Sunday, March 24, 2019

අපි නොදන්න චෙක්පත් - තුන්වන කොටස

පලමු කොටස
දෙවන කොටස

කලින් කොටස් වලින් චෙක්පතක ප්‍රධානම කොටස් ආකෘතිය වගේම චෙක්පත් ලිවීමේදී භාවිතා කරන රේඛණයන් ගැන පැහැදිලි කරපු හින්දා අද චෙක්පත් අඟරු වීම් පිලිබදව ලියන්නයි හිතුවේ. ජීවිතේ කවදහරි දවසක ඔයාලටත් මොකක්හරි දේකට චෙක්පතක් ලැබිලා ඇතිනේද? එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා තියෙනවා වෙන්නත් පුලුවන්. ඔයාගේ නමට ලැබුණ චෙක්පත බැංකුවට  ගෙනිහින් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ඇති කලාතුරකින් ඒ වගේම ඔබට ලැබුණු හෝ ඔබ නිකුත් කල චෙක්පතක් අඟරු වෙලත් ඇති. ඒ අඟරු චෙක්පත වෙනුවෙන් අඟරු චෙක්පත් නිවේදනයක්(CRN - Cheque Return Notices) ඔබ අතට පත්වෙලත් ඇති
නමුත් ඒ පිටිපස්සේ තියෙන විශාල ක්‍රියාවලිය ගැන ඔයාල ටිකක් හරි දැනගෙන සිටියාද?

අද කාලේ වගේ පරිඝණකගත කරපු පද්ධති නැති ඒ අතීතයේදී දිවයින පුරා ශාඛාවල දිනපතා එක්රැස් වන චෙක්පත් කුරියර් සේවා මඟින් ඒ ඒ බැංකුවේ ප්‍රධාන කාර්යාල වෙත ගෙන්වා ගෙනයි නිෂ්කාශණ කටයුතු සිදුකරනු ලැබුවේ. උතුරු නැගෙනහිර යුධ තත්වය පැවති කාලසීමාවලදී ඒ ඒ ශාඛාවල චෙක්පත් දින නියමයකින් තොරව ප්‍රමාද වුනා සජීවී ලෙසම ඒවා ප්‍රධාන කාර්යාලය වෙත ලැබිය යුතුව තිබූ නිසා. නමුත් අද වන විට ලංකාවේ සියලුම වාණිජ බැංකු ජාලගත කර චෙක්පත් නිෂ්කාශණ කටයුතු සදහාම සීමාසහිත ලංකා ක්ලියර් (Lanka Clear) සමාගම ලෙසින් වෙනමම ආයතනයක් ලංකා බැංකු මූලස්ථානයේ 18  වන මහලේ පිහිටා තිබෙනවා.

අද වන විට චෙක්පත් නිෂ්කාශණ ක්‍රියාවලිය කෙටියෙන් පවසනවානම් අද වන විට අතීතයේදී මෙන් එකතුවන චෙක්පත් භෞතික වශයෙන් ඒ ඒ බැංකුවල මූලස්ථානයන් වෙත යැවීමක් සිදු කරන්නේ නැහැ. ඒ වෙනුවට සෑම චෙක්පතක්ම දෙපැත්තෙහිම ස්කෑන් කරන ලද ප්‍රථිම්භයන්(scan copy) මාර්ග ගත ක්‍රමයට අන්තර්ජාලය හරහා සීමාසහිත ලංකා ක්ලියර් (Lanka Clear) සමාගම වෙත යොමු කරනු ලබනවා. සියලුම ආයතන වලින් චෙක්පත් ප්‍රථිම්භයන් ලද පසු ඔහුන් විසින් ගැටලුවකින් තොරව ගෙවා අවසන් කල හැකි චෙක්පත් ගෙවා අවසන් කර ගැටලු සහගත චෙක්පත් (ගිණුමේ මුදල් නොමැතිවීම, ආදර්ශ අත්සන් වෙනස් වීම, නව ගිණුම් වලට අදාල අත්සන් පද්ධතියේ නොමැතිවීම ආදී) පසුදින දිනයේ වැඩ කටයුතු ඇරබීමට පෙර ඒ ඒ ශාඛාවලට යවනු ලබනවා. එවිට ඒම ශාඛාවන්හි කළමණාකරුවන් ඒ සම්බන්දයෙන් ගන්නා තිරණ දන්වා යැවු පසු එදිනම දහවල් 2.30 ට අඟරු කරන ලද චෙක්පත් පිලිබදව ඒ ඒ ශාඛාවන්ට දන්වන අතර අඟරු නොවූ චෙක්පත් තැන්පත්කරුවන්ට තම මුදල් එතැන් සිට ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

 අඟරු චෙක්පත් නිවේදනයේ ආකෘතිය


අඟරු වූ චෙක්පත් සදහා එසේ අඟරු වීමට හේතුව සහ චෙක්පත් විස්තරය ඇතුලත් සවිස්ථරාත්මක ප්‍රකාශයක් අඟරු චෙක්පත් නිවේදනය (CRN - Cheque Return Notices) ලෙස තැන්පත්කරු වෙත ලංකා ක්ලියර් ආයතනයෙන් පසුදින ලැබෙන්නට සලස්වනවා.

