Sunday, May 10, 2015

දඩයමේ යාම - සෙන්ට්‍රල් අනුරාධපුයේ ඉතිරි මතකය

කලින් දඩයමේ ගියපු කතාව මම නැවැත්තුවේ අපිට විස්තර සොයාදීමට ඉදිරිපත් වූ සොහොයුරා මට කනට කර ඇයත් මෙහි සිටිනවා යැයි පැවසූ තැනින්ය. මේ සදහන් කරන්නේ එහි ඉතිරි කොටසයි. එය ඇසුනු සැනින් මම භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු මෙන් අනෙක් තිදෙනාද ඇදගෙන හැකි ඉක්මනින් පැමිණ නැවතුනේ පාසල ඉදිරිපිට මාර්ගය වන හරිස්චන්ද්‍ර පාරේය. 

ටික වෙලාවකින් අප දුටුවේ අප සොයමින් එන අනුරපුර මැදි විදුහලේ ලසන්ත සොයුරාය.ඇසපිය හෙලන නිමේෂයෙන් එක්වරම සිටි තැනින් අතුරුදහන් වී ගස් ගල් පෙරලමින් විද්‍යාගාර පසුකරමින් සිග් සැග් ක්‍රමයට අප ගිය ගමන ගැන පුදුම වෙන්නද ඇත. පූසා කුකුල් කේන්තිකාරයකු මෙන්ම කලබලකාරයකු බව ඇසුරු කරන්නන් හොදින්ම දනී. මල්ලි අපෙන් ඇහුවේ අයියලා ඇයි පොලිසියෙන් එලවන් ආවා වගේ දිව්වේ කියාය. කෙසේ වෙතත් එ් මල්ලිගේ සහයෝගය නොමැති නම් අප ගිය ගමන සාර්ථක වෙන්නේ නැති බවද මම සදහන් කරන්නේ ඔහුට කරන ගෞරවයක් ලෙසිනි. 


තමන්ගේ කණ්ඩායම මෙහෙයවමින් සහ නායකත්වය දෙමින් තම ශිෂ්‍ය නායක මණ්ඩලයේ ජායාරූප ගැනීම මෙන්ම ශිෂ්‍ය නායක නායිකාවන්ගේ  සහතිකය ගැන සාකච්චා කල යුතු බව පවසා ඔහු අපෙන් උදෑසන10.30ට පමන සමුගත්තේ ගත්තේ යලි පැමිණි විටක නැවත හමුවීමේ බලාපොරොත්තු සහිතවය. තම නිවස තිබෙන්නේද අනුරපුර නගර මධ්‍යයේ බව ඔහු මට පැවසුවේය.

අපි නඩය පා ගමනින්ම පැමිණියේ නුවර වැව ආසන්නයටය.



උඩමලුව සහ අටමස්ථානයේ යාමේ අදහසින් අප නැගුනේ මා මිත්‍ර දමිත ගේ CT-100 යතුරු පැදියටයි. සතර දෙනෙකු පටවා ගත් දමිත් එය ධාවනය කලේ පූජනීය පූජා නගරය වෙතයි. එම යතුරු පැදිය පහත පරිදි දිස්වූයේ පොලිසියේ තනි තරුවකටයි.




 යතුරුපැදිය නැවතා අපට ගොරනාඩු කලේ 4 දෙනෙකුට ගමන් කල නොහැකි බව සහ රියදුරු බලපත ලබාදෙන ලෙස පවසමින්ය. මාගේ මිත්‍ර දමිත් තම රියැදුරු බලපත වෙනුවට දුන්නේ කොයි මොහොතේත් ගෙලවට ඇති ජාතියේ මහා පහන් ටැබේ හැදුනුම්පතයි. එහි ආනුබාවයෙන් අපහට එතනින් පැනගැනීමට හැකි විය.
අප කණ්ඩායම පලමුවෙන් ගියේ ජය ශ්‍රී මහා බොධිය වෙතයි.





