පලමු වරට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීම අනිවාර්ය කල පසුගිය වතාවේ මෙන්ම මම මෙවරද නිවස ආසන්නයේ පස්දෙනෙකුගේ පමණ අයදුම්පත් අන්තර්ජාලය හරහා යොමු කරදීමට කටයුතු කලෙමි. නමුත් මෙවර එයින් සරසවි වරම් හිමිකර ගත්තේ එක් මානවකයෙකු පමණක් වන අතර මම හදුනාගත් පරිදි අනෙක් අය සිදුකර ගත් වැරදි කිහිපයක් මම පහතින් සටහන් කරමි.
(01) මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1.4353 ක ඉසෙඩ් අගයක් සහිත වාණිජ අංශයේ සමත් එක් සහෝදරයෙකු වාණිජ පාඨමාලාවට ඇතුලත් කලේ කොළඹ ජයවර්ධනපුර කැළණිය යන විශ්වවිද්‍යාල පමණි.
ප්‍රථිපල සටහන
කඩයිම් ලකුණු නිකුත් වූ පසු
මේ සදහා වයඹ විශ්වවිද්‍යාලයත් යාපනය විශ්වවිද්‍යාලයත් ඇතුලත් කරගන්නා ලෙස මම කටකැඩෙනකම් කිව්වද එය තබ සතයකට මායිම් කලේ ඔහුනොවේය. උඹට එපානම් මට මොකදයැයි සිතූ මමද එය අයදුම්පතට එක්නොකල අතර මා ඒ සොහොයුරාට පැවසූ උපදෙසෙහි වටිනාකම ඔහුට තේරුනේ කඩයිම් ලකුණු නිකුත්කල පසුවය
යාපනය සදහා අවම ලකුණ
යාපනය මාගේ කීමට ඇතුලත් කලානම් අද ඔහුටද සරසවි වරම් ලැබීමට වැඩි ඉඩකඩක් පැවති බව මගේ හැගීමයි. ගිය නුවන ලගාවන විට ඔහු ප්‍රමාද වැඩිය.
(02) මම දැක්ක තවත් ලොකුම වැරැද්දක් තමයි පසුගිය අවුරුද්දේ Z-Scores අගය මත තීරණ අරගෙන සමහර වැදගත් හා තරගකාරීබවින් අඩු පහසුවෙන්ම ඇතුලත් වෙන්න පුලුවන්කම තියෙන පාඨමාලාවන් අතහැරලා දාන එක. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම නිරන්තරයෙන් මතක් කරපු දෙයක් තමයි Z-Scores අගය සෑම වසරකම වෙනස්වෙන නිසා තමන්ගේ සුදුසුකම් මත අයදුම් කරන්න කියන එක.
උදාහරණයක් විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් 2014/15 අධ්‍යන වර්ෂයට විලාසිතා හා සැපයුම් ප්‍රවර්ධනය පාඨමාලාවට අවම සුදුසුකම 0.8363 වුවද මෙවර 2015/16 අධ්‍යන වසරට එය 0.6169 දක්වා පහලට පැමිණ තිබෙනවා. එම නිසා පසුගිය වසරට පදනම්ව ගන්න තීරණත් අවාසිදායකයි.
(03) මේ වසරේ මම දැක්ක ඇසුව හොදම ගොන්කම මෙය යැයි බය නැතුව මට කියන්න පුලුවන්. කිසිවකු කියන දේ නාසන තවත් පණ්ඩිතයෙකු ( ඒ තුනක් එක්ක ටිකක් ඔලුවෙන් ඉදපු) සල්ලි ගෙවලත් කිසිම පෙර ඇතුලත්වීමේ පරීක්ෂණයකට(Aptitude Test) මුහුණදෙන්න ගියේ නෑ. නමුත් කණගාටුවට කරුණනම් ඒ සොයුරාට ලද පිලිතුරත් වුනේ තේරීපත්ව නැත යන්නයි.
