රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ගේ දොර කටයුතු පිලිබද දෙපාර්ථමේන්තුව
අති විශේෂ (හොල්මන්) ගැසට්පත්රය
අති විශේෂ (හොල්මන්) ගැසට්පත්රය
පෙම්වතිය III ශ්‍රේණිය තනතුර (මධ්‍ය විධායක සේවක ගණය) විවෘත පදනමට බදවා ගැනීම - 2017(2018)
නරලොව හොල්මන් අමාත්‍යංශයට අනුබද්ධිත ගේ දොර කටයුතු දෙපාර්ථමේන්තුවට පෙම්වතිය III ශ්‍රේණිය තනතුරට විවෘත පදනමට බදවා ගැනීමට සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික තරුණියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. තම අත්අකුරින් අයදුම්පත සම්පූර්ණ කල යුතු අතර එය 01/04/2017 ට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර එය බහා එවන කවරයේ වම් කෙරවලේ "හොල්මන්කරුවන්ගේ පෙම්වතිය III ශ්‍රේණිය තනතුර" ලෙස සටහන් කල යුතුය.
(01)සේවා කොන්දේසි
මෙම පත්වීම (තමාගේ මනාපයෙන් හෝ අනුන්ගේ බලපෑමන් මත වෙන් නොවන්නේනම්) ස්ථීර වන අතර විශ්‍රාම වැටුප් සහිතය.තෝරාගන්නා ලද අයදුම්කාරිය පලමුව අනියම් පෙම්වතියක් ලෙස තුන් වසරක ආධුනික කාලයකට යටත්විය යුතුය. වින්නඹු හා අනත්දරු අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය. තෝරාගනු ලැබූ අපේක්ෂිකාව නරලොව හොල්මන්කරුවන් හදිසියේ කරන්නාවූ මහා රාත්‍රියේ තබ්ලා සර්පිනා වයලින් වාදනය, පූල් ගැසීම, ඕමි ගැසීම ආදී පුද්ගලික වැඩ කටයුතු වලට ඇඟිලි නොගැසිය යුතුයි.
සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නොකල යුතු අතර එසේ කර ඇතිබව පත්වීම් ප්‍රදානයෙන් පසුව හෙලිවුවහොත් අපකීර්තිමත් ලෙස සේවයෙන් පහකරනු ලැබේ.
(02) වැටුප් ක්‍රමය
(03) අධ්‍යාපන සුදුසුකම්
ශ්‍රී ලංකාවේ පිලිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගන්නා ආයතනයකින් ඕනෑම විශය මාධ්‍යයකින් ලබාගෙන ඇති ගෞරව හෝ සාමාන්‍ය (පන්ති සාමාර්ථ සහිතව හෝ රහිතව) පලමු උපාධිය හෝ උපාධි අපේක්ෂිකාවක් වීම.
සැලකිය යුතුයි - මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය දැනට හදාරමින් සිටින කිහිවෙකු හට මෙම තනතුරට අයදුම්කිරීමට නොහැකිවන සේ මෙම ලයිස්තුවෙන් අසාදු ලේඛණගත කර ඇත.
හෝ
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය මගින් ලබාදෙන උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව හෝ උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව ලබා සිටීම හෝ මේ වනවිටත් හදාරමින් සිටීම
හෝ
ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනය වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෝ ලංකාවේ පිලිගත් ආයතනයකින් වසරක කුමක් හෝ පාඨමාලාවක් හදාරා තිබීම හෝ මේ වනවිටත් හදාරමින් සිටීම
හෝ
අ.පො.ස උසස්පෙල පස්වතාවකට නොඅඩු වාරගණනකදී පොදු පරීක්ෂණය හැර අවම විශයන් දෙකකින් සමත්වීම
සහ
මල්වතුවල රවුම් ගැසීම, පාලු දුම්රිය මැදිරි තුල ගමන් කිරීම, පුස්ථකාලයට යන බව දන්වා චිත්‍රපටි බලන්නට යාම, පෝය රජයේ නිවාඩු දිනවල අමතර පන්ති ඇතැයි පවසා ගෙදරින් පිටවීමට ඇති හැකියාව, විශ්ව විද්‍යාලයක හෝ උසස් තාක්ෂණ ආයතනයක නේවාසිකාගාරයක නේවාසිකව සිට ඇතිවීම හා මිතුරන් සමග හෝ නිවසේ සිටින විට දහයට ගණින්නට බැරි ලෙස සිටීය හැතිවිය යුතුය.
