ඔබ ප්‍රදානය කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3 දක්වා බේරා ගත හැක.අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට හිමෝග්ලොබින් ප්‍රතිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.ප්‍රධාන රුධිර ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි O negative යනු සර්වදායකයෙකි.පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි.
පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000 කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ. ලංකාවේ ලේ බැංකු ප්‍රධාන වශයෙන් AB- සහ B- යන රුධිර කාන්ඩයන් අධික හිඟතාවයකින් පෙලේ
ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15 කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත. එසේ රෝග බෝ වෙනවායැයි කීම මිත්‍යාමතයක්ම වන්නේය.
****************
ඉහතින් රුධිර පාරවිලනය පිලිබදව කෙටි සටහනක් තැබුවේ අද කථාවට ප්‍රවේශයක් ලබාගැනීමේ පහසුව තකාය.
ධනුෂ්ක සමරකෝන් නම් ඔහු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය පලමු වරට 2002 දී බිහිකල ඉංග්‍රීසි මාධ්‍ය පන්තියෙන් අරබා උසස්පෙල මා සමගම වාණිජ අංශයේ සමාන්තර පන්තියක ඉගෙනුම ලැබුවෙක් විය.
හදිසියේ ඇතිවු මොලයේ ගෙඩියක් හේතුවෙන් අප කිසිවෙකුත් නොසිතූ නොපැතූ මොහොතක අපෙන් සමුගෙන පුරා වසර තුනක් සම්පූර්ණ වන්නේ මෙම වසරටය. ඔහුත් සමඟ ඉගෙනුම ලැබූ 11 F පංති සඟයන්ගේ සංවිධාන හා මූල්‍ය ශක්තියෙන් පුරා දෙවසරක් ලේ දන්දීමේ කදවුරක් පවත්වන ලදී. එහි තෙවන අදියර මෙම එලැබෙන පෙබරවාරි 13 දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට Merit Foundation එකමුතුව විසින් සංවිධානය කර ඇත.
හදිසියේ ඇතිවු මොලයේ ගෙඩියක් හේතුවෙන් අප කිසිවෙකුත් නොසිතූ නොපැතූ මොහොතක අපෙන් සමුගෙන පුරා වසර තුනක් සම්පූර්ණ වන්නේ මෙම වසරටය. ඔහුත් සමඟ ඉගෙනුම ලැබූ 11 F පංති සඟයන්ගේ සංවිධාන හා මූල්‍ය ශක්තියෙන් පුරා දෙවසරක් ලේ දන්දීමේ කදවුරක් පවත්වන ලදී. එහි තෙවන අදියර මෙම එලැබෙන පෙබරවාරි 13 දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට Merit Foundation එකමුතුව විසින් සංවිධානය කර ඇත.
දිනය - 2016 පෙබරවාරි 13 සෙනසුරාදා
ස්ථානය - ගම්පහ සාම මහා විහාරය (රත්නාවලී විදුහල අසල)
වේලාව - පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා
ඉතින් ඔබටත් හැකියාවක් ඇත්නම් එදිනට සහබාගී වෙලා රුධිරය දන්දෙන්නට එය මහඟු පිංකමක්ම වේවි. විශේෂයෙන් ඔබ B+ B- O-AB- රුධිර කාණ්ඩ වලට අයත්නම් මතක තබා ගන්න එම රුධිර කාණ්ඩයන් යනු ලේ බැංකුවට හිඟම හා අත්‍යාවශම වන රුධිර කාණ්ඩයන් බව. හැකියාවක් ඇතොත් ඔබත් ඇවිත් යන්න එන්න.......
ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි.......




