ප්‍රධාන වශයෙන් මෙහි කොටස් තුනයි

A කොටස


මෙම කොටස තුල ඔබ විසින් තැන්පත් කරන ලද චෙක්පතෙහි අංකය වටිනාකම ගෙවීමට සම්බන්ද බැංකුව හා ශාඛා අංකය සහ අඟරුවීමට හේතුවූ කාණ්ඩයට අදාල සංකේත අංකය යනාදී තොරතුරු ඇතුලත් වෙනවා.

B කොටස

අඟරුවීමට ලක්වූ චෙක්පතෙහි නිෂ්කාශණය පිලිබදව තොරතුරු හා යලි ඉදිරිපත් කල හැකිද නොහැකිද යන්න සදහා උපදෙස් මෙම කොටසෙහි අඩංගු වේ.

C කොටස

අඟරු කරන ලද චෙක්පතෙහි ඉදිරිපස හා පසුපස ප්‍රතිබිම්භයන් මෙම කොටසේ ඇතුලත් වේ.


චෙක්පතක් අඟරු කිරීමට හේතු බොහෝමයක් පවතින අතර ඒවා ප්‍රධාන වශයෙන් යලි ඉදිරිපත් කල හැකි (Re presentable) සහ යලි ඉදිරිපත් කල නොහැකි
(Non re presentable) ලෙස වර්ග කර හේතුවට ආවේනික සංඛේත ක්‍රමයක් මඟින් පෙල ගස්වා තිබෙනවා. පහත දක්වා ඇත්තේ එසේ අඟරු සංඛේතය හා එසේ වීමට හේතුන්ය.


යලි ඉදිරිපත් කල හැකි (Re presentable) අවස්ථාවන්හීදී  අඟරු වීමට අදාල වන හේතු

  • අයපත් උපලබිධි වී නැත - 02-  (Effects nor realized)

    චෙක්පත නිකුත්කල තැනැත්තාට ලැබිය යුතු චෙක්පත් ඔහුගේ ගිණුමේ තැන්පත්ව තිබුණද ඒවා තවමත් නිෂ්කාෂණය නොවී තිබීම හේතුවෙන් ගෙවීමට ඉදිරිපත් කල චෙක්පතට සරිලන මුදලක් ගිණුමේ නොමැති වීම නිසා මෙම හේතුව මත චෙක්පත අඟරු කරණු ලැබේ. පසු දිනය යලිත් ඉදිරිපත් කර මුදල් කර ගැනීමට ආදායකයාට හැකියාව ඇත.
  • ආදායකයාගේ පිටසන අවශ්‍යයි - 10 - (Payee's endorsement required)

    පිටසන් කල යුතු අවස්ථාවකදී පිටසන රහිතව තැන්පත් කර ඇති නිසා අඟරු වීමට ලක්වී ඇත. මෙහිදී අගරු චෙක්පත් නිවේදනයෙහි C කොටසේ ඇති චෙක්පත් ප්‍රථිම්බය මත නිවරදිව පිටසන් කර එම කොටස යලිත් තැන්පත් කල හැකිය.

  • ආදායකයාගේ පිටසන අවිධිමත්ය - 11 -  (Payee's endorsement irregular)
    මෙහිදීද ඉහත සදහන් පරිදිම අගරු චෙක්පත් නිවේදනයෙහි C කොටසේ ඇති චෙක්පත් ප්‍රථිම්බය මත යලි පැහැදිලිව පිටසන් කර එම කොටස යලිත් තැන්පත් කල හැකිය

  • ආදායකයාගේ පිටසන අපැහැදිලිය - 12 -  (Payee's endorsement illegible)
    මෙහිදීද ඉහත සදහන් පරිදිම අගරු චෙක්පත් නිවේදනයෙහි C කොටසේ ඇති චෙක්පත් ප්‍රථිම්බය මත යලි පැහැදිලිව පිටසන් කර එම කොටස යලිත් තැන්පත් කල හැකිය

  • මතු දාතම සහිත චෙක්පතකි - 13 -  (Post dated cheque)

    චෙක්පතෙහි මුහුණත සදහන් දිනය තැන්පත් කල දිනට පසුව යෙදෙන දිනයක් සදහන්ව තිබීම හේතුවෙන් අඟරු වීමට ලක්වෙයි. අදාල සදහන් වන දිනයේදී හෝ ඊට පසු දිනක යලිත් තැන්පත් කිරීමට හැකිය.
  • අණකරුගේ තහවුරුව ලැබෙන තෙක් ගෙවීම කල් දමා ඇත - 14 -  (Payment postponed pending drawer's confirmation) චෙක්පතක් සම්බන්දයෙන් සැකයක් හෝ අණකරු විමසා තහවුරු කරගත යුතු අවස්ථාවකදී අදාල තහවුරු කිරීම සිදු කර ගන්නා තෙක් ගෙවීම් අත්හිටවූ බව මෙම අඟරු හේතුවෙන් කියවේ
  • අරමුදල් මාර්ගස්ථයි - 16 -  (Funds in transition)

    මෙය රජයේ ගිණුම් මගින් නිකුත් කරන චෙක්පත් සදහා පමණක් අදාලවේ
  •  
    පසු සටහන
  • යලි ඉදිරිපත් කල නොහැකි (Non Re presentable) අවස්ථාවන්හීදී  අඟරු වීමට අදාල වන හේතු වගේම අගරු චෙක්පත් නිවේදනයේ වලංග්‍ර හා නීතිමයභාවය පිලිබද තොරතුරු මීලග කොටසින් බලාපොරොත්තු වන්න.



ඒ වගත් මෙසේම අදත් පහුරු ගෑ මම සුදුපූසා වම්හ......

1 comment: