මම හිටපු මැංගුස් ගහ යට පන්තියට මේතුමා ඉගැන්නුවේ නැතිවුනත් අනිත් පන්තිවලට ජීවන නිපුනතා උගන්නපු මෙතුමට තිබුබා අලි නහයක්. ඉතිං අපි ආදරේට කිවුවේ පිණි ජම්බුවා කියලා අපිට මල පැන්නම කිව්වේ ජම්බුවා කියලා. මෙතුමා පහර දෙන්නේ කොයිවෙලෙත් පස්සටමයි. පශ්චාත් කලාපය හරහා එල්ල කරන ස්විප්කට් ප්‍රහාරය හින්දා පුකමරුවා කියන සුවිශේෂී නාමයෙන් මෙතුමව රෙජිස්ටර් කරලා තිබ්බා. ඒ අතර තුර ජම්බුතුමාට තිබුණා නායකයෝ දුසිම් ගානක් පන්තියකට පත්කරන්න. නායකයෝ වැඩි උනාමත් ඉතින් වැඩේ අල වෙනවනේ මගේ මතකයේ හැටියට
- විනය නායක - පන්තියේ විනය ආරක්ෂා කිරීම(පන්ති නායකයා නමට පමණි)
- වැසිකිලි නායක - වැසිකිලි සුද්ධ පවිත්‍රකරීම මොහුගේ වගකීමයි
- ඇගයීම් නායක - ඇගයීම් වල ලකුණු සටහන් කල යුතුය.
- දවසේ නායක - වසරේන්ම එක් අයෙකු දවසේ නායක වී සෑහෙන පරිප්පුවක් දවස පුරා අනුභව කල යුතුය.
- ඒස් 5 නායක - පංතියේ එස්5 සංකල්පයට අනුව පවත්වාගෙන යාම මොහුගේ රාජකාරියයි.
උදේට පහන තියන තැන ඉදලා ඉස්කෝලේ ඇරෙනකම් හැම මඟුලටම නායකයෝ පත් කරලා උන්නා.මටත් සාරධර්ම නායක කියලා පට්ටමක් හම්බවෙලා තිබුණා.හැබැයි මගේ සාරධර්මේ වැඩිවෙලා වැඩපැහැර හැරියා කියලා මේකා මට මාස හයක් පන්තිය අතුගාන්න නියම කලාට මම අතුගෑවේ නෑ මොකද මගේ අතේ වරදක් නැති නිසා. ඊලග දවසේ සුපුරුදු ස්වීප්කට් පහර කාල ගෙදර ගිහින් කිව්වම අපේ පියතුමා ඇවිල්ලා මේ පිස්සු කෙලින ජම්බුතුමාට ජාතිය අමතලා ගියහම තමයි මට වදදෙන එක ජම්බුවා නතරකලේ.(අතුනොගෑවේ මට ඒ කාලේ දරුණුවටම හතිය තිබුණා.දූවිල්ල ගිය ගමන් වැඩිවෙන හින්දා මෙඩිකල් දීලත් තිබුනේ කොහෙද ජම්බුතුමාට කිවුවට පිලිගත්තේම නෑනේ)
මෙතුමා කරපු හොදවැඩ ගැනත් නොකියාම බෑ. එතෙක් අඩපණ වෙලා තිබුබ සාහිත්‍ය සමිතිය දෙසතියකට වරක් පවත්වන්න කටයුතු කලේ මෙතුමගේ මැදිහත් වීමෙන් අනිවාර්යෙන්ම හැම පන්තියකින්ම ඉදිරිපත් කිරීමක් භාර අරගෙන කල යුතුව තිබුණා. ඔලුබක්කන්ගේ නැටුම සම්බන්ද වෙන්නේ මෙන්න මෙතන ඉදලයි. එදා සමිතියේ අවස්ථාව උදාවෙලා තිබුණේ 9-F නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට. ඒකාලේ ටිකක් අලි ඔලුවෙන් ඉදපු පන්තියක්ය කියලා අනිත් පන්ති ටික හිතන් උන්න මේ පන්තියේ අයගේ ඉදිරිපත් කිරීම බලන්නයි අපේ සූදානම. ඉස්සෙල්ලා අවේ ඔහුන්ගේ පන්තියේ නිවේදක තැන්පත් ධනංජය. ඒ කාලේ කිසිම අසුරක් නැති උනත් වර්ථමානය වෙනකොට මේ කියන පන්තියේ හැම එක්කෙනාම නිරන්තරවම පොදු වැඩවලදී එකට කටයුතු කරන මගේ හොදම යාලුවෝ.