(04) වෙනත් සුදුසුකම්
මීට පෙර පෙම්වතියක් ලෙස අවම වසරක පලපුරුද්දක් ලබා තිබීම අමතර සුදුසුකමක් සේ සලකනු ලැබේ (අත්‍යාවශ්‍ය නැත)
සෑම ඉල්ලුම්කාරියක්ම 21/03/2017 දිනට වයස අවුරුදු 26 ක් හෝ ඊට අඩුවිය යුතු අතර අවුරුදු දහඅටට වඩා වැඩිවිය යුතුය
කුඩය යටින් ජෝඩුදමා ගමන් බිමන් යාමට ඇති හැකියාවද අමතර සුදුසුකමක් ලෙස සලකණු ලැබේ.
(05) සේවා කොන්දේසි
(06) බදවා ගන්නා ක්‍රමය හා අනෙකුත් කොන්දේසි
සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නොකල යුතු අතර එසේ කර ඇතිබව පත්වීම් ප්‍රදානයෙන් පසුව හෙලිවුවහොත් අපකීර්තිමත් ලෙස සේවයෙන් පහකරනු ලැබේ.
(02) වැටුප් ක්‍රමය
- ආධුනික කාලය තුල දෛනික දීමනාවක් පමණක් ගෙවනු ලබන අතර සේවා ස්ථීර කරනු ලැබුවහොත් සියලුම දීමනා ඇතුලත්ව අපගේ සම්පූර්ණ වැටුපම අපට හොරෙන් අතගා ගැනීමට ඉඩ දෙනු ලැබේ.
- පත්වීම ස්ථීර කරන තුරු පෙබරවාරි දාහතරට හිමි වැලන්ටයින් දීමනාව සහ උපන්දින උත්සව දීමනාවන් කිසිවක් ගෙවනු නොලැබේ.
- සීට්ටු දීමනාව, අරුමෝසම් භාණ්ඩ දීමනාව, විලාසිතා දීමනාව, ඇදුම් ආයිත්තම් හා පලදනා දීමනාව, ද්වේශ සහගත පහරදීමේ දීමනාව සහ සියලු ගමන් වියදම් දීමනා ගෙවනු ලැබේ. ගෙවල් කුලී දීමනාව නොගෙවන අතර සේවා ස්ථීර වුවහොත් නිවාස පහසුකම් සපයනු ලැබේ.
(03) අධ්‍යාපන සුදුසුකම්
ශ්‍රී ලංකාවේ පිලිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගන්නා ආයතනයකින් ඕනෑම විශය මාධ්‍යයකින් ලබාගෙන ඇති ගෞරව හෝ සාමාන්‍ය (පන්ති සාමාර්ථ සහිතව හෝ රහිතව) පලමු උපාධිය හෝ උපාධි අපේක්ෂිකාවක් වීම.
සැලකිය යුතුයි - මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය දැනට හදාරමින් සිටින කිහිවෙකු හට මෙම තනතුරට අයදුම්කිරීමට නොහැකිවන සේ මෙම ලයිස්තුවෙන් අසාදු ලේඛණගත කර ඇත.
හෝ
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය මගින් ලබාදෙන උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව හෝ උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව ලබා සිටීම හෝ මේ වනවිටත් හදාරමින් සිටීම
හෝ
ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනය වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෝ ලංකාවේ පිලිගත් ආයතනයකින් වසරක කුමක් හෝ පාඨමාලාවක් හදාරා තිබීම හෝ මේ වනවිටත් හදාරමින් සිටීම
හෝ
අ.පො.ස උසස්පෙල පස්වතාවකට නොඅඩු වාරගණනකදී පොදු පරීක්ෂණය හැර අවම විශයන් දෙකකින් සමත්වීම
සහ
මල්වතුවල රවුම් ගැසීම, පාලු දුම්රිය මැදිරි තුල ගමන් කිරීම, පුස්ථකාලයට යන බව දන්වා චිත්‍රපටි බලන්නට යාම, පෝය රජයේ නිවාඩු දිනවල අමතර පන්ති ඇතැයි පවසා ගෙදරින් පිටවීමට ඇති හැකියාව, විශ්ව විද්‍යාලයක හෝ උසස් තාක්ෂණ ආයතනයක නේවාසිකාගාරයක නේවාසිකව සිට ඇතිවීම හා මිතුරන් සමග හෝ නිවසේ සිටින විට දහයට ගණින්නට බැරි ලෙස සිටීය හැතිවිය යුතුය.