 අප හට උඩමලුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින මලුවටම යාමට අවස්ථාව ලැබුනේ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ දමිත ව හොදින් හදුනන්නෙකු වීම හේතුවෙනි.මෙහිදී අප සමග පැමිනි සහාය කලමණාකරු චරිත් අයියා ඔහුගේ වියදමින් ගත් සුදු නෙලුම් මල් වට්ටිය මගේ අතට දෙමින් මට කිව්වේ මල්ලී ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව හරියන්න කියලා ප්‍රාර්ථනා කර ගෙනම මල් පූජා කරන ලෙසයි.සත්‍යවශයෙන්ම මම සිතූ දේ ඉටුවේදැයි කීමට තවමත් කල් වැඩිය.


                                                              






වන්දනා මාන කටයුතු අවසන් කල අප දිවා ආහාරය වෙනුවෙන් දමිත ගේ ශාඛාව වන අනුරාධපුර ශාඛාවට ගියෙමු. අප එදින උදෑසන සිට කල කී දෑ ඇසූ එම ශාඛාවේ කලමණාකරු ඇතුලු වැඩිහිටි පිරිස කිව්වේ ගෑණු පරාණයක් වෙනුවෙන් නිවාඩුත් දාගෙන රස්සියාදුවේ ආවේ උබලා ඔක්කෝටම අහවල් ලෙඩේ අන්තිමටම තද වෙලා කියලාය.
දුම්රිය යලිත් 3.30 ට කොටුව බලා ධාවනය වන නිසා අපට කල සත්කාරයට දමිත් ඇතුලු පිරිසට ස්තූති කල අප දුම්රිය ස්ථානයට පාගමනින් යමට සැරසුනද කලමණාකරු ප්‍රේමලාල් මහතා තම මෝටර් රථයේ යතුර දමිත්ට දී අප දුම්රිය පලට හැරලවන ලෙස පවසා සිටියේය.
මෙය ඉතා විශාල එකිනෙකට බැදුණු සිදුවීම් ජාලයක ඇරඹුම පමණකි. පසුකාලීනව ඔහුන්  රැදී සිටි වසරක පමණ කාලය තුලදී මානවිකාවන් තිදෙනාම මා සමග හිතවත් වු අතර ඔහුන් පිලිබදව තවත් තොරතුරු රැසක් පසුකාලීනව මම රැස්කරගත්තෙමි.

ඔහුන් මා සමග හිතවත් වු ආකාරය මෙන්ම මෙම ජවනිකාවෙන් පසු කලක සිදුවු විසිල් බල්ටි සහ ඇග කිලිපොලා යන විහිලු සහිත සටන් ජවනිකා සහ ලංකාවේ ඇතුගල්පුර රාජපිහිල්ල පාරේ පුද්ගලික ටියුටරියක් ඉදිරිපිටට වී ඔත්තු බලමින් සිටියදී එය ක්ෂණික හෑන්ඩ් බිල් බෙදිල්ලක් බවට පරිවර්ථනය කර පවත්වාගෙන ගිය ආකාරය පිලිබදවද පසුවට ඔබට ඉදිරිපත් කරමි. හෑන්ඩ්බිල් බෙදීමට මිනිස් ශ්‍ර‍මය ලැබුණේ කුරුණැගල පුත්තලම් පාරේ "සුම්මා කොම්පැණි" අනුග්‍ර‍යෙනි :P 

ප/ලි


  • මගේ අසිහිය වැඩිවීම කොතෙක් දැයි කිවහොත් වරක් ජනවාරි පලමුවැනි දාවක භූමිතෙල් යොදා පොල්තෙල් පහන් පත්තු කර නව වසරේම අණ්ඩක් පුලුස්සා ගත්තෙමි.
  • තවත් වරක් රුපියල් 10000/- ක චෙක්පතකට රුපියල් 100000/- මුදල් ගෙවා ඇත්තෙමි.


ඒ වගත් මෙසේමැ පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........

Friday, May 1, 2015

බැංකුවේ ජීවිතේ ඇරඔුම - දෙමටගොඩ

සුදු පූසා වන මම උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යාතනයේය. අප හදාරන උපාධි පාඨමාලාවේ දෙවන වසරේ අවශ්‍යතාවයක් මත ආයතන පුහුණුව සදහා ආයතන වල සේවයට යාමට අපට සිදුවිය. අප කණ්ඩායම භාරව සිටි ඇදුරුඅතුමිය විවිධ ආයතන සදහා සිසුන් යොමු කල අතර මා ඇතුලු 50 දෙනෙකු අයිති වුයේ ලංකා බැංකුවේ අභ්‍යාසලාභී කළමණාකරණ පුහුණුකරුවන්(Management Trainees) ලෙස කටයුතු කරන්නටය.