තිරය විවෘත වෙනවාත් එක්කම ඇසුනේ පහත ගීතයයි.
තිරය විවෘත වෙනවාත් එක්කම ඇසුනේ පහත ගීතයයි.
"නැත්තේ මොලේ පිලිගන්න සැකේ
ඔලුබක්කෝ අපියි සිරි ලංකාවේ"
මේ කියන කාලේ හිටපු ප්‍රසිද්ධම දේශපාලන චරිත වගේ ඇදගෙන තමයි මේ සිනුදුවට කට්ටිය නටන්න ආවේ. තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න මෙයාලා තමන්ගේ මුහුණත් තහඩු ටික පෙට්ටියකින් වහගෙනයි ආවේ මෙන්න මේ වගේ.
තම තමන්ව අදුරගන්නවට මූණට පෙට්ටි දාගෙන ආවත් මම රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විදිහට ඇදගෙන රඟපාපු නලුවාව නම් අදුරගත්තා කිසිම අපහසුවකින් තොරවම. එදා ඒ නටපු අනිත් අය කවුද කියලා දැනගෙන හිටියේ ඒ පන්තියෙම උදවිය තමයි. වෙනදට වඩා වෙනස්ම ඉදිරිපත් කිරීමක් නිසා ඔලුබක්කෝ ටික නැගලම ගියා. ටික වෙලාවක් යද්දී ආණ්ඩු පක්ශෙයි විපක්ශෙයි දෙමල සංධානෙයි ස්ටේජ් එක උඩ එකාට එකා හැප්පෙන්න ගත්තා. නටනවා ඒ වගේම හැප්පෙනවා නිකන් අන්ධයෝ ටිකක් ඩාන්ස් කලා වගේ. එදා ඒ එකපාරටම අන්ධයෝ උනේ ඇයි කියන එකට උත්තරයක් නම් එදා හොයා ගන්න බැරි උනා.
මේ සිදුවීමෙන් වසර දොලහකට විතර පස්සේ මෑතකදී අපි සංවිධානය කරපු පොදු වැඩකට ආව වෙලාවේ එදා හිටපු නිවේදක තුමාගෙන් මම ඇහුවා මචන් ඔලුබක්කෝ නැටුම ගැන කියහන්කෝ උඹලා ඇයි එකම තැන හැප්පි හැප්පි නැටුවේ කියලා?
මචන් මෙහෙමනේ බන් ඕක උනේ. අපේ පාලින්ද සර් තමයි ආදී කල්ප කාලයක් පරණ කැසට් තොගයක් උස්සන් ඇවිල්ලා එක එක දාල බලලා ඔය සින්දුව තෝර ගත්තේ.
මම තමයි බන් ඕක හොදයි කියලා කිව්වේ. ඊට පස්සේ දවස් ගානක් හවස් වරුවේ පුරුදු උනා බන් නටන්න. පාලින්ද සර් පුරුදු කලා නියම නැටුමක් නටන්න ආයේ කාතා කරලා වැඩක් නෑ. අපි අර දාගෙන උන්න පෙට්ටි හැදුවේ එදා උදේ ලැබ් එකේදි. අපි ප්‍රැක්ටිස් කරද්දි පෙට්ටි දාගන්නේ නැතුවනේ පුරුදු උනේ. ඉතින් අර පෙට්ටිය ඔලුවේ නමාගත්තම මුකුත් පේන්නේ නැතුව ගියා. ඒක හින්දා හරියට පුරුදු වෙච්ච එකත්වත් නටා ගන්න බැරි උනා. හු පාරවල් කන්නේ නැතුව හැප්පි හැප්පි හරි නටලා බේරුන එකම මදිද බන්.