(04) වෙනත් සුදුසුකම්
මීට පෙර පෙම්වතියක් ලෙස අවම වසරක පලපුරුද්දක් ලබා තිබීම අමතර සුදුසුකමක් සේ සලකනු ලැබේ (අත්‍යාවශ්‍ය නැත)
සෑම ඉල්ලුම්කාරියක්ම 21/03/2017 දිනට වයස අවුරුදු 26 ක් හෝ ඊට අඩුවිය යුතු අතර අවුරුදු දහඅටට වඩා වැඩිවිය යුතුය
කුඩය යටින් ජෝඩුදමා ගමන් බිමන් යාමට ඇති හැකියාවද අමතර සුදුසුකමක් ලෙස සලකණු ලැබේ.
(05) සේවා කොන්දේසි
- තෝරා ගන්නා තනතුරුලාභිනියන් සදහා පත්වීම් ලද දින සිට වසරක් ඇතුලත පළමුවන කාර්යක්ෂමතා කඩයිම පවත්වනු ලැබේ. එයින් සමත්වීම අත්‍යාවශය වන අතර කාර්යක්ෂමතා කඩයිම අසමත්වන්නන්ගේ පත්වීම අසමත්වූ මොහොතේ සිට බලපැවෙත්වන පරිදි අවලංගු කරනු ලැබේ.
- මෙම පත්වීම වූ කලී මුදල් රෙගුලාසි, ආයතනික සංග්‍රහය, පවුල් සංවිධාන සංග්‍රහ රෙගුලාසි, උපත්පාලන රෙගුලාසි, මුලුතැන්ගෙයි සේවා කොමිෂන් සභා රෙගුලාසි හා අප විසින් කාලීනව විටින් විට පනවනු ලබන අමතර රෙගුලාසි වලට යටත් විය යුතුය.
- රාජ්‍ය පරිපාලණ චක්‍රලේඛන 01/2014 අනුව සේවයට බැදී වසර තුනක් ඇතුලත සේවයට බැදුනු භාෂාව හැර අනෙක් රාජ්‍ය භාෂාවන් වන ප්‍රේම වචන හා සම්මත සිංහල පිලිබදව ප්‍රවීනතාවය ලබාගත යුතුය.
- පත්කරනු ලබන නිළධාරිනියන් 2017 අංක 999 දරණ ගේ දොර පිලිබද කොමිෂන් සභා පණතේ විධිවිදාන අනුව ප්‍රේම වචනයෙන් සෑම විටම කතාකීමට බැදීසිටියි. ප්‍රකෝප කරනු ලැබූ පසු පරිභව කිරීම සදහා සත්වනාම හෝ පිරිසිදු සම්මත සිංහල භාෂාව යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. (මෙම නීතිය කඩකරීම නිසා නිදහසට කරුණු දැක්වීමට හෝ වැඩ තහනමකට ලක්වීමට සිදුවිය හැකිය)
- තෝරාගන්නා අයවලුන් කෙටි දැනුම්දීමකින් දිවයිනේ ඕනෑම පලාතක ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ඕනෑම වේලාවක සේවය කිරීමට හැද පැලදගෙන සූදානම්වී සිටිය යුතුය.
- පලමුව සාමාන්‍ය දැනීම සහ බුද්ධි මට්ටම මැන බැලීමට පවත්වන සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකින්ද පසුව වෛද්‍ය පරීක්ෂණයක්ද පවත්වා ඒ දෙකෙහිම ප්‍රතිඵල මත බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
- එම සියලුම දෙනා මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු පිරිස පවත්වනු ලබන පූර්ණ වෛද්‍ය පරීක්ෂණයෙන් සමත්විය යුතුය.(ඇතිවිය හැකි භයානක ප්‍රථිඵල වලට වගකියනු නොලැබේ)
- පලමුවන කාර්යක්ෂමතා කඩඉම පැවැත්වීමෙන් පසුව මුදුමාරු කර ආධුනික කාලයෙන් පසුව කච්චේරියේදී හදිසි මරණ පරීක්ෂක තැන ඉදිරියේදී ලියාපදිංචිකර ස්ථිර සේවයට බදවා ගනු ලැබේ.
(07) අත්සන සහතික කිරීම
අයදුම්කාරියගේ අත්සන පහත සදහන් අයෙකු විසින් සහතික කර තිබිය යුතුය.