2013 වසරේ සැප්තැමිබර් 23 දා මම ඇතුලු 50ක නඩය කොල්ලුපිටියේ මර්චන්ට් ටවර් හි පිහිටි බස්නාහිර පළාත් උතුරු කාර්යයාලයට වාර්ථා කල අතර අප කණ්ඩායම විවිධ විවිධ ශාඛාවන් සදහා අනුයුක්ත කරීම ආරම්බ කරණ ලදී. මගේ නමට අකුරු කරන ලද ලිපිය ලද විගස මා බැලුවේ මොන තූත්තුකුඩියක මට සෙට් උනේදැයි කියාය එහි සටහන්වී තිබුනේ දෙමටගොඩ ශාඛාව කියාය. මම යන්නට දන්න දෙමටගොඩක් නැත කිරුලපණ ශාඛාව ලද සොයුරිය සමග ස්ථාන මාරු කර ගැනීමට මා සූදානම් උවද කුමක් හෝ කරුනක් නිසා එය සිදුකර ගැනීමට නොහැකි විය. නමුත් එය එසේ සිදුවීම ගැන මම අදටත් සතුටුවෙමි මන්දයත් කිරුලපණ ශාඛාවට ගිය සොහොයුරියට බැංකු ජීවිතයම එපා වන තැනට එම කාර්යය මණ්ඩලය කටයුතු කර තිබුනි.



කෙසේ හෝ උදෑසන 10.15 පමණ මම ඉහත ජායාරූපයේ ඇති දෙමටගොඩ ශාඛාවට ඇතුල් උනෙමි. එවකට කළමණාකාරිණීව සිටි නාලනී කුරුප්පු මහත්මිය සුහදව මා පිලිගත් අතර මුලික කරුණු මා හටපවසන ලදී. පසු කලක කිසිදු දෙයක් නොසගවා ඔවුන් දන්නා සියලු කරුනු හිරන්ත හේෂාණි පසන් රවී සහ සෙව්වන්දි යන පිරිස මා හට කියා දෙන ලදී.

මාස හයෙන් හයට ස්ථාන මාරු කරන ලෙස බදවා ගත්තද එතැන් සිට වසරකුත් මාස දෙකක කාලයක් මම දෙමටගොඩ රැදී සිටියෙමි. මාගේපළමු කළමණාකාරිණීව සිටි නාලනී කුරුප්පු මහත්මිය අද සහකාර මහා කළමණාකාරිණී ලෙස මුලස්ථාන යේ සේවය කරන අතර ජයසේන මහතා යලිත් දෙවන වරටත්  වර්ථමාණයේ කළමණාකරු ලෙස කටයුතු කරමින් සිටියි.
ජයකොඩි මහතා විශ්‍රාම සුව විදින අතර සෙව්වන්දි අක්කා සමග හිරන්ත අයියා විධායක නිළධාරීන් ‍ලෙස උසස් වීම් ලැබ එම ශාඛාවේම සේවය කරයි.

ගණුදෙණු කරණ වේලාවෙන් පසු බැංකුව එකම රස ගුලාවක් බවට පත්වේ. ජොතිපාල බෙග් මාස්ටර් සහ නිහාල් නෙල්සන් ඇතුලු ගායක ගායිකාවන් යලි ඉපැදී ගායන හැකියාවන් මනාවට පෙන්නුම් කරයි.  බෙග් මාස්ටර් නොමරා මරන්නේ ජයසේන මාස්ටර්ය. බෝර 12 ගිණි අවියෙන් සුමියුරු ලෙස සංගීතය සපයන්නේ හේමේ සමග ගුණේය. ප්‍රේම කථා වීර කථා ආදිය මෙන්ම නැපෝලියන් බොනපාට් ලා ද එලි බසින්නේ මෙම කාල වකවානුවේ දීය. ඇතැම් විටක විනෝද සමය රගදක්වන අවස්ථාද අතරින් පතර උදාවේ.