පසු සටහන
- හරියටම වසරකට පෙර අදවැනි දිනක අධ්‍යන වර්ෂ 2014/15 අදාලව අවම Z-Scores නිකුත් කල දින මම අතිශයෙන් සතුටට පත්වුනේ මම පුද්ගලිකවම සොයාබැලු විශේෂිත මානවිකාවක ඇය බලාපොරොත්තු වූ ස්ථානයටම සරසවි වරම් ලැබීම නිසාය. විශ්ව විද්‍යාල ප්‍රවේශ පුස්තකය නිකුත් තල තැන සිට මම ඇයට උදවු උපකාර කලෙමි. ප්‍රවේශ පුස්තකය නිකුත් කරන තුරු වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රවේශ කොමිසම ඉදිරිපිට සවස්වන තුරු ගතකල මතකය අදටත් මට මතකය.
- එසේ සරසවි වරම් ලබා ගියවුන් ඉන්නා තැනක අතුරු ආන්තරාවක් නොමැතිව ඉන්නවා ඇතැයි මම සිතමි.
හන්තානට පායන සද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද
එබට හැකිය දකින්න
ඒ වඟත් මෙසේමැයි අදත් පහරා පහුරු ගෑ මම සුදු පූසා වෙමි.
Good Post. Hope others read and understand this important facts when apply for universities.
ReplyDeleteThank You Thulshan
Deleteතමන් ගැන අධි තක්සේරුවක ඉඳීමත් අවතක්සේරුවක ඉඳීමත් එක සේ අන්තරාදායක බවයි මේ කතාවලින් පෙනෙන්නේ.
ReplyDeleteපාඨමාලා අටක් නම් කළ හැකිව තිබිය දී අඩුවෙන් කිරීම නම් අමු ගොං වැඩකි.
රසික පාඨමාලා අටක් නෙවෙයි මෙවර පාඨමාලාවන් අනූහතක් (97) දක්වා අයදුම් කිරීමේ පහසුකම සපයා දී තිබුණා.
Deleteගොඩ දෙනෙකුට අන්තර්ජාලය හරහා අයදුම ගැන වැඩි අවබෝදයක් නෑ. තවමත් පරණ විදිහට තැපෑලෙන්ම යවන්නයි බලන්නේ
වැදගත් පණිවිඩයක්.. බොහෝ අයට තියෙන දුර්වලතාවය තමා ඕක. නිවරැදිව තෝරා නොගැනීම.. ජය
ReplyDeleteඇත්තෙන්ම මේ පාර පස්දෙනාට වෙච්ච දේ දැක්කම මටත් ඒක හිතුනා. මොනවා කලත් පවට පින්දෙන්න බැහැනේ.
Deleteහැබැයි මට දැන් හිතෙනවා හොරෙන්ම ඒ දෙකත් දැම්මනම් ඉවරයි කියලා
එහෙම හොරෙන් දාලා යාපනය තේරුණා නම් අන්තිමට කියාවි, "යාපනය දැම්මේ නැත්නම් කොළඹ ට තේරෙන්න තිබුණා, මේ පණ්ඩිත පූසා තමයි ගම කෑවේ" කියල. වැඩිය කල්පනාකරන්නේ නැති අසන්නොත් ඒක පිළිගනීවි. ඒ නිසා මේ වගේ බ්ලොග් එකේ ඊළඟ අවුරුද්දේ අයදුම් කරන අයට යමක් ලියනවා විනා, ඒ වගේ වැඩ කරන්න එපා. මොකද ඔබේ චේතනාව මිනිස්සුන්ට උදව් කරන එක උනාට, අන්තිමට නරක මනුස්සයා වෙන්නේ ඔයා මයි.
Delete@ එක් මානවිකාවක්
Deleteඔව් ඉතින් ඒකත් වෙන්න තිබ්බා නම් තමයි අන්තිමට හැමදාම නරක මිනිස්සු වෙන්නේ අපි.
මම කිව්වා අලුතෙන් පටන් ගන්න ඒවට දාන්න අවස්ථාව එන්න පුලුවන් කියලා කියන දේ අහන්නේ නැත්තම් මොනවා කරන්නද පවට පින් දෙන්න බැහැ කියනවනේ.