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවෙහි නම සදහන් වන අයි.ආර්.සී නාමධාරියෙකු / කසිප්පු මුදලාලි කෙනෙකු / හදිසි මරණ පරීක්ෂකවරයෙකු / පලාතේ වයින් ස්ටෝරුවේ අධිපති කෙනෙකු / මල්ශාලාවක එම්බාම් කරුවෙකු / පලාතේ (හොර)පොල් කඩන්නෙකු / පලාතේ තැපැල්කරු / පික්පොකට් කරුවෙකු / නගරසභා කුණුලොරියේ රියදුරුතැන විසින් තම ඇඟිලි අත්සන තබා සහතික කර තිබිය යුතුය. ඉහත ලයිස්තුවෙහි අයෙකු සොයාගත නොහැකි විටකදී පමණක් පාසලක විදුහල්පතිවරයෙකු / පූජ්‍ය පක්ෂයේ සැලකිය යුතු තනතුරක් දරන්නෙකු හෝ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරියා විසින් මුද්‍රාවතබා සහතික කල යුතුයි.
සෑම අයදුම් පතක් සමගම පහත සහතිකපත්වල පිටපත් එවිය යුතුයි.
(සෑම පිටපතක්ම සත්‍යබවට අයි.ආර්.සී නාමධාරියෙකු නම් තම අයි.ආර්.සී අංකය පැහැදිලිවම සදහන් කරද සාමවිනිසුරෙකු නම් තම මුද්‍රාව මගින්ද සහතික කර එවිය යුතු වන්නේය)
(සෑම පිටපතක්ම සත්‍යබවට අයි.ආර්.සී නාමධාරියෙකු නම් තම අයි.ආර්.සී අංකය පැහැදිලිවම සදහන් කරද සාමවිනිසුරෙකු නම් තම මුද්‍රාව මගින්ද සහතික කර එවිය යුතු වන්නේය)
- උප්පැන්න සහතිකය (පාසලට ඉදිරිපත් කල සහතිකය හෝ නංගිගේ සහතිකය හෝ බාරගනු නොලැබේ)
- මෑතකදී ගන්නා ලද ජායාරූපයක්(පරිඝණකය මගින් වෙනස් කරන ලද්දක් නම් දෙදෙනාම එක්අයෙකු බවට සහතික කරන ලද දිව්රුම් ප්‍රකාශය)
- කේන්දර කොපිය (මෑතකදී ලියවන ලද හොර කේන්දරයක් නම් දුම්මැස්සේ දමා නියමිත පරිදි පරණ කර තිබිය යුතුයි)
- ගල් බොරැල්ලේ බානි රේමන්ඩ් මහතා හෝ ජයරත්න මහතා හා පුත්‍රයා විසින් නිකුත් කරන ලද සුජීවත්බව තහවුරු කරන සහතිකය.
- මෑතකදී ලබාගත් චරිත සහතික තුනක් (මෙයින් දෙකක් මීට පෙර පෙම්කල පෙම්වතකුගෙන් හා පාසලේ/විශ්වවිද්‍යාලයේ/උසස් තාක්ෂණ ආයතණයේ අදාල විනයභාර නිලධාරියාගෙන් විය යුතුය)
- මෙතෙක් ලබා ඇති ලස්සනම පෙම්හසුන හෝ කෙටි පණිවිඩය (ඇත්නම්)
(08) වෙනත් කරුණු
පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් තම අයදුම්පත් තමා විසින්ම හෝ දෙමාපියන් මාර්ගයෙන්ද, අනෙකුත් අයදුම්කාරියන් තම අයදුම්පත පැරණි පෙම්වතා මගින්ද එවිය යුතුයි.වත්මන් පෙම්වතුන් සිටින අයදුම්කාරියන් වෙතොත් කරුමෙකට හෝ තෝරා ගනු ලැබුවහොත් දික්කසාද නීති සංග්‍රහය යටතේ අනුප්‍රාප්තිකයෙකු රහිතව මුදාහැරීමට හැකිබවට පෙම්වතා විසින් කල සහතිකය අමුණා එවිය යුතුයි.
ආධුනික කාලය තුල යම්හේතුවක් නිසා තනතුර අත්හරින්නේනම් එතෙක් ඒ වෙනුවෙන් දරණු ලැබූ වියදම් යලි ගෙවන බවට පොරොන්දුවී සේවය අරබන මොහොතේදී හොල්මන්කරුවන් සමග ගිවිසුමකට එලබිය යුතුයි.