ඔහුන් සමග ගත කල වසරකට අදික කාලය මාගේ ජීවිතයේ ගත කල හොදම කාලයක් යැයි බියෙන් තොරව කිව හැකිය. සෑම කළමණාකරුවෙක්ම අධ්‍යාපන අවශ්‍යතා සදහා හැම විටම නිවාඩු ලබා දුන් අතර ජයසේන මහතා නිතර කීවේ ඕන දිහෑවක ගිහින් 12 ට හරි කමක් නෑ එන්න පුලුවන්නම් එන්න යනුවෙනි. 

මෙම කාලයේ මුහුණ දුන් දුක්බරම අවස්ථාවක් වුයේ ණයමුදලක් නොගෙවු අයකුගේ ඇප සුරැකුම් කල නිවාසය ඇතුලු දේපල උසාවි නියෝග මත තහනමට ගෙන කර පිස්කල් බාරයට ගත් අවස්ථාවේ බැංකුව නියෝජනය කරමින් ගිය හිරන්ත අයියාගේ සහ මගේ දෙපා වදිමින් එම නිවයේ සිටි කාන්තාවන් සහ පොඩි දරුවන් පිරිස මහ මග වැද වැටුණු අවස්ථාවයි. හිරන්ත අයියාගේත් මගේත් ඇස් වලට කදුලු ආවද ඒ වන විට ප්‍රමාද වැඩිය මන්ද අපට කල කිසිවක් නොවීය.

මෙම කාල සීමාව ගැන කියනවානම් පොත් 4ක් 5ක් පමණ ලියන්නට හැකිය. සමහරක් ප්‍රසිද්ධ කල නොහැක්කේ අදාල පාර්ශවයන් තවමත් යහතින් සිටින නිසාය. 

අලුතින් පැමිණි මැදි වයසේ අහංකාර විධායක නිළදාරිණිය ආණ්ඩු මට්ටු කිරීමට මුලිකත්වය ගෙන ඇයගේ ගෑස් බැස්සවූ ආකාරයත් එම කාලය තුල යසිත් ලකිත විකී බුද්ධිකා සහ නිලූශා යන පාසල් පුහුණුවට පැමිණි නංගිලා සහ මල්ලිලා කල කී දෑ මගේ හදවතේ කොනක ඉතා රසවත් මතක ලෙස අදටත් රැදී පවතී.

ප/ලි

  • සෑම විටම පුද්ගල නාමයන් පමනක් මනක්කල්පිත වන අතර සිදුවු සිදුවීම් සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු වු ඒවාය.
  • මෙම කාලය තුල විවිධ විවිධ චරිත මට හමුවී ඇති අතර ගායකයින් ලේඛකයින් මෙන්ම දෙමටගොඩ ලොකු අයියලාද මේ අතර විය.
  • තවත් අමුතු චරිත රැසක් පිලිබදව අපූරු සටහන් ඉදිරියේදී  තබමි.




ඒ වගත් මෙසේම පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........

Saturday, April 18, 2015

දඩයමේ යාම - මධ්‍ය විද්‍යාලය අනුරාධපුරය

මම මේ ලංකාව තුල ඉතාමත් කැමති පාසල් දෙකක් වෙයි. පලමුවැන්න තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහලයි. අනෙක නම් රජරට වැව් බැදි රාජධාණියේ හදවත බදුව පිහිටා ඇති අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයි.


වසර දෙකකට පෙර දිනක යෙදුණු යම් සංක්‍රාන්ති සමයක මම  මහා පහන්ටැබේ රාජකාරී කරන සමයේ රාජකාරී ගමනක් අතරතුරදී ගම්පහ නගරයේ බස්නැවතුම්පලෙහිදී ලස්සන ගෑණු ලමයෙකු දුටු අතර ඇගේ එම රුව මාගේ සිතෙහි තදින් සටහන් විය. ඒ රූපය ගැන හිත හිතම මම ගෙදර පැමිණි නමුත් මට නිරන්තරයෙන් මතක් වෙන්නේම ඒ මගදී දුටු සහෝදරියගේ මුහුණමය. මටත් හොරෙන්ම ඊතල පහරක් වැදී ලව් අමාරුව නැමැති දරුණු රෝගය වැලදීගෙන එන බව මගේ අක්මාවට දැනුනි. එම සිදුවීමෙන් මාසයකට පමණ පසු දිනක මම බැංකුවට හොර ලෙඩ නිවාඩු දමා ගෙදර නැවතී අතපසු වු නිබන්ධනයක් සකස්කරමින් සිටි අතර කිසියම් අවශ්‍යතාවයක් සදහා ගම්පහ නගරයට යාමට එලියට බැස්සෙමි. ප්‍රධාන මාර්ගයට හැරුණාත් සමගම හෙණයක් ගැහුවා සේ මාගේ ඉදිරියට ආවේ මම මසකට පෙර දිනයක බස්නැවතුමේදී දුටු ඒ සහෝදරියයි. ඇය එම අසල නිවසක නවාතැන් ගෙන සිටියේ තවත් මානවිකාවන් රැසක් සමගින්ය.

ඇය ගැන මට ඇතිවු කැමැත්ත නිසාම මම 
ඇය සමග සිටි අනෙක් සොහොයුරියගෙන් ඇය ගැන විස්තර වටින් ගොඩින් සොයා බැලු විට දැන ගත්තේ ඇගේ පාසල අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධතම මිශ්‍ර පාසලක් බවයි. 

මම එවකට ඇතුගල්පුරයට සමුදී යලිත් රාජකාරී කරමින් සිටියේ ජාතියේ මහා පහන් ටැබේ මුලස්ථානයේ ලැබෙන විදේශ ප්‍රේෂණ දෙපාර්ථමේන්තුවෙහිය(Inward Remittances Department) ඉහත සිදුවීමෙන් තෙමසකට පමණ පසු 2014 ඔක්තොබර් මස මුල අප දෙපාර්ථමේන්තුවට පාසල් හැරගිය පුහුණුකරුවන් ලෙස මා යටතේ පුහුණුවට පැමිණි මල්ලිලා අතරින් එක් අයෙකු අනුරාධපුර මැදි විදුහලේ ආදිශිෂ්‍ය කණ්ඩායමෙහි සිසුවෙක් විය. මම ඒ මල්ලී ගෙන් විස්තර අහනකොට ඔහු කිව්වේ අයියා අනුරාධපුර යමු මම ඔයාට එයාගෙම පන්තියේ යාලුවෙක්ව මුණගස්සන්නම් කියාය.

ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ කිව්වා සේ ඒ මොහොතේම කොටුව දුම්රිය ස්ථානයට අපගේ බළපත්‍ර ඉදිරිපත් කර අනුරාධපුරයට දිවෙන යාල්දේවි දුම්රියේ ආසන වෙන් කරගත් අප පස්දෙනෙකුගෙන් යුතු නඩය පසු දින ගමන් ඇරඹුවේ රහස් පරීක්ෂණයකට යන ෂර්ලොක් හොම්ස් හා පිරිස සිහිගන්වමිනි. ගමනට අප දෙපාර්ථමේන්තුවේම සහාය කළමණාකරුවන් දෙදෙනකු හා මාගේ තවත් මිතුරකු හා නවක සොහොයුරාද ඇතුලත් විය. අනුරාධපුරයේදී අපේ නඩයට එකතු වූයේ අනුරපුර ශාඛාවේ අප සැමගේ පොදු මිත්‍රයෙකු වු දමිතය.අනුරපුර ශාඛාවේ සේවය කරන දමිත නිසාත් අපගේ රාජකාරී හැදුනුම්පත් නිසාත් ඉතාමත් පහසුවෙන් පාසලට ඇතුල් වීමට අපට හැකිවිය. 


