****************
01. මාරු සල්ලි
බැංකුවකට සාමාන්‍යයෙන් එක එක ආකාරයේ ගණුදෙණු කරුවන් පැමිණෙති. ඉවසිලිවන්ත අය මෙන්ම මුලක්ගිණී කාරයන්ද ඒ අතර වෙයි. සමහරක් වැඩ දෙක කරන්නන්ද වෙයි. කොලොන්නාවට ආසන්න තැනක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වු අතර නාමය මාටින් ගුණදාස වැනි නමක් විය. මිනිහා ප්‍රසිද්ධ වී සිටියේ කුණු ලෝබයෙකු ලෙසය. මුදල් ආපසු ගැනීමට කිසිදිනක ATM යන්ත්‍රක් භාවිතා නොකරන්නේ යන්ත්‍ර පිලිබදව විශ්වාසයක් නැති නිසාය. කොටින්ම කිව්වොත් කවුන්ටරයේ අයකැමිවරයා ලබාදෙන මුදල තෙවතාවක් පමණ ඔහු ගණන් කරයි. තමාට පිටුපසින් තව සියයක් සිටියත් මොහුට ඒගැන වගේ වගක් නැත. කාලයකට පසුව හිරන්ත අයියාත් තේජා අක්කාත් කවුන්ටරයේ මල් කඩමින් කටයුතු කල සමය උදාවු අතර හිරන්ත අයියාට අපේ ව්‍යාපාරික තුමාව දැකීම නයාට අඳුකොල පේනවා වැනිය ඒ තරමටම ඔහු හා ගණුදෙණු කිරීම අප්‍රසන්නය. දිනක් රුපියල් ලක්ෂයක චෙක්පතක් මාරු කරගැනීමට පැමිණි මාටිං අංකල්ට හිරන්ත අයියා තෙවරක් ගැන පන්දහයේ නොට්ටුවෙන් මුදල් නිකුත් කල අතර එතැන් සිට පහත දෙබස් අසන්නට ලැබුණි.
මාටින් - මල්ලී මට මේක මාරු කරලා දෙනවාද ඊලග සයිස් එකෙන්
හිරාන්ත අයියා යලිත් මුදල් ගෙන දෙදහසේ නොට්ටුවෙන් මුදල් නිකුත් කල අතර එය අතට ගත් මාටිං ගොයියා
මාටින් - මල්ලී මට මේක මාරු කරලා දෙනවාද 1000/- න්
මුවින් නොබැන හිරන්තයා 1000/- නොට්ටු මිටිය අත තබනවාත් සමගම කල්පනා කල මාටිං අයියා මල්ලී එක්කෝ 500/- න් දෙන්න යැයි පවසමින් අවසානයේ 100/- කොලවලින් දෙන්නකෝ කියද්දී හිරන්තයාගේ මුණ කෝපයෙන් දිලිසෙන්නට වු අතර 100/- කොල වලින් මුදල් අතටගත් මාටිං යලිත් කල්පනා කර කට අරිනවාත් සමග එක්වරම නැඟීසිටි හිරන්තයා වරෙන් බන් යන්න කියා මාවද ඇදගෙන ගියේ වෝල්ට් එක එහෙමත් නැත්නම් බැංකුවේ සුරක්ෂිතාගාරයටයි.
ගිය විඟස සේප්පුව ඇර එවකට දිස්ත්‍රික්ක විසිපහට වෙන වෙනම නිකුත්කල කිරි කිරි අලුත් රුපියල් 10/- කාසි පිරවු බෑග් රුපියල් ලක්ෂයටම සමානවන්නට ගෙන පැමිණ ඉදා උඹට මාරු සල්ලි කියා මාටිං අයියාට දුන්නේ එයිට වඩා මාරු නෑ කියමින්ය. එක මල්ලක දසදහසක වටිනාකමින් යුතු කාසි දහසක් තිබු අතර මලු දහයම ඔසවාගත් මාටිං දුටු අප කළමණාකාර තුමා බඩ අල්ලන් හිනාවෙන අතරම මාටිං ලොක්කා බැංකුවෙන් අතුරුදහන් වුනේ මාරුසල්ලි පිලිබදව හොදම පාඩමක් ඉගෙන ගනිමිනි. එදිනෙන් පසුව යලි කිසිදා මාටිං අන්කල් අයකැමිවරයාට වාතයක් වෙන්න ආවේ නැත.ගණනින් දසදහසක් වු දහයේ කාසිවලට මාටිං කුමක් කලාදැයි අප දන්නේ නැත.නමුත් අදටත් අන්කල් මාටිං ගෙන් මාරුකාසි නැද්ද යනුවෙන් කවුරුන්හෝ ඇසුවොත් සිංහලේ ඇති සුන්දරම වචන ටිකක් අසා දැන ගැනීමට හැකිය.
02. බූට් සින්දු
ගිය විඟස සේප්පුව ඇර එවකට දිස්ත්‍රික්ක විසිපහට වෙන වෙනම නිකුත්කල කිරි කිරි අලුත් රුපියල් 10/- කාසි පිරවු බෑග් රුපියල් ලක්ෂයටම සමානවන්නට ගෙන පැමිණ ඉදා උඹට මාරු සල්ලි කියා මාටිං අයියාට දුන්නේ එයිට වඩා මාරු නෑ කියමින්ය. එක මල්ලක දසදහසක වටිනාකමින් යුතු කාසි දහසක් තිබු අතර මලු දහයම ඔසවාගත් මාටිං දුටු අප කළමණාකාර තුමා බඩ අල්ලන් හිනාවෙන අතරම මාටිං ලොක්කා බැංකුවෙන් අතුරුදහන් වුනේ මාරුසල්ලි පිලිබදව හොදම පාඩමක් ඉගෙන ගනිමිනි. එදිනෙන් පසුව යලි කිසිදා මාටිං අන්කල් අයකැමිවරයාට වාතයක් වෙන්න ආවේ නැත.ගණනින් දසදහසක් වු දහයේ කාසිවලට මාටිං කුමක් කලාදැයි අප දන්නේ නැත.නමුත් අදටත් අන්කල් මාටිං ගෙන් මාරුකාසි නැද්ද යනුවෙන් කවුරුන්හෝ ඇසුවොත් සිංහලේ ඇති සුන්දරම වචන ටිකක් අසා දැන ගැනීමට හැකිය.
02. බූට් සින්දු
කොළඹ පිට්ටු බම්බුවේ අන්තර්ජාතික අංශයට වෙලා දැහැමෙන් සෙමෙන් කාලය ගෙවන අතරතුර නවක කිහිපදෙනෙකුව පුහුණු පුරුදු කරන්නට මට සිදුවිය. කළණ මලයා පුහුණු කරන්නට මට කොන්ත්‍රාන්තුව ලැබුනේ එලෙසය. මරදාන අශෝක විද්‍යාලයේ සාඩම්බර නිශ්පාදනයක් වු මොහු ඉතා කාර්යක්ෂමව කටයුතු කල නිසාවෙන් විදේශ ප්‍රේෂණ ජාලයේ බේරුම්කරුවකු ලෙස කටයුතු කරන්නට අපි විසින් ඔහුට අවස්ථාව ලබා දුන්නෙමු. හොදින් සිටි කොල්ලා එක්වරම පිස්සු කෙලින්නට ගත්තේ අපේ වැඩ එක දෙක කරමින්ය. යන්නේ කොහේද මල්ලේ පොල් වැනි පිලිතුරු ලැබෙන නිසාවෙන් අප කිසිවක් ඔහුගෙන් විමසුවේ නැත. පසුය දැනඟත් පරිදි කොල්ලාගේ සිහින කුමරිය මු සමග තරහා වෙලාය කොටින්ම බූට් එකකට ආසන්න තත්වයකි. වරැද්ද උගේ අතේය. අපේ අංශයට පමණක් ඇසෙන පරිදි ගුවන්විදුලි යන්ත්‍රක් ධාවනය වෙයි. මා කියන දිනයේ කිසිදා නොවුන පරිදි ජාතික ගුවන් විහිලුවෙන් ඇසෙන්නට වු ගීත වෙනදානම් එකපෙලට වාදනය වන ඒවා නොවේය. මාගේ මතකය නිවරදි නම් වාදනය ඇරබුනේ පුන්සිරි සොයියා මහතාගේ "සුභා කියා මා ඔබ අමතන්නද" යන ගීතයෙනි. කළණ මලයා කරකර හිටපු දේ නවතා සිංදුව අසන අතර දත්මිටි කමින් රේඩියෝව ගිලින්නට මෙන් ඒදෙස බලයි. ඉන් පසුව පිලිවෙලින්
- මිල්ටන් පෙරේරා මහතාගේ "එදා රෑ ගුවන්තොටුපලේදි" ගීතය
- නාමල් උඩුගම ගේ "වෙන්වන්නේ නෑ සමුගන්නේ නෑ" ගීතය
- නීලා වික්‍රසිංහ මහත්මියගේ "පාරමී දම් පුරමු අපි දෙදෙනා" ගීතය
- සෝමතිලක ජයමහ මහතාගේ "දමා යන්නට නොහැකි මිහිමත" ගීතය
- බන්දුල විජේවීර මහතාගේ "කුල ගෙදරින් දුම්බර කදුවැටියේ" ගීතය
- අමරදේවයන්ගේ පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය
- ආදර හසුන චිත්‍රපටයේ සුදු මුතු රළ පෙළ ගීතය
- අමරසිරි පීරිස් මහතාගේ "ඉකි ගසා හඩන අතීතයක කදුලු එක්ක" ගීතය
ආදී වශයෙන් වාදනය වන විට මීලග ගීතය ලෙස ඇසෙන්නට වුනේ තවත් විරහා ගීතයක් සේ පෙනෙන ගීතයකි. නමුත් මමද මේ ගීතයට දැඩි සේ ඇලුම්කරන නිසාවෙන් අපේ කා.කා.ස තැන්පත් සුමනසිරි අංකල් ට සද්දේ වැඩිකරන්නැයි ඉන්ටර්කෝමයෙන් ඇමතුමක් දී කීවෙමි. පුන්සිරි සොයිසා මහතාගේ තවත් ගීතයක් වු එය මෙසේ මහ හඩින් වාදනය විය.
ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........
"සුභාෂිණී ඔබ මගේ නමට එව් ඇරයුම් පත ලැබුණා
මනාලියක වී සුබ මොහොතින් අද යන බව එහි තිබුණා
ඊයේ වනතුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුනා"
ඊයේ වනතුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුනා"
යනුවෙන් ගීතය වාදනය වන අතරතුර කළණ මලයාගේ ඉවසීම පැන එකවරම සුමනසිරිට කෑ ගැසුවේ ඕක වහපන්කෝ බන් කියලාය. ඒකාලයේ ජනක මහතා දෙවියන් වහන්සේ වෙත යාමට පෙර අප සමඟ ගත කල සමය වු බැවින් ජනක් අයියා කළණ ගෙන් ඇහුවේ ඇයි උබට ඔය සිංදුව ඇහුණම මොකද වෙන්නේ නිකන් කිචි වගේද කියලාය. අනේ කොල්ලා දුන්න උත්තරය නිසා කම්පනයට පත් අප කිසිදු කථාවකින් තොරවම අපි රේඩියෝව වසා දැමුවෙමු.කොල්ලා අඩමින් පැවසුවේ බුදු අයියේ මගේ කෙල්ලගේ නමත් ඕකමයි කියලායි.
පසු සටහන
- පුන්සිරි මහතා ගයන මේ ගීතය මාගේ ජීවිතයටද දැඩි සමීප බවක් ඇති නිසාවෙන් මම මේ ගීතයට දැඩිලෙස ඇලුම්කරමි. මා පමණක් නොව ජනක අයියා හා සිතාර අයියාද මේ ගීතයට ඇලුම්කරන නිසාවෙන් ශබ්දය වැඩිකරන ලෙස අප පැවසුවෙමු.
- මෙම ගීතයට පසුබිම් වු නිධාන කථාව අප සංවිධානය කල සංගීත සන්දර්ශණයක් අතරතුරදී පුන්සිරි සොයිසා මහතා අපහට විස්තර කලා මට අද මෙන් මතකය. ඒ පිලිබදව වෙනත් දිනක අකුරුකරමි.
ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදු පූසා වෙමි..........
බැංකුව වල වැඩ කරන අය බ්ලොග් අවකාශේ ඉන්නේ බොහොම අඩුවෙන්. බැංකුවල අත්දැකීම් නම් එමට වුණත්, රහස්‍ය බාවය ආරක්ෂා කරන් ලියන්න බැරි බොහෝ දේ තියෙනවා. දැන් කොහෙද බ්‍රාන්ච් එක ?
