැදුවේ ජික්කාගේ ඩිවිශන් එකේ ගෝලබාලයෝ තමයි.
    මමත් අත්සන වැරදිලා මහපොල ගත්තු එකෙක් තමයි ඔතනින්...

    ReplyDelete
    Replies
    1. පැරා නම් ටෙක්ස්ටයිල් කියලා මම දැනගෙන උන්නා.
      Formula 1 කාර් එක හදපු ටීම් එකේ මෙහෙයුම් මොලකරු මගේ පන්ති සගයෙක්. ගුරා වගේමනේ ගෝලයොත්
      ඇනෝගේ නම කිව්වොත් මතකෙට එයි කවුද කියලා

      Delete
    2. 2015 TPL ගැහුවේ බන් මතක නැද්ද මාව අඩුම ගානේ ගොඩඋඩ රොටී කාපු එකවත් මතකද?
      ඊයෙත් උඹව හම්බවෙලා කතා කලේ ලියිබ්‍රිය ලගදී.

      Delete
    3. මම ඊයෙ අයිඩී එක ගෙනත් නෑ. ඇතුළට යන්න බැරුව ආපහු එද්දී මමත් දැක්කා උඹලා දෙන්නා ලයිබ්‍රිය ගාව ඉන්නවා. අයිඩී එක ගේන්න දිව්ව හින්දා කතා කරන්න උනේ නෑ.

      Delete
    4. TPL ගහලා පැරදිච්ච ටීම් එකේ ලොක්කා මොකද මේ ඇනෝ ඇවිල්ලා.
      ගොඩඋඩ රොටී විතරක් නෙවේ වල කැන්ටිමේ අැන්ටිගේ බත් වේලත් මතකයි.
      රෝයල් ඩිනර් එකේ මතක ටිකත් ලියන්නම් වෙලාවක

      Delete
    5. ඇනෝ 2
      දැක්කනම් කතා කරන්න එපැයි බන් දිව්වේ කොහාටද?
      එක නෙමේ මේ ඇනෝ කොහ් දෙපාර්ථමෙන්තුවක මානවකයෙක්ද?

      Delete
  8. පැරාද? පජාද? හරි නම??
    පජාව නම් හදුනමි. අර්ථයේ පරිසමාප්ථ අර්ථයෙන්ම පජාතය.
    පජාගෙන් වැඩි ලකුණක් ගන්නවාට වඩා ඉබ්බ්ගෙන් පිහාටු ඉල්ලීම ප්‍ර‍තිපලදායකය

    ReplyDelete
    Replies
    1. ඒ පිලිබදව නම් මමත් අසා ඇත්තෙමි දන්නා ලෙසට නම් පජා විය යුතුය

      Delete