Sunday, November 20, 2016

ඇස් රතු කල මඟඩි වරෙන්තුව

කාලයකට පසුව අද යලිත් අපගේ පාසල් සමය සිහිපත් වන්නට යෙදුනි. වෙනින් කිසිවක් නිසා නොව සියනෑ කෝරලයේ මිරිස්වත්තට නුදුරු ස්ථානයකදී කලකට පසුව සිදුවන්නට යෙදුනා වූ මිතුරු හමුවක් නිසාවෙනි. ඒ හැර සාමාන්‍යපෙල සමයේ සිදුවූ රසවත් කතාවක් ලියන්නයැයි මෙන්න මේ කතාවේ ප්‍ර‍ධාන චරිතයක්ව සිටි තැනැත්තෙක් කරන්නාවූ ඉල්ලීමද සලකා බලා මෙය ලිවීමට අදහස් කලෙමි.
සියල්ලටම පෙර මෙසේ පවසා සිටිය යුතුමය "මා විසින් මෙසේ අසනු ලැබුවා පමණි. මේ සියලුම සුරංගනා කතාවන් හට මුල් උනේ සාමාන්‍යපෙල පන්තියේ අවසානම දින කිහිපයයි.මෙය සිදුවූයේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය තුලය. එකල අනෙකුත් පන්ති සාමාන්‍ය ආකාරයට පැවතියද මේ පන්තිය පමණක් කලු කරන ලද වීදුරුවලින්ද එල්ලන ලද තිරරෙදි මගින් වටකර භාහිර ලෝකයෙන් වෙන්වූ අමුතුම බලකොටුවක ආකාරයෙන් පවත්වාගෙන ගිය එකක් විය.
සාමාන්‍යපෙල විභාගයට කෙමෙන් කෙමෙන් දින ආසන්න වෙත්ම මගඩි වැඩක් කරන්නට එක් සාමාජිකයෙකු හට අගනා අදහසක් පහලවූ අතර එයට ඉලක්කය වූයේ එම පන්තියේම සිටි ගල්පාත මහතාවය. ගල්පාත මහතාගේ කියුම් කෙරුම් අඩංගු කර දුකසේ චරිතය ඝාතනය තර සකසන ලද පෝස්ටරයක්(වරෙන්තුව) සහ හසුන්පතක් ඔහුගේ පුද්ගලික ලිපිනයට තැපැල් කර අනෙක් පිටපත පන්ති සගයන් අතර බෙදා හරින්නට මහමොලකරු වූ සුනඛ තෙමේ කටයුතු කරන ලදී.


පන්තියේ සගයන් අතර අතින් අත යමින් රසවින්ද මෙම මඩ පත්‍රිකාව තවත් චරිතයක් වූ මන්ද+ලාල් විසින් කල ක්‍රියාවක් හේතුකොට ගෙන පන්තිභාර ඇදුරා වන පාලින්ද මැතිදු අතට පත්වන්නට යෙදුනේය. පසුදිනක මෙවැනි මිතුරන් ඇසුරු නොකරන මෙන් එතුමා උපදෙස් දුන් බවද සුනඛ තෙමේ පැවසුවේය 

හොදම කතාව උදා වුනේ පසු දිනකය ගල්පාත මහතාගේ නිවසට යවන්නට සකස්කල පිටපතේ ලිපිනය සුනඛ තෙමේහට වැරදී එය ලැබී තිබුනේ අසල නිවසකටයි. වැරදීමකින් කඩා හසුන්පත කියවූ නිවැසියෝ ඉමහත් බියට පත්වී ගල්පාත මහතාගේ දෙමාපියන්හට දන්වා ඇති මුත් අද වෙනතුරු මෙය එව්ව මහමොළකරු කවුදැයි නිවැසියන් නොදන්නා බව මම විශ්වාස කරමි. මෙය සර්ව සම්පූර්ණ වන්නටනම් යවන ලද ලිපියේ පිටපතක්ද මෙයට එක්කලයුතු නමුත් ලිපිය ලද හා ලිපිය සකස්කල දෙදෙනා සතුවම මෙහි පිටපතක් මේවනවිට නැතිය.
පසු සටහන
  • මේ සිදුවීම හොදින්ම දන්නා උදවිය ඒ පිලිබදව ඇනෝ කොමන්ටුවක් ලෙස හෝ සටහන් කරන මෙන් ඇරයුම් කරන අතරම වතුර ටැංකිය යට කොල ටයිපටි ස්කෝලෙට යවනලද පිටපතත් එයට ලද පිලිතුරත් සදහන් කලාටද කමක් නැත.
  • කිසියම් දෙයක් සදහා අවශ්‍ය උනහොත් මන්දක් ගසා බල්ලා අල්ලා ගන්නා මෙන් කාරුණිකව කියවන්නා වූ උතුමන්ගෙන් ඉල්ලා සිටින අතර කොට්ටාව පැත්තට ගියානම් අල්ලා ගන්නට හැකි බව පමණක් සදහන් කරමි. 

ඒ වඟත් මෙසේමැ අදත් පහුරු ගෑ මම සුදුපූසා වෙමි........

7 comments:

  1. සුදු පූසෝ ඊයා හලෝ ඔවාලනම්.
    ඔන්න අපිත් ආවෝ නියම පෝස්‍ටුව.
    ඉස්කෝලෙ කාලෙ අපි කරපු කුපාඩි වඩැක් ගැන මෙන්න මේ පෝස්‍ටුවේ මං ලියලා තිබ්බා.
    http://ranwanmakara.blogspot.com/2016/08/blog-post_29.html

    ඉඩ ලැබුනු වෙලාවක කියවලා බලන්නකෝ. ජය වේ !

    ReplyDelete
  2. නටන නැටුම් ගයන ගැයුම් ඉවත හෙලයි ලොවේ සැමා :P
    අම්මේ ආයෙත් ස්කෝලෙට ගියා වගේ. ඔය බල්ලාට මඩක් ගහපන් කෝ
    එනිවේ ජයවේවා

    ReplyDelete
    Replies
    1. බල්ලාටද මඩ බල්දියක් පමණ එකතු වී ඇත. ගයන ගැයුම් කතාවද වෙනම ලිවිය යුක්තකි.
      මේ ඇනෝ තුමාද මේ සියල්ල දන්නා මේ පන්තියේම එකෙකු බවද මගේ ඉවට දැනේ

      Delete
  3. ඒ කාලේ මාරයි තමයි පූසෝ..........

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නෑ. ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවා නම්

      Delete