ReplyDeleteසුදීක අයියේ අපි තාවකාලික පදනමෙන් ගත්තේ ස්ථීර නොකරන හින්දා ජනවාරි මුල ඉදලා අයින් වෙලා ඉන්නේ. අන්තිමට හිටියේ අන්තර්ජාතික දෙපාර්ථමේන්තුවේ(IR)
Deleteමාටිං කාරයට වෙච්චි දේනම් මරු.. මම හිතුවේ කළනයා උබේ මූන සම්බල් කරන්න ඇතියෙ කියලා..
ReplyDeleteනිධාන කතාවත් අහන්න බලන් ඉන්නවා ගොයියෝ........
හුහ්.. කළණ මගේ මුණ සම්බල් කරන්න හිතුව දාට තමා මිනිහා officer ගේ පවර් එක හරියටම බලා ගන්නේ. නිධාන කතාවත් වෙලාවක ලියන්නම්කෝ
Deleteහිහි. උඹ ලංකා බැංකුවෙ හිටිය වගේ මතක. හැබැයි ටිකක් ස්පීඩ් වැඩ කරන බැංකුවක් අර ජහමනේ වගේ නැතිව හිහි
ReplyDeleteමාටිය සූටිය වෙන්න ඇති නේ.. හැක්
ලංකා බැංකුව තමා. අලුත් තරුණ කට්ටිය වැඩ ස්පීඩ් කලාට චක්‍රලේඛණ බදාගෙන ඉන්න ආච්චිලා සීයලා එක්ක වැඩකරන්න බෑ එයාල තාම ගල් යුගේ ඉන්නේ.
Deleteමාටිං කාසි 10000 දිස්ත්‍රික්ක අනුව වෙන් කරගන්න ඇති....
පවු බං අර මනුස්සයා. අර ටික උස්සන් යද්දී හොරෙක් වත් මංකොල්ල කන්න නැතුව ඇති කාසි මලු ටික දැකලා.
ReplyDeleteඅපෝ මංකොල්ල කාලා තිබ්බේ නෑ මොකද දයස් තුනකින්ද කොහෙද මනුස්සයා ආයේ ආවා...
Deleteමිනිසු මේ තරම් තන්හා පොදි බැඳගෙන කොයිලෝව යන්නද මන්ද බන්..
ReplyDeleteකොයි ලොව යන්නේ මරණින් පස්සේ.. පින් පවු එනවා අපි පිටිපස්සේ...කියල සින්දු හදල තියෙන්නේ නිකමට නෙවෙයිනේ බන්..
වස්තුව මිල මුදල් පොඩි බඳින මිනිස්සු දැක්කාම දැනෙන්නෙ හරිම පිළිකුල් සහගතබවක් බන්..
සුභාෂිනි ගීතයේ පසුබිම් කතාව ඉක්මනින් ලියහන්..
කතාව සහතික ඇත්ත. තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ කියලා බෙග් මාස්ටරුත් කියලා තියෙන්නේ.සමහරක් ගණුදෙණු කරුවෝ නම් එහෙම තමා කියලා වැඩක් නෑ
Deleteමාටිං පව් බං.................. පුන්සිරි සොයිසා මහතාගේ කතාවත් කියමුකෝ...
ReplyDeleteමාටිං නෙවෙයි පව් අර කවුන්ටරේ වැඩ කරන අහිංසකයා. සිංදුවේ අතීත කතායත් ලියලා දාන්නම්කෝ..
Deleteමට නං පුන්සිරි සොයිසගෙ කටහඬ ඇහෙනකොටත් නිකං කණ හිරිවැටිල යනව. මළ අඬෝවැඩියාව... (තරහ වෙන්න එපා බං. මට ඒ කටහඩ අල්ලන් නෑ)
ReplyDeleteපුන්සිරිගේ මම කැමති "සුභාෂිණී" ගීතයට සහ "සුභා කියා මා" ගීත දෙකට පමණයි. මොකද ඔය සිංදු දෙක මගේ ජීවිතයට ඉතාම සමීපයි.
Deleteඅනිත් කෙනා ප්‍රියා සූරියසේන අඩන සිංදුමනේ ඇහෙද්දී වෙව්ලනවා
ප්‍රියා වගේම පොරක් ඉන්නව පෑලියගොඩ හතරෙ කනුව ළඟ රත්න ලර්නස් එකේ. එතනිං ගියොත් බලහං. ඌ තමා ඒකෙ අයිතිකාරය.
Deleteබලන්න ඕනේ යන වෙලාවක. අපේ ගමේ ඉන්නවා ලෙස්ටර් ගේ කපාපු පලුවක්
Delete