අප අනුරාධපුර මැදි විදුහලට ලගා වන විටත් සොයුරුකු පැමින සිටි අතර අපි ඔහුට සචින්ත යැයි කියමු එදින තම ශීෂ්‍ය නායක නායිකාවන්ගේ සමූහ ජායාරූප ලබා ගන්නවා යැයි පවසා සිටියේය. ඔහුද ශීෂ්‍ය නායක මණ්ඩලයේ ඉහලම සාමාජිකයෙකුද විය. අප සියලු දෙනාම පාසලට රැගෙන ගිය ඔහු පාසලේ සෑම කොනක්ම පෙන්වා අන්තිමට යන්නට යෝජනා කලේ ජායාරූප ලබාගන්නා ඉසව්වටය.
හුටා සුනඛයා මලේ ඒ වෙලාවේදීය. මාගේ සිත් ගත්තා වු ඒ ලාලනී ගේ නම ඇසු පසු ඇය 
ශිෂ්‍ය නායිකාවක් බව හා ඇයද එම ස්ථානයේ සිටින බවද සොහොයුරා මට කනට කර කීවේ එවලෙහිය. ගම්පහ සිටින මා අනුරාධපුරයේ ඇගේ පාසලතුලදී ඇය දුටුවොත් කුමක් වේවිදැයි ක්ෂණිකවම සිතූ මම අනෙක් තිදෙනාවද ඇදගෙන හැකි ඉක්මනින් පැමිණ නැවතුනේ පාසල ඉදිරිපිට මහා මාර්ගයේය. 
ඉන් පසුව අප සොයා පැමිණි සචින්ත අප හට පොරොන්දු වු ආකාරයටම මට ඇය ගැන තොරතුරු  පැවසීය. සියලු විස්තර සමාලෝචනය කල විට මට තේරුනේ මගේ තේරීම ඉතා නිවරදි එකක් බවයි.


"දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමනයි..
මිදීයන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමනයි..

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්....
හදෙහි තනි නොතනියට වැඩහුන්
ළබැඳි සිත් මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ..
ජීවිතය යනු සිහිනයක්මය
සසර මග දකිනා....

බැඳුනු සෙනෙහස
නොවන නිම්හිම්
ඇතද පන නළ සමග ‍රැකෙමින්..
අපේ අත්වැල් ලිහී ගිලිහෙන මොහොත ඒ
කවදාක හෝ.....
යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳදා"

.



මෙතැනින් ඉදිරියට සිදු වු දෑ පැවසීම පසුවට කල්තබමි..........

ප/ලි

  • ඇය  එදින එසේ පාසලට පැමිණ ඇතැයි කලින් දැන සිටියා නම් කිසිවිටකත් මම එදින එම ගමන එන්නේ නැත. ඇය පිලිබදව මා විස්තර සෙවු බව කාටවත් නොකියන ලෙසට මා සචින්තව පොරොන්දු කරවා ගතිමි. මක් නිසාදයත් ඇගේ ආරක්ෂාව සහ ගෞරවය වැදගත් වන බැවිනි. අදටත් ඒ සොහොයුරා පොරොන්දුව අකුරටම සුරකී.
  • ඇය 2013 A/L ඉංග්‍රීසි මාධ්‍ය ජීව විද්‍යා අංශයේ මානවිකාවකි. අප විදුහල්පති අබේකෝන් මහතාට කිව්වේ රන්කැකුලු ලමා ශාඛාවක් පාසලේ ඉදිකරදෙන බවයි. එය ඉදිකරන තුරු එතුමා තවමත් බලාසිටිනවා විය හැකිය....
  • අනුරාධපුරයත් මැදි විදුහලත් හැර අන් සියල්ලම කල්පිත නාමයන් බව සලකනු මැනවි


ඒ වගත් මෙසේම පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........


Monday, April 6, 2015

දොරකඩ අස්න


මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න සෑහෙන කාලයක ඉදන් උවමනාවක් තිබුනත් අධයාපන කටයුතු වගේම රාජකාරි වැඩ කටයුතුත් හින්දා හැමදාම ඒ වැඩේ කල් දාන්න උනා. කෙසේ වෙතත් ටික දවසක ඉදන් බ්ලොග් අමාරුව ආයෙත් පටන් ගත්ත නිසා මම කල්පනා කලා මගේම බ්ලොග් එකක් පටන් ගන්න .

 ඒ තමයි මේ


                                                සුදු පූසාගේ අඩවිය


මේ බ්ලොග් අවකාශයේ සැරිසරන්නට මට උන්නදුවක් ඇතිකල බ්ලොග් කිහිපයක් මතක් කරන්නම ඕනේ 
ඔයාලගේ අදහස් යොජනා චෝදනා ගෞරවයෙන් බාරගන්නා අතරම අඩුපාඩුවක් වෙතොත් මාවෙත ඊයකින් දන්වන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමි.


ඒ වගත් මෙසේම සුදු පූසා වන මම සියනෑ කෝරළයේ දකුණු අළුත්කූරු පත්තුවේ සිට.........