හැබැයි මිනිහා ඊයේ පසුතැවිලි උනා ඒ කිව්ව එකක් දැම්මනම් එන්න තිබුණා කියලා. නුවන පහල වෙනකොට පරක්කු වැඩියි
උදව් ගත් කෙනා හොඳින් වුනත් නරකින් වුනත් ඔබේ කෝපයෙන් හෝ දුකෙන් වැඩක් නැත.. උදව් කලා කියන සතුට ඔබට හිමියිනේ සුදු පුසෝ...
ReplyDeleteඇත්ත ඉගෙන ගන්න කෙනෙකුට උදව් කලා නේද කියන සතුට මගේ හිතේ හැමවෙලාවකම තියෙනවා. ඒ සම්බන්ද තවත් අතුරු කතා තිබ්බට ඒවා නොකී කතා තමයි
Deleteඒවා එහෙම නොකී කතා විදිහටම තියලා සූදු පූසෝ හිනා වෙලා ඉන්න ඇයත් එක්කත් දැක්ක තැන..
Deleteබලමු කාලයාට ඉඩදීලා මොනවා වෙයිද කියලා.
Deleteසිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි කියලා කතාවක් තියෙනවනේ
ඉතා වැදගත් උපදෙස් ටිකක්. අර විශේෂිත මානවිකාව ගැන ඔබට මගේ කනගාටුව!
ReplyDeleteස්තූතියි ඇනෝ තුමා
Delete//අද ඒ ගැන සිහිවනවිට මගේ සිතට නැගෙන්නේ දුකකුත් කෝපයකුත් පමණකි//
ReplyDeleteහිත හදා ගන්න සුදු පූසෝ - ප්‍රාර්ථනා කරන හැම දේම හැමෝටම ලැබෙන්නේ නෑ.
උඹ ගොඩක් හිත හොඳ කෙනෙක් වගේ . . අනෙක් අය වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරන්න පුලුවන් හොඳ හිතක් තියෙන අයට විතරයි.
ජය
පලමුවෙන්ම මේ පැත්තට ආවට බොහෝම ස්තූතියි.
Deleteඇත්ත අපි බලාපොරොත්තු වෙන දේවල් සියල්ලම ලැබෙන්නේ නැති බව.
මට රාජකාරී ගමන් වලදී කිහිපවතාවක්ම ඇයගේ සරසවි බිමේදීම ඇයව මුණගැසී තිබෙනවා එවන් විටදී මම නම් කරන්නේ ඇයට නොපෙනී යන එක.
නමුත් මෑතකදී සරසවි ලංකා බැංකු ශාඛාවෙහි මම රාජකාරියකට ගිය වෙලාවක මට මුහුණට මුහුණ ඇයව හමුවුනා.
මම නම් ආසයි මගේ පරන පෙම්වතියන්ව ආයේ කොහේදි හරි අහම්බෙන් වත් මුන ගැහෙනවානම්.
Deleteඑතකොට අර නන්දක්කා කියනවා වගේ
"සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන"
කියලා පරන ලව් එකේ සුන්දර තැන් මතක් කරලා හිනා වෙන්න ඇහැකි . . !
තරහ මරහ හිතේ හිර කරන් ඉන්න තරම් ලොකු කායලක් අපි ජීවත් වෙන්නේ නෑ නේ බන් . .
ඉන්න ටිකේ ඕන කෙනෙක්ට සමාව දීලා හිතේ සැහැල්ලුවෙන් ඉන්නයි තියෙන්නේ
++++
Deleteමචෝ අපිට ආව කෝස් එකේ නවතින්න නම් මොකද කරන්න ඕනේ?
ReplyDeleteනැත්තම් upper choice එකකට vacancies ආවොත් ඒක අනිවා බාර ගන්න ඕනේ නේද?
දැනට ඔයාට ඇවිල්ලා තියෙන එකේ නවතින්න කැමතිනම් ඉහල මනාප වලට තමන්ව සලකානොබලන ලෙස විභාග අංකයත් ජාතික හැදුනුම්පත් අංකයත් පැහැදිලිව සදහන් කර අතිරේක රේජිස්ටාර් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශම වෙත ලියාපදිංචි තැපෑලෙන් දන්වන්න.
Deleteඔන්ලයින් රෙජිස්ටර් එකෙත් ඒක තියෙනවා