පසු සටහන
ඒ වගත් මෙසේම අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වෙමි...
තම තමන්ව අදුරගන්නවට මූණට පෙට්ටි දාගෙන ආවත් මම රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විදිහට ඇදගෙන රඟපාපු නලුවාව නම් අදුරගත්තා කිසිම අපහසුවකින් තොරවම. එදා ඒ නටපු අනිත් අය කවුද කියලා දැනගෙන හිටියේ ඒ පන්තියෙම උදවිය තමයි. වෙනදට වඩා වෙනස්ම ඉදිරිපත් කිරීමක් නිසා ඔලුබක්කෝ ටික නැගලම ගියා. ටික වෙලාවක් යද්දී ආණ්ඩු පක්ශෙයි විපක්ශෙයි දෙමල සංධානෙයි ස්ටේජ් එක උඩ එකාට එකා හැප්පෙන්න ගත්තා. නටනවා ඒ වගේම හැප්පෙනවා නිකන් අන්ධයෝ ටිකක් ඩාන්ස් කලා වගේ. එදා ඒ එකපාරටම අන්ධයෝ උනේ ඇයි කියන එකට උත්තරයක් නම් එදා හොයා ගන්න බැරි උනා.
මේ සිදුවීමෙන් වසර දොලහකට විතර පස්සේ මෑතකදී අපි සංවිධානය කරපු පොදු වැඩකට ආව වෙලාවේ එදා හිටපු නිවේදක තුමාගෙන් මම ඇහුවා මචන් ඔලුබක්කෝ නැටුම ගැන කියහන්කෝ උඹලා ඇයි එකම තැන හැප්පි හැප්පි නැටුවේ කියලා?
මචන් මෙහෙමනේ බන් ඕක උනේ. අපේ පාලින්ද සර් තමයි ආදී කල්ප කාලයක් පරණ කැසට් තොගයක් උස්සන් ඇවිල්ලා එක එක දාල බලලා ඔය සින්දුව තෝර ගත්තේ.
පසු සටහන
- මේ විස්තර කල පන්තියේ මිතුරන් වර්තමානය වන විටත් එකමුතුව එකාවන්ව කටයුතු කරමින් සිටින්නේ අප සාමාන්‍යපෙලට මුහුණ දී වසර නවයකට පසුත් වෙනත් කිසිදු පන්තියක නොවුවිරූ ලෙසටය. අනෙක් පන්ති අතර මෙවැනි මිතුරු බැදීම් නැත්තේය. මෙය එදා ඔලුබක්කන් ලෙස වේදිකාව සැරසූවන්ට හා මේ පිලිබදව මාගේ මතකයද අවුස්සා මා නොදත් නිධාන කතාවද පැවසූ මිත්‍රයාටත් ස්තූතිය පලකරමි.
- ජම්බුතුමා ගැන කියනවානම් ඒ කාලේ අපහට මහත්ම ඇණයක්ම විය. පිස්සුවෙත් හොදම පිස්සුවක්වූ නායකත්ව මේනියාවත් පරිවාස මේනියාවත් නොතිබුණානම් ගුරුවරයෙකු ලෙස හොද මිනිසෙකි.
වරක් අ.පො.ස සාමාන්‍යපෙල ප්‍රශ්ණපත්‍ර මිටියක් අසල මාර්ගයක දමා යන්නට තරම් මෙතුමා පුංචි පහේ හපනෙක් විය. - මේ පන්තියේ සිට ක්‍රියාත්මක වූ "Sri Lanka CIA" නම් රහස් පරීක්ෂණ කණ්ඩායමත් එයින් යවන්නට යෙදුනා වූ ඉලඇදෙන වරෙන්තුව ගැන මතකය ඉදිරියට...
ඒ වගත් මෙසේම අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වෙමි...