(පලමුවන කාර්යක්ෂමතා කඩයිම අසමත්වී සේවය අවසන් කලහොත් මේ රෙගුලාසිය වලංගු නොවේ)
*මෙම තනතුරු සදහා මඟුල් කපුවන් මගින් අයතා බලපෑම් සිදුකිරීම අයදුම්කාරීය වහාම නුසුදුස්සෙකු වීමට හේතුවේ***
(පලමුවන කාර්යක්ෂමතා කඩයිම අසමත්වී සේවය අවසන් කලහොත් මේ රෙගුලාසිය වලංගු නොවේ)
*මෙම තනතුරු සදහා මඟුල් කපුවන් මගින් අයතා බලපෑම් සිදුකිරීම අයදුම්කාරීය වහාම නුසුදුස්සෙකු වීමට හේතුවේ***
මීට අණපරිදි සුදුපූසා වන මම,
ගේ දොර කටයුතු පිලිබද දෙපාර්ථමේන්තුවෙහි,
ඉතිරිවී සිටින අවිවාහක හොල්මන් නිලධාරීන් පිරිස වෙනුවෙන්,
2017 වූ නවම් මස 10 වන දින 19:10 පැයට,
සාගරය මැද අමුතු රටේ, බස්නාහිර පලාතේ,
සියනෑ කෝරලයේ, දකුණු අලුත්කූරු පත්තුවේ පිහිටි,
සියනෑ කෝරලයේ, දකුණු අලුත්කූරු පත්තුවේ පිහිටි,
බිළාල මුද්‍රණාලයේ යතුරුපුවරුවෙන් අච්චුගස්සවා ප්‍රසිද්ධ කරන ලදී.
********
ඒ වඟත් මෙසේම අදත් වෙනදා මෙන්ම පහුරුගෑ මම සුදුපූසා වෙමි...
චන්ද්‍රා අනගිරත්න කියන්නේ ඉතින් රජ ගහේ බඩුවක් තමයි. බොහොම ස්තූතියි. මේක දැම්මට.
ReplyDeleteඅපිත් ඒ කාලේ කියෙව්ව පත්තරයක් තමයි රිවිරැස. ඉරිදා පත්තරයක්. පූසාට පුලුවන්නම් ඔය පත්තරේ තියෙන වෙලඳ දැන්වීම් ටිකක් එක්ක පෝස්ට් එකක් දාන්නකෝ.
මට හම්බ උනෙත් මේ ආටිකල් එකෙන් 1/2 විතරයි ඔක්කොම කාවෝ කාලා විනාශවෙලා මුලයි අගයි මම හිතලා ලිව්වේ තව හම්බ උනොත් ඉල්ලීම ඉටු කරන්නම්.
Deleteචන්ද්‍ර අනගිරත්න මහතාගේ මැලෝරි ටවර්ස් පරිවර්ථනය විතරයි මම කියවලා තියෙන්නේ. එකේ අන්තිම පොත් දෙක පරිවර්ථනය කරන්න කලින් එතුමා මියගියා.
පූසා...නරලොව හොල්මන් එහෙම මෑත කාලෙදි පොතක් ලෙසින් එලියට ආවා.
Deleteහෙට මරදාන පැත්තේ යනවා බලන්නම් එහෙනම් පොත හොයා ගන්න.
Deleteවිලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය හැදෑරුවන් හට මෙම තනතුරට අයදුම්කිරීමට නොහැකිවන සේ මෙම ලයිස්තුවෙන් අසාදු ලේඛණගත කර ඇත.
ReplyDeleteඒ මොකද ඒ
ඒක අත්දැකීමෙන් දන්න හින්දයි බ්ලැක්ලිස්ට් කරලා තියෙන්නේ.
Deleteපොඩි වෙනසක් වෙන්න ඕනේ විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය දැනට හදාරමින් සිටින කියලා
මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු පිරිස පවත්වනු ලබන පූර්ණ වෛද්‍ය පරීක්ෂණයෙන් සමත්විය යුතුය. Uba kellava ganna kalin bageta marannada hadanne 😀😂
ReplyDeleteඒකනේ පැහැදිලිවම කියලා තියෙන්නේ "වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව ඇතිවිය හැකි භයානක ප්‍රථිඵල වලට වගකියනු නොලැබේ" කියලා.
Deleteකැමතිනම් ඉතින් ඔයාලගේ ෆැකල්ටියෙන් කරගත්තා කියලත් අවුලක් නෑ
එකක් අඩුයි..
ReplyDelete"පත්වීම ස්ථීර කරන තුරු පෙබරවාරි දහ හතරට හිමි දීමනාව සහ උපන්දින දීමනා ගෙවනු නොලැබේ" කියන වගන්තිය ඇතුලත් කල යුතුයි..
ඒක අමතක උනා ඔන්න ඒකත් දැම්මා.
Deleteපැමිණියාට ස්තූතියි..
එල ද බ්‍රා
ReplyDelete++++++
Deleteලේ දන් දීමේ වැඩේ හොදට ගියාද
ReplyDeleteවිස්තරයක් දාපන්
සියලු ජායාරූප සහ ඉදිරිකටයුතු පිලිබද විස්තර මෙහි ඇත.
Deletehttps://www.facebook.com/media/set/?set=oa.722595141240914&type=1